එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා ලබන ජනවාරි මස 26 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කළේය.Sri Lanka Latest News
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.










