• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දේ මහින්දට බුලත් දීලා වැන්ද දමිතා කවුද?

May 5, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
අලුත් අවුරුද්දේ මහින්දට බුලත් දීලා වැන්ද දමිතා කවුද?
Share on WhatsAppShare on Facebook

‘ඕපාදූප’ යනු හරිම රසවත් විෂයකි. අනෙක් අතට කටින් කටට යන කල ඒ ඕපාදූපවලට තව වතත් රසකාරක ලුණු ඇඹුල් එකතු වේ. එතකොට ඕපාදූපය රසවත්ය. ඒ වාගේම අපි කවුරුත් ඕපාදූපවලට කන් දෙන්න ආසය. ඕපාදූප මවා ගොතා රසවිඳින අය වාගෙම ඒවා කෙනකුගෙන් අහගෙන තවත් කෙනකුට රසකර කියමින්ද සතුටු වෙන අය ඕනෑ තරම්ය. අනෙක ඕපාදූපයේ දිග පළල එය අසන්නට ප්‍රිය කරන අය හමුවේ තව තව ප්‍රමාණයෙන් විශාල වේ.

කාක් පිහාටුවක් වැනි යමක් වමනය දැමූ මිනිසකු මඟකදී දකින තවත් මිනිසෙක් ‘අන්න අහවලා කාක් පිහාටුවක් වමනය කළා’ කියා කෙනකුට කී කතාවක් පරණ පොත පතෙහි සඳහන්ය. එයට පසු කාක් පිහාටුවෙහි විස්තරයට සවන් දුන් අය, ‘දන්නවැයි වැඩක්, අන්න අහවලා කාක් පිහාටු අහුරක් වමනය කරලලු…’ කියා තවකෙකුට කීවේ ගණන් හිලවු වැඩි කරලාය. ඔන්න දැන් ඕපාදූපය තව රසවත්ය. ඔහොම ඔහොම තව තව අය කටින් කටට ගිය කුඩා කාක් පිහාටු වමනය අන්තිමේදී,

‘දෙයියනේ මාර වැඩේ. අන්න අහවලා කාක්කෙක්ව වමනය කරලා…’ යන ආකාරයෙන් සියල්ලන් අතර එක දෙක වී දහය විස්ස වී පැතිර ගියේය.

ඕවා ඉතින් ගමේ ආරෙට හැදෙන ගමේ කතාය. ඕපාදූප යන විශේෂය වඩාත් ජනප්‍රිය වුණේද ගම්වලය. ළිඳ ළඟ සංගමය, වැට ළඟ කතා, නාන තොටේ කතා යනුවෙන් ඒවා ප්‍රසිද්ධියට පත්විය.

හැබැයි දැන් නම් ගමේ කලාවට කියැවෙන පැතිර යන ඕපාදූප නැත. දැන් දැන් ගමේ කට්ටියද ඕපාදූප හොයන්නේ තාක්ෂණය හරහාය. අලුත්ම ස්ටයිල් එකට කලකට ඉහත සිට ඕපාදූප රසවත්ව මිනිසුන් අතරට එන්න ගත්තේ සෝෂල් මීඩියා හරහාය. ගොසිප් ලංකා යනුවෙන් පසුව එය හැඳින්විණි. එයට පසුව විවිධ නම්වලින් නිර්මාණය වූ පෞද්ගලික වෙබ් අඩවි හරහා ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ චරිත හරහා රසවත් ගොසිප් නිර්මාණය වෙන්නට ගත්තේ ඒවා කියවා රසවිඳින අයද ඕනෑ තරම් ඉන්නා නිසාය. කියවන්නන්ගේ සංගමය වැඩි වීමත් සමගම හැමදාමත් වාගේ මොකක් හෝ නෙයියාඩගමකින් සෝෂල් මීඩියා හරහා ගින්නක් අවුලන එක දැන් ලංකාවේ සිරිතක් වී හමාරය.

මොන යම් හෝ ඕපාදූපයකින් කාට හෝ මඩක් ගැසීම අපහාස කිරීම තුළ ලයික් හෝ කමෙන්ට් ලබාග්නනා පිරිස එන්න එන්නම වැඩි වෙනවාය කිව්වොත් ඒක බොරුවක් නොවේය. මෙහෙම කතන්දරයක් කියාගෙන එන්න හිතුණේද මේ දවස්වල සම්මානනීය නිළියකට සමාජ ජාල හරහා දිගට හරහට වදින්න අරන් තියෙන කැත මඩක් නිසාය.
කවුද මේ සම්මානනීය නිළිය? ඇය දමිතා. දමිතා අබේරත්න.

‘අලුත් අවුරුද්දට දමිතා, මහින්දගේ ගෙදර ගිහින්. මහින්දට බුලත් දීලා වැඳලා…’

දමිතාට මඩක් විදියට නිර්මාණය වූ පෝස්ට් එකට ඉහතින් තිබුණේ එහෙම සිරස්තලයකි.
‘ඕපාදූප සැරට පත්තු වෙලා ගිහින්ද?’

ඔව්. ඕපාදූපය සැරට පත්තු වෙලා ගිහින්. හරිම කැත විදියට හුඟක් දෙනා දමිතාගේ පෝස්ටුවට විරුද්ධව කමෙන්ට් දාලා තිබුණා.

සාක්ෂියක් හරියකට නැතුව කොහොමද එහෙම කමෙන්ට්ස් දාන්නේ?

සාක්ෂි එක්ක තමයි පෝස්ට් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දමිතා, මහින්දට වඳින ෆොටෝ එකකුත් ඒකෙ තියෙනවා. නිකන් නෙවෙයි. පසඟ පිහිටුවලා වැඳගෙන ඉන්නවා.
‘ඉතින් කොහොමද ඒක මඩක් වෙන්නේ? වඳින එක ෆොටෝ ගන්නවා කියන්නේ ඒක ඇත්ත කතන්දරයක්. ඇත්ත කතන්දරයක් සමාජ ජාලවල ගියා කියන්නේ ඒක මඩගැහිල්ලක් නෙවෙයි…’

ෆොටෝ එක තමයි දමිතාට මඩගහන පෝස්ටුවේ ඇස්බැන්දුම. එතැන ඉන්නේ දමිතා නෙවෙයිලු. වෙනත් බවලතකුගේ ශරීර කූඩුවට දමිතාගේ මූණත්තහඩුව සෙල් කරලා තමයි ෆොටෝ එක හදලා තියෙන්නේ. කොහොම වුණත් බැලූ බැල්මට ඒ ඉන්නේ දමිතාමයි කියන හැඟීමට ඕනෑම කෙනකුගේ ඇස් රැවැටෙනවා. ඒ වාගෙම හුඟක් දෙනා ෆොටෝ එක දැකලා නොමඟ ගිහින් තියෙන බව දමිතාගේ බොරු ෆොටෝ එකට වැටුණු කමෙන්ට්ස්වලින්ම පේනවා.

දමිතා මේ ගැන මොනවද කියන්නේ?

‘මේක විකාරයක්. ඇත්තටම ලොකු විහිළුවක්. මහින්ද මහත්තයට වඳිනවා තියා මම ඒ පැත්ත පළාතෙවත් ගියේ නෑ. අනෙක කල්පනාවෙන් බලන ඕනෑම කෙනකුට පේනවා ඒ මම නොවන බව. මේ හැම දේම ඇතැම් අය තම තමන්ගේ යටි අරමුණු සඳහා කරන පලකට නැති වැඩ…’

දමිතා මාධ්‍යයට කියා තිබුණේ එහෙම කතාවක්. එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමට සමාන යැයි කියා කිසිවකු කියන්නේ නම් නැහැ. දමිතා හිටපු ජනාධිපති හමුවීමට ගියේදැයි කියා දමිතාගෙන්ම ඇසීම තුළ සහ ඈ ඒ වෙනුවෙන් අදහස් දැක්වීම හොරාගේ අම්මගෙන් පේන ඇසූ ප්‍රස්ථාව පිරුළට සමාන වන්නේ නැහැ. එයට හේතුව දමිතාට මඩ ගසමින් සෝෂල් මීඩියාවල සංසරණය වන ඡායාරූපයෙහි පිටුපසින් සිටින පුද්ගලයා මෙම සංගදිය වෙනුවෙන් දුන් අවංක උත්තරයයි. ඔහු ජනාධිපති නීති අධ්‍යක්ෂ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මනෝජ් ගමගේය. එතුමා පවසා සිටියේ දමිතා අබේරත්න එහි නොපැමිණි බවත්, එම සේයාරුවෙහි සිටින්නේ දමිතා නොවන බවත්ය.

එහෙනම් මේ කාක්තාව කවුද?

මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ඡායාරූප එකී ප්‍රශ්නයට මාධ්‍යයට දුන් පිළිතුර පැහැදිලිව තිබුණේය. වගකීම් සහිතව ඔහු කියා සිටියේ,

‘මේ ෆොටෝ එක ගත්තේ මමමයි. එතැන ඉන්නේ දමිතා අබේරත්න නෙවෙයි. ඇය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා පැමිණ සිටි නීතිඥවරියක්. දමිතා අබේරත්න මෙම අවස්ථාව සඳහා සහභාගි නොවූ බවත්, ඒ වෙනුවෙන් ඇය පැමිණ නොසිටි බවත් තහවුරු කරන්නට පුළුවන්.’ යනුවෙනි.

ඉතින් දමිතා මෙවැන්නකට සහභාගි නොවූ බව සහ මෙම සේයාරුවෙහි සිටින්නේ ඇය නොව බවක් කියන්නට තව තවත් සාක්ෂි සහ අටුවා ටීකා මොකටද?

එහෙනම් ඉතින් මේ ඡායාරූප විගඩම කුමක්ද?

සේයාරුව උපුටාගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතන්නට පැමිණ සිටි පිරිසගේ ඡායාරූප ඇල්බමයකිනි. ඉතින් එය මේ ආකාරයට ඇස් බැන්දුමක් කොට සමාජ ජාල හරහා සංසරණය කරවීමට ගත් උත්සාහයට හේතුව කුමක්ද?

හේතුව හැටියට දැන් නම් පෙනෙන්නේ මඩ ප්‍රහාරයක් මේ සඳහා මූලික වී ඇති බවකි.
ඒ වාගෙම තවත් එක් කාරණයක් පැහැදිලිය. ඒ මඩ ප්‍රහාරයකට එල්ල කොට ගන්නට තරම් දමිතාගේ චරිතය යම් කතාබහකට ලක්ව ඇති බවය.

‘ඵල ඇති රුකටයි මිනිසුන් ගල් ගහන්නේ…’ යනුවෙන් ඉස්සර කාලේ අපේ පැරැන්නන් අතර කතාවක් තිබේ. එහෙම බලනකොට අද තාලෙට අනුව මඩ ප්‍රහාර දියත් කරන්නේද යම් සැලකිල්ලක් ඇති පුද්ගලයන්ටය. අරගලය මෙහෙයවූ ප්‍රබල නියමුවරියක වූද අරගලය තාවකාලිකව විසිර යනතුරු අරගලය සමග සිටියා වූද, එයට පසු කලෙක අරගලය නිසාම සිරගෙට නියම වූද ප්‍රවීණ සම්මානනීය නිළි දමිතා අබේරත්නට මඩගසා ඇගේ ප්‍රතිරූපය බිඳදමන්නට යම් පිරිසකට වුවමනා වී තිබෙන්නට ඇත.

‘ඇයි දමිතා මෙහෙම දෙයක් සිදුවුණේ…? මෙවැන්නක් කළ අයට ඒ සඳහා වූ හේතුව මොකක්ද?

මෙම සටහන මව්රටෙහි තබන්නට ප්‍රථම දමිතාගෙන් එයට යම් ප්‍රකාශයක් ගන්නට අප උත්සාහ කළද ඒ වන විට ඈ අකුරණ ප්‍රදේශයෙහි සුවිශේෂ කාර්යයක් සඳහා පැමිණ සිටියාය. ඇමතුම සඳහා අවැසි පැහැදිලි සම්බන්ධතාව රඳවා ගැනීමට දැඩි අපහසුතාවක් තිබූ නිසා කතාබහට බාධක පැමිණීම නිසා ඇගේ මත විමසුම පසුවට කල් තැබිණි.

කෙසේ වුවද දමිතා එම සිදුවීම හරහා නොසන්සුන්ව සහ පරලව සිටිය බවක් පෙනෙන්නට තිබුණේ නැති තරම්ය.

මීට සති කිහිපයකට පළමුව ‘අශේන්ගේ බික සහ ඉරාජ්ගේ මඩ’ ලිපියෙහි සටහන් වූවා සේම මුහුණු පොත හෝ යූටියුබ් මාධ්‍ය අගතියට යොදාගත් පිරිසට මඩගැසීම් මෙන්ම අපහාසද හරි අපූරු වින්දනයකි. දමිතාගේ රුවට සමාන කොට තැනූ සේයාරුවෙහි සංගදිය එහි තවත් එක් පුංචි සිදුවීමකි. අද දමිතාට වූ දේ හෙට තවත් අයකුට සිදුවන්නට පුළුවන.

ඒ තරමටම මඩ කලාව මුහුණු පොත වටලා හමාරය. ඇඟිලි තුඩු අගින් මුහුණු පොත හරහා සෙල්ලම් පෙන්නන්න දන්න සුපිරි වැඩ්ඩන් එම හපන්කම අගතිය සඳහා භාවිත කරන තාක්කල් මෙවැනි මඩ කලාවන්හි මෙහෙවර නිමාවන්නේ නැත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සම්බුදු තෙමඟුල සමරන වෙසක් දිනේ කාදිනල් හිමි රදගුරු නිවෙස ඉදිරිපිට දන්සලක් දෙයි! (VIDEO)

Next Post

උතුම් වෙසක් දිනේ විපක්ෂනායකතුමා ශ්‍රී අභය නිකේතනාරාමයේ කළ පිංකම! ධම්මපදයේ පාඨයන් උපුටා දක්වමින් කතාවකුත් කරයි! VIDEO & PHOTOS

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.