• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල යන අය කලාප දෙක ගැන දැනගන්න…

September 1, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
යාල යන අය කලාප දෙක ගැන දැනගන්න…
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ පරිසර කලාපයක් ගැන. ඒ තමයි යාල කලාප අංක 02 පිහිටා තිබෙන දැඩි රක්ෂිතය (Strict nature reserves – S.N.R). රණබිසෝගල, මණ්ඩාලගල වැව, අතුරුමිතුරුවැව හා තලගුලිහෙළ කියන මේ සුවිශේෂ පාරිසරික කලාප යාල කලාප අංක 02 තුළ සැඟව තිබෙනවා. ලංකාව තුළ පවතින දැඩි ස්වභාවික රක්ෂිත තුනෙන් එකක් වන මෙය පහත රට වියළි කලාපයට අයත් එකම දැඩි ස්වභාවික රක්ෂිතයද වනවා. යාල දැඩි ස්වභාවික රක්ෂිතය අනෙක් දැඩි රක්ෂිත දෙක වන හග්ගල සහ රිටිගල මෙන් ජල පෝෂක කඳුකර රක්ෂිතයක් නොවේ. යාල පරිසර කලාපය අක්කර 71,2603ක් පමණ වන අතර, 1908 වසරේදී ජාතික උද්‍යානයක් ලෙසත්, 1938 මාර්තු 01 වැනිදා එය දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙසත් ගැසට් කරනු ලැබුවා.

යාල ජාතික වනෝද්‍යානය කොටස් හයකින් සමන්විත වන අතර, යාල දැඩි ස්වභාවික රක්ෂිතය එම කොටස් හයෙන් වඩාත් වැදගත්ම සහ සංරක්ෂණය අතින් ප්‍රමුඛස්ථානය ගන්නා පරිසර කලාපය ලෙසද සැලකිය හැකියි. මෙම රක්ෂිත භූමියට ඇතුළු වීම සාමාන්‍ය ජනතාවට තහනම් කර ඇති අතර, ඊට ඇතුළු වීමේ අවසරය නිකුත් කරන්නේ පර්යේෂකයන්ට සහ සංරක්ෂණ නිලධාරීන්ට පමණකි. එම පරිසර කලාපයේ පවතින වැදගත්කම එයින්ම පැහැදිලි වනවා. යාල දැඩි ස්වභාවික රක්ෂිතයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතුයි.

මෙම රක්ෂිතය තුළ ගල් කඳු, කඳුවැටි, වැව්, තෘණ බිම්, ලඳු කැලෑ භූමි ආදී භූ විෂමතාවන් සහ විවිධ ස්වභාවික පරිසර පද්ධති රාශියක් පවතිනවා. මෙහි වනාන්තර ආවරණය 65%ක් පමණ වන අතර, 25%ක පමණ තණ පිට්ටනි දැකගත හැකියි. රක්ෂිතයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 10ක් පමණ ඇත්තේ ගල් පර්වතයි. දෙමටගල, මායාගල වැනි ප්‍රකට ගල් පර්වත පිහිටා ඇත්තේද මේ තුළයි.
අතුරුමිතුරුවැව සහ මණ්ඩාගල වැව මෙන්ම මණ්ඩාගල ගල් පර්වතය පිහිටා ඇත්තේද මෙම රක්ෂිත කලාපය තුළයි. මණ්ඩාගල වැවට උතුරු දිශාවෙන් එම ගල් පර්වතයේ එක් ස්ථානයක පෙණ හතක් සහිත නාගයකු කැටයම් කර ඇති මුරගලක් දැකගත හැකියි. මුරගල ආසන්නයේ ගල් සොරොව්වක්ද ඇති අතර, මෙය යාල කලාප අංක 03 කුඹුක්කන්ඔයේ ඇති යෝධ ඇළ මාර්ගය ඔස්සේ අතීතයේ ජලය ගෙන යන්නට ඇතැයි සැලකෙනවා.

යාල දැඩි ස්වභාව රක්ෂිතය අභ්‍යන්තරයේ කුරුන්දම්ආර, වඳුරන්කුලම, කොට්ටකුදාමඑළිය, දෙමටගල, රන්බෙලිය, වැලිකප්පම්ආර, පොකුණු ඇළ ආදී වැව්, පොකුණු සහ ඇළ මාර්ග රාශියක් දැකගන්නට ලැබෙනවා. වසරේ වැඩි කාලයක් වැසි රහිත කාලගුණයක් පවතින මෙහි, පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා වූ කාලය අධික වියළි ස්වභාවයක් උසුලන අතර ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා වූ කාලයේ ඊසානදිග මෝසම් වර්ෂාව පතිත වීම සිදුවනවා.

යාල රක්ෂිතයේ අතීත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී බි්‍රතාන්‍ය පාලකයන් සිය දඩයම් කටයුතු සඳහා යොදාගත් ‘දඩයම් රක්ෂිතයක්’ ලෙස මෙය නම්කර තිබෙනවා. ඔවුන්ගේ පාලන කාලය තුළ සිටම යාල ආශ්‍රිතව ජනාවාස තිබී ඇති අතර, එම ජනාවාසවලින් පැවැත එන ජනතාව අදද එහි තැනින් තැන කුඹුරු වගාවන්හි නිරතව සිටිනු දැකගත හැකිය.

යාල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය තුළ පුරාවිද්‍යා ස්මාරක, වෙහෙර විහාර, ගල් ලෙන් ඇතුළු නටබුන් රාශියක් අදටද දැකගත හැකියි. ඒවා 04 වැනි සියවසට අයත් බවට පුරාවිද්‍යා පර්යේෂකයන් තහවුරු කර තිබෙනවා. මීටර් 577ක් උස දෙමටගල නමැති ගල් පර්වතයක්ද ඊට අයත් අතර, එහි ගල් ලෙන් දෙකක් දැකගත හැකියි. ඒවා ලෙන් විහාර ලෙස භික්ෂුන් වහන්සේලා භාවිතයට ගත් බවට සාක්ෂිද හමුවී ඇත. එම ලෙන් තිස්ස නමැති ගම්පතියකු විසින් එකල පූජා කළ බව දැක්වෙන ශිලා ලිපියක්ද සොයාගෙන ඇත. කොටාදැමූහෙල නමින් හැඳන්වෙන මීටර් 137ක් උස ලෙනක්ද සොයාගෙන ඇති අතර, එය කරවූ තැනැත්තන් පිළිබඳ සඳහන් වන සෙල්ලිපි 20ක් පමණ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ විමර්ශනයට ලක්කව තිබෙනවා.

මීටර් 160ක් පමණ උස මණ්ඩාගල කඳුවැටියද එවැනි ඓතිහාසික සාධක රැසක් සහිත ප්‍රදේශයකි. නටබුන් වී ගිය චෛත්‍යයක් සහ ගල් පඩි 52ක් සහිත පියගැටපෙළක්ද එහි දැකගත හැකියි. සෙල්ලිපි 24ක් පමණ හමුවී ඇති අතර, මණ්ඩාගල කන්දේ ඇති ගල් ලෙනක අලියකුගේ පාදයක් කැටයම් කොට තිබෙනවා.

මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් පිරිපුන් සංවේදී පරිසර කලාපයක් වන යාල වනෝද්‍යානය සහ යාල දැඩි ස්වභාවික රක්ෂිතය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේ වගකීමකි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඉන්ධන මිල සූත්‍රය අදත් වැඩ නොකරයි! තෙල් මිල එහෙම්මමයි!

Next Post

වැට් එක අරක්කු බියර්වලටත් වදී! බියර් කෑන් එකක් රුපියල් 30කින් වැඩිවෙයි!

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.