• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවේ සුන්දරම ගම් හය I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව කියලා කියන්නේ සොබා සෞන්දර්යය පිරුණු රටක්. දියඇලි, වනාන්තර, කඳු, වන සතුන් ආදී මෙකී නොකී ස්වභාවික සම්පත් අපේ රටට සංචාරක ආකර්ෂණය දිනාගන්න පුදුමාකාර විදියට උදව් කරනවා. ඒ වගේම එකිනෙකට වෙනස් විවිධ කාලගුණ තත්ත්වයන් සහිත ප්‍රදේශවලටත් පැය කිහිපයක් ඇතුළත ළඟාවෙන්න හැකි වීමත් අපේ රටේ තියෙන තවත් සුවිශේෂත්වයක්. මේ කියන්න යන්නේ අපේ රටේ තියෙන සුන්දරත්වයෙන් පිරුණු ගම්මාන පහක් ගැනයි. කියවලා බලන්න, මේ ගම්මාන ගැන සමහර විට ඔබ මීට පෙර අසා නැතුවා වෙන්නටත් පුළුවන්.(Sri Lanka Latest News)

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පැතිරෙන නකල්ස් හෙවත් දුම්බර ලෝක උරුම වනාන්තරය තුළ තැන තැන පිහිටි හුදෙකලා ගම්මාන ගණනාවක් හමුවෙනවා. මේ වනාන්තරයේ විශාලත්වය හෙක්ටයාර 21,000ක්. ලෝකය කෙතරම් නවීකරණය වුණත් මේ ගම්මානවලට තවමත් නාගරික විච්චූරණ සංස්කෘතිය ඇතුළු වෙලා නෑ. මේ ගම්මුන්ගේ ජීවිත සරලයි. ඔවුන් ස්වයංපෝෂිතයි. වාහන ගමන් කළ හැකි මාර්ග මෙන්ම, විදුලි බලය නොමැති වීමත් ඊට ප්‍රධානම හේතුවක්. ඔවුන් තමන්ට අවශ්‍ය බඩුබාහිරාදිය ලබාගැනීමට නගරයට යන්නේ බොහෝ විට සතියකට වරක් පමණයි.

ඒ පාගමනින්. එලෙස පයින් ගොස් බඩු මලු කරේ තබාගෙන එනවා. නිල සංඛ්‍යාලේඛනවලට අනුව නකල්ස් වනාත්තරය තුළ පවතින ගම්මාන ගණන 86ක්. කුඩා ගම්මාන ලෙස ප්‍රකට වල්පොල මුල්ල ගමද ජනප්‍රිය මීමුරේ ගමද අයත් වන්නේ මේ ගම්මාන අතරටයි. නමුත් මීමුරේ ගම දැන් සංචාරක කර්මාන්තය නිසා නවීකරණය වෙලා. ඊට අමතරව රණමුරේ, කයිකාවල, ගලමුදුන, උඩුගල්දෙබොක්ක, කළුගල, දෙහිගොල්ල, රඹුක්ඔළුව, ඉමාමඩුව ආදී මිනිස් වාසය අඩු හුදෙකලා ගම්මාන ගණනාවක් මෙහි සඟවී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ගැන මේ ලිපියෙන් අපි සොයාබලමු.

ගලමුදුන ගම්මානය

Sri Lanka Latest News

අපි මුලින්ම උඩුගල්දෙබොක්කට ගිහින් ගලමුදුනට යන හැටි බලමු. ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. එය මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අතිදුෂ්කර ගම්මානයක්. මේ නිසාම සංචාරකයන්ගෙන් මේ ගම බේරිලයි තියෙන්නේ. ගලමුදුන තියෙන්නේ නුවර මහියංගනය පාරේ හුන්නස්ගිරියෙන් උඩුදුම්බර පැත්තට වෙන්න. මහියංගනය – හසලක පාරෙන් මේ ගමට යන්නත් පුළුවන්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතැනින් උඩුගල්දෙබොක්ක කියන කඳුකර ගමට යන්න ඕනේ. එතැනිනුත් තවත් කිලෝමීටර් 3ක් විතර පයින් ගියාම තමයි ගලමුදුන ගම මුණගැහෙන්නේ.

මේ ගමට අලි ඇතුන් ගැවසෙන වනාත්තරය හරහා ඇළ දොළ පසුකරමින් යායුතු වෙනවා. ගමට නොදුරින් යහන්ගල පර්වතය පිහිටා තිබෙනවා. මේ ගමනේ මුලින්ම හමුවන්නේ උඩුගල්දෙබොක්ක කියන ගම්මානයයි. එහි සිට තවත් කඳු තරණය කිරීමෙන් ගලමුදුන ගමට ළඟාවෙන්න පුළුවන්. මෙහි ගැමියන් කිතුල් රා නිපදවීම, හකුරු තැනීම, භෝග වගාව, එනසාල් වගාවත් කරනවා. පෙර දවසේ ගලමුදුන ගම්මානය උඩරට රාජධානියේ ආරක්ෂක කටයුතුවලටද ප්‍රයෝජනයට ගත් ඓතිහාසික ගම්මානයක් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මෙම ගම්මානයට ප්‍රවාහන පහසුකම් කෙසේ වෙතත් හරි හැටි මාර්ග පහසුකමක්වත් නොමැති වීම නිසා ගම්මුන් සිටින්නේ දැඩි දුෂ්කරතාවට මුහුණ දෙමිනුයි.

ගලමුදුන ගම්වාසීන් තම අවශ්‍යතා සඳහා විල්ගම්මුල්ල, කොලොන්නාගොඩ, හසලක, හඳුන්ගමුව වැනි ආසන්න නගර කරා යායුතු වන්නේ වනාන්තරය මැදින් අඩිපාරවල් ඔස්සේ පැමිණ, හීන් හඟ හරහා පාගමනින් එගොඩ වීමෙන්. ගඟේ ජලය වැඩි කාලවලදී ගඟ හරහා යෑම සිහිනයක් පමණයි. පසුගිය සමයේ මේ ගඟ හරහා පාලමක් ඉදිකළත්, පැවැති මහා වර්ෂාව හේතුවෙන් ඒ පාලම විනාශ වී ගියා.

කෘෂි භෝගවලින් සරුසාර ගලමුදුන ගමේ ජීවන රටාව ටිකක් දුෂ්කර වුණත් මිනිස්සු නම් ජීවත් වෙන්නේ හරිම සතුටින්. කුඹුරු, එළවළු භෝග ආදියෙන් ඔවුන්ට සැලකිය යුතු ආදායමක් ඔවුන් ලබාගන්නවා. ගංගා ඇළදොළවලින් වටවුණු මේ ගම අවට ලෝකයෙන් වෙන්වුණු අපූරු කෙම් බිමක් වගේ. කුඹුරු යායට එපිටින් පෙනෙන ලකේගල, ඊට ඔබ්බෙන් පෙනෙන යහන්ගල සහ ඊටත් ඈතින් පෙනෙන එළඹුගල, කුවේණිගල, තුන්හිස්ගල වගේ කඳු, ගලමුදුන ගම ලස්සන කරන බව කියන්නත් දෙයක්ද?

උඩුගල්දෙබොක්ක ගම්මානය

Sri Lanka Latest News

ගලමුදුනින් පහළ පිහිටි මේ ගමට ග්‍රාමසේවා වසමක්ද තියෙනවා. ගමේ පවුල් 40ක් පමණ ඉන්නවා. බඩුමුට්ටුවක්වත් ගන්න කැලේ කන්දෙන් බැහැලා කිලෝමීටර් හයහමාරක් පයින් කොලොන්ගොඩ පොළටම යන්න ඕනේ. මාස ගානක් තිස්සේ හදපු පැණි හකුරු භවබෝග එකතු කරගෙන ගැමියන් පොළට යන්න පිටත් වෙනවා.

ගමේ හැමෝම එකතුවෙලා උදේ 6.30ට විතර තමයි පහළට බහින්නේ. නැවත එනකොට රෑ බෝවෙනවා. අලින්ට බයේ කවුරුවත් තනිවම නම් යන්නේ නෑ. ගේන බඩු මදි වුණොත් දුම් මැස්සේ තියෙන කුරහන්වලින් තලප හදාගෙන කාලා ජීවත් වෙනවා. ජයට මඟුලක් කෑම මේ අයට නුහුරුයි. බොහෝ මඟුල් කෙරෙන්නේ දීග යන කල වයසට නෙවෙයි. බාල වියේදී විවාහ වීම මේ ප්‍රදේශයේ සුලබයි. බොහෝ විට විවාහ සිදුවන්නේ ගමේ පවුල් කිහිපයක් අතර විතරයි.

ගමේ ප්‍රාථමික පාසලකුත් පිහිටා තිබෙනවා. මේ දවස්වල මොරගහකන්ද වනය ජලාශයක් වී ඇති නිසා ලග්ගල පැත්තේ අලි රංචු දවල්ට මේ ගම්මාන හරහා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමගයි මේ ගම්වාසීන් ජීවත් වෙන්නේ.

දන්දෙණිකුඹුර ගම්මානය

Sri Lanka Latest News

එක් මිනිසෙක් පමණක් වාසය කරන දන්දෙණිකුඹුර ගම්මානය ජීවත් වෙන්න කිසිදු පහසුකමක් නැති නිසා මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදෙකලා ගමක් බවට පත්වෙලා. මීමුරේ, ගලමුදුන, හෙට්ටිපොල, සුළුගුණේ, ගොඩඋල්පත යන ගම්මානවලින් වටවෙලා තියෙන දන්දෙණිකුඹුර ගම්මානයයි ඒ. මේ ගමට සුළුගුණේ සිට කඳු හරහා පැය තුනකට ආසන්න කාලයක් පයින්ම ගමන් කළ යුතු වෙනවා. මීමුරේ ග්‍රාමනිලධාරී කොට්ඨාසයට අයත් අතිදුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර ගම්මානය අද වන විට එක් පුද්ගලයෙක් පමණක් ජීවත් වන ගමක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත් වීමට ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසාවෙන්.

අද එහි ජීවත් වන්නේ හීන්බණ්ඩා වෙදමහත්මා පමණයි. ඔහුගේ ඥාතීන් පවා සිටින්නේ මීමුරේ ගමේ. මීමුරේ ගමට දුර කිලෝමීටර් 8යි. අදින් වසර 15කට පෙර පවුල් 30ක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති දුෂ්කර බව නිසා ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වෙලා තියෙනවා. ප්‍රවාහන පහසුකම් නොමැති වීම දන්දෙණිකුඹුර ගම්මානයේ ඇති ප්‍රධානතම ගැටලුවක්.

ලකේගල සහ නාරංගමුව ගම්මාන

Sri Lanka Latest News

ලග්ගල පල්ලේගම සිට මෙම ගම්මාන වෙත ගමන් කළ යුතු වෙනවා. මේවා ලග්ගල මැතිවරණ කොට්ඨාසයට අයත් වෙනවා. පල්ලේගම සිට නාරංගමුවට දුර කිලෝමීටර් 13ක්. බස් රථයකින් වුවද ළඟාවෙන්න පුළුවන්. මාර්ගය දුෂ්කරයි. ලග්ගල සිට රණමුරේ පසුකරමින් නාරංගමුවට පැමිණෙන්න පුළුවන්.

රණමුරේ සිට මීමුරේට අඩිපාරක් වැටී ඇත්තේ සුප්‍රකට ලකේගල කන්ද අසලින්. එම පර්වතය ආසන්නයේ ලකේගල සහ නාරංගමුව ලෙස ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් තියෙනවා. නාරංගමුවේ සිට අඩි පාරක් ඔස්සේ ලකේගලට යාහැකියි. මේ ගැමියන් හේන් වගාව, කුඹුරු ගොවිතැන මෙන්ම එනසාල් වගාවේද නිරත වෙනවා.

ඇටන්වල ගම්මානය

Sri Lanka Latest News

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල කුඩුසියපත්තුවේ පිහිටි ඇටන්වල ගම්මානය රිවස්ටන්, පිටවල, ඉලුක්කුඹුර හරහා පැමිණිය යුතුය. ඉලුක්කුඹුරේ සිට රතන්දෙණිය දක්වා තනි දොරේ ලංගම බස් රථයක් ඉඳ හිට ගමන් කරනවා. මේ පාරේ ලොකු වාහන ගමන් කිරීමට බැහැ. රත්තින්න සිට තවත් කිලෝමීටර් 4ක් පමණ අඩි පාරක් ඔස්සේ ගමන් කළ යුතු වෙනවා.

තෙල්ගමුව ඔයෙන් එගොඩ වීමෙන් පසුව ඇටන්වල ගම මුණගැහෙනවා. පසුගියදා සංචාරකයන් හය දෙනෙක් මේ ගම අසලින් ගලායන තෙල්ගමුව ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය සිද්ධිය ඔබට මතක ඇති. හෙල්මළු කුඹුරු වගාව, එළවළු වගාව, කිරි හරක් ඇතිකිරීම, කිතුල් මැදීම ජීවනෝපාය කරගත් මේ ගමට පිටුපසින් මානිගල කන්ද ඇදී යනවා. මේ ගමේ ජනතාව බුලත් වෙනුවට තලා කොළ හැපීමට පුරුදුව සිටිනවා. ඔවුන් ගලේ බණ්ඩාර දෙවියන් අදහනවා. ඉතා සුන්දර ගම්මානයක් වන මෙහි කුඹුරු වැපිරීමේදී වගේම අස්වනු කපා ලබන පළමු අස්වැන්න පුදදෙන්නේ ගලේ බණ්ඩාර දෙවියන්ගේ නමටයි.

වල්පොලමුල්ල ගම්මානය

Sri Lanka Latest News

ඇටන්වල ගම්මානය පසුකරමින් වනාන්තරය ඔස්සේ දිවෙන අඩි පාර ඔස්සේ කිලෝමීටර් 4ක් පමණ කඳු තරණය කිරීමෙන් වල්පොලමුල්ල නම් සොඳුරු පාරම්පරික ගම්පියසට ළඟාවිය හැකියි. එය වන මැද කඳු අතර පිහිටි සානුවකින් නිර්මාණය වූ ගම්මානයක්. ආසන්නම වෙළෙඳසලට ඇති දුර කිලෝමීටර් 8ක් විතර වෙනවා.

ලංකාවේ කුඩාම ගම්මානය තමයි ඇටන්වල ගම්මානය. මෙහි අද වන විට ඇත්තේ එක නිවෙසක් පමණයි. කඳු සහ දියඇලි වටකරගත් ඉතා සුන්දර ප්‍රදේශයක් වුණත් ගමේ දුෂ්කරතාව ඉතා ඉහළයි. ගමේ පුංචි කුඹුරු යායකුත් තිබෙනවා. හේන් වගාව මෙන්ම කිතුල් මැදීමත් ගමේ සිදුවුණත් අද වන විට ගම පාළුවට ගිහින්. ගම්වැසියන් වෙනත් ගම්මානවල පදිංචියට ගිහින්. ඊට ප්‍රධාන හේතුව වන අලි ගැටලුව බවයි පැවසෙන්නේ.

Ada Dawasa යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ලයිට් බිල වැඩි කිරීමට එරෙහිව ඊයෙ රෑ පන්දම් අරන් පාරට බැස්ස ජපුර සිසුන්ට පොලිසිය වතුරයි කඳුලු ගෑසුයි ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔය චණ්ඩි ටෝක් දෙන්නේ නැතිව පුළුවන් නම් අයවැය පරද්දලා එළියට එන්නකෝ.! ලන්සා නාමල්ටයි සාගරටයි ප්‍රසිද්ධ අභියෝගයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.