ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය.
මෙසේ කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ පළමුවරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වු අයෙකී.
අදාළ තරුණයා ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචිකරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව කියයි.
සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවන වරට යළි රෝග ලක්ෂණ පහළ කිරිමෙන් පසු මෙම තරුණයා සැප්තැම්බර් 17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇති බව කියයි.
එහිදි දෙවන වරට සිදුකළ පිසිආර් පරික්ෂණ වලදී නැවතත් කෝවිඩ් ආසාදිතයකු බව සනාථ වි ඇත.
ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා නැවත යළි නිවසට පැමිණ තිබුණි.
කෙසේ නමුත් අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් ඔක්තෝම්බර් 2 දින (පසුගිය සිකුරාදා නිවසේ ) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබුණි.
එහිදි නැවත අදාළ තරුණයා පිසිආර් පරික්ෂණවලට යොමු කිරිමෙන් පසුව තුන්වන වරටද කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස මෙම තරුණයා වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මෙම තරුණයා බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීහු පවසති.