යුක්තිය මෙහෙයුම ආරම්භ වූ පසුගිය දෙසැම්බර් 17 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් නීති විරෝධී පිරිස් රහසිගතව මිලදී ගෙන තිබූ රුපියල් කෝටි 43ක් වටිනා දේපළ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත්හිටුවා ක්‍රියා විරහිත කොට තිබේ. (Sri Lanka Latest News)
එම විමර්ශන අංශයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලබාගත් මුදල්වලින් මිලදීගත් රුපියල් මිලියන 196ක් වටිනා ඉඩම්, නිවාස, හෝටල් සහ විලාද සොයාගෙන ඇති බවයි.
රුපියල් මිලියන 223ක් වටිනා විවිධ වර්ගයේ වාහනද, මුදල් මිලියන 05ක්ද, රත්‍රන් මිලියන 14ක තොගයක්ද විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
එම නීති විරෝධී වත්කම්වලට අදාළ ව්‍යාපාරිකයන් වෙසින් පෙනී සිටි 10 දෙනකු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද සඳහන්ය.
‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළ පසුගිය දෙසැම්බර් 17 සිට මෙම ජනවාරි 31 වැනිදා දක්වා වූ කාලය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ සැකකරුවන් 45,272ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසුවේ අදාළ මෙහෙයුම්වලදී වැටලීම් 45,608ක් සිදුකොට සැකකරුවන් 44,022ක් සහ සැකකාරියන් 1,250ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් සැකකරුවන් 1,807 දෙනකුට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර, වත්කම් පරීක්ෂාව සඳහා 272 දෙදෙනකුගේ තොරතුරු පරීක්ෂා කරගෙන යයි. පුනරුත්ථාපනය සඳහා 1,908 දෙනකු යොමුකොට ඇත.
මෙම මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් 16,358ක් සිදුකොට හෙරොයින් කිලෝ 138යි ග්‍රෑම් 127ක් සොයාගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 9,658ක් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 413යි ග්‍රෑම් 272ක් සොයාගෙන ඇති අතර, ගංජා වැටලීම් 17,338ක් සිදුකොට ගංජා කිලෝ 921යි ග්‍රෑම් 184ක්ද, ගංජා පැළ 3490468ක් සොයාගෙන තිබේ.
විෂ සහිත පෙති වර්ග 1,66,059ක්ද, වෙනත් වැටලීම් 2,254ක් සිදුකොට ඈෂ්, හෂීස්, කොකේන්, මාවා කිලෝ 266යි ග්‍රෑම් 285ක්ද සොයාගත් බව පොලිසිය පැවැසීය.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ප්‍රේමලාල් විජේරත්න