පොහොට්ටුවේ කණ්ඩායමක් ඊයේ (02) දින හදිසියේම මැතිවරණ කොමිසම වෙත ගොස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු බාර දිය යුතු සියලුම ලිපිලේඛන රැගෙන විත් ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවුවහොත් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම ලිපිලේඛන ලබාගෙන ඇති බව පැවසේ.
එහිදී චමල් රාජපක්ෂ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.
හෙට (04) දිනයේදී ගෝඨාභය සම්බන්ධයෙන් අධිකරණය ලබා දෙන තීන්දුව අනුව මෙම තීන්දුව ගැනීමට නියමිත බවද දැනගන්නට තිබේ.










