• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

විහිළුවක් වෙලා තියෙන ප්‍රභූ ආරක්ෂාව බෙදන හැටි සහ බෙදෙන හැටි!

February 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පැරදුණු අයට-හිටපු අයට-නෝනලාට කෝටි 15ක සුපිරි ආරක්ෂාවක්!
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ මාධ්‍ය අපූරු පුවතක් වාර්තා කර තිබිණි. ඒ, පැරැදුණු ඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමින්වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලනඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට පවා ‘ඇමැති ආරක්ෂක අංශයේ’ නිලධාරීන් 245ක් අනුයුක්ත කොට ඇති පුවතය.
මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේ මාධ්‍ය වාර්තා කර තිබූ තවත් පුවතකින් කියවුණේ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් 30කට ආසන්න පිරිසකට මාස 15ක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදෙමින් තිබෙන බවකි. හිටපු මැති ඇමැතිවරුන්ට මෙසේ ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරකසභාවේදී ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී තිබූ බවද එම පුවත වැඩිදුරටත් අනාවරණ කොට තිබිණි.

ඒ අනුව මේ ප්‍රභූ ආරක්ෂාව යනු කුමක්ද? එම ආරක්ෂාව ලබාදෙන්නේ කා සඳහාද? එම ලබාදෙන ආරක්ෂකයන් ගණන තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින්ද? ව්‍යවස්ථාවෙන් මේ පිළිබඳ ඇති විධිවිධාන මොනවාද?

මේ සම්බන්ධයෙන් අප ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කළ හිටපු ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකුට කතා කළා. නම හෙළි නොකිරීමේ කොන්දේසිය උඩ ඔහු අපට මේ විදියට අදහස් පළ කළා.

“සාමාන්‍යයෙන් ඕනෑම රටක ප්‍රභූවරුන්ට, අතිවිශේෂ පුද්ගලයන්ට, විවිධ තර්ජන එල්ලවී ඇති පුද්ගලයන්ට ආරක්ෂාවක් සපයනවා. සමහර වෙලාවට ඒක ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති අයිතිවාසිකමක්. සමහර වෙලාවට ආරක්ෂක තක්සේරුව අනුව එහෙම ආරක්ෂාව ලබාදෙනවා. අපේ රටේ ගත්තොත් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්, රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශේෂ පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබාදෙනවා. මෙහිදී ඒ ඒ පුද්ගලයන්ට අදාළ ආරක්ෂාව ලබාදෙන වෙනම ආරක්ෂක අංශ තියෙනවා. උදාහරණයක් විදියට ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබාදෙන්නේ ජනාධිපති ආරක්ෂක ඒකකයෙන්.

ජනාධිපති ආරක්ෂක අංශයේ සිටින්නේ පොලිස් නිලධාරීන් 500කට අඩු පිරිසක් පමණයි. මෙයට පෙර මෙම ගණන 2,000කට වැඩියි. හැබැයි දැන් ජනාධිපති ආරක්ෂක අංශයේ යැයි කියා පොලීසිය නැති වුණාට හමුදාවේ පිරිස ඒ හා සමානව ඉන්නවා. ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලීසියේ 700ක පමණ පිරිසක් හිටියා එතුමා ගමන් කරන මාර්ගවල ආවේක්ෂණ කටයුතුවල නිරත වෙමින්. දැන් ඒ අය ජනාධිපති ආරක්ෂක අංශයෙන් ඉවත්කර නුගේගොඩ කොට්ඨාසයට වෙනම අනුයුක්තව තබා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එම නිලධාරීන්ට පැවරී ඇත්තේ ජනාධිපතිවරයාගේ ගමන් මාර්ගවල ආරක්ෂාව සිවිල් පිට සැලසීමයි.

අගමැති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින නිලධාරීන් ගණන 1000කට අඩුයි. හිටපු ජනාධිපති ආරක්ෂක අංශ 05 කොට්ඨාසය ඇත්තේද අගමැති ආරක්ෂක අංශය සමග ඒකාබද්ධවයි. ඒ, හිටපු ජනාධිපති 05 සහ අගමැති දැන් එක් අයෙක් වන නිසා. ඒ යැයි කියා විශේෂයෙන් නිලධාරීන් වැඩිවීමක් සිදුවී නැහැ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මීයටත් වෙනම ආරක්ෂක කොට්ඨාස මගින් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මහත්මියටත් ප්‍රභූ ආරක්ෂාව ලැබෙනවා. ඒ, වාහනද සමයි. මේ කණ්ඩායමට 100ත් 150ත් අතර සමස්ථ ආරක්ෂාවක් ලැබෙනවා.

මෙයට අමතරව විනිසුරු ආරක්ෂක අංශයකුත් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 17කටත් අභියාචනාධිකරණ විනිසුරුවරු 16කටත් කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාටත් ආරක්ෂාව ලැබෙනවා. හැබැයි ඉන්න නිලධාරීන් ප්‍රමාණවත් නැහැ.

ඒ වගේම තමයි තානාපති ආරක්ෂක අංශයක් තියෙනවා. තාතාපති සහ මහකොමසාරිස් කාර්යාල 24කටත් නිවාස 23කටත් ආරක්ෂාව ලබාදෙනවා. 200ක් විතර නිලධාරීන් අවශ්‍යයි නියමිත ලෙස ආරක්ෂාව සපයන්න. නමුත් සිටින්නේ එයින් අඩකට පොඩ්ඩක් වැඩියෙන් විතරයි.

තානාපති සහ විනිසුරු ආරක්ෂක අංශ නිලධාරීන් ප්‍රභූ ආරක්ෂක අංශයට අදාළ නිලධාරීන් වුණත් ඒ අයට වැටුපෙන් තුනෙන් එකක් වූ’දීමනාව ලැබෙන්නේ නැහැ. ජනාධිපති, අගමැති ආරක්ෂක අංශවලට මෙන්ම වෙනත් ප්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන්ට එම දීමනාව ලැබෙනවා.

විශේෂයෙන් ඇමතිවරයකුට අනුමත ආරක්ෂකයන් ගණන 07යි. රාජ්‍ය ඇමතිවරයකුට අනුමත ගණන 05 යි. මන්ත්‍රීවරයකුට අනුමත 02යි. එහෙත් ඒ සීමාවලින් පිට යමින් 100කට වැඩි ආරක්ෂකයන් පිරිවරාගත් ඇමැතිවරුත් ඉන්නවා. එක්තරා ඇමතිවරයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ පමණක් නිලධාරීන් 84ක් ආරක්ෂාවට යොදාගෙන තිබෙනවා, වාහනද විශාල ප්‍රමාණයක් සමග. ඒ ඇමැතිතුමා යද්දී සමහර වෙලාවට පාරවලුත් වහනවා. හැබැයි ජනාධිපතිතුමාවත් පාරවල් වහන්නේ නෑ යද්දී. ඒ වගේම තමයි සමහර ඇමැතිවරු ඉන්නවා තමන්ට දීලා තියෙන ආරක්ෂාව පවා නොගන්න. එහෙම ඇමැතිවරු කිහිප දෙනකුම මේ ආණ්ඩුවේ ඉන්නවා.

ඒ වගේම වතාවක් හිටපු ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට දෙන ආරක්ෂාව වැඩියි කියලා ලොකු චෝදනාවක් ආවා. ඒ අනුව අලුත් චක්‍රලේඛයක් නිකුත් කළා ඒ අයට ලබාදෙන ආරක්ෂාව මෙච්චරයි කියලා. එම චක්‍රලේඛයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා නිලධාරීන් 100 දෙනාගෙන් 94 දෙනෙක් ඉවත් කළා. පොලිස් නිලධාරීන් 100 දෙනාගෙන් 54ක් තියලා ඉතිරි පිරිස ඉවත් කළා. රනිල් වික්‍රමසිංහ මහතාට පොලිස් නිලධාරීන් 200කගේ ආරක්ෂාව ලබාදී තිබුණා. එම ප්‍රමාණය 60ක් දක්වා අඩු කළා. ඒ වගේම චන්ද්‍රිකා මැතිනියගෙත් ආරක්ෂකයන් ප්‍රමාණය අඩු කළා.

ඒ වගේම තමයි පැරැදුණු හිටපු මැති ඇමැතිවරුන්ට නීතියෙන් ආරක්ෂාවක් ලබාදෙන්න බැහැ. එයාලට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබේ නම් ඒ ගැන ඔවුන් ඉල්ලීමක් කරන්නේ නම් ආරක්ෂක තක්සේරුවක් කරලයි ආරක්ෂාවක් ලබාදෙන්නේ. නමුත් දැන් හිටපු මැති ඇමැතිවරු රැසකට ආරක්ෂාව දීල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දේශපාලනයට සම්බන්ධ නමගිය භික්ෂුන් වහන්සේලාගෙන් ඇමැති ආරක්ෂක අංශයට බේරිල්ලක් නැහැ. ආරක්ෂාව ඉල්ලමින් කරදර කරනවා. එවැනි භික්ෂුන් වහන්සේට ආරක්ෂකයන් ලබාදීල තියෙනවා ඉහළ නියෝගවලට. බොහෝ භික්ෂුන් වහන්සේලාට ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් වැඩි කල් ඒ අය ළඟ සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැති බව කියනවා. හැබැයි ඒ නිලධාරීන්ට නිදහස් වෙන්න දෙන්නෙත් නැහැ. මෙවන් තත්ත්වයන් මත ඇතැම් නිලධාරීන් පොලිස් සේවය අතහැර ගිය අවස්ථාත් තියෙනවා.

මෙයට අමතරව සංස්ථා සභාපතිවරු ඇතුළු තවත් ප්‍රභූන් යැයි කියන පිරිස් වෙතත් ඇමැති ආරක්ෂකයන් යොදවා සිටිනවා.” යැයිද හෙතෙම කියා සිටියේය.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

චමුදිතගේ ගෙදරට අසූචි ගහපු වාහනය ආ තැන අහුවෙන්න ළඟයි!

Next Post

චමුදිත දාපු වීඩියෝවේ කොටසක් චමුදිතම රිලීස් කරයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.