• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නත්ථිමේ සරණං අඤ්ඤං මස්සිනේ දමලා අඤ්ඤං…

February 15, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
ලබන අවුරුද්දේ නිදහස මහ ඉහළින් සමරන්න ඇමැතිවරු 10 දෙනෙක් දාලා කැබිනට් අනුකමිටුවක් පත් කරලා!
Share on WhatsAppShare on Facebook

පිරිමියකුගේ “දණහිස් පොල් කට්ටේ” (Knee cap) තුවාල කැළලක් නැතොත් ඌ පිරිමියකු නොවේ. පිරිමියකු නම් කුඩා කල දුවපැන දඟලා වැටීමෙන් දණිස්ස බිම ඇනී ඇතිවෙන “කොලුකමේ මා(ර්)ක්” එක (අච්චුව)” අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

කොලුකමේ නිවුන් සෙහොයුරා “බලුකමය. බලුකමට පරියාය වචනය “මගෝඩිකමය”. කොලු කාලේ (ගැටවර) බලුකම් හෙවත් මගෝඩිකම් වනාහි සුන්දරත්වයයි. මතක් වෙනකොටත් “ආෂික්”ය. (කාගෙන් හරි “උම්ම” එකක් අරං තිබූ එකා (අම්මට සිරි) අතිශ්‍රේෂ්ඨය)

හොඳ Film එකක් හෝල් එකට ආ කල පාසල් “බෝඩිමේ”Dormitoryයේ ඇඳ උඩ කොට්ටවලින් පඹයකු තබා නඩේම ඒක බලන්න ගිය හැටි. වැඩේ ගැස්සී විදුහලෙන් අස් නොකරන්නට “පිය රජතුමා” එක්ක එන්න පාසලෙන් හෙවත් වාසලෙන් අණ ලද කල්හි කිසීඊ..ඊ..ම පසුබෑමකට පත්නොවී රුපියල් දහයක්දී පාරෙන් (කොහෙන් හරි) අල්ලා ගත් නාමික “අප්පොච්චි” කෙනකු කැටුව අවුත් බේරුණු හැටි.

ඒවා “අතිසුන්දර” මගෝඩි වැඩය. ඒවායේ වටිනාකම “අමිල”ය.

(අප දරුමල්ලන් වී රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ පසුව අපේ වියපත් ගුරු දෙවිවරුන් හමුවූ විට ඒ විස්තර ඔවුන් ඒවා පවසන්නේ හුරතල් වැඩ වශයෙනි. ඒ අවස්ථාවක අපේ ගුරුතුමෙක් කියපු කවි පදයක් මෙසේය. “වීරයො කුඩා අවධියෙ දඟටයි ඉන්නේ”)

පසු කලෙක රජයේ රාජකාරි කරද්දී හොඳ “ෆිල්ම්” එකක් ආවොත් අර පරණ පුරුද්දම ඉස්මතු වීම ද නිරායාසයෙන්ම සිදු වූවකි.

අන්න ඒ අන්දමින් මට මතක හැටියට නවසිය හැටනවයේ දී (1969) තරමේදී කන්තෝරුවෙන් කට්ටි පැන බැලූ චිත්‍රපටියකි Rise and fall of Idi Ameen.

“ඉඩි අමීනා” නියම බුලට් එකකි. ඌට මහත දෙහෙත ගැහැනු පරාණයක් (තප්පදෝරු නොවේ) පේන්ටවත් බැරිය. “ඉඩියා” දවසක් තම පුතෙකුත් සමග ගමනක් යන විට පාර අයිනේ තමන්ට ප්‍රියමනාප “භාණ්ඩයක්” දැක පුතා අතරමඟ බස්සවා ඒක පටවාගෙන ගියේය. ඒ චිත්‍රපටයේ එක් සිද්ධියකි.

තවත් සිද්ධියක් වූයේ “මෑන්ගෙ” අරක්කැමියාට (cook) අධිශීතකරණය විවෘතකර දී එහි යමක් පෙන්නා ඊට බත් පුරවා රෝස්කර දෙන ලෙස නියම කිරීමය. එහි තිබුණේ මළ සිරුරකි. (ඉඩි අමින් මිනීමස් බුදින්නකු බව ප්‍රසිද්ධ කතාවකි.)

එක අතකින් ඌ හොඳ එකෙකි. ඌට කන්න හිතුණොත් මිනිසකු මරාගෙන හෝ මරවාගෙන හෝ කන්නෙකි. ඒ අනුව සත්ව හිංසාව යන චෝදනාව නොනැඟේ. එහෙත් අපේ “වාහෙලා” මෙන් පණ පිටින් සිටින උන්ගේ මස් අමුඅමුවෙන් කන්නේ නැත.

ඔච්චරම නැතත් අපේ “ඇන්ටි”ද ඔය ගණයේම “භාණ්ඩයකි”. ඇන්ටි කීවාට එයා රෑට විතරක් ඇන්ටි කෙනකු මිස දවල්ට නම් ඇන්ටි කෙනකුන් නොවන්නට පිළිවන.

මා එසේ කියන්නේ ඇගේ නම නිසාය. දන්නවා නොවැ, මාරි ඇන්ටි නයිට් හෙවත් ප්‍රංශයේ මාරි ඇන්ටොනයිට්. ‘පාන් නැත්තං කේක් කාපල්ලා’ කියපු ලෝක පූජිත “සොකරි ”. හැබැයි ඇත්තම කියනවා නං එයාට පොඩ්ඩක් වෙන්න “ලූස්”ය. එයාගෙ බුද්ධිය ගැන අනුකම්පා කළ යුතුව තිබුණත් ඒ ගැන නොදැන එයා නැති භංගස්ථාන කෙළේ අපේ අය්යලාය. මන්ද ඇය පැවසුවේ ඇත්ත වශයෙන්ම කේක් වනාහි පාන්වලට විකල්පයක් විනා වෙනත් දෙයක් ගැන නොදන්නා නිසාය.

(ඔය වගේ කතාවක් මටත් නවසිය පනස් ගණන්වල (1950) දී අත්දකින්නට ලැබුණේය. මගේ මිතුරකුගේ පියා පොල් අක්කර හත්අටසියයක ඉඩමක පාලකයෙකි. ශ්‍රී ලාංකික ඉඩම් හිමිකරු සහ ඔහුගේ පවුල ජීවත් වූයේ එංගලන්තයේය. අවුරුදු දහඅටක තරමේ ඔවුන්ගේ පුතා වරක් ලංකාවට ආවේය. මගේ මිතුරාත් ඔහු නිසා මමත් මගේ මිතුරාගේ පියාත් සමග අපි සිවුදෙනා වත්තේ ඇවිදින්න ගියෙමු. ඒ එංගලන්තෙ පුංචි මහත්තයාට වත්තේ රවුමක් යන්නට ඕනෑවූ නිසාවෙනි. වත්තෙ හතර පැත්තේ පොල් කඳු ගසා තුබුණේය. ඒ ආසන්නයේ ගවයෝද තණකොළ කමින් සිටියෝය.

“අර හරක් අර ගෙඩි කන්නෙ නැද්ද?” පුංචි මහත්තයාගේ ප්‍රශ්නය විය.)

ඇන්ටි රට වැසියන්ට කේක් කන්න අනුශාසනා කෙළේ ඒ මිනිස්සුන්ඩ කන්න දෙයක් නැති නිසාය. ඒගැන උද්ඝෝෂණය කරපු වැසියන් අල්ලා හිරේ දැම්මේය. ඒ නිසා “බැස්ටීල්” කියන හිරගේ පිරී උතුරා යමින් තිබිණි. හරියට දැන් අපේ රට වැටී ඇති (සමාවෙන්න) පත්කර තියෙන තත්ත්තෙට සමානය.

කවුරු මොන කයිවාරු ගැහුවත් මේ වනවිට කොළඹ පැත්තෙ තට්ටු නිවාසවල, පැල්පත්වල ඉන්න මිනිස්සු කන්නෙ මොනවද? ගමේ ගොඩේ ඉන්න අපි නං කොස්ගෙඩියක්වත් තැරි ගහගෙන කාල නොමැරී මැරී පණගැටගහ ගන්නවාය.

ඉඩිඅමියා සහ මාරි ඇන්ටි යන දෙදෙනාගේම “ක්ලික්” එකට අයිති අනිත් “ගොයියා” ගැනත් මේ අවස්ථාවේදී නොකියා හොඳ නැත. ඒ නිසා එයා ගැනත් සඳහන් කළ යුතුය. ඌ“නීරෝ”ය. අර රෝමය ගිනිගනිද්දී රවිකිඤ්ඤා ගගහා හිටිය එකාය.

හැබැයි කවුරුත් නොදන්න කාරණයක් ප්‍රථම වතාවට “මව්රටෙන්” අනාවරණ කරන්නං. ඉඩියයි නීරෝකාරයයි අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොයියයි, රනිල් ලොක්කයි. අතරෙ කිට්ටු ඥාති සම්බන්ධයක් තියේ. කවුරුවත් ඒ ගැන මේ දක්වා හිතලත් නෑනෙ. දන්නෙත් නෑනෙ. ඔය සිවුඈඳුත්ත ‘සුහුරු බඩු’ (මස්සිනාල) නැත්තං අපේ වන්නිලැ ඇත්තන්ගෙ බාසාවෙන් කියනව නං “හූරල” (මස්සිනාල)

අම්මපා ඇත්තට හැබෑවට කියනවනං වන්නිලැ ඇත්තන්ගෙ භාෂාව මොන තරම් අර්ථාන්විතද කියන එක ගැන අපේ ජේ.බී. දිසානායක මහාචාර්යතුමාවත් මේ දක්වාම පරීක්‍ෂණයක් කරලවත් නැද්ද නං කියන්න දන්නෙ නැත. ඒ ගොල්ලො අර කියපු “දෙබාන” නම් ඇත්ත වශයෙන්ම “හූරල”තමයි. අක්‍ෂර වින්‍යාසයෙ පොඩි එහා මෙහාවක් තිබුණත් “ශබ්ද ධ්වනිය” එකයිනෙ. එහෙම නෑදෑකම ගැන කියන්න කරුණු කියන්නත් එපායැ. අරූ රෝමය ගිනිගන්න කොට රවිකිඤ්ඤ ගහනවා. සිරි ලංකාවෙ තුන්හතර පොළක බෝම්බ පුපුරල දෙසීයක් තුන්සියයක් මැරිල ගොඩ ගොඩවල් ගහද්දිත්.,තවත් හාර පන්සියයක් තුවාල වෙලා තියෙද්දිත් අපේ නීරෝ සිංගප්පූරුවට ගිහින් එහෙ “බින්නබැහැල” ඉන්නවා. එන්ඩ ප්ලේන් එකක් තිබ්බෙ නැතිලු.“බම්බුව තමයි”

ප්‍රංශයටත් අන්ත තත්ත්වෙට දැන් අප පත්වෙලා. නාහෙටත් උඩින් ගිලිල. දැන් ආයෙත් පැට්‍රෝල් ගනං ගිහිල්ල. ගෑසුත් නැගල. අපේ ගංවල (ගම්වල) කාන්තා පක්‍ෂය කියන විදියට දැන් අපට කන්න තියෙන්නෙ මුන්ගෙ “ඇටකූරු” තමයි.

ඒ වුණාට “කන්ඩ කැඳ නැතුවට හොම්බ කිරිබතටලු. (හොම්බ කියන වචනෙට සමාන පදයක් තමයි ගැමි කාන්තාවන් කියන්නෙ) රටට පරකාසෙ ගෙදරට මරගාතෙ. එහෙමත් නැත්තං “බඩට ලුණු කැඳ පස්සට විල්ලුද” අපේ රටෙත් නිදහස සමරනවා. අනේ මන්දා නාලිනී කියන (ගයන) විදිහට සුද්දා අපට දුන්න කොඩියෙ සිංහයා අපේ. ඒ වුණාට කොඩිය අදින ලණුව සුද්දගෙ.

ඒ කෙසේ වෙතත් රටේ කන්න නැතිකොට නිදහස් උත්සවයත් අනවශ්‍ය වියදමක් කියල කෑගහන කොට, වර්ජනය කරන කොට, අපේ අභිමානය ලෝකෙට කියන්න ඕනෑ කියල පවත්වපු උත්සවයට වියදම කෝටි විස්සයි (20,00,00,000) කියල ආණ්ඩුව කීවත් කෝටි හතළිහක් (40,00,00,000) ගියා කියල තමයි ඇහෙන්නෙ.

ගෝඨගෙ කාලෙ පවත්වපු නිදහස් උත්සවේටත් වියදම් වුණේ රුපියල් කෝටි විස්සයි (20,00,000) කියල ආරංචියි.

නිදහසේ ආරම්භය ගැන තියෙන මේ කතාව ඔය ගොල්ලො දන්නවද? දන්නෙ නෑ. අයිවර් ජෙනිංස්තුමාගෙ නෝන කොච්චරවත් නාහෙං අඬනවලු එයා ගැන සැලකිල්ලක් නෑ කියල. ජෙනිංස් ලොක්කට හැම තැනින්ම ගරු සැලකිලිලු මෙයාට නැතිලු. අඩුම තරමින් එයාගෙ උපන්දිනේවත් හරි හැටියට සමරන්න පාටියක්වත් දාන්නෙ නැතිලු.

“හරි මම ඔයාගෙ උපන්දිනේ දී සියලුම ලංකාවාසීන් ලවා උත්සව පවත්වන්න මම වැඩක් කරංනං කියල පොරාන්දු වෙලා පෙබරවාරි හතර (04) වැනිදා අපේ රට නිදහස් දිනය වශයෙන් නම් කළාලු. ඇයි අයිවර් ජෙනිංස් උන්නැහේ නොවැ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවෙ.

ගෑනියෙක් සනසන්න ගිහින් තමයි අපේ මේ තරං සංශෝධනය කරන්න වෙලා තියෙන්නෙ. අනිත් අතට පාටියකින් ජෙනිංස් උන්නැහැ පටන් ගත්ත උත්සවේ පාටිවලින්ම දුවන්නෙ ඒකනේ. මේ රටේ නිදහස වෙනුවෙන් දිවි දුන්න එවුන් සිහිපත් කරල දානයක් දීල පිං අනුමෝදන් කරන පුණ්‍යෝත්සවයක් වාගෙ සර්වාගමික උත්සවයක් තිබ්බනං නාකද?

අනේ මෙහෙමත් රටක්.

අපේ ගමේ මිනිහෙක් හිටියා “සිමන්චි” කියල. නමුත් කෙටි නම “සිමා” සමහර අයට මිනිහ “සිමයිය.” මිනිහ සෝබනකාරයා. ‘හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා’ කියන එක තමයි මිනිහගෙ සිද්ධාන්තෙ. මිනිහත් ඔය සෝබන වැඩවලට වියදම් කරල කරමුලට හිරවෙලා හිටියෙ. මිනිහට පරම්පරාවෙන් ලැබුණු පොඩි පොඩි ඉඩං කෑලි දෙක තුනක් තිබුණා. අපට චීනෙ, ඉන්දියාව, අයි.ඇම්.ඇෆ්. එක හැටියට මිනිහට තිබුණෙ අර ඉඩං කෑලි ටික. ඒවා උකස් කළා. අඩියක් පුඩියකුත් ගැහුවා.

ගම්වල තියෙනව උපහැරණ කතාවක් “තෙල් කෑල්ල කාල ගං කෑල්ල ගියත් මොකෝ” කියල. (තෙල් කෑල්ල කියන්නෙ ඌරුමස්වලට) ජොලියෙන් ඉන්න තියෙනව නං ඉඩං මොකටද කියන එකයි අරුතෙ. ඔය අතරෙ ගෙදර “කොටහළු” මංගල්ලයක් වුණා. සිමා තවත් ණය වෙලා මඟුල ජයටම කෑවා.

ටික දවසක් යනකොට ණයකාරයො ගෙදරට එන්න පටන් ගත්තා. ඉඩං ටිකත් සින්න වෙලා. මිනිහට කරන්න දෙයක් තිබුණෙ නෑ. සිමා බෙල්ලෙ වැලදාගත්තා. සිමා මළා.

‘සිමා මළා’ කියන ආප්තෝපදේශය ජනවහරට ආවෙ ඊට පස්සෙ.

අපේ ලොක්කන්ට තියෙන්නෙත් තොපට කෙළ වුණත් කමක් නෑ, මමයි මගේ එවුනුයි ජොලියෙන් නං කියන එකයි හිතේ. මහින්ද, ගෝඨා නාමල්ලා නං දීවෙ පැදුරටත් නොකියා.

මුන්නැහැ ගැන රට්ටු කෑ ගහන්නෙ ජන “වරමක්” නෑ වරමක් නෑ කියලා. පේන හැටියට නං මුන්නැහැට දුවන්න වෙන්නේ වරම වගේම “සරමත්” නැතුවයි.

දැන් පෙළපාළි වැඩියි. මහජනයාට ඉන්නවා මැරෙනවා පේන්නෙ නැති ගානයි. අයි.ඇම්.එෆ් එකත් ගොළුබෙලි ගමනේ. මහජනයාට කාගෙන්වත් පිළිසරණකුත් නෑ. බුද්ධ දේශනාවෙ කියන හැටිය “නත්ථි මේ සරණං අංඤ්ඤං” තමයි.

හැබැයි හෙට අනිද්දා පළාත් පාලන මැතිවරණෙ ආවොත් රනිල් මහත්තයෝ..ඕ..ඕ.. “නත්ථි මේ සරණං අංඤ්ඤං මස්සිනේ දමලා අඤ්ඤං” කියල තමයි මහජනයා බලාන ඉන්නෙ.

එතකොට මහජන උත්තරේ හරියට ලැබුණොත් රට පුරා වැඩ වර්ජන ඩබල් ටි්‍රබල් වෙනව. විදුලිය, ජලය, තෙල් බැංකු ඔක්කොම බහියි පාරට.

ඔහේ පන්නන්න එච්චර ලොකු ලොකු ඒව පාරට බස්සන්න ඕනැ නෑ. කොළඹ මහනගර සභාවෙ පවිත්‍රතා අංශය බැස්සොත් ඇති. ඇයි දන්නවද?

එක කාලෙකදි අපේ ශරීරෙ එක එක අංග එකඑකාට ලොකුකං කියන්න පටන් ගත්තලු. ඇස් දෙක කීවලු මම තමයි ලොක්ක, මම නැතුව කිසි දෙයක් කරන්න බෑ එතකොට උඹල අන්ධයි. කිසි දෙයක් පේන්නෙ නෑ කියලා. අත්දෙක කීවලු මම තමයි උඹලට හැම දෙයක්ම අරන් දෙන්නෙ, මම නැතුව කිසි දෙයක් අල්ලන්නවත් බෑ කියලා. කන කීවලු මම නිසාතමයි හැම දෙයක්ම උඹල දැන ගන්නෙ, මම තමයි වැඩකාරයා කියල. එතකොට මොළේ හිනාවෙලා කීවලු කොහෙද හලෝ මම නැතුව උඹල මොනවද කරන්නෙ කියල.

ඔහොම එක එක අංග තර්ක කරන කොට “එක්සිට්තුමා” ඒ කියන්නෙ අධෝමාර්ගතුමා කීවලු උඹල හිතුව මදි, මම තමයි වැදගතා කියලා. ඒක අහපු ඔක්කොම පැය ගානක් හිනා වුණාලු. හොඳයි හිටපල්ලකො එහෙනං කියල එයා අධෝමාර්ගය සිය රාජකාරිය නවත්තල වර්ජනය කළා.

මළ කෙළියයි. හැන්දෑ වෙනකොට ඔළුව කියාපි මගෙ කැක්කුම නවත්තගන්න බෑ කියල. අත්දෙකයි කකුල් දෙකයි අපට පණ නෑ කියාපි. මට පේන්නෙ නෑ කියල ඇස්දෙක කියාපි. එතකොට තමයි පොඩි කෙනාගෙ බලය තේරුණේ.

ඉතින් රනිල් ලොක්කෝ ඔයාට ලොකු ලොක්කො ඇති. අපට ලොකු ලොක්කො නැතුවට අපට ඉන්නෙ රටේ පොඩ්ඩො. ඒක මතක තියා ගන්න. නගර සභාවෙ පවිත්‍රතා අංශය ශුද්ධ පවිත්තරේ නැවැත්තුව නං දවස් දෙක යනකොට කොළඹ අපායක්. එහෙං පාචනේ පැතිරෙයි. මෙහෙන් උණ කොළරාව පැතිරෙයි. එක යමරයක් වෙයි.

ඔන්න ඒකට ටැංසානියාවෙ ලොක්කි, සමියා සුලුහු හසන්. අපේ රටේ තරම්ම ආර්ථික අහේනියක් නැතත් රටවැසියන් හිරිහැරයට පත්කරන්න හොඳ නෑ කියල පසුගිය දෙසැම්බර් 09 වැනිදා පවත්වන්න තිබුණු නිදහස් උත්සවය අවලංගු කළා. ඒ අයගෙ උත්සවේට වැය බර රුපියල්වලින් බැලුවම කෝටි දාසයක් තරම්. ඒ ජනාධිපතිනි කීවෙ ඒ සල්ලිවලින් දරුවන්නෙ අධ්‍යාපන කටයුතුත් සෞඛ්‍ය පහසුකමුත් මාර්ග සංවර්ධනයත් වැඩිදියුණු කරනවා කියලා.

අපේ දරුවන් ඔන්ලයින් කරන්නෙ ගස් උඩ. විභාගෙට පාඩං කරන්න විදුලිය නෑ. අරූ අළුගෝසුවා. කංච නෙමෙයි සිංචා ලෙබ්බෙගෙ රාජකාරිය කරනවා. අපේ ඉස්පිරිතාලවල එළිනොවුණට බෙහෙත් නැතුව රෝගීන් මැරෙනවා. කියන්න එකෙක් නෑ. අපේ සෞඛ්‍ය ඇමැතිට වගේවගක් නෑ. (ඌරන්ට මොන සෞඛ්‍යද?)

මිනිහ බේත් ගේන්න රට යනවා. පිටරටකදී මහ රෑක තට්ටු ගොඩනැගිල්ලකින් මාරුවෙන්ඩ ගිහින් වතාවක් අණ්ඩක් කඩාගත්තා වාගෙ ඔය යන ගමනකදී මේ පාරත් අඩුම ගානෙ බොටුව (බෙල්ල) හෝ කඩාගත්තොත් රට්ටු කොහොම සංවේගය පළ කරයිද?



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 3ක් ප්‍රින්ට් කරලා අවසන්! තවත් ඡන්ද 2කට ප්‍රින්ට් කරන්න කඩදාසි-තීන්ත ඇතිතරම් මුද්‍රණාලයේ තියනවා! රනිල් හදිසියේම මුද්‍රණාලයාධිපති ගෙන්වා නියෝගයක් දුන්නා! තිරය පිටුපස සිද්ධිය ගැන අනුර ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! VIDEO

Next Post

මේ රට මගෙ රට මා ඉපදුන රට කපන කොටන රට දැන් හොරු හරියට…

MORE NEWS

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී 'රෙද්ද' යනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සහ ජගත් මනුවර්ණ මහ අතර විවාදයක් ඇතිවූයේ මෙසේය.Sri Lanka Latest...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.