• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරි මුහුද කලඹමින් මහනුවරට ගැලූ දළදා වතුර ගැන රන් එතනා මිත්තණිය හෙළි කළ ඇස් උඩ යන කතාව I Sri Lanka Latest News

October 13, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නියං කාලෙක වුණත් නුවර පෙරහැර පටන් ගත්තම ලංකාවටම මහ වැහි වහිනවා පුතේ මේවා තමයි ඇත්තම හාස්කම්…

අද අපේ ලිපියට පදනම වෙන්නේ 1921 අගෝස්තු 12 වැනිදා මහනුවර නගරයම මහ වැවක් කරපු දළදා වැස්ස. එහෙම නැත්නම් දළදා වතුර ගැන. 1921 කාලපරිච්ඡේදය තුළ අප රටේ පාලනය කළේ ඉංග්‍රීසි ජාතිකයන්.(Sri Lanka Latest News)

එවක මහනුවර ආණ්ඩුකාරවරයා වුණේ චාමස් මහතා. ඔහු ජීවත් වුණේ දළදා මාලිගාව ඉදිරියේ පිහිටා තියෙන ක්වීන්ස් හෝටලයේ උඩුමහලේ. එදා හරියටම වෙසක් පොහෝ දිනයක්. බෞද්ධ ජනතාව එක දිගට දළදා වහන්සේ වඳින්න යන දර්ශනය චාමස්, ක්වීන්ස් හෝටලයේ උඩු මහලේ ඉඳලා බලාගෙන ඉඳලා තියෙනවා. බෞද්ධයන් තුළ ශ්‍රී දළදා වහන්සේ තුළ විශාල භක්තියක් සහ ගෞරවයක් තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වශයෙන් ඔහුට තිබුණේ ඉවසා දරාගත නොහැකි තරමේ දැඩි කෝපයක්.

මෙතරම් ජනකායක් දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට යනවා කියන වෛරී සිතුවිල්ලෙන් සිටි ඔහු වහාම කම්මල්කරුවකුට කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස නියෝග කළා. කිසි කෙනකුට හිතාගන්න බැරි වුණා ආණ්ඩුකාරවරයා මේ කරන්න යන්නේ මොකක්ද කියලා. කම්මල්කරු කිණිහිරක් සහ කුළුගෙඩියක් රැගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්ඩාර උයනට රැගෙන එන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කළා. කිණිහිර, කුළුගෙඩිය සමගින් කම්මල්කරු මද්දුමබණ්ඩාර උයනේ එක් තැනක රඳවා, මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිර මත තැබීමට ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා.

සිදුවෙන්නට යන දේ ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගන්නට ගිය ජනතාව කඳුළු සලමින් ඒ සිදුවීම දෙස බලාගෙන සිටියා. ඉන් අනතුරුව චාමස් ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ කිණිහිර මත තබා කළුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස කම්මල්කරුට නියෝග කළා. ඒ කාලයේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය රාජ නියෝගයටත් වඩා ලොකුයි. ඒ නිසා බයටම කම්මල්කරු විසින් දළදා හිමියන් කිණිහිර මත තබා කුළුගෙඩියෙන් එයට වැරෙන් පහරක් එල්ල කරනවා. කුළුගෙඩිය දන්ත ධාතුන්වහන්සේ සමීපයට ළං වන විට ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ එක් වරම අතුරුදන් වෙලා තියෙනවා.

ඒ සිදුවීම දැකපු ජනතාව හඬනගා සාධුකාර දෙන්න පටන් ගත්තට පස්සේ ආණ්ඩුකාරවරයා දැඩි ලෙස කෝපයට පත්ව කම්මල්කරු වෙතට පැමිණ තියෙනවා. එලෙස පැමිණි ආණ්ඩුකාරවරයා කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලා, ‘කෝ තොපේ බුද්ධා හොයාපිය, ඉක්මනට හොයාපිය, නැත්නම් තොටත් මරණය’ යනුවෙන් මහ හඬින් කෑගසා තිබෙනවා. අනතුරුව ආණ්ඩුකාරවරයාද ඔහුගේ නිලධාරීන් සමග දන්ත ධාතුන්වහන්සේ සොයන්නට පටන්ගෙන තියෙනවා. නමුත් දන්ත ධාතුන්වහන්සේ සොයාගන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් දන්ත ධාතුන්වහන්සේ කුඩු වී ඇද්දැයි සැක හැර දැනගැනීමට කිණිහිර අතගා බැලුවත් එහි එවැනි කිසිදු සලකුණක් තිබී නැහැ. ඒ නිසාම නැවත වරක් අධික කෝපයෙන් ‘කෝ තොපේ බුද්ධා හොයාපියව්, නැත්නම් තොපි ඔක්කොම මරනවා’ යනුවෙන් ආණ්ඩුකාරවරයා තර්ජනය කර තියෙනවා. ඒ සිදුවීම සිදුවී වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. මහනුවර මොර සූරන වැස්සක් ඇදහැලෙන්නට පටන්ගත් අතර, දොඹ ගෙඩි තරම් වැහි පොද හිටි හැටියේම කඩාවැටුණා. එක වරම ඇදහැලුණු මේ වැස්ස ගැන කාටවත් හිතාගන්නට බැරිවුණා.

වැස්ස නවතීවි කියා බලාපොරොත්තුවෙන් ටික වෙලාවක් බලාගෙන සිටියත් වැස්ස නැවතුණේම නැහැ. ඊට පසුව ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ සහචරයන් තෙමි තෙමීම ක්වීන්ස් හෝටලයට දිවගියා. පැයක් දෙකක් ගතවුණත් ඒ වර්ෂාව නතර වුණේ නෑ. රැස්ව සිටි බෞද්ධයන්ද වැස්සට තෙමෙමින්ම යාබද කඩපිල්වලට යන්නට වුණා. වැස්ස නොනැවතීම දිගටම පැවැතුණා. එදා දවසක් පමණක් නොව, දින දෙකක් පුරා අඛණ්ඩව එම වර්ෂාව පැවතී තිබෙනවා. දින ගණනාවක් එකම විදියට මුළු මහනුවරටම මහ වැස්ස පැවැතුණා. මහනුවරම වැවක් වගේ පිරිලා ඉතිරිලා යන්න පටන් අරගෙන. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඉදිකරන ලද නුවර බැම්මත් පුපුරා කඩාගෙන යන්න ඔන්න මෙන්න තරමට තමයි තිබිලා තියෙන්නේ.

නොනවතින වැස්ස නිසා සිදුවෙන්න යන විනාශය ගැන ඇසූ සැණින් ආණ්ඩුකාරවරයා කලබල වුණා. එහේ මෙහේ දුවන්නට පටන්ගත්තා. හැබැයි ඔහුට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ. වැව උතුරා ගියොත් ක්වීන්ස් හෝටලයේ කෑලිවත් හොයාගන්නට බෑ කියලා ආණ්ඩුකාරවරයා හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසාම ඔහු සිය සහචරයන් කැඳවා, ‘මේ දැන් ගිහින් කියාපියව් අහල පහළ ඉන්න බෞද්ධයන් යැයි කියන උන්ට මාව හම්බවෙන්න’ යනුවෙන් කෑගසා තිබෙනවා. ටික වෙලාවකින් වැස්සේ තෙමීගෙන ගිහින් පණිවුඩය කියූ සැණින් ප්‍රදේශයේ සිටි බෞද්ධයන් රැසක් ආණ්ඩුකාරවරයා මුණගැහෙන්නට ආවා.

අනතුරුව, ‘දැන්ම පලයව්, තොපේ බුද්ධා හොයාගන්නෙ නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මරලා දානවා. දැන් පලයව්’ යනුවෙන් ආණ්ඩුකාරවරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණකළා. ඒ නාකපන වැස්සේ තෙමි තෙමී මහා ජන ගඟක් ශ්‍රී දළදා මැඳුර අවට හා මද්දුමබණ්ඩාර උයනේ තණකොල ගහක් නෑර ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ සෙවීම් කටයුතු සිදුකළ අතර, එහි සිටි බෞද්ධයන් දෙතුන් දෙනෙක් ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි කුටියට බියෙන් ඇතුළුවී උන්වහන්සේ වැඩසිටි තැන විපරම් කර බැලුවා. අනතුරුව කිසිදු ආපදාවක් නැතුව ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ඒ වැඩසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩසිටින බව ඔවුන්ට සියැසින්ම දැකගන්නට ලැබෙනවා.

‘සම්බුදු පියාණෙනි, අපිට අනුකම්පා කළ මැනැවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිස්සු කන්න බොන්න නැතුව කුසගින්දරේ දැවෙනවා. අපට අනුකම්පා කොට සහනයක් ලබාදෙනු මැනවි. වරද කළේ සුද්දා වුණාට, අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනැවි….’ යනුවෙන් ඔවුන් දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්සෙන් පිටිපස්සට පැමිණ දළදා මැඳුරෙන් එළියට බැස්සා. බෞද්ධයන්ගේ කන්නලව්වෙන් පස්සේ වැස්ස මුළුමනින්ම නැවතුණු අතර, අදාළ පිරිස එසැණින් අණ්ඩුකාරවරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩසිටින බව දැනුම් දුන්නා.

ආණ්ඩුකාරවරයාට ඒ සිදුවීමෙන් පසු මේ රට එපාවී මාරුවක් ලබාගෙන සිය මවු රටට පිටත්ව ගොස් තිබෙනවා. දළදා වහන්සේ සෙලවූවොත්, පිටතට වැඩමවූවොත්, එසවූවොත් වර්ෂාව ඇතිවෙනවාය යන මතය අදත් බෞද්ධ සමාජය තුළ කිඳාබැස ඇත්තේ මේ සිදුවීම නිසයි.

මේ පුවත පිළිබඳ රටට හෙළි කළ, පරලෝසැපත් රන් එතනා මිත්තණියට බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා. මේ දිනවලත් ශ්‍රී දළදා පෙරහැර සහ වැස්ස ගැන බොහෝ අය විවිධ මත පළකරනවා. කොහොම නමුත් කොච්චර පායන කාලෙක වුණත් මහනුවර ශ්‍රී දළදා පෙරහැරට මුළු නුවරම හේදෙන්න වහිනවා. අතීතයේ පටන්ම එසේ සිදුව ඇති බව කියන්න හොඳම උදාහරණය තමයි මේ.

Amuthu යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ප්‍රශ්න කතා කරන්න රනිල් හම්බවෙන්න ගිය රජයේ වෛද්‍යවරු යෝජනා 8ක් දීලා! වෙච්ච දේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ජයික් හිල්ටන් හෝටලයේ ආර්ථික අභියෝග ජයගැනීම ගැන වැඩමුලුවක්! සංවිධානය වෘත්තීයවේදීන්ගේ ජාතික කවුන්සිලයෙන්! සජිත්ගෙන් විශේෂ දේශනයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.