• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොළඹ ටික් ටොක් තරුව පිහියෙන් ඇන මරලා දැම්මේ ටික්ටොක් හුටපටයක් නිසාද? ළමයි ෆෝන් එකට ඇබ්බැහි වීම නිසාද?

January 12, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කොළඹ ටික් ටොක් තරුව පිහියෙන් ඇන මරලා දැම්මේ ටික්ටොක් හුටපටයක් නිසාද? ළමයි ෆෝන් එකට ඇබ්බැහි වීම නිසාද?
Share on WhatsAppShare on Facebook

ටක් ටික් ටුක් කියන්නේ පරණ සෙල්ලමක්. මේක මොකක්ද කියල මතක නැති වුණාට පුංචි කාලෙ ටක් ටික් ටුක් කියපු කතන්දරයක් අපට මතක තිබුණා. හැබැයි ටක් ටික් ටුක්වලින් ටික දවසකින් ටක් අයින් වෙලා ‘ටික් ටොක්’ විතරක් ඉතුරු වුණා. අද වෙද්දි ලෝකයේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන අන්තර්ජාල සමාජ මාධ්‍ය මෙවලමක් විදියට මේ ටික් ටොක් කියන මෘදුකාංගය නැත්නම් ඇප් එක හඳුනාගන්න පුළුවන්. ටික් ටොක් කියන්නේ මොකක්ද? ටික් ටොක් කියලා කියන්නේ කාගෙහරි කෙනෙක්ගෙ වීඩියෝවක්, නැටුමක් දාලා ඒක අනෙක් අයට බලන්න සලස්වන එක. ගොඩක් වෙලාවට අපේ රටේ තරුණ තරුණියො ඉතා අඩුවෙන් ඇඳුම් ඇඳගෙන තමන්ගෙ ශරීරයේ සාමාන්‍යයෙන් නොපෙන්වන දේවල් පෙන්වමින් ටික් ටොක් නැටුම්වලට සහභාගි වෙනවා අපි දැකලා තියෙනවා. ඒවා හරිද වැරැදිද කියන එක අපි ආයෙමත් කියන්නේ සාමාන්‍යයෙන් ලිපිවල මම කියනවා වගේ මම කියන්න යන දෙයක් නෙවෙයි. ටික් ටොක් කියලා කියන්නේ ලෝකෙ තියෙන දෙයක්. ලෝකෙ හුඟක් රටවල ගැහැනු අය බිකිනි ඇඳගෙන පාරේ යනවා. එහෙම බිකිනි ඇඳගෙන පාරෙ යන කාන්තාවො ඒ රටවල හිටියට මේ රටේ බිකිනි ඇඳගෙන පාරෙ යන අය නෑ. එහෙම බිකිනි ඇඳගෙන පාරෙ යන අය ලංකාවෙ නැත්තෙ බිකිනියෙ ප්‍රශ්නයක් නිසාද, නැත්නම් ලංකාවෙ මිනිස්සු හිතන විදියෙ ප්‍රශ්නයක් නිසාද, ලංකාවෙ මිනිසුන්ගෙ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් නිසාද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ රටේ බිකිනි ඇඳගෙන යන්න පුළුවන් වුණාට මේ රටේ බිකිනි ඇඳගෙන යන්න බෑ. මේ රටේ බිකිනියක් නෙවෙයි, සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙනවත් පාරෙ යන්න බෑ. ඒක මේ රටේ විදිය. ඒත් මේ ලියන්න යන්නෙ ඒක නෙවෙයි. අපි පහුගිය දවසක එක්තරා වීඩියෝවක් හරහා ඔබට කිව්වා ටික් ටොක් ඉවර වෙන්නේ කවද හරි දවසක නිවුඩ් කියලා වීඩියෝ විශේෂයක් ලෝකෙට ඇවිල්ලද කියලා. ඒ කියන්නේ තරුණ තරුණියන් ඇඳුම් නැතුව ඉන්න වීඩියෝ එකක් අන්තර්ජාලයට එක්කිරීමේ රැල්ලක් ලංකාවට හරි ලෝකෙට හරි ඇවිල්ලා මේක ඉවර වුණොත් ඒ ගැන කලබල වෙන්න එපා. මොකද අපි දැන් ඊට චුට්ටක් මෙහායින් නතර වෙලා ඉන්නේ.

කොහොම නමුත් මේ ලියන්න යන්නේ ටික් ටොක් ගැනද, ටික් ටොක් නිසා සිද්ධ වෙච්ච මරණයක් ගැනද, එහෙම නැත්නම් ටික් ටොක් කිසිසේත්ම අදාළ නැති කතාවක් ගැනද කියන්න අපි දන්නෙ නෑ. මොහොමඩ් අබ්දුල් ලතීෆ් 17 හැවිරිදි තරුණයෙක්. ඔහු පහුගිය සතියේ ජීවිතක්ෂයට පත්වෙන්නේ පිහි ඇනුමක් හේතුවෙන්. තමන්ගෙ අයියට කෑම එක අරගෙන ගිහිල්ලා දීලා ආපහු එන ගමන් අතරමඟදී ටික් ටොක් වීඩියෝවක් සඳහා පෙනී සිටිද්දී ඒ ස්ථානයට ත්‍රිරෝද රථයකින් ආපු පුද්ගලයො අබ්දුල්ට පිහියෙන් ඇනලා ඝාතනය කරනවා. මේ ලියන මොහොත වෙද්දී අබ්දුල් ජීවතුන් අතර නෑ. හැබැයි ටික් ටොක්වල අබ්දුල්ගෙ මතක සටහන් තාමත් තියෙනවා. පොලිසිය මුලින් සඳහන් කරලා තිබුණේ මේ මරණයට හේතුව ටික් ටොක් වීඩියෝවක් කියලා. මේ මරණයට හේතුව ටික් ටොක් වීඩියෝවක් වුණේ කොහොමද කියන එක ගැන අපට අපැහැදිලියි. හැබැයි පසුව මේ සම්බන්ධව කියැවුණා මෙය ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ කතාවක් නෙවෙයි, ඊට වෙනස් කතාවක් කියන එක. කොහොම නමුත් ටික් ටොක්වලට පුළුවන්ද මිනිස්සු මරන්න? ඔව්, ටික් ටොක්වලට මිනිස්සු මරන්න පුළුවන්. ටික් ටොක්වලට පුළුවන්ද මිනිසුන්ගෙ ජීවිත වෙනස් කරන්න? ඔව්, ටික් ටොක්වලට පුළුවන් මිනිසුන්ගෙ ජීවිත වෙනස් කරන්න. ටික් ටොක් තරු බවට පත්වෙච්ච සමහර අය මොන විදියෙ තරුද, ඒ මිනිසුන්ගෙ ජීවිතේ තියෙන බර මොකක්ද, හරය මොකක්ද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා.

පහුගිය දවසක මේ වගේම තවත් ටික් ටොක් තරුවක් ගැන කියැවුණා. ඒ ටික් ටොක් තරුවගේ ජීවිතය ගතවුණේ තවත් දැවැන්ත තරු පවුලක තරුවක් එක්ක ඇතිකරගත්තු හාදකමක් එක්ක. අපට තරු තරු හාද වුණාට අහස අපේ නොවන නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ රටේ මිනිසුන්ගෙ සම්බන්ධතා පිළිබඳ, අපේ රටේ මිනිසුන්ගෙ මනුස්සකම් පිළිබඳ ප්‍රශ්නයක් අපට තියෙනවා. පාරෙ කොල්ලෙක්ට පිහියෙන් ඇනලා මරලා දාන්න තරම් ටික් ටොක් වීඩියොවක් හේතුවක් වුණා නම්, මේ ටික් ටොක් කියන එක සම්බන්ධව මීට වඩා සැලකිල්ලෙන් හිතන්න, සැලකිල්ලෙන් හොයන්න කවුරු හරි කෙනෙක් පත්කරන්න ඕනෙ කියන එක ගැන දැන් අපට ඉඟි පළවෙන්න පටන් අරගෙන. ලෝකෙ යන්නේ සන්නිවේදනයේ ඉදිරි පියවර තබමින්. අපි මේකට කියනවා අතත්‍ය සන්නිවේදනය කියලා. එහෙම නැත්නම් අංකිත තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතය කියලා. අංකිත තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිත කරන්න කරන්න ලෝකය පුංචි වෙනවා, ලෝකය හැකිළෙනවා, අන් අය අතර තියෙන සම්බන්ධතාව වැඩි වෙනවා, ඒ වගේම අන්තර්ජාලයට පෞද්ගලිකත්වය එකතු කිරීමේ හැකියාව ඉතා වැඩි වෙනවා. ඒ නිසා නිරුවත් වීඩියෝවක්, නිරුවත් පින්තූරයක් තවත් කෙනකුට යවන එක, පෙන්වන එක දැන් ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. අපි එතැනට ඇවිල්ලයි ඉන්නේ. ටික් ටොක්වලින් මිනිස්සු මැරෙනව නම් පහුගිය දවසක අපට අහන්න ලැබුණු තව කතාවකින් මේ කතාව ඉවර කරන්න හිතුණා. එක්තරා තරුණ දරුවෙක්. මේ දරුවගෙ නම ගම ලියලා ඒ ළමයගෙ මියගිය ජීවිතයට තවත් හානි කරන්න තරම් මට හිතෙන්නෙ නෑ. ඒක අපට ඈ ගැන ලියනා ලිපියකදී, ඈ පිළිබඳ තොරතුරු ලියන එකයි, මේ වෙනත් ලිපියකට ඈ පිළිබඳ තොතුරු සපයන එකයි අතර වෙනසක් තියෙනවා. මේ දැරිය මියයන්නේ තමන්ගෙ පෙම්වතා සමග ඇතිවෙච්ච යම් කිසි අමනාපයක් හේතුවෙන්. පෙම්වතා තමන්ගෙ අම්මා කුලී කරලා අරන් දුන්නු ජංගම දුරකතනයෙන් ඈ තමන්ගෙ පෙම්වතා එක්ක එස්.එම්.එස්. පණිවුඩ එහෙට මෙහෙට යවාගන්නවා. මේ පණිවුඩයක අග ආපු ප්‍රශ්නයක් නිසා ඈ කිසිම වගක් විභාගයකින් තොරව ලියුමක් ලියලා ගේ ඉස්සරහා තියලා ළිඳට පනිනවා. රෑ පැල් රැකලා ගෙදර එමින් හිටපු තාත්තා මේ මියගිය දැරියගේ සිරුර අසල ඉඳගෙන හඬාවැටෙන වීඩියෝවක් අන්තර්ජාලයේ එහෙට මෙහෙට ගියා අපිත් දැක්කා. මේ වීඩියෝවෙදි තාත්තා කියන්නේ තාත්තා ගහලා නම්, අම්මා බැණලා නම් කමක් නෑ දුවේ, ඔයාට අපි වචනයක්වත් කිව්වේ නෑ, ඇයි ඔයා මෙහෙම දෙයක් කරගත්තේ? ප්‍රශ්නෙ තියෙන්නේ මිනිසුන්ගෙද නැත්නම් හිතක් පපුවක් නැති මේ ජංගම දුරකතනවලද කියලා අපට තව පාරක් හිතන්න හිතෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි.

එක්තරා මහාචාර්යවරයෙක් පහුගිය දවසක කරන ලද සාකච්ඡාවකදී කියනවා ඇමෙරිකාව වගේ රටවල් මේ වෙද්දී පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා කියලා, කුඩුවලට ඇබ්බැහි වෙන එක හොඳයි, ජංගම දුරකතනයකට ඇබ්බැහි වෙන එකට වඩා කියලා. මේක මහාචාර්ය මීමන මේ ලියුම්කරු සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදී කියපු කතාවක්. මහාචාර්ය ඇන්ටනී මීමන මේ සම්බන්ධව මේ කතාව කියන්නේ තමන් විසින් හොයපු දැනගත්තු කරුණු අනුව. එහෙම නම් මේ කතාව කියන්න ඕනෙ ටික්ටොක් වීඩියෝ නිසා මියගිය තරුණයාටවත්, මේ ළිඳට පැනලා ජීවිතේ නැති කරගත්තු තරුණියටවත් නෙවෙයි. ජීවතුන් අතර ඉන්න ඔබට. ජීවතුන් අතර ඉන්න දරුවන්ට. ජීවතුන් අතර ඉන්න වැඩිහිටියන්ට. හිතන්න, තව පාරක්. ඔබේ දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලාද? එහෙම නම් ඔබට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි කුඩු ගහන්න ඇබ්බැහි වෙනවද? නැත්නම් ජංගම දුරකතනයට ඇබ්බැහි වෙනවද කියලා. මහාචාර්ය ඇන්ටනී මීමන කියන්නේ ජංගම දුරකතනයට ඇබ්බැහි වෙනවට වඩා කුඩුවලට ඇබ්බැහි වුණත් කමක් නෑ කියලා. එහෙම නම් ඔබ තේරුම් අරගන්න කුඩුවලට ඇබ්බැහි වෙන එක කොච්චර නරකද, ඊටත් වඩා ජංගම දුරකතනයට ඇබ්බැහි වෙන එක නරකයි. ටික් ටොක් නිසා මරණයක් සිදුවුණා නම් ඒ මරණයත් ඔබට කියන්නේ ඒ පණිවුඩයමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

20 වැනි සංශෝධනයේ රහසක් එළියට එයි! පාර්ලිමේන්තුව විසුරවන්න තුනෙන් දෙකක් ඕන නෑ! 113ක් අස්සන් කළාම ඇති! ප්‍රකට නීතීඥයකු පළමුවරට කරන හෙළිදරව්ව!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.