• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනො පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා… මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා… තතෝ නං සුඛමන්චේති – ඡායා ව අනපායිනී… හැමතැනම හොරකම් කරද්දී බැංකුවක් ළඟ හිටපු හිඟන්නා රටටම දීපු ආදර්ශය I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එතන 5000 මිටි 3ක් තිබ්බා මහත්තයෝ…

අපි ජීවත් වෙන සමාජය වර්තමානය වන විට මුදල් මතම යැපෙන තත්ත්වයට පත්වෙලා. හැම දේම මුදලට සීමා වෙලා. සල්ලි තිබුණොත් තමයි කෙනෙක්ට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. ගුණ යහපත්කම්වලට ලැබෙන ගෞරවය අද සමාජයෙන් ගිලිහිලා ගිහින්. මුදල් බලය නැති කෙනෙක්ට කිසිම පිළිගැනීමක් නැති තරම්. අද අපි ඔබට කියන කතාවත් එවැනි එකක්.(Sri Lanka Latest News)

මේ සිදුවීම සිදුවෙලා තිබුණේ කළුතර නගරයේ පිහිටි සුප්‍රසිද්ධ බැංකුවක් අසලයි. එදා සඳුදා දවසක්. සඳුදා කියන්නේ සතියේ දවස්වලින් කාර්ය බහුලම දිනයක්. මේ බැංකුව ළඟ සිඟමන් යදින්න වයෝවෘද්ධ පුද්ගලයෙක් පැමිණියා. ගමන් මල්ලත් උස්සගෙන ආපු ඔහු බැංකුව අසල බිමට රෙදි කැබැල්ලක් එලාගෙන වාඩිවෙලා රබාන වයමින් සිඟමන් යදින්න පටන්ගත්තා. මේ වයෝවෘද්ධ පුද්ගලයා දින ගණනාවකින් ස්නානය කර තිබුණේ නැහැ. ඒ නිසාම ඔහුගෙන් දැඩි දුගඳක් හමන බව බැංකුවේ සේවය කළ සියලු දෙනාම පවා දැනගෙන සිටියා. ඒ දුගඳ නිසාම කවුරුවත් මේ යාචකයාට මුදල් දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. මුදල් නොදී සිටියොත් ඔහු එතැනින් වෙනත් තැනකට යාවි යැයි ඔවුන් සිතුවා.

එද දහවල් 12ට පමණ යාචකයා අසලට පැමිණි එක්තරා කාන්තාවක් ඔහුට බත් පාර්සලයක් ලබාදුන්නා. ඒ, ඔහුව දැකීමෙන් ඇගේ හිත උණුවීම නිසයි. යාචකයා එම බත්පත ආහාරයට ගෙන නැවතත් සිඟමන් යැදීමට පටන්ගත්තා. පැයක් පමණ ගතවෙද්දී ඔහු අසල ත්‍රිරෝද රථයක් නතර කළ අතර, එයින් බැසගත් පුද්ගලයෙක් බැංකුව තුළට ගියා. මඳ වේලාවකින් යළි පැමිණි ඔහු ත්‍රිරෝද රථයට ගොඩවුණා. ඒත් සමගම ඔහු බැංකුවෙන් රැගෙන පැමිණි මුදල් නෝට්ටු ඇතුළත් පාර්සලය එක්වරම බිමට ඇදවැටුණා.

ඒ බව නොදුටු එම පුද්ගලයා ත්‍රිරෝද රථයේ නැගී එම ස්ථානයෙන් පිටව ගියා. කෙසේ වෙතත් මෙම මුදල් පාර්සලය බිම වැටෙන අයුරු එහි සිඟමන් යදිමින් සිටි පුද්ගලයා දුටුවා. ඔහු කෑගසමින් ත්‍රිරෝද රථයේ ගිය පුද්ගලයාට කතා කළද ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුණා. ඉන් පසු ඔහු උත්සාහ කළේ බැංකුව තුළට ගිහින් මේ සිදුවීම ගැන පැවැසීමටයි. ඒ අනුව ඔහු ඉතා අපහසුවෙන් බැංකුව ඇතුළට යෑමට උත්සාහ කළා. නමුත් ඔහු නොසිතූ ලෙස බැංකුවේ ආරක්ෂකයන් ඔහුට බැණවදිමින් ඔහුගේ ගමන වැළැක්වූවා.

‘කොහේද නාකියෝ යන්නේ? ඇතුළ ගඳගස්සන්නද හදන්නේ? යනවා යන්න…’ කියමින් බැංකුවේ ආරක්ෂකයන් ඔහුව එලවාගත්තා.

‘මට මැනේජර් මහත්තයා හම්බවෙන්න ඕනේ…’ යනුවෙන් යාචකයා කිහිප වරක් පවසද්දී බැංකුවේ කළමනාකරුට මේ බව දැනගන්නට ලැබුණා. ඒ අනුව වහාම එහි පැමිණි ඔහු යාචකයාට සවන් දුන්නා. යාචකයා කී දේ ඇසූ කළමනාකරු තුළ ඇතිවුණේ මහත් විමතියක්.

‘මහත්තයෝ මම අවුරුදු ගානක් තිස්සේ හිඟමනේ යෙදෙන්නේ මෙතන. මෙතන මම හම්බකරන් කන තැන. මම කැමැති නැහැ කාටවත් වංචා කරන්න. මම මේක කියන්න බැංකුව ඇතුළට එන්න හදද්දී අර සිකුරුට්ටා මාව බැණලා එලවගත්තා. මහත්තයෝ මම හිඟමනේ යෙදෙන තැනට රතු පාට ත්‍රීවීල් එකක් ආවා. ඒකේ හිටියේ රියැදුරා විතරයි. එයා ඒක නවත්තලා බැංකුවට ගියා. ගිහින් මල්ලකුත් අරන් ආවා. එයා ත්‍රීවීල් එකට ඇවිත් මල්ල පිටිපස්සෙන් සීට් එකේ තිබුණු බෑග් එකට දැම්මා.

එතකොටම කෝල් එකක් ආවා. ඊට පස්සේ ෆෝන් එක කනේ ගහගෙන ත්‍රීවීල් එක ඉස්සරහට ගියා. එතකොට ඒ උරය බිමට වැටුණා. මම ඒක අරගෙන ඇරලා බැලුවා. මට ඇස් අදහා ගන්න බැරි වුණා. ඒක ඇතුළේ තිබුණේ රුපියල් 5000 මිටි 3ක්. මහත්තයෝ මම හිඟා කනවා තමයි. ඒත් කවදාවත් අනුන්ගේ දේවල් හොරාකන්නේ නැහැ. ඒකයි මම ඒ සල්ලි මල්ල අරන් බැංකුව ඇතුළට ඇවිත් ඒක මැනේජර් මහත්තයා අතටම දෙන්න හැදුවේ…’ යාචකයා සම්පූර්ණ සිදුවීම කළමනාකරුට පවසා සිටියා.

යාචකයාගේ කතාව අසාගෙන සිටි බැංකුවේ කළමනාකරුගේ දෑස් කඳුළින් තෙත්වුණා.

‘ඔයා වගේ අවංක යාචකයෙක් මම කවදාවත් දැකලා නැහැ. සීයේ ඔයාට ගොඩක් ස්තුතියි මේ කරපු දේට….’ කළමනාකරු යාචකයාට නොසෑහෙන්න ස්තුති කළා. ඒ වගේම යාචකයාට සවන් නොදී ඔහුට බැණවැදීම ගැන බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ටද කරුණු පැහැදිලි කිරීමට කළමනාකරු කටයුතු කළා. තවද, බැංකුවේ සියලු සේවකයන්ට මෙම යාචකයා සිදුකළ උතුම් ක්‍රියාව ගැන පවසා ඔහුව අගය කිරීමටත් කළමනාකරු අමතක කළේ නැහැ.

මේ අසරණ යාචක සීයා සමාජයට පෙන්වා දුන්නේ වංචාකාරයෙක් වෙලා ලෝකයෙන් අවමන් ලබනවාට වඩා, අවංකව හදවතට එකඟව ජීවත් වීමේ වටිනාකමයි.

බුදුන් වහන්සේ දේශනා කළේ හිත හැම ක්‍රියාවකටම මුල්වෙන බවයි. යහපත් චේතනාවෙන් කටයුතු කරන කෙනා කරා සතුට හඹාගෙන එන බවත් උන්වහන්සේ ධම්ම පදයේ මේ ගාථාවෙන් දේශනා කර තිබෙනවා.

‘මනො පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්චේති – ඡායා ව අනපායිනී’

හැම දේකටම මුල් වන්නේ සිතම තමයි. අපි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නෙත්, වසළයකු බවට පත්වෙන්නෙත් සිත නිසාමයි. යම් හොඳ දෙයක් කළොත්, කිව්වොත් ඒකෙන් ලැබෙන සැප විපාකය ඔහුගේ පස්සෙන්ම එනවා. හරියට කියනවා නම් තමන් අත්නොහරින සෙවනැල්ලක් වගෙයි. යමෙක් නරක සිතින් යමක් කළොත් ලැබෙන නරක ප්‍රතිඵලය ගොනා පසුපස ගමන් කරන කරත්තයක් වගේ ඔහු පසුපසුම පැමිණෙනවා. මේ යාචක සීයා කළේ ඉතාම යහපත් දෙයක්. අපි මනුෂ්‍යයන් බවට පත්වෙලා තියෙන්නේ මනසින් උසස් නිසයි. මානුෂික ධර්ම උසස් නිසයි. මනුස්සයෙක් වෙන්නේ ධර්මානුකූලව කටයුතු කිරීමෙනුයි.

ඒ වගේම කිසිම කෙනෙකුගේ මතුපිට පෙනුමට නිගා කරන්න හොඳ නැහැ. මේ සීයාට හැම කෙනෙක්ම නිගා කළා. අවමන් කළා. නමුත් ඔහුගේ හදවතේ පිරිසිදු බව ඉහත සිදුවීමෙන් හෙළිවීමත් එක්ක හැමෝම ඔහුට දෙවියකුට වගේ සලකන්න පටන්ගත්තා. ඔහු අවංක කෙනෙක් බව ලෝකයම දැනගත්තා. ඒ නිසා කිසිම කෙනෙක්ව බාහිර පෙනුමෙන් විනිශ්චය කරන්න හොඳ නැහැ. අපි තුළවත් නැති උතුම් ගුණධර්ම කිළිටි වැරහැලි හැඳගත් යාචකයෙක් තුළ වුණත් තිබෙන්න පුළුවන්. ඒ නිසා හැම මනුෂ්‍යයකුටම එක වගේ ගෞරව කරන්න අපි සිහිතබාඅගත යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් දෙකක් සහ බවුසරයක් එකිනෙක ගැටෙයි! 10කට තුවාල! VIDEO I Sri Lanka Latest News

Next Post

කහවත්ත මවගේ ඝාතනයේ ඇත්ත සැකකරු පිහියත් එක්කම අල්ලා ගනී! සැකපිට රිමාන්ඩ් කර සිටි දියණිය නිදහස්! සිද්ධියට මුල රන්බඩු හොරකමක්! සැකකරු මරණ ගෙදරටත් ඇවිත් ඉඳලා! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.