• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරහැරේ පෙළහර ලෝකෙට පෙන්නපු වීරයන්ගේ කතාන්දරය I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෙංකඩගලපුර දළදා බුදුරැස් මුළු ලෝකයටම විහිදෙන්නේ අව් වැසි නොතකා නොදන්න පිරිසක් මෙහෙමයි ඒකට වෙහෙසෙන්නේ…

බහිරව කන්දෙ බුදු රුවට ඉහළින් දම්පාට වලාකුළු රංචුවක්. ඊට එපිටින් අහසෙ රත්තරං පාටක්. රත්තරං පාටට ගැළපෙන්නම වගේ ඉරේ රත. ඉර වටක්කරේ අහස තැඹිලි පාටයි කහ පාටයි. යාන්තං හයහත වෙනකොට වැහි හීගතුව. මහ වැහි නොආවට. හී හිරිකඩ මල් තුහින. හන්තාන පැත්තෙ ඉඳලා එන හුළඟට කළවං වෙන්නෙ. වහින්නෙ පහළ කඩුගන්නාවට වුණාට වැටෙන්නෙ උඩවත්තට. වැස්ස හුළඟෙ යනවා. වැහි මන්දාරමට නුවර පහන් පත්තු වෙනවා.(Sri Lanka Latest News)

කඳු මුදුන් හරියට වෙසක් කූඩු වගේ. පොඩි පොඩි පැටව් කූඩු වෙන්නෙ ඒවායෙ තැන් තැන්වල එල්ලපු හෝටල්. ඒවායෙ කාමර අස්සෙ පාට පාට එළි. නුවර වීදිවල එක එක පන්නෙ මිනිස්සු එක එක තාලෙට ලෑස්ති වෙලා. ලෝකෙ එහාම කොනේ මිනිස්සුයි නුවර මෙහාම කොනේ මිනිස්සුයි එකම පේළියෙ. වාහල් කඩ පාමුල රංචු ගැහෙන පරවි කුරුල්ලෝ බුකුං බුකුං ගගා එබිලා බලනවා.

හැම පාරක්ම එක වගේ මිනිස්සුන්ගෙන් පිරිලා. වෙනදාට මල් තෙල් හඳුන්කූරු අරගෙන මාලිගාවට යන කවුරුවත්ම යන්නෙ නෑ. ඒ වෙනුවට බලා ඉන්නවා. පළමු වෙඩිල්ලෙන් පස්සෙ දිව්‍ය විමානෙන් සුරාසුර සේනා දෙව් මිනිස් සේනා එකින් එක එනවා. කස, ගිනිබෝල පිරිවැරූ මහසෙන් එක්ක නුවර පෙරහැර තවත් දවසකට වීදි සංචාරය අරඹනවා.

ඔන්න් ඔය අතරෙයි කවුරුවත් නොදන්නා පිරිසක් වැඩ අල්ලන්නෙ. ඒ, ක්‍රිෂාන්ත හිස්සැල්ල මහත්තයගෙ මූලිකත්වයෙන් යුතු දළදා මාලිගාවේ මාධ්‍ය අංශය. ඒ අය එළියට බහින්නෙ සුභාෂ ලියනගේ කියලා කියන නායකයත් එක්ක. සුභාෂ වැස්සෙ තෙමෙමින් මේ වැඩේ අස්සෙ සීයට සීයක්ම ඇක්ටිව්. වැඩේ ඉවර වෙනකල්ම මහ බරක් උස්සගෙන ඉඳලා පෙරහැර රාජකාරි අහවර කරලා දිය කැපිල්ලෙන් තමයි සුභාෂ ලියනගේලත් නිදහස් වෙන්නෙ.

කුෂාන් ඉද්දමල්ගොඩ, මින්දික තරින්ද, සුපුන් ලක්මාල් පෙරේරා, දර්ෂණ දෙණියගොඩ, කුමාර චතුරංග කියන කණ්ඩායම තමයි පෙරමුණේ රාළලා වෙන්නෙ. මේ අය අතින් තමයි නිෂ්පාදන කාර්යභාරය සම්පූර්ණ වෙන්නෙ. සද්දබද්ද හදලා කරලා, රූප හරියට ගළපලා, දළදා පෙරහැර ඔබේ නිවෙසට අරගෙන එන වැඩේ ඇතුළෙ නොපෙනෙනම රාජකාරියක් වෙන්නෙ මේ අය අතින්. ඉස්සර රාජරාජ මහාමාත්‍යාදීන් හීනෙන්වත් හිතපු නැති දෙයක් පෙරහැර වෙනුවෙන් කරන්න මේ අයට වාසනාව ලැබිලා.

ඒ අතරෙ මාධ්‍ය අංශයෙන් කැමරා ඇහෙන්නෙ ඔබ මේ පෙරහැර දකින්නෙ. ඔබ ඉන්නෙ ආලින්දෙ. කෝපි කෝප්පයක් තොලගගා. සැප පුටුවක ඉඳගෙන. නුවර වැස්සෙ හීතල දැනෙන්නෙ දෑසට. ඔබට ආලින්දයේ උණුහුම තියෙනවා. ඒ වෙනුවෙන් කැමරා උස්සගෙන වෙහෙසෙන පිරිසක් ඉන්නවා. බෑ කියලා දාලා නොයා, අව්වැසි ඉවසගෙන කැමරාවත් එක්ක වැඩිපුරම කාර්යබහුල වෙන කෙනෙක් තමයි චානක.

චානක මදුශංක ඒ වගේම ජනක බණ්ඩාර කියන අය තමයි ප්‍රධාන කැමරා ශිල්පීන් විදියට කටයුතු කරන්නේ. චානකටත්, ජනකටත් පැවරුණු රාජකාරිය නොපිරිහෙළා ඒ දෙන්න ඉටු කරනවා. දළදා මාලිගාවේ මාධ්‍ය අංශයේ හැම කටයුත්තකදීම කැමරාවේ කාර්යභාරය කරන්නේ මේ දෙන්නා. සජීවීව දළදා වහන්සේව පටිගත කිරීම, දළදා වහන්සේ පිළිබඳ පින්තූර ගැනීම සහ වීඩියෝගත කිරීමටත් වැඩිපුරම දායක වෙලා තියෙන ශිල්පීන් දෙන්නෙක් විදියට චානක සහ ජනක හඳුන්වන්න පුළුවන්.

මේ අවුරුද්දෙත් මේ රාජකාරිය නොපිරිහෙළා ඉටුකරමින් චානක මදුශංකත්, ජනක බණ්ඩාරත් කටයුතු කරනවා. ඩ්‍රෝන කැමරාකරණයට මේ වතාවේ ලසින්ත ලක්මාල් සමරවීර එකතු වෙනවා. ඒ වගේම ධනංජය මදුකල්පත් මේ ඩ්‍රෝන අංශයේ කටයුතු කරපු අය. කොහොම නමුත් මේ වතාවේ නම් ලසින්තගේ අතින් තමයි ඩ්‍රෝන කැමරා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ.

පෙරහැර ඔබ නොදුටු කෝනයකින්, උඩ සිට බලන්න ලැබෙන අවස්ථා ඔබට ලබාදෙන්නේ ලසින්ත. රාත්‍රියේ, විශාල කලබලයක් අස්සේ, නොපෙනෙන කළුපාට අහසේ ඩ්‍රෝන කැමරාවක් මෙහෙයවලා, ඒ කැමරාවෙන් ඔබට රූපරාමු අරගෙන එන එක ලේසි වැඩක් නෙවෙයි. මේ සියල්ලම අධ්‍යක්ෂණය කරලා, නිෂ්පාදනය කරලා ඔබට පේන තැන දක්වා රෝහණ අලුත්ගේ, සම්පත් වීරසේකර වගේම ධනංජය මදුකල්පත් වැඩකටයුතු කරනවා.

ධනංජය කියන්නේ දළදා මාලිගාවේ මාධ්‍ය අංශයේ කාලයක් තිස්සේ විවිධ රාජකාරි කරන කෙනෙක්. ධනංජයලව බොහෝ විට පෙරහැර බලන්න එන කෙනකුටවත් පේන්නේ නැති වුණාට ඒගොල්ලෝ තමයි මේකෙ විශාල රාජකාරියක් කරන්නේ. සංස්කරණයෙන් ප්‍රසාද් රාජපතිරණ, ඒ වගේම ඩිජිටල් මාධ්‍ය මෙහෙයවීමෙන් ජනක පණ්ඩුක බණ්ඩාර කටයුතු කරනවා. ජනකලා ඉන්නේ මේ පෙරහැර ලෝකෙට කියන ඩිජිටල් මාධ්‍ය ක්‍රියාන්විතයේ. ජනකලගේ ඩිජිටල් මාධ්‍ය ක්‍රියාන්විතය නිසා තමයි අපේ දළදා මාලිගාව ලෝකයේ දවසින් දවස මොහොතින් මොහොත තව තවත් ප්‍රසිද්ධ වෙන්නේ.

අපි දැක්කා එක තැනක තියෙනවා මේ අවුරුද්දේ මේ කාලේ වෙද්දී ලෝකෙ සංචාරක නැවතුම්වලින් ටජ්මහල පවා පහුකරන්න දළදා මාලිගාවට පුළුවන් වුණා කියලා. ඔබ නොදන්නා කාර්යභාරයක් මේ ජනක පණ්ඩුකලා විසින් සිදුකරන නිසා තමයි මේ ගෞරවය අපට ලැබෙන්නේ. අන්තර්ජාලයට විකාශය කිරීමට දිනුෂ කුමාරසිංහ කටයුතු කරනවා. ප්‍රධාන පාලක මැදිරියේ ඉන්නේ අශාන් බුද්ධික හේරත්.

පරිගණක සජීවීකරණයෙන් කීර්ති රත්නායකත්, ලන්දුල යාමලුත් වැඩ කරනවා. මේ පරිගණක සජීවීකරණය කියන්නෙත් ලේස වැඩක් නෙවෙයි. පෙරහැර කියන්නේ ලංකාවේ තියෙන අතිශය තීරණාත්මක සාම්ප්‍රදායික උරුමයක්. ඒ සාම්ප්‍රදායික උරුමයට නවීනත්වය මුසු කරලා සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් ඩිජිටල්කරණය කරන්න මේ අයට හැකි වෙලා තියෙනවා.

ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම සමීර සඳරුවන්, තාක්ෂණ සහාය කථික ජයසංක විතානගේ, ඒ වගේම චාල්ස් ආනන්ද, නිශාන් මදුශංක වගේ අය මේ වැඩේ ඇතුළේ විවිධ රාජකාරි කරමින්, විවිධාකාරයෙන් උදව් වෙනවා. නිෂ්පාදන සේවා සඳහා ඩිල්ෂාන් සඳකැලුම්, සුදත් ගුණතිලක, සමන් කුමාර හේරත්, සුනේද්‍ර කුමාර, චාමර දෙනුවන්, තිලක් දිල්ශාන් කියන අයගේ නම් විශේෂයෙන්ම සිහිපත් කරන්නටම ඕනේ.

ජිම් ජීබී කැමරාකරණයෙන් සහාය දක්වන තිලක් බණ්ඩාර මාලිගාවේ මොන වැඩේ තිබුණත් වැඩිපුරම කැපවෙලා වැඩ කරන කෙනෙක්. පෙරහැර රාජකාරිවලදී තිලක් බණ්ඩාරට ජිම් ජීබී කැමරාකරණය කියන කතන්දරය විතරක් නෙවෙයි, ඔහුට අවශ්‍ය කරන ඕනෑම දේකට ඕනෑම වෙලාවක මැදිහත් වෙලා ඕනෑම කටයුත්තක් කරලා දෙන්න හැමෝටම උදව් වෙන කෙනෙක්. ඒ නිසා මේ හැමෝගෙම නම්ගම් එක්ක තමයි දළදා මාලිගාවේ පෙරහැර ඔබ වෙතට එන්නේ.

සජීවී විස්තර කථනය සිංහල භාෂාවෙන් ශාස්ත්‍රපති පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද හිමි, ශාස්ත්‍රවේදී පූජ්‍යපාද වටගමුවේ ආනන්ද හිමි, සුමනවීර ගුරුන්නාන්සේ, සුනිස්ල රඹුක්පොත, නිමල් මහවත්ත, ජයනාථ ගුණවර්ධන, තාරක උමංග දිල්ෂාන්, මන්තුස බණ්ඩාර තෙන්නකෝන් කියන අයත් දායක වෙනවා. සජීවී විස්තර කථනය ඉංග්‍රීසි භාෂාවෙන් ගෙන එන්නේ නිලේෂ් දන්දෙණිය, චමෝදා අතුකෝරල, පසස්නා අමරසිංහ කියන අය. දෙමළ භාෂාවෙන් සජීවී විස්තර කථනය ගෙන එමින් අරුණි ආරුමුගම් සහ කජානි ශිවරාජ් කියන අයත් දායක වෙනවා.

මෙන්න මේ වීරයෝ ටික නිසා තමයි ඔබට පුළුවන් වෙලා තියෙන්නේ ගෙදර ඉඳන් නිදහසේ පෙරහැර නරඹන්න. අන්තර්ජාලය ඔස්සේ පෙරහැර නරඹන්න. ලෝකෙට පෙරහැරේ කතාව කියන්න මේ අය නොහිටියා නම් කවදාවත්ම පෙරහැරේ කතාව මේ තරම් සජීවීව, මේ තරම් ස්වභාවිකව, මේ තරම් ගැළපෙන විදියට ලෝකෙට යන්නේ නෑ. ඒ නිසා පෙරහැර බලන්න යන ඔබ හැමෝගෙම ගෞරවය මේ අයට ලැබෙන්න ඕනේ වගේම, ගෙදර ඉඳන් පෙරහැර නරඹන හැමෝම මෙන්න මේ අයට ණයගැති බව සිහියේ තියාගන්න.

කොච්චර වැස්සත්, කොච්චර රාත්‍රිය උදා වුණත්, මොන කලබලයක් සිද්ධ වුණත් ඔවුන් පෙරහැර සජීවීකරණය කරන එක නවත්වන්නේ නෑ. ඒ නිසා ඒ අයට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව තව තවත් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දළදා මාලිගාවේ පෙරහැර මාධ්‍ය අංශයට, මාධ්‍යකරුවන් විදියට ‘මව්රට’ අපේ උත්තමාචාරය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලෝක ඉතිහාසයේ දරුණුම සුනාමිය 2023 වසරේ I Sri Lanka Latest News

Next Post

ආන්දෝලනයට ලක්වූ කුමාර ධර්මසේනගේ තවත් ඡායාරූප පෙළක් එළියට එයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

Load More
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

ලුණුගල ප්‍රදේශයට ඉන්ධන පිරවුම්හලක් ලබාදෙන ලෙ ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව අද (27) උද්ඝෝෂණයක නිරත වුණා. Sri Lanka Latest News

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.