• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ මේ කංචන… මෙන්න තෙල් සංස්ථාවේ මහ දවල් ගහන ගැහිලි…

August 23, 2022
in Exclusive, News
Reading Time: 14 mins read
A A
කෝ මේ කංචන… මෙන්න තෙල් සංස්ථාවේ මහ දවල් ගහන ගැහිලි…
Share on WhatsAppShare on Facebook

නිදහසෙන් පස්සෙ ලංකාව මුහුණ දුන්නු උග්‍රම ආර්ථික අර්බුද විදියටම මේ දිනවල අප අත්විඳන අධි උද්ධමනකාරී වාතාවරණය හඳුන්වන්න පුළුවන්. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, කිරිපිටි හිඟය ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක හිඟය හේතුවෙන් අප පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකට. ඒ අතරින් ඉන්ධන හිඟය සියලු අර්බුද අභිබවා ගිහින්, රටේ සමස්ත ආර්ථිකයම කඩාවට්ටන්නට සමත්ව ඇති බව කිව්වොත් එය අසත්‍යයක් නෙවෙයි. ඉන්ධන මිල ඉහළ යද්දී අනෙක් සෑම පාරිභෝගික භාණ්ඩයකම, සේවාවකම මිල ඉහළ යෑම නැවැත්විය නොහැකි දෙයක්.
ඉන්ධන අර්බුදයට මාස කිහිපයක් ගතව ඇති මොහොතක දින ගණන් පෝලිමේ ගතකරලා ඉන්ධන ලීටර් දෙක තුනක් පුරවාගත්ත අපට යම් සැනසිල්ලක් අත්විඳින්න ලැබුණේ QR ක්‍රමය හඳුන්වා දීමත් සමග. දැන් තෙල් පෝලිම් නැහැ. විනාඩි කිහිපයක් ඇතුළත තමන්ගෙ වාහනේට ඉන්ධන ලබාගන්න පහසුකම් ජනතාවට ලබාදීලා. බඩට හරියට නොකා, නිදි වරමින් පෝලිම්වල රැය පහන් කරපු අපට දැන් යම් සහනයක් දැනුණත්, මේ ඉන්ධන අර්බුදය තවමත් 100%කින් අවසන් වෙලා නැහැ. ඉදිරියේදී මීට වඩා දරුණු ඉන්ධන අර්බුදයක් රට හමුවේ පවතින බවත් ඇතැමුන් පවසනවා . ඒ කෙසේ වෙතත් ලංකාව මෙච්චර දරුණු ඉන්ධන අර්බුදයකට පත්වුණේ කොහොමද? කවුද මේකට වගකිව යුත්තා? ඛනිජ තෙල් සංස්ථාවෙ ඉන්න දූෂිත නිලධාරීන් කවුද? මේ සියලු ප්‍රශ්නවලට උත්තර දෙන්න සුවිශේෂ පුද්ගලයෙක් පසුගිය දිනෙක ඉදිරිපත් වුණා. ඔහු, තෙල්, වරාය සහ විදුලිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත. තෙල් සංස්ථාවේ සිදුවුණු මහා ඉන්ධන ජාවාරමක් ගැනත්, බවුසර් පිටින්ම හොර පාරෙන් විකුණපු හැටි ගැනත් ඔහු විශේෂ අනාවරණයක් සිදුකළා. ඒ, Truth with Chamuditha යූටියුබ් නාලිකාවේ චමුදිත සමරවික්‍රම සමග. එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අපි මෙලෙස ඉදිරිපත් කරනවා.

පසුගිය දවසක ජාතික පුවත්පත්වල ප්‍රධාන වාර්තාවක් පළවෙනවා සිපෙට්කෝ ඇතුළේ මහා පරිමාණයේ තෙල් වංචාවක් ගැන. ඔබ පිළිගන්නවද සිපෙට්කෝ ආයතනය ඇතුළේ තෙල් වංචාවක් සිදුවෙනවා කියලා?
සිපෙට්කෝ කියන්නේ ජනතා මුදලින් නඩත්තු වෙන තෙල් සංස්ථාවට. තෙල් සංස්ථාව සහ තෙල් සංස්ථාවට 66%ක අයිතියක් තියෙන ඛනිජ තෙල් තොග සමාගම ඒකාබද්ධව තමයි මේ ජාවාරම කරන්නේ.

තෙල් සංස්ථාවෙන් එළියට යන බවුසර් එකෙන් තමයි මේ හොරාකාලා තියෙන්නේ. මේක දිගටම වෙච්ච දෙයක්ද?
මුතුරාජවෙල සහ කොලොන්නාව කියන ප්‍රධාන ඉන්ධන ගබඩා දෙකෙන් පිටවීමේදී තමයි මේ ජාවාරම සිදුවෙන්නේ.

පත්තරෙන් මේවා හෙළිකරනකන් ඔබ මේවා ගැන කතා නොකළේ ඇයි?
මම මේක මාස 05කට උඩදී මේ තියෙන ඉන්වොයිස් එක්කම පෙන්නුවා. මාධ්‍ය පළ කරන්නේ යම් යම් කොටස් නේ. මේ තියෙන්නේ ඒ ඉන්වොයිස්. (ලේඛන කිහිපයක් පෙන්වයි) මම මේවා පෙන්නුවා. නමුත් ගත්තු පියවරක් නෑ.

ලීටර් 13,200ක බවුසර් එකක් මුතුරාජවෙල තෙල් පර්යන්තයෙන් එළියට යනවා. ඒවා යන්නේ සීදුවෙ ‘තරිඳු ෆාම්’ කියන ආයතනයකට කියලා සඳහන් වෙනවා. මේක කොහාටද යන්නේ?
තරිඳු සහ ඉසබෙලා කියන ආයතන දෙකට. නමුත් එතැන ගැටලුවක් තියෙනවා. අපේ එනවා ප්‍රයෝරිටි ලිස්ට් එකක්. ඒකෙ තියෙනවා අදාළ දිනයේ කොතැනටද ඉන්ධන යවන්න ඕනෙ කියලා. කිසිම නිලධාරියකුට බලයක් නෑ තෙල් සංස්ථාවෙන් දෙන මේ ලිස්ට් එක බයිපාස් කරන්න.

දැන් මට ආයතනයක් තියෙනවා නම්, මම ඍජුව ගෙවීම් කරනවා නම් තෙල් සංස්ථාවට, මගේ ආයතනයට තෙල් බවුසරයක් ගන්න පුළුවන්ද?
ලියාපදිංචි වුණොත් ගන්න පුළුවන්.

දැන් ඔබ මේ පෙන්නන ප්‍රයෝරිටි ලිස්ට් එක තමයි ලියාපදිංචි ලේඛනය?
ඒ අය ඩොලර්වලින් සල්ලි බැඳපුවාම අදාළ දිනයේ ඉන්ධන බෙදාහැරිය යුතු ස්ථාන පිරවුම්හල්, කර්මාන්ත ශාලා ආදී වශයෙන් තියෙන ලැයිස්තුවට ඒ ආයතනය ඇතුළත් කරනවා. මොකද තෙල් සංස්ථාව තමයි පිරවුම්හල්වලින් සල්ලි ගන්නේ.

මේ 13,200 ලෝඩ් දෙක යන්නේ මේ ප්‍රයෝරිටි ලිස්ට් එකටද?
නෑ. ඉසබෙලා සහ තරිඳු කියන ආයතන දෙකටම එදාට නෑ.

නමුත් යන්නේ ඒ දෙකට?
ඔව්. මුතුරාජවෙලින් යවනවා.

එතකොට මොකක්ද වෙලා තියෙන්නේ?
මේ තියෙන්නේ ඒවායෙ ඉන්වොයිස්. පුදුමෙ කියන්නේ මේවා යවනකොට ‘ප්‍රෙපෙයාර්ඩ් ඇන්ඩ් චෙක් බයි’ කියන දෙකම අස්සන් කරලා තියෙන්නේ එක්කෙනෙක්. මේවා හොර ඉන්වොයිස් නෙවෙයි. නමුත් ඒ ඉන්වොයිස් එක ලයින් එකේ නෑනෙ. එක්කෙනාම අස්සන් දෙක ගහලා දෙනවා. චෙක් කරන්නෙත්, අනුමත කරන්නෙත් එක්කෙනෙක්. හැබැයි මේක නිකන්ම වෙන්න බෑ. එතැන ඉන්නවා මාරු කරපු පුද්ගලයෙක්. මුතුරාජවෙල බෙදාහැරීම් ප්‍රවාහන අංශයේ කළමනාකරු ලෙස මාරුකළේ කොලොන්නාවෙ ඉඳලා. ඒකට මුල් වුණේ අපි. ඒ, මම දිගින් දිගටම මේ හොර කතන්දරේ හෙළිකරපු හින්දා. රු. 20,000, 30,000 අත යට ගන්න අය මේ. මෙයා තමයි උපදෙස් දෙන්න ඕනෙ මේක කරපන් කියලා. හැබැයි මේක කරන්න උපදෙස් දෙන්න ඕනෙ සී.පී.සී. එකෙන්. මොකද ඒකටනෙ සල්ලි බඳලා තියෙන්නේ. එතකොට පුදුමෙ කියන්නේ මේ ඉසබෙලා කියන ආයතනයෙන් එදා සල්ලි බඳලත් නෑ. බෙදාහැරීමේ අංශයෙම ඉන්න සේවකයෙක් තමයි එදා උදේ කොලොන්නාවට ගිහිල්ලා සල්ලි බඳලා තියෙන්නේ. මේගොල්ලො දන්නෙත් නෑ තෙල් එවනවද කියලා.

එතකොට මෙතැන තෙල් විකුණලා තියෙනවා කියන්නේ රුපියල් 430 ලීටරයක් රුපියල් 900 ගානේ?
ඕක විතරක් නෙවෙයි. 2022.05.12 ඉඳලා මේ දිගටම තියෙන්නේ යවපුවා. තොග පිටින් යවපුවා. මේවා ලැයිස්තුවල නෑ. කිව්.ආර්. එක එන්න ඉස්සර කලානේ සීමා සහිත කරලා පිරවුම්හල්වලට තෙල් බෙදුවනේ. තෝරාගත්තු අයට එක දිගට යවනවා.
මේ බියගම ලිපිනයේ පිරවුම්හලකුත් නෑ, ෆැක්ටි්‍රයකුත් නෑ. මෙතැන තියෙන්නේ යාඩ් එකක්. ඒකට තමයි මේ යන්නේ.

එතකොට එතැනට යවනවා සාමාන්‍ය මිලට. එතැනින් විකුණනවා වැඩි මිලට? මේක මාර ජාවාරමක්නේ?
මේවා කොහොමද ලියාපදිංචි වුණේ? ෆැක්ටි්‍රයක් නැත්නම්, ෂෙඩ් එකක් නැත්නම් කොහොමද ඉන්ධන යන්නේ? අප්‍රේල් 11 ඉඳන් 18 දක්වා එක දිගට ගිහින් තියෙන්නේ මෙයාට. දැන් ත්‍රීවීල් කට්ටියව එහෙම අල්ලගෙන කියනවනෙ මේවායෙන් ගසාකාපු අය ඇල්ලුවා කියලා. ගසාකෑ පටන්ගත්තේ තෙල් සංස්ථාවට 60%ක් අයිති ආයතනයෙන්. ඇමැතිවරයත් දන්නෙ නෑ කියනවා නම් ඔහු ඉන්න ඕනෙ නෑ. මේවා හෙළිකරපු දේවල්.

ත්‍රීවීල් කට්ටිය ලීටර් 5-10 ඇද්දා කිව්වට බලාගෙන ගියාම සංස්ථාවනෙ හොරාකාලා තියෙන්නේ?
ඔව්. මේ ලීටර් 200, 500 නෙවෙයි. ලීටර් 33,000 ලොකුම බවුසරේ තමයි යවලා තියෙන්නේ. එකක් නෙවෙයි, දිගටම. මැජස්ටික් සිටි එකේ ඔෆිස් එකක් තමයි ඇඩ්‍රස් එක. නමුත් යවලා තියෙන්නේ පෝට් සිටියට. ලීටර් 33,000ක්.

මේ ලීටර් 33,000 ගියේ කොහාටද බෑවෙ කොහාටද කියන තොරතුරු ඔබ ළඟ තියෙනවද?
කොළඹ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් අලෙවි කරන තැනකටත් 33,000 යනවා. අත්‍යාවශ්‍ය සේවාවන්ට, ගුරුවරුන්ට, වෛද්‍යවරුන්ට තෙල් නෑ.

එතකොට 33,000 යවන්නේ ඒවා අනුමත කරන නිලධාරීන්ට අල්ලස් දීලද?
ඔව්. නැතුව යන්න බෑ.

එතකොට මේ මගේ වාර්තාවෙ තියෙනවා සීදූවෙ ආයතනට ලීටර් 6,600ක් දීලා ඊට පස්සේ මීගොඩ, වටරැක, ලියන්වල ඇඟලුම් කම්හලකට අරගෙන යනකොට තමයි වැටලීම් කරලා තියෙන්නේ කියලා?
තරිඳු එකට දෙනවා. ඉසබෙලා එක අරන් යනවා. මොකද ඉසබෙලා එකෙන් සල්ලි ගෙව්වේ නෑ. මේ බෙදාහැරීම් අංශයෙ පුද්ගලයෙක් තමයි වෙන කෙනෙක් දම්මලා සල්ලි බැන්දේ. එයා කටඋත්තරේ දීලා තියෙනවා ඒක පැහැදිලිවම. මේකෙ භයානක කතාව ඒක නෙවෙයි. මේවා මුද්‍රණය කරන පරිගණක පද්ධතිය 2007 ඉන්දියාවෙන් ගත්තේ රුපියල් බිලියනයක් ගෙවලා. පාස්වර්ඩ් එක ගන්න ඩොලර් ලක්ෂයක් ගෙවන්න ඕනෙ. අපි ඒකට විරුද්ධ වුණා. ඉන්දියාවෙ ඉඳලා තෙල් සංස්ථාවෙ සියලු ස්ටොක් බලන්න පුළුවන් හැබැයි අපට චීන වරායෙ තියෙන ස්ටොක් එක බලන්න බෑ. පුදුම සෙල්ලමක්. මේක රී ප්‍රින්ට් එක. එක ලෝඩ් එකක් ගියාට පස්සේ ඒ අංකයෙන් තව ලෝඩ් එකක් යන්න බෑ. එකම අංකයෙන් එකම දවසෙ ලෝඩ් පිටවෙනවා කොලොන්නාවෙන්. දාන්න කියන්න සී.අයි.ඩී. එකට. ආනන්ද පාලිත කියන්නේ. මාස තුනෙන් තුනට රුපියල් මිලියන 250 ගානෙ අපි මුදලක් ගෙවන්න ඕනෙ මේ ඇප් එකට.

මගේ දත්තවල තියෙනවා ලීටරේ රුපියල් 430 ගානේ ගියා නම් මේ ලෝඩ් එකේ ආදායම රුපියල් 28,38,000යි. හැබැයි මේක විකුණලා තියෙන්නේ රුපියල් 900 ගානේ. එතකොට ආදායම 59,40,000ක් කියන එක?
වැඩිය විකුණපු එක තෙල් සංස්ථාවට අදාළ නෑ. මේකට ඉහළ නිලධාරීන් වගකියන්න ඕනෙ.

රුපියල් 900 ගානෙ විකුණන අතරමැද තියෙන ගාන ප්‍රමාණය තෙල් සංස්ථාවට එන්නෙ නැති එක ඇත්ත. ඒක අර සෙට් එකේ සාක්කුවටද යන්නේ?
ඔව්. මේ ජාවාරම තමයි ඒගොල්ලො කළේ.

සමහර ෂෙඩ් තියෙනවා ලෝඩ් දිගටම ලැබෙනවා. සමහර ඒවට ලැබෙන්නෙම නෑ?
ලැබෙන්නෙ නෑ. ෂෙඩ් එකට යනවා කියලා ලෝඩ් එක අරගෙන ගියේ කළු කඩේට. මේ කළුකඩ ජාවාරමට, තෙල් කලවම් කිරීමේ ජාවාරමට උඩගෙඩි දුන්නේ ක්‍රියාත්මක කරන්නේ තෙල් සංස්ථාවෙ සහ ඛනිජ තෙල් සමාගමේ පාලකයො.

ඔබ කිව්වා නිමි ඇඳුම් ආයතනයකට ලීටර් 33,000ක් ගෙනිච්චා, ඒ තොරතුරු තියෙනවා කියලා?
ඔව්. පැහැදිලිවම තියෙනවා.

මේක මේ සිකියුරිටි එකේ දෙතුන් දෙනෙක් විතරක් අල්ලගෙන කරන්න පුළුවන් ජාවාරමක් නෙවෙයිනෙ මේක?
නෑ. සිකියුරිටි එකෙන් තමයි මේක ඇල්ලුවේ. සිකියුරිට් එකේ දක්ෂකමෙන් එකක් ගියා කියලා ඇල්ලුවා. ඒකෙන් නැවැත්තුවා. රී ප්‍රින්ට් 8ක් අල්ලලා තියෙනවා.

රී ප්‍රින්ට් කියලා කියන්නේ මොකක්ද?
එකම අංකයට තව කොපියක් අරගන්නවා.

ඉතින් ව්‍යාජයිනේ?
මේ මුළු ලෝඩ් එකම හොරකමක්.

ලොකුම හොරකම වෙන්නේ පාරෙ නෙවෙයිනෙ, සංස්ථාව ඇතුළෙනෙ?
සංස්ථාවට 66%ක් තියෙනවා ඛනිජ තෙල් තොග සමාගමේ. 33%ක් අයිතිය තියෙනවා අයි.ඕ.සී. සමාගමට. මම දිගටම කිව්වනේ විදේශ විනිමය වංචා කරපු කෙනෙකුට දීපු දඬුවම් අයින් කරලා මේ හොර පාලකයා ඇවිල්ලා ඩී.ජී.එම්. තනතුර දුන්නට පස්සේ මේ වගේ හොරකම් ඇරෙන්න වෙන මොනව වෙන්නද?

කවුද හොර පාලකයා?
ඉන්න පාලකයා.

කවුද?
ඇමැතිවරයා දන්නවනෙ මේවා. මේවා එළිකළේ නැද්ද? මේ ඇමැතිවරු බුදියගෙනද හිටියේ?

ඔබට කියන්න පුළුවන්ද කවුද මේ හොරකමට සම්බන්ධ කියලා?
ඉස්සෙල්ලා හිටියා සභාපති කෙනෙක් විශ්‍රාමික ජෙනරල් කෙනෙක්. නැහැයි කිව්වොත් මගේ රෙකෝඩින් බලන්න පුළුවන්. මම කම්ප්ලේන් කරලා තියෙනවා. මේක තනිවම කරන්නෙ නෑ, ඕකට ඔපරේෂන් එක, ඩිස්ටි්‍රබියුෂන්, ට්‍රාන්ස්පෝර්ට් එක කියන තුන්දෙනාම හවුල් වෙලා කරන්නේ කියලා කිව්වා. මම කිව්වා තුන් දෙනාම හවුල්වෙලා හොරකමක්නෙ කරන්නේ ඒක අල්ලන්න කියලා. මම දැන් ඉස්පිරිතාලෙ ඉන්නේ නවලෝකෙ, පස්සෙ ගන්නම් කිව්වා. ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?

ඒ සභාපති දැන් ඉන්නවද?
එයාව අයින් කරලා වෙන කෙනෙක් දාලා දැන්. එයා දන්නවා මෙතන වෙන දේවල්. දැන් හැබැයි මෙයා ඇවිල්ලා පරීක්ෂණයක් කරනවා.

කොයි සභාපති ගැනද කියන්නේ?
උවයිස් මොහොමඩ් ආපහු දාලානෙ. සී.පී.එස්.එල්. එකේයි දෙකේම එයා. උවයිස් මොහොමඩ් කියන්නේ අලි සබි්‍රගෙ මල්ලි. එයාවනෙ ඉස්සෙල්ලා අයින් කළේ.

ඔබ චෝදනා කළේ සුමිත්ටද?
මේ දේවල් වෙනකොට සී.පී.එස්.එල්. එකේ සභාපති කිසි දෙයක් අහන්නෙ නෑ කියලා සී.පී.සී. චෙයාමන්ලා කිව්වේ. අපි කියන දේවල් අහන්නෙ නෑ කියලා. කංචන ඇමැතිවරයා ඉන්න කාලෙනෙ මේවා වුණේ. දැනුත් ඉන්නවනේ. මේක අල්ලන්න පුළුවන් වුණාද? මේවා හෙළි කළේ නැද්ද? සති තුනකට කලින් සී.ආර්.එන්. නම්බර් ඔක්කොමත් එක්ක පත්තරවල ගියා. මේවා ටී.වී.වල ඇති වෙනකල් පෙන්නුවා. ගත්තු පියවරක් නෑ. මේ වීඩියෝ එක බලන්න (වීඩියෝවක් පෙන්වයි) මේ සුපර් ඩීසල්. මේක පුරවනකොට ඔත්තුවක් යනවා ආරක්ෂක අංශයට.

ප්‍රශ්නෙ මොකක්ද?
හොරොන් අරගෙන බැරල්වලට පුරවනවා. කොලොන්නාවෙ නිමාව ඇතුළේ මේ. මේක අල්ලපුවාම එයා කිව්වා නෑ මේ අහක යන තෙල් කියලා. අහක යන තෙල් නම් මේක සිකියුරිටි එක සීල් කරන්න එපායැ. ඊළඟට රෑ යනවා ඉන්වොයිස් එකකින් පාර්ලිමේන්තුවට බැරල් යවනවා. දැන් මේක නැවතුනානෙ හොරේ. මේ හොරකම මේවා පුරවලා රෑට හොරෙන් ගියා. බෙදාහැරීම් අංශෙ ඉන්ධන භාරව ඉන්න ප්‍රධාන පුද්ගලයෙක් ඇල්ලුවා. එයාගෙ ලොරිය ඇල්ලුවා. එයා ලීටර් 40ක් යවලා ඒ ඉන්ධන රථය ඇල්ලුවා. කොහෙන්ද ගත්තේ? අපේ ඇතුළෙ තියෙන කලාප 1 ඕන් යූස් පොම්පෙන්. ඒකෙන් තමයි සභාපතිවරුන්ට, ඇමැතිවරුන්ට ඇති වෙනකල් තෙල් ගහපු තැන. ඒ පොම්පෙ තියෙන්නේ ඇතුළේ වාහනවලටයි, බවුසර්වලටයි ගහන්න.

ඒ කියන්තේ තෙල් සංස්ථාව ඇතුළේ ෂෙඩ් එකක් තියෙනවද?
නෑ. නමුත් ෂෙඩ් එකක් කළානෙ.

ඒකෙන් පිට අයත් ඇවිල්ලා තෙල් ගහගෙන ගියාද?
ලංකාවෙ තියෙන සුපිරිම වාහන එකක්වත් පෝලිම්වල තිබුණෙ නෑනෙ. ඒ ඔක්කොම තෙල් ගැහුවෙ කොලොන්නාවෙන්.

එතකොට ඒකට ඇපෘවල් එක ගන්න ඕනෙ කාගෙන්ද?
සභාපතිතුමා තමයි බලධාරියා. එයාට කෝල් එකක් දුන්නාම පුළුවන්. ඇමැතිතුමාටත් පුළුවන්.

තෙල් සංස්ථාවෙ සභාපතිතුමාව අපි අඳුනනවා නම් එයාට කෝල් කරලා අපිටත් පුළුවන්ද ඇතුළෙන් තෙල් ගහගන්න?
එහෙම තමයි ගහගත්තේ. ඔපරේෂන් මැනේජර්ටත් පුළුවන්. හිතවතුන්ට එයා නෝට් එකක් දුන්නාම ඕඩර් ඔෆිස් එකට ගිහින් සල්ලි බැඳලා වවුචර් එක අරගෙන ඇවිත් තෙල් ගහගන්න පුළුවන්.

එතකොට කිව්.ආර්. එක බලන්නෙ නැද්ද?
මොන කිව්.ආර්. එකක්වත් බලන්නෙ නෑ.

ෆුල් ටෑන්ක් ගන්න පුළුවන්ද?
ෆුල් ටෑන්ක් තමයි. එතැන බාග ගහන්නෙ නෑ. දැන් ඒක වෙනවද කියන්න දන්නෙ නෑ. මොකද දැන් සභාපති මාරුකරලා ඉන්නේ. මම කියන්නේ දිගටම වෙච්ච දේ. මේකෙ භයංකාර දේ තමයි ඒ ඕන් යූස් පොම්පෙට එළියෙ අය සල්ලි බඳිනවා ලීටර් 30කට. සමහර වෙලාවට ලීටර් 30ක් වදින්නෙ නැත්නම්, වදින්නෙ 20 නම් ඉතිරි සල්ලි දෙන්නෙ නෑ. එහෙම නීතියක් තියෙනවද? ඉතිරි තෙල් ටික ඔක්කොම රෑට අදිනවා. වගකීමෙන් කියන්නේ.

සී.සී.ටී.වී. කැමරා එහෙම ඇතිනෙ ඇතුළේ?
නෑ. හොරකම් කරන තැන්වල කැමරා නෑ. ඕඩර් ඔෆිස් එකට කැමරා දැම්ම නම් 20,000 – 30,000 ලයින් පැනලා ගන්න පුළුවන්ද? අපි ලෙඩේ ඇද්දම කොලොන්නාවෙ එකා දැම්මා මුතුරාජවෙලට. මුතුරාජවෙල මිනිහා දැම්මා කොලොන්නාවට.

එතකොට මේ හොර නෙට්වර්ක් එකේ ඉන්නේ කවුද?
ඒකනෙ අරගලේදිත් කිව්වේ 225ම පලයව් කියලා. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කියනවා රුසියාවෙන් තෙල් දෙන්න එකඟයි, 15%ක් 30%ක් විතර අඩුවෙනුත් දෙන්න කැමැතියි, හැබැයි තෙල් සංස්ථාවෙ ඉහළ නිලධාරීන් එකට ඉඩ දෙන්නෙ නෑ කියලා. එතකොට ජනාධිපතිවරයෙක් ඉන්නෙ මොකටද? ඉහළ නිලධාරීන් පාලනය කරන්න බැරිද ජනාධිපතිට.

ඔහු කියන්නේ ඇතුළේ තෙල් මාෆියාවක් තියෙන නිසා ඒක කරන්න බෑ කියලද?
පට්ට බොරුවක්නෙ ඒක. මේ රටේ ඇමැතිට වැඩිය බලතල සංස්ථාවෙ නිලධාරියෙක්ට තියෙනවද? හැබැයි එකතු වෙලා ගහන්නෙ කියලා මම දිගටම කිව්වා.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර කියනවා ඇතුළේ තෙල් මාෆියාව ප්‍රබලයි. රුසියාවෙන් තෙල් ගේන්න දෙන්නෙ නෑ කියලා?
ඒ කියන්නේ ඇණවුම් කිරීම. ඒ ගැන කතා කරන්න දැන් තෙල් නැවක් එනවා කියලා ටීවී එකේ ගියොත්, අපේ ජනතාව වෙව්ලන්න ඕනෙ. ඖෂධ නැතිවෙන්න එක හේතුවක් තමයි මේ තෙල් නැව් ගෙන්වන හොර ජාවාරම.

මුතුරාජවෙලින් නෝමල් රේට් එකට එළියට පන්නලා වැඩි මිලට එළියට විකුණපු එක කාලයක් තිස්සේ කරගෙන ගියා?
ඔබතුමා නම් ඉන්නේ ඔයා දන්නෙ නෑ ගියේ කවුද කියලා. මමම දිගටම හිටියා නම් තමයි දන්නේ එකම අංකෙන් දෙකක් ගියා කියලා. මේක මේ කෑල්ල අපි නවලා බොක්ස් එකකට දානවා.

හැමෝටම කීය කීය හරි යනවද?
සිකියුරිටි එකට දෙන්නෙ නෑ. එහෙම දීලා කරන්න බෑ. ඔපරේෂන්, ඩිස්ටි්‍රබියුෂන්, ට්‍රාන්ස්පෝට් ඔය තුන වගකියන්න ඕනෙ. ට්‍රාන්ස්පෝට් එකේ ඔෆිස් එකේ ඉන්නවා මේ ඕඩර් දෙන කට්ටිය. බෙදාහැරීම් අංශයෙ වෙනම මැනේජර් කෙනෙක් ඉන්නවා. මූල්‍ය චෝදනා තියෙන අයට තනතුරු දීලා තියෙනවා. මේ ගැන විමර්ශනට ගිහිල්ලා කිව්වාම චෙයාර්මන් මොකක්ද දන්නවද කිව්වේ? ‘තමුසෙගෙ වැඩක් බලාගන්නවා ඕයි ගිහිල්ලා. තමුසෙ ගිහිල්ලා වෙන එව්වා කරනවා’ කිව්වා.

ඇයි චෙයාමන් ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නේ?
ඒක නේන්නම් මම මේ කියන්නේ. මේ 33,000 බවුසරේ බර්නර්ස් ඔයිල්. මේක අහුවෙනවා. මොකක්ද දන්නවද අන්තිමට උත්තරේ? ‘ඒක වැරැදිලා අයිසෙ පුරවලා තියෙන්නේ’.

මේවා හෙළිකළා කියලා නිලධාරීන් මා එක්ක ජම්මන්ත වෛරයෙන් ඉන්නේ. මට මරණීය තර්ජනත් ආවා ඉස්සෙල්ලා.

කාගෙන්ද?
ඒකෙ ඉන්නවනෙ එක එක අය. අයියේ ඕවා කතා කරන්න එපා, ප්‍රශ්න වෙයි අයියේ කියලා කියනවා. තනියම යන්න එපා කියලා කියනවා.

ඔබ මේවා හෙළිදරව් කරන්නේ මරණ තර්ජනත් එක්කද?
එව්වට මම බය නෑ. මට ඉන්ක්වයරි දැම්මා ඇති වෙනකන්. එව්වා සාමාන්‍ය දේවල්. මට දැන් අවුරුදු හැට ගානක්. ඉතිරි ටික යන එක මහ දෙයක් නෙවෙයි.



සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

එරංග ගුණසේකර සොයා CSR එකේ තිබ්බ මාධ්‍ය හමුවට පොලිසිය කඩන් පනී! එරංග නැතිව පොලිසිය හිස් අතින් යයි!

Next Post

මහපාරේ උද්ඝෝෂණ කිරීමත් දැන් ත්‍රස්තවාදී ක්‍රියාවක්ලු! ව්‍යවස්ථාව මගින් දී ඇති අයිතිවාසිකම් පවා නැති කරලයි තියෙන්නේ! ලෝකයම අපිට විරුද්ධව නිවේදන නිකුත් කරනවා! අවශ්‍යම මොහොතේ ජාත්‍යන්තර සහායත් නැතිවෙන්නයි යන්නේ! (VIDEO & PHOTOS)

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.