• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කල්දාන්න ගිහින් විධායක ජනාධිපති චන්ද්‍රිකා උසාවියෙන් හොඳ පාඩමක් ඉගෙනගත්තා මතකද? මේ සැරේ වැඩේ වරද්දගන්නේ රනිල්ද?

November 23, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඡන්ද කල්දාන්න ගිහින් විධායක ජනාධිපති චන්ද්‍රිකා උසාවියෙන් හොඳ පාඩමක් ඉගෙනගත්තා මතකද? මේ සැරේ වැඩේ වරද්දගන්නේ රනිල්ද?
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත කලට පවත්වන මැතිවරණයන්ය. මන්දයත් නිසි කලට මැතිවරණ නොපවත්වන රටක ප්‍රජාතන්ත්‍රවාදය වඳපීදීම අනිවාර්යයෙන් සිදුවන්නකි. ශ්‍රී ලංකාව, බි්‍රතාන්‍ය යුගයේ සිටම කලට මැතිවරණ පැවැත්වූ රටකි. එහෙයින් මෙරට ජනයා මැතිවරණය, නැතිනම් සිය ඡන්ද අයිතිය පරම අයිතිවාසිකමක් ලෙස සලකති. 1970 – 1977 කාලයේ මෙරට පාලනය කළ ශ්‍රීලනිපය ප්‍රමුඛ තුන් හවුල් රජය 1975 දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය දෑවසරකින් කල් දැම්මෝය. ජනතා පරමාදිපත්‍ය තුට්ටුවට දැමූ එම තීන්දුවට මෙරට ජනයා 1977 දී පිළිතුරු දුන්නේ ශ්‍රී ලනිපය ආසන 8 ට බස්වමිනි. එමතුදු නොව සමසමාජ, කොමියුනිස්ට් ආදී වාමාංශික පක්ෂ ලංකාවේ දේශපාලනයට අනවශ්‍ය බව ජනතාව එම මැතිවරණයේදී ඔප්පුකර පෙන්වූයේය. මතු අනාගතයේදී පවා ලංකාවේ මැතිවරණ සිතියම අකුළන්නට හිතනා ඕනැම පක්ෂයක් මේ අතීත කතාව දැන සිටීම වැදගත්ය.

අද වන විට ලංකාවේ මැතිවරණ කල්දමා ජනතා මතය යටපත් කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහය ජාත්‍යන්තරයේද දැඩි අප්‍රසාදයට පත්වෙමින් තිබේ. රටේ වාර්ගික අර්බුදයට පිළියමක් ලෙස ක්‍රියාත්මක වන පළාත් සභා සියල්ල වසර හතරක පමණ කාලයක් සිට පවතිනුයේ අක්‍රීයවය. එහෙත් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන්නට ආණ්ඩුවට වුවමනාවක් නැත. දිවයිනේ සියලු පළාත් ආයතන පවතිනුයේද විෂය භාර අමාත්‍යවරයා දීර්ඝ කරනා ලද වසරක කාල සීමාවේ අන්තිම මාස දෙකේය. ඉන් ගම්‍යවනුයේ මේ වන විට පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික කටයුතු මතිවරණ කොමිසම ආරම්භ කර තිබිය යුතු බවය. එහෙත් තවමත් එවැනි සූදානමක් පෙනෙන්නට නැත. පසුගියදා විපක්ෂ දේශපාලනඥයන් මතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සිය උනන්දුව පළකර සිටියේය. එහෙත් තවමත් ලණුව ඇත්තේ ආණ්ඩුව පැත්තේය. සීමා නිර්ණය හෝ ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදුකිරීම මගින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනා බව බැලු බැල්මට පෙනේ. පසුගියදා ආණ්ඩුව ඉදිරිපත් කරනා ලද අය වැය ලේඛනයෙන්ද පෙනෙන්නේ ඡන්දය ළඟ පාතක නැති බව මිස අනෙකක් නොවේ.
මැතිවරණ සිතියම අකුළා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිය කරන්නට උත්සාහ ගත් අවස්ථා අතීතයේදී ඕනෑතරම් දැකගත හැකි විය. 1982 දී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් පැවැතුවූ කුප්‍රකට ජනමත විචාරණය එවැනි එක අවස්ථාවකි. මෑත ඉතිහාසයේ වාර්තාවූ අනෙක් අවස්ථාව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිය විධායක බලය යොදා ගනිමින් 1999 දී පැවැත්වීමට සූදානම්කර තිබූ උතුරු මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත් සභා ඡන්දය කල් දැමීමට ගත් අනීතික උත්සාහයයි. ජනතා පරමාදිපත්‍යය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබාදෙමින් ආපසු හැරවූ එකී උත්සාහය ජනතාවට සිය අභිමතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය විධායකයට ඉහළින් පවතින්නක් බව තහවුරු කළ දුලබ අවස්ථාවකි.

1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් තේරී පත්වූ මධ්‍යම, ඌව, උතුරුමැද, බස්නාහිර සහ සබරගමුව යන පළාත් සභාවල නිල කාලය 1998 ජූනි මාසයේදී අවසන් විය. පළාත් සභා මැතිවරණ පනතේ 10 වෙනි වගන්තියට අනුව මැතිවරණ කොමසාරිස් විසින් නාමයෝජනා කැඳවීම ඊළඟ පියවර විය. ඒ අනුව නාමයෝජනා කාලය නියම විය. 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු සිදු විය. 1998.07.15 දින නාම යෝජනා බාරගැනීම අවසන් වූ අතර, එවකට මැතිවරණ කොමසාරිස් ධුරය දැරූ දයානන්ද දිශානායක විසින් මැතිවරණය පවත්වන දිනය ලෙස 1998 අගෝස්තු 28දා නම් කළේය. ඊළඟට සිදුවිය යුතු වැදගත් ක්‍රියාව වූයේ තැපැල් ඡන්ද භාවිතය සම්බන්ධ කටයුතු සැලසුම් කිරීමය. ඒ අනුව 04.08.1998 වැනිදා ඊට නියම කරන ලදී. ඒ අනුව තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ සියලු කටයුතු සැලසුම් කරන ලදී. නමුත් තැපැල් ඡන්දය විමසීමට පැය 24කටත් අඩු කාලයක් තිබියදී 03.08.1998 තැපැල් ඡන්දය අවලංගු කිරීමට රජය කටයුතු කළේය. තැපැල් ඡන්දට අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත දින විදුලි පණිවුඩ යවමින් සිදුකළ මෙම ක්‍රියාව නිසා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි පාර්ශ්ව දැඩි නොසන්සුන්තාවකට පත්විය.

ඊට පසු දින (04.08.1998) ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවැසූවේ මහජන ආරක්ෂක ආඥා පනතේ (PSO) 2 වැනි වගන්තියේ II වැනි කොටස ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමත් හදිසි නීති රෙගුලාසි අංක 5 බලාත්මක කිරීමත් මගින් තැපැල් ඡන්ද දිනය කල්දැමූ බවයි. එහෙත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක ඒ සඳහා වෙනත් දිනයක් නියම නොකිරීම මගින් අර්බුදය තීව්‍ර විය. මේ අතර වයඹ පළාත් සභාවේ නිල කාලයද නිමාවට පත්වූ ආතර ඒ සඳහා වන මැතිවරණය 1999.01.25 දිනට නියම විය. මෙම තත්ත්වය අනුව පළාත් සභා පහක මැතිවරණය විධායක බලය සහ හදිසි නීතිය යොදාගෙන කල්දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව පැහැදිලි විය. ඊට එරෙහිව 1998 දෙසැම්බර් 04 සහ 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක එස්.සී. 509/98 නඩුව පවරන ලදී. කරුණාතිලක සහ තවත් අය එරෙහිව දයානන්ද දිශානායක (මැතිවරණ කොමසාරිස්) සහ තවත් අය නමින් ඉතිහාසයට එක් වූයේ එම නඩුවය.

අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා, ප්‍රනාන්දු සහ ගුණසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අධිකරණයක් හමුවේ විමසූ මෙම නඩුවේ තීන්දුව 1999 පෙබරවාරි 10 හෝ ඊට ආසන්න දිනයක ලබා දෙන ලදි.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 12 (1) සහ වගන්තියෙන් තහවුරු වන පැමිණිලිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පිළිගන්නා ලදී. එමෙන්ම පළාත් සහා පනතේ 14 (1) (අ) වගන්තිය උල්ලංඝනය කරමින්, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අත්හිටුවීමෙන්ද, එමගින් ඡන්ද විමසීම කල්දැමීමට දායක වීම මගින්ද පළමුවැනි වග උත්තරකරු වන මැතිවරණ කොමසාරිස්වරයා පැමිණිලිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීරණය විය. 12 (1) සහ 14 (1) (අ) වගන්ති සක්‍රීය කිරීමට පියවර ගැනීමට අපොහොසත් වීමෙන් පළාත් සභා මැතිවරණය සඳහා, 28.08.1998 දින වන විටත් නව ඡන්ද දිනයක් නියම කිරීමට අපොහොසත් වීම යන කරුණු මෙහිදී සැලකිල්ලට බඳුන් විය. සති හයක් ඇතුළත වරද නිවැරදි කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස 1 වැනි වගඋත්තරකරුට උපදෙස් දෙමින්ද, පෙත්සම්කරුවන්ට රු. 30,000 රජය විසින් ගෙවිය යුතු බවට නියෝග දෙමින්ද එම නඩුකරය නිමාවට පත්විය. ලංකා ඉතිහාසයේ වැදගත් අවස්තාවක් ලෙස ගැනෙනා මෙම නඩු තීන්දුව මගින් මහජනයාගේ අදහස් ප්‍රකාශනය කිරීමේ අයිතිය තහවුරු කරන මැතිවරණ පැවැත්වීමට විධායක බලය දරන්නාට පවා අභියෝග කළ නොහැකි දෙයක් බව තහවුරු වන ලදී.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර ලැබෙන්නේ නෑ! දුප්පතුන්ට සහන දෙන්න සජිත්ගෙන් අලුත් ක්‍රමයක්! මහාචාර්යවරියකගේ වාර්තාවක් සජිත් ‌පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

Next Post

ඉතිහාසයේ පළමුවරට පොහොට්ටුව අකුරැස්සෙන් පරාදයි! පොහොට්ටුවේ 8ක් සජබ ප්‍රමුඛ විපක්ෂය සමග එක්ව අයවැය පරද්දයි!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.