• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතවර කළාද? දූෂණය කළාද? රටේ නීතිය කැඩුවාද? බොරුවට හැංගිලා ඉන්නවාද? ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කෙයිලා ෆ්‍රෙසර් ආණ්ඩුවට ප්‍රෙෂර් හදයිද?

August 24, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
අතවර කළාද? දූෂණය කළාද? රටේ නීතිය කැඩුවාද? බොරුවට හැංගිලා ඉන්නවාද? ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කෙයිලා ෆ්‍රෙසර් ආණ්ඩුවට ප්‍රෙෂර් හදයිද?
Share on WhatsAppShare on Facebook

‘ඔබේ රටේදී මම පුද්ගලයන් හතර දෙනකු අතින් හිංසනයටත්, දූෂණයටත් ලක්වී තිබෙනවා. ඒ දූෂණය සහ හිංසනය ගැන කොළඹ කොටුවේ පිහිටි සංචාරක පොලිසියට ගිහින් මම පැමිණිලි කළේ විදේශීය කාන්තාවක ලෙස මට සිදුවූ අසාධාරණය ගැන ඔවුන් බරපතළව ගෙන විමර්ශන කටයුතු කරතැයි යන දැඩි විශ්වාසයකිනුයි. නමුත් කොටුවේ සංචාරක පොලිසිය විසින් එම විමර්ශනය වැලිගම පොලිසියට භාරදී තිබුණා. වැලිගම පොලිසියෙන් මට කැඳවීමක් ලැබුණේ ඊට මාස දෙකකට පසුවයි.

වැලිගම පොලිස් ස්ථානයට ගිය මොහොතේ එහි සිටි නිලධාරීන් මාව කාමරයක් තුළට කැඳවාගෙන ගියා. එහිදී මම දුටුවේ මට අතවර සහ හිංසන කළ පිරිමින් හතරදෙනාවයි. එම දර්ශනයෙන් මම තැතිගත්තා. ඒ තැතිගැන්ම දැඩි වේදනාවකට පෙරළුණේ පොලිසියේ අය ඔවුන් සමග එක්ව මා දැමූ පැමිණිල්ල අසත්‍ය එකක් බව සඳහන් වන ප්‍රකාශයක් ලියවිල්ලක් සමග දෙන්නැයි කියා මට තර්ජනය කරන කොටයි. එහිදී මම විලාප දෙමින් හඬන විට ඔවුන් එය සමච්චලයක් විදියට ගෙන මට අපහාසයෙන් හිනාවෙන්න ගත්තා.

කාන්තා හිංසනයකදී ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියා කරන්නේ මේ තරම් පහත් ආකාරයටදැයි මට හිතුණා. විදේශීය කාන්තාවක වූ මට මෙහෙම නම් ලංකාවේ කාන්තාවකට එය කොහොම වේවිදැයි මම හිතුවා. සත්තකින්ම මට ඇතිවුණේ වචනවලින් කියන්නට බැරි තරම් වූ දැඩි කලකිරීමක්…’

ඉහත සඳහන් වන ප්‍රකාශය සිංහල චිත්‍රපටයකින් හෝ ටෙලිනාට්‍යයකින් උපුටාගත්ත කොටසක් කියලද ඔබ හිතුවේ? නැහැ. ඒ ප්‍රකාශය ගෝල්ෆේස් අරගලය වාර්තා කරන්නට පැමිණි බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනී කෙයිලා ෆ්‍රෙසර් විසින් සමාජ ජාල වෙබ් අඩවියකට මුදාහැර තිබූ වීඩියෝවක අඩංගු වූවක් බව එය නැරඹූ පිරිස මේ මොහොත වන විටත් දන්නවා ඇත.

ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවිවල මුදාහැරෙන පුවත් ගැන උනන්දුවක් නොදක්වන අය සමහර විට කෙයිලි ෆ්‍රෙසර් ගැන කිසිවක් නොදන්නවාත් ඇති. ඒ හින්දා අපි මේ විදේශීය කාන්තාව ගැන තොරතුරු ටිකක් සටහන් කරන්නම්. ජනමාධ්‍යවල පළවන පුවත්වලට අනුව කෙයිලා ෆ්‍රෙසර් බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියක්. ඒ වාගේම සමාජමය මෙහෙවරක යෙදෙන සමාජ සේවිකාවක්. කිසියම් රටක ජනතාවට අසාධාරණයක් සිදුවන්නේ කොතැනද? මාධ්‍යවේදිනියක ලෙස එයට මැදිහත්ව පවතින පාලන ක්‍රමයට එරෙහිව රටවැසියන් නගන හඬට බොහෝ තැන්වලදී ඇයද හඬක් වුණු අවස්ථා එමටයි. ඒ විතරක් නෙවෙයි. සිදුවන එකී අසාධාරණය ගැන ලොවට ප්‍රකාශ කරලීමේ මෙහෙවරද ඈ භාරගත්ත.

‘ඔබේ රටේදී…’ යනුවෙන් ඉහත ඇගේ ප්‍රකාශයේදී සටහන් වන ශ්‍රී ලංකාවට කෙයිලා එන්නේ 2019 අවුරුද්දේ. රට රටවල සංචාරයේ යෙදෙමින් හැමදාමත් සමාජ මෙහෙවරක යෙදෙන තමා විදේශීය මාධ්‍යවේදිනියක ලෙස මෙරටට පැමිණියේ සෑමදාම වාගේ දේශපාලකයන්ගෙන් බැටකන පුරවැසියන් ගැන යමක් කරන්නට කියලයි ඇය පැමිණි ගමන ගැන හේතු දක්වන විට මේ මාධ්‍යවේදිනිය ප්‍රකාශ කර සිටියේ.

විවිධ ව්‍යාපෘති හරහා ලංකාවේ දේශපාලනය සහ ජනතාව අතර සිදුවන ගනුදෙනු ගැන සමීක්ෂණයක යෙදුණු කෙයිලා ෆ්‍රෙසර්, ගෝඨාභය රාජපක්ෂ රජය විසින් රට වියවුල්සහගත තත්ත්වයකට පත්කරවීමෙන් අනතුරුව ගෝල්ෆේස් අරගලය දියත් වන තුරුම වරින් වර ලංකාවට පැමිණියාය. අරගලය හිතුවාට වැඩිය යමක් කරන වාතාවරණය එළැඹෙනවාත් සමග මේ තරුණ විදේශීය කත එහි ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙමින් අරගලයෙහි සියලු තොරතුරු ලොවට හඬ නඟා පැවැසීමේ කාර්යයට උරදුන්නාය.

‘අරගලය ආරම්භයේ සිටම මම අරගලයේ මිනිසුන් සමග සිටියා. රජය විසින් අරගලය මැඬලන්නට කළ සෑම පහරදීමකටම මමද මුහුණ දුන්නා. අරගලය නිමවන තුරුම කූඩාරම්වලට පහර දෙන තුරුම මම හිටියා. අවසානයට සිදුවූ පහරදීම ගැනද මම ලෝකයට ප්‍රකාශ කළා. මගේ මාධ්‍ය මෙහෙවරෙහි පළමු තේමාව වන්නේ අසාධාරණයට ලක්වූ පීඩිත මිනිසුන්ට සහාය වීමයි. ඔවුන් වෙනුවෙන් හඬ නගීමයි. ඒ හඬ නගන්නේ ඔවුන්ට යුක්තිය ඉල්ලා දෙන්න මිසක ආණ්ඩු පෙරළි කරන්න හෝ රටකට අපකීර්තියක් කරන්න හිතාගෙන නෙවෙයි. අරගලයට පය තැබීමේ අරමුණ වූයේද එයයි…’

ඒ කෙයිලා ෆ්‍රෙසර් සමාජ මාධ්‍යයක තැබූ සටහනක්. එහෙම සටහනක් ඈ තැබුවේ ශ්‍රී ලාංකේය රජයෙන් ඇයට සිදුව තිබෙන බලවත් අසාධාරණයක් නිසයි.

මොකක්ද ඒ අසාධාරණය? කෙයිලාට විරුද්ධව රජය එල්ල කරන චෝදනාවෙහි සටහන්ව තිබෙන්නේ,

‘කෙයිලා ෆ්‍රෙසර් කියන්නේ ආණ්ඩු පෙරළි ඇතිකරන්න ජනතාව උසිගන්වන කෙනෙක්. අරගලය තුළ සිදුවූ යම් දේ ඈ පමණට වඩා මවාපාමින් එම තොරතුරු ලෝකය හමුවේ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවත් රජයත් අපකීර්තියට පත්කොට තිබෙනවා…’

කෙයිලාට විරුද්ධව ශ්‍රී ලාංකේය රජය විසින් චෝදනා කොට තිබෙන්නේ එම කරුණු කාරණා පදනම් කරගෙනයි.

අසාධාරණයක් සිදුවූවා යැයි කියා මේ තරුණ බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනිය ප්‍රකාශ කොට තිබෙන්නේ ඒ චෝදනා ගැනද? නැහැ. ගොනුකොට තිබෙන එම චෝදනාවන් සැලකිල්ලට ගෙන කෙයිලා ෆ්‍රෙසර්ට වහාම රටින් පිටව යන ලෙස අණ නිකුත් කරන අතර රජය විසින් ශ්‍රී ලංකාවට නැවත පය තියන්නට බැරි වන ආකාරයට ඇගේ වීසා බලපතයද අහෝසි කොට තිබෙනවා.

රජය ඒ තරමට මේ බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියට බය වූයේ ඇයි?

එයට හේතු පාඨ තවම පැහැදිලි නැති බව තමයි කිව යුත්තේ. මෙතැනදී විදේශීය මාධ්‍යවේදිනියකට මේ ආකාරයට සැලකීම ගැන රජය කිසිම ප්‍රකාශයක් කර නැතත්, පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සති අග ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු මේ ගැන ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් විමසා තිබුණා.

‘එය මෙම මාධ්‍යවේදිනියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගොනුකොට තිබෙන චෝදනාවන් සලකා බලා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගත් තීරණයක්. එම තීරණයට දේශපාලන වශයෙන් අප රජයේ මැදිහත් වීමක් කරන්නේ නැහැ…’

එම විමසීමේදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ උත්තරය වුණේ එයයි.

‘කෙයිලා ෆ්‍රෙසර්ගේ වීසා බලපත්‍රය අහෝසි කළා මදිවාට අගෝස්තු 15 වැනිදාට පෙර ඇයට රටින් පිටව යන ලෙසද නියෝග කොට තිබෙනවා ඇමැතිතුමනි. විදේශ මාධ්‍යවේදිනියට මෙලෙස සැලකීම හරහා ලංකා රජය අපකීර්තියට පත්වන්නේ නැද්ද…?’

මාධ්‍යවේදියා නැවතත් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

‘බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනි කෙයිලා ෆ්‍රෙසර්ගේ නඩුව තවම අහලා ඉවර නෑ. තීන්දුවක් ලැබෙන තුරු ප්‍රකාශයක් කරන්නට අපහසුයි…’

ඒ, බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ උත්තරයයි.

ඇත්තෙන්ම කියනවා නම් කෙයිලා ෆ්‍රෙසර් පෙරළිකාර මාධ්‍යවේදිනියක්? රජය සහ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීමට ඇය නැති ආරවුල් මවාපෑවාද?

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ප්‍රකාශ කොට සහ චෝදනා කොට ඇත්තේ එහෙමය.

කෙයිලා ෆ්‍රෙසර් මේ ගැන යම් ප්‍රකාශයක් කොට තිබෙනවාද?

‘මම ආවේ මේ රටේ පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කරන්නයි. හඬක් වෙන්නයි. එහෙම සහයකට පැමිණි ගමනකදී මගේ වීසා එක අහිමි කළේ කුමන පදනමක් මතද කියන්න මම අදටත් දන්නෙ නැහැ…’

‘කොහොමත් ගෝල්ෆේස් අරගලයට එක්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. එහි වීරෝදාර මතක සටන්වලටත් මම හැමදාමත් ආදරය කරාවි. ඒ වගේම මේ රටේ තරුණ පරපුරෙන් මම ඉල්ලා සිටිනවා අරගලය නවත්වන්න එපා. කොහොමත් මම යන්නේ හරිම කලකිරීමෙන්. මේ රටේ මිනිස්සු වෙනුවෙන් ආව මට මේ රටේ මිනිස්සු සලකපු විදිය ගැන මගෙ හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්…’

කෙයිලා ෆ්‍රෙසර්ගේ වීසා අත්හිටුවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය හරහා තැබූ සටහනයි ඒ.

අරගලය සමග හැමදාමත් හිටපු නීතිඥ ප්‍රජාව කෙයිලාට සිදුවූවාය කියන අසාධාරණය වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද?

ඒක පුදුමයට කාරණයක්. කෙයිලා වෙනුවෙන් නීතිඥ ප්‍රජාව මුනිවත රකින්නේ ඇයි කියන එක හිතාගන්න බැහැ. ඒ කියන්නේ මේ කාරණයේ ඔවුන්ට අතපොවන්න බැරි යම් හේතුවක් එතැන තියෙනවද?

එහෙම කාරණයක් ගැන කොතැනකවත් සඳහනක් නැහැ. රජය විසින්වත් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කර නැති බවයි පෙනෙන්නේ. හැබැයි 2019 ජනාධිපති පොරයට තරග වැදුණු නීතිඥ නාගානන්ද සමාජ මාධ්‍ය හරහා මේ කියන බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනිය ගැන සුවිශේෂ ප්‍රකාශයක් කරමින් ඇගේ පැත්තෙන් ඇයට සිදුවිය යුතු සාධාරණය ගැන දැඩි වගකීමකින් පෙනී සිටීම සුවිශේෂ සිදුවීමක්. නීතිඥ නාගානන්ද කෙයිලා වෙනුවෙන් එතරම් ලොකු වගකීමකට මැදිව සිටින්නේ ඇයි?

ඇතැමුන් ඒ ගැන වහසිබස් දොඩවන්නට පටන් ගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ බි්‍රතාන්‍යය විසින් ඔහුට මේ සඳහා කෝටි ගණනක අල්ලසක් දී ඇති බවයි. එහි සත්‍යතාවක් තිබෙනවාද?

නීතිඥ නාගානන්ද මෙහෙම කියනවා.

‘සත්තකින්ම කියනවා නම් බි්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනී කෙයිලා ෆ්‍රෙසර්ට ශ්‍රී ලංකා රජය සලකන ආකාරය දැක්කාම සිංහල මිනිසුන් හැටියට අපි කොයි තරම් ම්ලේච්ඡද, අමානුෂිකද කියන කාරණය පසක් වෙනවා. හැබැයි කවුරු ඇයව පැහැරහැරියත් මේ රටේ පුරවැසියකු ලෙස නීතියට ගරු කරන අයකු ලෙස මට ඒක කරන්න බැහැ. සමහරු හිතන්නෙ මම අල්ලසකට යටවෙලා මෙහෙම කරනවා කියලයි. මම මෙයට මැදි වුණේ බි්‍රතාන්‍ය රජය ඇය වෙනුවෙන් පෙනී සිටින්න කියා මගෙන් කළ ගෞරවනීය ඉල්ලීම නිසයි.

අපේ රටේදී දූෂණයට ලක්වුණු, හිංසනයට ලක්වුණු විදේශීය මාධ්‍යවේදිනිය වෙනුවෙන් මේ විදියට පෙනී සිටින්න ලැබීමත් මට ලොකු ගෞරවයක් ලෙසයි මම දකින්නේ. මේ රට පාලනය කරන 225 දෙනා ඇතුළු ජනාධිපතිවරයා ඇයට මේ තරම් අමානුෂික විදියට සලකන්න ඈ කළ වරද මොකක්ද කියන්න තවම කවුරුවත් දන්නෙ නැහැ මම හිතන්නේ. අරගලයට හඬ නැගීම එහි තොරතුරු ප්‍රවෘත්තිකරණය කිරීම වීසා කැන්සල් කරන්න තරම් වරදක් නම් අධිකරණයට ගෙන යා යුතු අපරාධකරුවන් තව කොයි තරම් නම් ඔය 225 අතර ඉන්නවද?

කළ ප්‍රකාශය වෙනුවෙන් අදහස් දැක්වූ අය අතර එයට විරුද්ධ වූ සහ ඔහුගේ මෙහෙවර අනුමත කළ අය මෙන්ම ඔහුගේ ප්‍රකාශය උපහාසයට ලක් කළ අයද සිටියහ.

කෙයිලා ෆ්‍රෙසර් ප්‍රකාශ කොට ඇති අන්දමට ඇය වැලිගමදී දූෂණයට සහ හිංසනයට ලක්වුණාද?

වැලිගම පොලිසිය විසින් එම අපරාධය යට ගහන්නට උත්සාහ කළාද? වීසා කැන්සල් කර ශ්‍රී ලංකාවෙන් නෙරපා හැරීමට කෙයිලා කළ වරද අරගලය වාර්තා කිරීම සඳහා මූලිකත්වය ගැනීමද? යන ප්‍රශ්නවලට තවම නීතිමය වශයෙන් උත්තර ලැබී නැත. කෙයිලා ෆ්‍රෙසර් නිර්දෝෂී කාන්තාවක්ද? නැතිනම් මේ නිර්දෝෂී ඈ විසින් සිදුකරන මවාපෑමක්ද?

ඒ ප්‍රශ්නවලටද තවම උත්තර නැත. ඇතැම් විට පැහැදිලි උත්තර කවදා හෝ ලැබෙනු ඇත. නැත්නම් මේ සංසිද්ධියද තව බොහොමයක් වූ සිදුවීම් සේ ඔහේ යටපත්ව වැළලී යනු ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අධිකරණයට අපහාස කළාද? විනිසුරුවරුන් ඉලක්ක කර සනත් නිශාන්ත කළ ප්‍රකාශය ගැන රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි! කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි! (VIDEO)

Next Post

අත්අඩංගුවට ගත් සේනාධි ගුරුගේ බලන්න අපරාධ විමර්ශන කාර්යාංශය විපක්ෂනායක සජිත්ටවත් ඉඩ නොදෙයි! (VIDEO)

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.