• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 17ක් පින්පඩිය එකතු කොට අඩි දහයාමාරක බුද්ධ ප්‍රතිමාවක් තැනූ දෑසම නොපෙනෙන පින්වතා

January 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
අවුරුදු 17ක් පින්පඩිය එකතු කොට අඩි දහයාමාරක බුද්ධ ප්‍රතිමාවක් තැනූ දෑසම නොපෙනෙන පින්වතා
Share on WhatsAppShare on Facebook

මාසිකව ලැබෙන රුපියල් පන්දහසේ පින්පඩිය වසර 17ක් තිස්සේ පින් කැටයක තැන්පත් කරමින් එම මුදලින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වළකඩ ගමේ විහාරස්ථානයට පූජා කළ නෙත් අන්ධ පින්වන්තයකු පිළිබඳ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අගලවත්ත, පාලින්දනුවර, වළකඩ ග්‍රාමසේවා කොට්ඨාසයේ කොස්හේන ප්‍රදේශයේ කුරුඳුකාරගේ වීරකෝන් (49) මෙම ශ්‍රද්ධාවන්ත උපාසකතුමාය. ගල්ලෙනක් තුළ ඉතාම දුක්බර, කටුක ජීවිතයක් ගත කළ පවුලක ගල්ලෙනෙකම ඉපදී ඇති ඔහුට අන්ධ සහෝදර සහෝදරියන් පසදෙනෙක්ද (5) සිටිති.

කිසි දින හිරු, සඳු, ගහකොළ, සතා සර්පයා පමණක් නොව මනුෂ්‍ය රූපයක්, බුද්ධ ප්‍රතිමාවක්, චෛත්‍යයක්, භික්‍ෂුන් වහන්සේ නමක් දැක නොමැති ඔහු නෙත් ඇති, දෙසවන් ඇසෙන ආබාධිත පුද්ගලයන්ට මෙම මාහැඟි පරිත්‍යාග තුළින් විශාල පණීවුඩයක්, ආදර්ශයක් ලබාදී ඇති බව කොරෝනාවෙන් මිරිකෙන, නීති කඩන සෑම දෙනාම අවබෝධ කරගන්නවා නම් ගම, රට ගොඩනඟන්නට හැකි යැයි වළකඩ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති පුරාවිiා උපදේශක යටිගල්ඔළුවේ රතන හිමියෝ ඒ ගැන අදහස් දක්වමින් පැවැසූහ.

පසුගිය 01 වැනි දින බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිරාවරණය සුබ මොහොතින් පෙරවරුවේ සිදුකෙරිණි. ඒ සඳහා මුදලින් රුපියල් ලක්‍ෂ දෙකක් විහාරාධිකාරී තඹුත්තේගම සීලවිමල හිමියන් වෙත බාරදී සතුටින් වැඳපුදා පින් රැස්කර ගැනීම සඳහා කුසල් රැස්වන පුණ්‍ය ක්‍රියාවක් සිදුවනවා දැකීම තමාගේ අරමුණ බව පවසා තිබේ.

අනතුරුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙම නෙත් අන්ධ පින්වතා සමඟ ගොස් ප්‍රතිමා ශිල්පියා හමුවී කරුණු යොමු කිරීමෙන් පසුව අඩි 10 1/2 උසින් යුතු මෙම බුද්ධ ප්‍රතිමාව තම වියදම පමණක් ලබා ගනිමින් නිර්මාණය කරදුන් බවද විහාරාධිකාරී තඹුත්තේගම සීලවිමල හිමියෝ කෘතවේදීව පැවැසූහ.

‘මම කිසිදිනෙක පාසල් ගිහින් නැහැ. අකුරු දන්නේ නැහැ. ඒ වුණාට අවුරුදු 10 කාලයේ සිටම ගුවන්විදුලියේ උදේ – සවස ප්‍රචාරය කෙරෙන ධර්ම දේශනාවන්, පිරිත් ආදිය හොඳින් සවන් දෙනවා. දැන් මගේ සිත ධර්මයෙන් පිරිසුදුයි. ඒ නිසා මට ලැබුණු පින් පඩියෙන් කොටසක් එකතු කරලා ගමේ විහාරස්ථානයේ හාමුදුරුවන්ට බාර දුන්නා. ඒ දීපු මුදල්වලින් මෙතෙක් අඩුපාඩුවක්ව තිබුණු බුද්ධ ප්‍රතිමාවක් හදා පන්සලට පූජා කළා.

දේපොළ ඉඩම්වල උරුමය අහිමිව රජයේ අනවසර බිම් කොටසක පදිංචි ඔහු කළ මෙම ප්‍රතිමා පරිත්‍යාග මේ වන විට ප්‍රදේශයේ කාගේත් අවධානයට සහ ගෞරවයට ලක්ව තිබේ.

වීරකෝන් අවිවාහකය. ඔහුගේ අනෙකුත් සහෝදර, සහෝදරයන්ද නෙත් අන්ධ හා නෙත් අන්ධ නැති අය සමඟ ආවාහ විවාහ වී සිටිති. ඔහු එම සහෝදර සහෝදරියන්ගේ දුකටද පිහිට වන බව ඔවුහු පවසති.

‘මම වළකඩ කැලෑවේ ඇවිදල පලතුරු කඩාගෙන බුද්ධ පූජාවට තියනවා. පිනට දෙනවා. පසළොස්වක පෝයට සිල් ගන්නවා. ඇස් නොපෙනුණාට කොළඹ පලතුරු වෙළෙන්දෝ මාව හඳුනනවා. මම මිදි, ඇපල්, දොඩම් ආදිය කොළඹින් අරන් ඇවිත් ඒවා විකුණලා ලැබුණු සල්ලි වියදම් කරලා දානමාන දෙනවා.

ඒ දානය සකස් කරන්නෙත් සඳුන් දරවලිනුයි. මේ භවයේ මගේ ඇස් නොපෙනුණාට මතු භවයකදී ධර්ම ඥානය ලබාගැනීම සඳහා පාරමිතා පුරනවා. මේ කාලේ මිනිස්සු හොඳ වැඩ කරන්න ඕනේ. මම නම් පවුකාර වැඩ, අපරාධ ක්‍රියා කිසි දවසකදී කරන්නේ නැහැ.

පින්පඩිය ලබාදීපු ජනාධිපතිතුමාගේ ඉඳලා ග්‍රාම නිලධාරිවරයා දක්වා හවුල් වුණු සියලු දෙනාට මේ කළ පින අනුමෝදනා කරනවා. අපේ විහාරයේ පොඩි හාමුදුරුවරු මේ පළාතට වාසනාවක්. අන්ධ මට පුංචි හාමුදුරුවරු මුණගැහුනේ පෙර කරන දස කුසල් හින්දා වෙන්න ඇති’ ඔහු සොම්නසින් පැවැසීය.

අතුර – ජයසේන දොඩම්ගොඩ

SendShareShare
Previous Post

මහින්දගෙන් ධනසිරිටත් තනතුරක්

Next Post

රුවන්වැලිසෑයටත් හොරු පැනලා

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.