• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලොව පළමුවරට කරපු විස්මිත පරීක්ෂණයක්! සිරුරේ පණ ගියත් මොළේ දිගටම වැඩ!

March 17, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ලොව පළමුවරට කරපු විස්මිත පරීක්ෂණයක්! සිරුරේ පණ ගියත් මොළේ දිගටම වැඩ!
Share on WhatsAppShare on Facebook

මිහිතලය මත පහළවූ ජීවියාගේ පරිණාමයත් සමගම භාෂණයත්, බුද්ධි ගෝචර චින්තන ශක්තියත් කිසියම් ප්‍රමාණයකට ලද ඉන්දු ආර්ය මුතුන් මිත්තන් තමන්ගේ ආරක්‍ෂාව (ගේfදාර, අඹුදරු, හරකාබානා) පතා තමන් විසින්ම “නෑ යකුන්” (මළඋන්) පිදීමේ සිට දෙවියන් දක්වා වර්ධනය කර කරගනු ලැබූ දේව ඇදහිල්ලද වසර දහස් ගණනාවකට පසුව “අනරියෝ අනත්ත සංහිථෝ” වශයෙන් බැහැරකර මේ වන විට මරණින් මතු සදා සැනසිල්ල ලැබෙතැයි සැලකෙන විමුක්තිදායක අධ්‍යාත්මික සුවය සෙවීමේ මාර්ගයට කිසිදා නොවූ විරූ අන්දමට අවතීර්ණ වී ඇත.
භීතිය ජනිතවීමෙන් නිර්මාණය කරගත් මළඋන් පිදීමේ සිට ආත්ම විමුක්තික “කිංසච්ච ගවේෂි” මාර්ග ප්‍රවේශයට එළැඹීම වනාහි මානව සංස්කෘතියේ යෝධ පිම්මකි.

එතකුදු වුවත් ඒ සඳහා (සංසාරික විමුක්තිය උදෙසා) ගෙවුණු අයසකර කාල පරිච්ඡේදය වසර දහස් ගණනාවකි. ඒ කාලය එක් ඒකකයක් වශයෙන් ගැනුණුද ඒ කාලය තුළ ඒ සඳහා දැරුණු උත්සාහ(යන්) අනන්තය අප්‍රමාණය. පර්යේෂණද අසීමිතය. කැපවුණු පුද්ගල සංඛ්‍යාවද ගණන් පදම් නැත.

මරණින් පසු ලෝකය පිළිබඳ ඉගැන්වෙන අතීත න්‍යාය ධර්මයන් පාදකවී ඇත්තේ ගෝත්‍රික සහ ආගමික සිද්ධාන්ත මුල්කොටගෙන වේ.

ඇතැම් ගෝත්‍රවල මියගිය සාමාජිකයකුට මරණින් පසු අත්විඳින්නට සිදුවෙන සිදුවීම් මාලාව ඒ ඒ ගෝත්‍රවල ඇදහිලි විශ්වාසවලට අනුව විවිධ වේ.

සැම්බියාවේ විශ්වවිද්‍යාලයක වසර විස්සකට ආසන්න කාලයක් පීඨාධිපතිවරයකු වශයෙන් සේවය කළ මගේ හිතමිතුරකු වන ගුණදාස කොළඹගේ මහතා ඒ අන්දමේ ඉගැන්වීමක් මෙසේ විස්තර කෙළේය.

එරට එක්තරා ගෝත්‍රයක නායකයකු මියගිය විටෙක ඒ පළාතේ වෙසෙන ස්වදේශිකයන් (සැම්බියානුවන්) ඒ මළගමේ කටයුතු නිමවන තුරු වෙසෙන්නේ කාට හෝ නොපෙනෙන්නට වසංවී (සැඟවී) දැඩි භීතියකිනි.

“මේ ආත්මයේ මියගිය නායකයා මරණින් මතු (පරලොව) යළි උපදින්නේද නායකයකු වශයෙනි. මේ ජීවිතයේදී ඔහුට සිටි අනුගාමිකයන් සංඛ්‍යාව සේම මරණින් මතු උපදින ජීවිතයටද අනුගාමිකයන් සිටිය යුතුය. ඒ පිරිස ඔහු සමගම මෙලොවින් පිටත් කැර යැවිය යුතුය. ඒ වගකීම ඔහුගේ ඥාතීන් ඉටුකරනු ලැබිය යුතුය. ඒ සඳහා හැකි තරම් පිරිසකගේ බෙලි කපා ඒ ඔළු (ශීර්ෂ) ඒ මිනී වළටම දමා මළසිරුර මිහිදන් කළ යුතුය. ඒ අතීත ගෝත්‍රික ලක්‍ෂණ වර්තමානයේ වුවද ශේෂවී ඇත්තේය. එහෙත් ආගමික මත ඊට වඩා ශිෂ්ටසම්පන්න වේ.

මරණින් මතු ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය හෝ දුගතිය හෝ අත්වේ යන ඉගැන්වීම කිතුනු දහමේ ද දර්ශනයයි. යමෙකුට ඒ තීන්දුව ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙනි. ඒ සඳහා සැලකිල්ලට ගැනෙන්නේ ඒ තැනැත්තා කළ කී හොඳ නරකය. විනිශ්චය ප්‍රදානය කෙරෙන දිනය “ලෝකාන්ති” දිනය නමි. මියගිය ප්‍රාණියා (මළ ආත්මය) විනිශ්චය කෙරෙන දිනය එළඹෙන තෙක් ඔහු තාවකාලිකව රැඳී සිටිය යුතු තැන “කිනිස්ථානය”නමි. එසේ සිටින්නාගෙන් ස්වර්ගාරෝහණයට හේතුවන තරම් ප්‍රමාණවත් පින්කිරිය වතක් (කුසලයක්) ජීවත් වූ කාල පරිච්ඡේදයේදී කෙරී නැත්නම් ඒ වන විට ජීවත්ව සිටින්නා වූ ඔහුගේ ඥාතිවර්ගයාට ඒ අඩුව පිරිමසා දිය හැකිය. එනයින් ඔහුට ස්වර්ග සම්පත්තිය ලබාගත හැකිය.

ඉස්ලාම් ආගමේද ඊට මඳක් සමගාමී දර්ශනයක් ඉගැන් වේ. කෙනකු මියයාම යනු කයෙන් (සිරුරෙන්) ආත්මය වෙන්වීමය. ආත්මය නිරුද්ධ මළ සිරුර මිහිදන් කර සියලු කටයුතු නිමවා ඊට සහභාගිවූ සියලු දෙනා එතැනින් නික්මැ ගිය මොහොතේමැ දේව දූතයන් දෙදෙනෙක් ඔහු (මළ සිරුර) කරා එළැඹෙත්. සයන සෛයාවෙන් (නිදාසිටින අන්දමින්) සිටින මරණකරුට ඒ දෙදෙන ඉන් පසුව ඉඳගැනීමට සලස්ති. අනතුරුව ඒ දෙදෙනාගෙන් අයෙක් ප්‍රශ්න පහක් අසති. අදහනු ලැබූ දෙවියා කවුරුද? ඇදහූ දහම කුමක් ද? යන්නේ කවර දිසාවකටද? සහෝදරයින් කවුරුද? යන ප්‍රශ්න ඒවා අතර වෙයි. ඒ සියලු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලැබුණේ නම් සිරුරෙන් වෙන්වැ ගිය ආත්මයට දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන දිනය (ලෝක විනාශය දිනය) තෙක් යළි සිරුර සමග එක්වැ විසිය හැකිය. දෙවියන්ගේ විනිශ්චයට අනුව ස්වර්ගයට හෝ නිරයට හෝ යා හැකිය.

ඉස්ලාම් ධර්මයේ මළසිරුරක් දහනය නොකිරීමට හේතුව දේව විනිශ්චය ලැබෙන තෙක් මියගිය අයගේ ආත්මයට වෙසෙන්නට තැනක් අහිමිවන බැවිනි. එසේ වූ විට ඒ ආත්මය නිරාගත වේ. (කොරා්නා ආසාදිත ඉස්ලාම් භක්තිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට තදබල විරෝධයක් රට පුරා උද්ගත වූයේ ඒ හේතුව නිසාවෙනි.)

බෞද්ධ දර්ශනය අනාත්මවාදී විඥානවාදයකි. සියල්ලටම සිත ප්‍රධානය. (මනෝ පුබ්බංගමා ධම්මා). මරණින් මතු ඊළඟ භවයට යන ආත්මයක් නැත. එහෙත් ඒ ඉගැන්වීම සංකීර්ණ එකකි.
ප්‍රධාන වශයෙන් හීනයාන, මහායාන සහ වජ්‍රයාන වශයෙන් පසුකලෙක සුළු වශයෙන් බෙදුණු ධර්ම මාර්ගයේ මරණය සහ මරණින් මතු ජීවිතය ගැන ඉගැන්වෙන කරුණුද ත්‍රිවිධාකාර වේ. අප රටේ පවත්නේ බුද්ධ දේශිත නිර්මල ථෙරවාදී (හීනයාන) බුද්ධ ධර්මයයි. මහායාන බුදුදහම ජපානය වැනි රටවල පවත්නේය. වජ්‍රයානය තිබ්බතයේ (ටිබෙට්) භාවිතය. හීනයාන සහ මහායාන දර්ශනයන්හි යළි ප්‍රතිසන්ධියකට (ජන්මයකට) අවසාන (මරණාසන්න) මොහොතේ සිතේ පහළවන සිතුවිල්ල (චෛතිසිකය) ප්‍රධාන හේතුකාරකය වේ. එම සිතුවිල්ල අවසාන “චුතිචිත්තය” නමි.
සිතෙහි උපදින චිත්තාවලිය වහ වහා ඉපැදෙමින් නැසෙන්නකි. (වෙනස්වන්නකි) ඒවා චිත්තක්‍ෂණ නමි. කොතරම් පින්කම් කළත් අවසාන චුතිචිත්තය (සිතුවිල්ල) පාපකාරී (අකුසල මූල) එකක් වූවේ නම් උත්පත්තියද ඊට සමාගාමී වේ. බුදුන්වහන්සේ ඉතා සමීපව ඇසුරුකරමින් රාජ්‍ය විචාල කොසොල් රජතුමාගේ මරණාසන්න සිතුවිල්ල අයහපත් වූයෙන් උපත සත්ව යෝනියක සිදුවූවේය.
එහෙත් පාරිලෙය්‍ය වනයේ සත්ව යෝනියක (වඳුරු) ඉපිද සිටි සත්වයාගේ මරණාසන්න සිතුවිල්ල කුසල මූල වූයෙන් මියපරලොව ගොස් දෙව් ලොව උපන්නේය.

මේ උත්පත්ති ක්‍රම පිළිබඳ ධර්මයේ ඉතා මනෝඥ උපමා දෙකකින් පැහැදිලි කර ඇත්තේය.

එකක් “ඔන්චිල්ලාවක මේ කෙළවරේ සිට අනිත් අන්තයට (කෙළවරට) දෝලනයවී ඉන් (ඔන්චිල්ලාවෙන්) බසින්නා සේ” යන්න එක් උපමාවකි. අනිත් උපමාව “කූඩලු” උපමාවය. කූඩැල්ලා ගමන් කිරීමේදී සිටි ස්ථානය අත්හරින්නේ තවත් තැනක් ග්‍රහණය කරගැනීමෙන් පසුවය. මිනිස් ප්‍රාණියා ජීවිතයක් අත්හරිනු ලබන්නේ එපරිදි තවත් ස්ථානයක් අල්ලා ගැනීමෙන් බව ඉගැන්වේ.
ඒ බැව් ත්‍රිවේදයේ බෘහදාරණ්‍ය උපනිෂද්වල “තත්ජලා යුතා තෘෂ්ණ සසංතං ගමයිත්වාන මාක්‍රම මාක්ක්‍රමක් යාන උපසංහිරති” වශයෙනි.

බොහෝ දෙනා මේ ජන්ම “පුනරුත්පත්ති” වශයෙන් දකිති. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ “ජීනා සර්මිනාරා” විසින් ලියන ලද“ මෙනි මැන්ෂන්” Many Mention කෘතියේ දීර්ඝ විස්තරයක් ඇත.

මහායාන ඉගැන්වීම්වල මරණින් පසු “ගන්ධබ්බ” අවස්ථාවක් ගැන කියැවේ. ගන්ධබ්බයා යනු මියගිය තැනැත්තා යළි ඉපැදීම සඳහා අවස්ථාවක් පතා (මවු කුසක් සොයමින්) අභ්‍යවකාශයේ සැරිසරන්නෙකි. ගන්ධබ්බයා ගැන මහ පිරිතෙහිද සඳහනි. (යක්ඛෝවා, යක්කිණීවා, ගන්ධබ්බෝවා, සම්බ වේසීවා)

ඒ අනුව ථෙරවාදී ඉගැන්වීම් පරිදි මියගිය කෙනකු මහායන දහමේ මෙන් එක එල්ලේම ජන්මයක් ලබන්නේ නැත. ගන්ධබ්බයා ජන්මයක් සඳහා මවු කුසක් සොයමින් දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරන බවද අනාවරණ වී ඇත. මියගොස් ටික වේලාවකට පසුව යළි ජීවය ලද ඇතැම් පුද්ගලයන් පිළිබඳව (සුළු වෙලාවකට සිරුරින් නිරුද්ධවූ ප්‍රාණය යළි පැමිණි) තොරතුරු වීශාල ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී තිබේ.

තමා අහසේ පාවෙමින් සිටියදී තම සිරුර වටා තම ඥාතීන් වැළපෙමින් සිටිනු දුටු බව එවැන්නෝ විස්තර කර ඇත්තාහ.

ප්‍රාණය නිරුද්ධ වූ අයකුගේ සිරුරේ රුධිර සංසරණය පවා නැවතී ගිය අවස්ථාවක මොළයේ ක්‍රියාකාරීත්වය පැය කාලක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන අන්දම ලෝකයේ පළමු වතාවට විද්‍යාඥයන් පිරිසකට දැකගැනීමේ අස්ථාව පසුගියදා උදාවී තිබේ. ඒ අසූහත් හැවිරිදි වියේ සිටි මීමැස්මොර (අපස්මාර) රෝගියකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කරමින් සිටි විද්‍යාඥයන් පිරිසකටය.

ඔවුන් එසේ රෝගියාගේ මොළයේ ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කරමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ තැනැත්තා මියගොස් තිබේ. ඒ මොහොතේ හෘද ස්පන්ධනය නැවතී තිබේ. ශ්වසන පද්ධතියම ඇනහිට ගියේය. ඒ අවස්ථාවේදී මිය යන්නෙකුගේ සහ මියගිය අයකුගේ වශයෙන් යන දෙආකාරයකින්ම මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට ඒ පිරිසට වාසනාව පෑදී තිබේ. ඒ තැනැත්තාගේ සිරුරට සම්බන්ධ කර තිබූ උපකරණවල ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය විනාඩි පහළොවක් තරම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙමින් තිබූ බව නිරීක්‍ෂකයනට දක්නට හැකිවී තිබේ.

ඒ අවස්ථාවේදී “ගැමා තරංග” (සංඥා) දෝලනය වෙමින් පැවතියේලු. ගැමා සංඥා යනු මොළයෙන් නිකුත් කෙරෙන තරංග වේ. අපට සිහින පෙනෙන්නේ, මතක (තොරතුරු) සිහි පත්වන්නේ, භාවනාවේදී එක්තැන්වන්නේ ගැමා තරංග වේ.

“මගේ මුළු ජීවිතේම මෙහොතින් මතක් වුණා” යැයි කියවෙන්නේ ඒ අනුසාරයෙනි.

පර්යේෂකයන් එමගින් හඳුනාගත් පරිදි අපේ සමස්ත ජීවිත කාලයේදීම අපේ මතකයේ ඉතිරි කරගත් සිද්ධීන් අපේ මරණ මොහාතේදී සිහියට එයි.

යථෝක්ත පර්යේෂණයේ නායකත්වය දරා ඇත්තේ ආචාර්ය අජ්මල් සෙමාර් වේ.

රුධිර සැපයීම නැවතී තිබුණද මොළය ක්‍රියාකරන බව ඔහු පවසයි. එමගින් අනාවරණය වන්නේ කෙනකු මියගියද මොළයේ පණිවුඩ හුවමාරු කිරීමේ (සම්බන්ධීකරණ) ශක්තිය පවත්නා බවයි.
“මේ අප ලද පළමු අත්දැකීම නොවේ. අප මීයන් (මූසිකයන්) සම්බන්ධව කළ පරීක්‍ෂණයකදීද මේ කරුණු සනාථ කරගත්තා.” ඔහු පැවසීය.

“එහෙත් මියයන කෙනකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය මේ අප දුටුවේ පළමු වතාවටයි. එය හරි විස්මිතයි. මේ තනි සිද්ධියක් පමණයි. තීරණාත්මක නිගමනයකට පැමිණීමට තවත් විශාල ප්‍රමාණයක විස්තර අනාවරණය කරගත යුතු වෙනවා. ඒ හා සමානවම වෙනත් කරුණු ගණනාවක් ගැනද අධ්‍යයනය කළ යුතුයි. මේ පරීක්‍ෂණය කෙරුණේ අපස්මාර රෝගියකු සම්බන්ධයෙන්. එහෙත් එසේ නොවන කෙනකු සම්බන්ධයෙන් ලැබෙන කරුණු වෙනස් විය හැකියි. ඒ නිසා අප මේ අන්දමේ කරුණු පිළිබඳ වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන්න කටයුතු කරනවා” යැයි ආචාර්ය අජ්මල් සෙමාර් පැවසුවේය.

SendShareShare
Previous Post

රණ්ඩු වෙලා යාලු වෙලා සමුගෙන ගිය වීරයා වෝන්!

Next Post

ජනපති කෝච්චියට නගී!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.