• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරෙ තොටේ මිනිස්සු මැරෙන්නෙ මොකක්ද මේ වෙලා තියෙන්නේ? I Sri Lanka Latest News

October 13, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස් එකේ මැරෙනවා… මහ පාරෙ මැරෙනවා… ගස් උඩත් මැරෙනවා… ගස් යටත් මැරෙනවා…

මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ? බණ කියපු රටක්, බණ ඇහෙන රටක් මේ තරම් විනාශ වෙච්ච රටක් බවට පත්වුණේ කොහොමද කියලා හිතුණු වාර අනන්තයි. අපේ රටේ හැම තැනම දැන් මිනිස්සු මැරෙනවා. පාර තොටේ, බස් රථවල, යන එන අතරමඟදී මිනිස්සු මියයන බව අපට අහන්න ලැබෙනවා. හැටන් ස්ටේෂන් එකේ කෝච්චියක් එනතුරු හිටපු මගියෙක් ආසනයක් මතම මියගිහින් කියලා පහුගිය දවසක අපිම වාර්තා කළා.(Sri Lanka Latest News)

මේ විදියට ජීවිතක්ෂයට පත්වුණේ මස්කෙළිය නල්ලතන්නිය මුල්ගම්පහළ කොටසේ පදිංචිව සිටි පී.එස්. අරුමුගම් නමැති අවුරුදු 70ක් වයස පුද්ගලයෙක් බවයි දැනගන්න ලැබෙන්නේ. ඔහු ජේත්තුවට ඇඳලා, හොඳට සැරසිලා කොහේදෝ යන්න ලෑස්තිවෙලා ඉන්නකොට තමයි නොකියාම මේ අවසන් ගමන යන්න ඔහුට සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි පහුගිය දවසක දැක්කා අනුරාධපුර නවනගරයේ බස් නැවතුමේදී යතුරුපැදියක ආපු පුද්ගලයෙක් මියගිය ප්‍රවෘත්තියක්. ඔහු එහි පුටුවක ඉඳගෙනම මියගිහින් තිබුණා. ඔහු කවුද කියන එක ඒ වෙද්දී හොයාගෙන තිබුණේ නෑ.

ඒ අතරතුර ගහක් උඩ පුද්ගලයෙක්ගේ මෘත ශරීරයක් තිබෙන බව කහටගස්දිගිලිය පොලිසිය විසින් හොයාගෙන තියෙනවා. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි අයෙක් බවයි දැනගන්න ලැබුණේ. බස් රථයක යන ගමන් එක්තරා කාන්තාවක් මියගිය බවත් එක් ප්‍රවෘත්තියක සඳහන් වෙලා තිබුණා. මේ විදියට දිගින් දිගටම පුද්ගලයන් පාරේ තොටේ බස් රථවලද යමින් සිටියදී මියයමින් තිබෙනවා. මේ මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑ, මේ විදියට තැන් තැන්වල මියගිය 10ක් 15ක් විතර මිනිස්සු ගැන මේ කාලවකවානුව තුළදී අපට අහන්න ලැබුණා.

ඔවුන් කිසිම හේතුවක් නැතුව හදිසියේම මියගිය අය. පාරේ තොටේ කොහේ හරි යන එන අතරමඟදී තමයි මේ අය මියගිහිල්ලා තියෙන්නේ. ජීවිතේ හෙට දවස ගැන බලාපොරොත්තු තියාගෙන, ඊළඟ තත්පරේ පිළිබඳ බලාපොරොත්තු තියාගෙන, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් යුතුකම් ගොඩක් ඉතුරු කරගෙන, ඒවා කරන්න බලාපොරොත්තුවෙන් හිටපු මිනිස්සුන්ට මේ විදියට නොකියාම යන්න සිද්ධ වුණා.

ඒගොල්ලෝ එහේ ගිහින් සතුටින් ඉන්නවා ඇති කියලා හිත හදාගන්න එක හැර වෙන මොනවත් අපට ඉතුරු වෙලා නෑ. ඒගොල්ලන්ට එහේ ගිහින් සතුටින් ඉන්න බැරිනම් දුක් වෙන්න තියෙන කාරණාව තමයි හොඳටම දන්නවා අපි ඒගොල්ලෝ මෙහෙ සතුටින් හිටිය නැති බව. රජෙක් හදන්න දරදිය ඇදපු පින් බලෙන් අපට ලැබුණු බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අතරතුර අහිංසක මිනිස්සුන්ට කන්න අඳින්නවත් නැතුව ගිය මොහොතක මේ ඛේදවාචකය ගැන ලියන්න සිද්ධ වීම ගැන කනගාටු වෙනවා.

දැන් අපි හදන්නේ බෙල්ල කපලා හරි අපේ බලාපොරොත්තුව රජ කරවන්න. එයාලා රජවෙනවා නම් හය හත්දෙනෙක් මැරුණත් කමක් නෑ කියලා හිතාගෙන ඉන්න අප්‍රසිද්ධ දේශපාලන කුමන්ත්‍රණ අස්සේ කැලේ කොලේ හැංගි හැංගි සටන් කරපු නෝනාවරු මහත්වරු දැන් ආයෙත් එළියට බැහැලා.

මේ ගතවෙලා යන්නේ සංක්‍රාන්තියේ භයානකම කාලය. මිනිස්සු හුස්ම ඉල්ලනවා. බලාපොරොත්තුත් එක්ක මිනිස්සු පොදි බඳිනවා. ඒ අස්සේ බස්වල පාරේ තොටේ අතරමඟදී මිනිස්සුන්ගේ මෘත ශරීර මුණගැහෙනවා. ඒ කාගෙද? අපේ අම්මලාගේ තාත්තලාගේ අපේ සීයලාගේ ආච්චිලාගේ, අපේ මිනිස්සුන්ගේ, අපි ආදරේ කරපු අයගේ, අපිට ආදරේ කරපු අයගේ, අපි වෙනුවෙන් ජීවිතේ හොයාගෙන අපි ළඟට ආපු මිනිස්සුන්මයි ඒ විදියට මියගිහින් තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. උත්තරයක් අවශ්‍යයි. ඒ උතත්රේ තියෙන්නේ කොහෙද කියලා තාමත් අපි දන්නේ නෑ.

මේ ලිපිය ලියමින් ඉන්න අතරතුර තවත් මේ වගේම කතාවක් හොයාගන්න ලැබුණා. ඒ තමයි මීගමුවේ ඉඳන් අපේක්ෂා රෝහලට යමින් තිබූ බස් රථයකදී එක්තරා කාන්තාවක් මියගොස් තිබීම. ඇය කවුද කියලාවත් අනන්‍යතාව හෙළිකරගන්න බැරි නිසා තමයි මේ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍යගත කරලා තිබුණේ. මේ අය මේ විදියට මියයන්නේ ඇයි කියන එක වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්න අපි දන්නේ නැහැ.

නමුත් අපට සැක හිතෙන සමහර කාරණා තියෙනවා. මේ වෙද්දී ඖෂධ මිල ඉතා ඉහළ ගිහිල්ලා. ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ගෙදර තියෙන වුවමනාවන්වලට සල්ලි ටික වියදම් කරලා, බෙහෙත් ගන්න එක අතහැරලා දානවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වගේ රෝගවලට ගන්න බෙහෙත් ඒ අය සීමා කරනවා. ඒ වගේම සමහරු භයානක රෝගවලට ලබාගත යුතු ඖෂධ වර්ග සොයාගන්න නැහැ. ඒ නිසා ඔවුන් ඒවා දවසක් හොයලා පස්සේ අතහැර දානවා. දෙවියන් වහන්සේට භාරදෙනවා තමන්ගේ රෝගය සුවපත් කරලා දෙන්න කියලා. කොහෙවත් ඉන්න දෙවියෙක් අපි දිහා බලන්නෙ නැති බව ඒ අයට අමතක වෙනවා. දෙවියෝ බැලුවා නම් අපට මෙහෙම වෙන්නේ නෑ කියන එකත් ඒ අයට අමතක වෙනවා.

ඒ වගේම සමහර රෝගවලට ප්‍රතිකාර ගතයුතුව තිබුණත් ඒවට ප්‍රතිකාර කරන්න, ශල්‍යකර්ම කරන්න පුළුවන්කමක් නෑ. බොහෝ දෙනෙක් බයයි රෝහල්ගත වෙන්න. රෝහල්වල තියෙන්නේ ඉතා අනාරක්ෂිත තත්ත්වයක් නිසා. ඒ නිසා ශල්‍යකර්ම නොකර ඉන්න පුද්ගලයන් හදිසියේ රෝගාතුර විය හැකියි. මේ වගේ කාරණා කිහිපයක් නිසා මේ දේවල් වෙනවා වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ මියයන්නේ අපේ අම්මලා තාත්තා, අපේ සහෝදර සහෝදරියෝ කියන එක මම ආයෙත් කියනවා.

පුළුවන් නම් ඔබට යාබද අසුනේ ඉන්න මනුස්යා ඉන්නේ අපහසුතාවකින්, පීඩනයකින්, ප්‍රශ්නෙකින්ද කියන එක ගැන චුට්ටක් බලන්න. ඔහුගේ අපහසුතාව දුටු තැනදී 1990 වගේ සාධනීය කාරණාවකින් උදව්වක් ඉල්ලගන්න. ඒ අය හැකි ඉක්මනින්ම ඇවිල්ලා ප්‍රතිකාර කරාවි. මෘත ශරීරයක් වෙනකල් ඉන්නෙ නැතිව, මනුස්සයෙක් වෙලා ඉන්න කාලෙ ඔබත් මනුෂ්‍යයෙක් විදියට ඔහුට උදව් කරන්න.

පණ නැති මළ සිරුර ළඟ පණ තියෙන මළ සිරුරු නොවී, අපි ඔක්කොම අපේ ජීවිත පරිස්සම් කරගෙන මේ ගමන යමු. මේක නරක කාලයක්. ඒත් අපි දන්නවා මේක හරි භයානක කාලයක්. ඒකත් අපි දන්නවා. කාට කොයි වෙලාවේ කොහේ යන්න වෙයිද කියලා නොදන්නා ලෝකෙක අසරණ වෙච්ච අපට දේශපාලනික වශයෙන් කෑලි කෑලිවලට බෙදිලා කුලල්කාගෙන, අනෙකාගේ පුංචි දෙයක් දැකලා ඔහුට කුඩු වෙන්න ගහලා, අසරණ කරලා, පහරදීලා, ආතල් ගන්න එක වෙනුවට මිනිස්සු විදියට හිතන්න පුළුවන් කාලයක් උදා වුණොත් මේ රට මීට වඩා ලස්සන වෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

2023 පොත් සල්පිලේ සාරාංශය මෙන්න I Sri Lanka Latest News

Next Post

බොරු ලේඛන හදලා! තවත් චෝදනා රැසක්! කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.