• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහරාජෙ මැද්දෙ හදපු බේබිලාගේ හෝටලේ කොහෙන් ගෙනා සල්ලි ද මේ හෝටලේට යට කළේ…

September 6, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
සිංහරාජෙ මැද්දෙ හදපු බේබිලාගේ හෝටලේ කොහෙන් ගෙනා සල්ලි ද මේ හෝටලේට යට කළේ…
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනෙක ශ්‍රී ලංකාවේ හදිසියේ සිදුවූ පහරදීම් කඩාබිඳ දැමීම් ගැන මේ සතියේමත් ලිපි කිහිපයක ලියුම්කරු විසින්ම ලියලා තියෙනවා. ඒ පහරදීම් අප කිසිසේත් අනුමත නොකරන බව තමයි අපි දිගින් දිගටම කියන්නේ. පහරදීම් අනුමත නොකරන නමුත් ඊට වඩා දේශපාලනික ගැහිලි අපි අනුමත කරන්නෙ නෑ. දේශපාලනික වශයෙන් අපේ රටේ බොහෝ විට දේශපාලන අනාතයෝ තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ වගේම ලොකු පුටුවල ඉන්නේ. ඒගොල්ලන්ට ඊළඟ ඡන්දෙදි යන එන මං නැතිවෙයි කියන බලාපොරොත්තුවක් ඒගොල්ලන්ටත් දැන් තියෙනවා. ඒ තරමටම මේ රටේ දේශපාලනය ජරාජීර්ණ වෙච්ච අප්‍රසන්න එකක් බව අපි හැමෝම දන්නවා. මේ මොහොතේ කියන්න යන්නේ මේ අප්‍රසන්න ජරාජීර්ණ දේශපාලනයේ තියෙන වඩාත් අප්‍රසන්න, වඩාත් අප්පිරියාසහගත සිදුවීමක් ගැන. ඒ තමයි රාජපක්ෂ පවුලේ තවත් එක මගෝඩි වැඩක් ගැන කියන්න සිද්ධ වීම.

අපි කැමැති නෑ කිසිවෙක්ට අගෞරව කරන්න හෝ කිසිවකුට වරදවල් හැමදාම කිය කියා ඉන්න. ඒක කිසිසේත්ම අපි කැමැති දෙයක් නෙවෙයි. ඒත් මේ වෙන දේවල් දැක්කට පස්සේ මේවා නොලියා ඉන්න බෑ. ඒ නිසයි මේ වතාවෙත් ආයෙත් මේක ලියන්නේ. පහුගිය දවසක ඔබට මතක ඇති ඔය ගිනි තියන ඒවා අස්සේ සිංහරාජෙ තිබිච්ච හෝටලයකුත් ගිනි තිබ්බා. සිංහරාජ වනාන්තරය ඇතුළේ කැලේ එළිකරලා විශාල හෝටලයක් හදලා තියෙනවා. මේ හෝටලය හදපු එකම වංචාවක්. හදපු විදියමත් වංචාවක්. හැබැයි මේ කියන්න යන්නේ හදපු එකේ වංචාව ගැන නෙවෙයි. මේ හෝටලය රෝහිත රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ ආදරණීය පුත්‍ර රත්නයකගෙ වග පහුගිය දවසක එළිවෙලා. අපිට හිතාගන්න බැරි කාරණාව තමයි කොහොමද මේ රස්සාවක් නොකරන තරුණයා මේ තරම් විශාල හෝටලයක් හැදුවෙ කියන එක. ඇත්තටම මේ තරුණයා එහෙම ව්‍යාපාරයකට ඇවිල්ලා සාධාරණ විදියට ව්‍යාපාරයක් කරනවා නම් ඒක ඉතාම හොඳ දෙයක්. රාජපක්ෂ පවුලේ දරුවන්ටත් සාමාන්‍ය දරුවන්ට වගේ මේ විදියේ ව්‍යාපාර කරන්න, මිල මුදල් හොයන්න, රැකී රක්ෂා කරන්න අයිතිය තියෙනවා. ඒක කිසිවකුට බෑ අභියෝගයට ලක්කරන්න. ඒගොල්ලො කරන රැකී රක්ෂා තීරණය කරන්න ඕනෙ ඒගොල්ලො. ඒකෙ අපිට ප්‍රශ්නෙකුත් නෑ. ඒත් මේ විදියට සල්ලි හම්බකරන්නෙ කොහොමද කියන එක ගැන වහාම මේගොල්ලො හෙළිකරන්න ඕනෙ. තමන්ට වත්කම් ලැබුණු විදිය ඔප්පු කරන්න පුළුවන් නම් ඒ අයගෙ ව්‍යාපාර සම්බන්ධව අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙහෙම රස්සාවක් නොකරන තරුණයකුට මෙච්චර විශාල සුඛෝපභෝගී හෝටලයක් හදන්න කොහෙන්ද සල්ලි? කෙහෙන්ද වත්කම් ලැබුණේ කියන එක.

ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ සිංහරාජෙ මැද්දේ මේ විදියට හෝටලයක් හදන්න අවශ්‍ය අවසරය ඒගොල්ලො ගත්තද? සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුලේ කට්ටියට රටේ අවසර ගන්න ඕනෙ නැති බවට පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා. ඒක ඇත්ත. හැබැයි එහෙම පරිසරයක් නිර්මාණය වෙලා තිබුණට රටේ දේපළත් එක්ක රටේ මිනිස්සුන්ගෙ වත්කම් එක්ක මේ විදියට පිස්සු කෙළින්න මේ අප්පලා පුතාලට වරම් දුන්නේ කවුද කියන එක ගැන ඇත්තටම අපි අපේ පපුවට ගහලා අහන්න ඕනෙ. මේ මිනිස්සු වැරැදි නෑ. ඒ කාරණය තමයි මේ කවුරුත් බලෙන් අත උස්සලා දේශපාලන බලයට ආපු අය නෙවෙයි. මේ පවුලේ එකම එක්කෙනෙක් ඇරුණම අනෙක් සියලු දෙනාම රටේ ජනතාවගෙ ඡන්දයෙන් දේශපාලනයට ආපු කට්ටිය. ඒක නිසා ඒගොල්ලන්ට මේ බලය ආවෙ කොහෙන්ද කියන එක ගැන අපට අහන්න කිසිදු අයිතියක් නෑ. ඒගොල්ලො නරක වැඩ කරනවා නම් ඒ නරක වැඩ සම්බන්ධව නීතිමය පියවර ගන්න, අධිකරණයට දාන්න, උසාවි එක්කගෙන යන්න, එල්ලන්න වුණත් පුළුවන්කම තියෙනවා. ඒ වුණාට මේ මිනිස්සුන්ට බලය දුන්නේ අපිනෙ. ඒක නිසා තාත්තලා පුතාලගෙ ඉඳලා හැම දෙනාටම බලය දීලා ඒගොල්ලන්ට අවශ්‍ය අවශ්‍ය විදයට නටන්න ඉඩකඩ දීලා දැන් තමයි අපට තේරෙන්නේ අපට නැතිවෙච්ච දේවල ප්‍රමාණය. සිංහරාජෙ කියලා කියන්නේ අපට තියෙන වත්කමක්. අපේ රටේ මිනිස්සුන්ගෙ දේපළක්. අපේ රටේ හදවත වගේ දෙයක්. ඉතින් මේ හදවත මැද්දේ හෝටලයක් හදලා ඒ හෝටලය මගේ කියලා කියන එකත් වෙනම පෞරුෂයක්. නැත්නම් අර මල්වානෙ ගෙදරට තාමත් අයිතිකාරයෙක් නෑනෙ. ඒ වගේ වුණා නම් අපිට වෙන්නේ ඉතින් ඈත තියා බලාගෙන ඉන්නනෙ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හොයාගන්නවත් බැරුව.

කොහොම හරි දැන් හෝටලයට හානි කරලා ඉවරයි. කාගෙ හරි දේපළකට හානි කරලා, ඒකෙන් අපිට මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ. ඇත්තටම ඒක අනවසර ඉදිකිරීමක් නම්, ඒක රටේ අයථා විදියට උපයපු මුදල් යොදලා සිදුකරපු ආයෝජනයක් නම් ඒකට ගන්න ඕනෙ පියවර තියෙනවා. ඒ වගේම ඒ නීතිමය පියවර ගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඒක කරන්න ඕනෙ පිළිවෙළක් තියෙනවා. ඒ පිළිවෙළ නොකර මේක කඩලා බිඳලා දාපු මිනිස්සු වීරයො කියලා කියන්න හදනවා නෙවෙයි. හැබැයි එකක්. මේ විදියට සල්ලි හම්බකළේ කොහොමද? මේවා හැදුවෙ කොහෙන් ගෙනාපු සල්ලිවලින්ද? මේ වත්කම් මොනවද? මේ ඉඩකඩම් කොහොමද මේ සඳහා යොදාගත්තේ? මේ සඳහා කාගෙන්ද අවසර අරගෙන තියෙන්නේ? මේ සඳහා කපලා තියෙන්නේ සිංහරාජ වනාන්තරයද? සිංහරාජ වනාත්තරයේ පරිවාර කොටස්ද? එහෙම නැත්නම් මේක පුද්ගලික ඉඩමක්ද? පුද්ගලික ඉඩමක් නම් මොනවද ඔප්පු තිරප්පු? ඒ ඔප්පු තිරප්පු ලබාගැනීමට අවසර දීපු නිලධාරීන් කවුද? ඒ වගේම හෝටලයක් හෝ ඉදිකිරීමක් කරද්දී ඊට අදාළ අවසර ගැනීම් තියෙනවා. ඒ වගේම පරිසර සංවේදී කලාපයක් නම් ඒ පරිසර සංවේදී කලාපය පාවිච්චි කිරීමේදී ඒ සඳහා නීති රීති තියෙනවා. ඒ සියලු නීතිරීති මේ අය අනුගමනය කරලා තියෙනවද? ඒවට හරියට වැඩ කරලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනෙ. ඒ වගේම මේ නීතිරීති නොසලකා කිසිවෙක් මේ අයට අවසර දීලා තියෙනවා නම් ඒ අවසර දීම සඳහා තවත් කෙනෙක් මැදිහත් වෙලා තියෙනවා නම් ඒ මිනිස්සු හොයලා ඒ මිනිස්සුන්ටත් දඬුවම් කරන්න තමයි ඕනෙ. එහෙම නැතුව ‘ඔන්න ඔහෙ කමක් නෑ’ කියලා හිතලා මේවා අමතක කරන්න හිතාගෙන ඉන්නවා නම් අපිට මේ ආණ්ඩුවටත් මේ පාලකයන්ටත් කියන්න තියෙන්නේ ඔයාලටත් ඉක්මනටම වැඩ වරදී කියලා තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාව ඇතුළේ ඉඳන් ඉන්දියාවයි චීනයයි කරන ට්විටර් යුද්ධයෙන් කවුරු දිනයිද?

Next Post

කෙහෙළියයි කංචනයි ලයිට් බිල ගෙවලා නෑ! මෙන්න තවත් පොලු තිබ්බ ලයිස්තුවක්ම එළියට එයි! (VIDEO)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.