• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන්ගේ උපන්දිනේට යාපනේ උසාවියෙන් දුන්නු නියෝගය…

December 8, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ප්‍රභාකරන්ගේ උපන්දිනේට යාපනේ උසාවියෙන් දුන්නු නියෝගය…
Share on WhatsAppShare on Facebook

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් නිවේදනය කරනු ලැබූ මහවිරු සැමරුම් කාලය සමය පිළිබඳව මෙරට බොහෝ දෙනකු තුළ ඇත්තේ අඳුරු මතකයකි. තිස් වසරක් පුරා පැවැති යුද සමය පුරාවටම මහවිරු සැමරුම් සමය තුළදී තම ප්‍රහාරයන් දැඩි කිරීමට එල්. ටී. ටී. ඊ.ය පියවර ගනු ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය මුලිනුපුටා දමා වසර කිහිපයක් ගතව ගොස් ඇති වර්තමානය වන විටද, මහවිරු සැමරුම සම්බන්ධ කතාබහ අවසන්ව නොතිබීම විශේෂත්වයකි. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් මහවිරු සැමරුම පැවැත්වීම සඳහා වෙන් කර ඇත්තේ සෑම වසරකම නොවැම්බර් 26 වැනිදා සහ 27 වැනිදාය. එසේම නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ලෙස නම් කිරීමටද එල්. ටී. ටී. ඊ.ය කටයුතු කර තිබිණි.

ඒ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබීම සහ එල්. ටී. ටී. ඊ. මුල් පෙළේ සාමාජිකයෙකු වන ශංකර් ආරක්ෂක හමුදා ප්‍රහාරයකින් මියගියේ නොවැම්බර් 27 වැනිදා වීම නිමිති කර ගනිමිනි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය වූ 2009 වසරේ සිටද සෑම වසරකම මහවිරු සැමරුම් සමය තුළ මෙරට දේශපාලනය උණුසුම් විය. එතැන් පටන් මහවිරු සැමරුම් පැවැත්වූයේ යුද්ධයේදී මියගිය එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ඇතුළු දමිළ ජනතාව සිහිපත් කිරීමේ උත්සවයක් ලෙසිනි. එසේ වුවද, තහනම් සංවිධානයක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම නීති විරෝධී කටයුත්තක් බව ශ්‍රී ලංකා රජයේ අදහස විය.

නමුත් යාපනය විශ්වවිද්‍යාලය ඇතුළු උතුරේ බොහෝ ස්ථානවල සෑම වසරකම මහවිරු සැමරුම් පැවැත්වීම නතර කිරීමට මේ දක්වා නොහැකි වී ඇත.මේ වසරේද මහවිරු සැමරුම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග බොහෝය. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු, නැඟෙනහිර අධිකරණ හරහා මහවිරු සැමරුම් පැවැත්වීමට එරෙහිව වාරණ නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේ ඒ අනුවය.

යාපනය සහ මුලතිව් ප්‍රදේශවල දින 14ක කාලයක් මහවිරු සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් වාරණ නියෝග නිකුත් කිරීමට යාපනය සහ මුලතිව් අධිකරණ කටයුතු කළ අතර මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට චාවකච්චේරි අධිකරණයද කටයුතු කර තිබිණි. එමෙන්ම ත්‍රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඬේ, උච්චවේලි සහ නිලාවැලි යන පොලිස් බල ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් නියෝග නිකුත් කිරීමට ත්‍රිකුණාමල මහාධිකරණය කටයුතු කළේ ඉකුත් 26 වැනිදාය. ඒ අතර මඩකලපුව අධිකරණය මගින්ද මහවිරු සැමරුමට එරෙහිම තහනම් නියෝග නිකුත් කර තිබිණි.

එසේ වුවද, මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් උතුරේ දේශපාලනඥයන්ගෙන් මතුවන ආකාරයද දැක ගත හැකි විය. ඒ සඳහා මෙවරද පෙරමුණ ගත්තේ දෙමළ ජනතා සන්ධානයේ මහලේකම් එම්. කේ. ශිවාජිලිංගම් මහතාය. උතුරේ මහවිරු සමරු පැවැත්වීම අත්හිටුවමින් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය පෙත්සමක් ගොනු කිරීමට ශිවාජිලිංගම් මහතා කටයුතු කළ අතර එහිදී ඒ මහතා සඳහන් කළේ පොලිසිය වාරණ නියෝග ලබා ගෙන ඇත්තේ අධිකරණය වැරැදි තොරතුරු ලබා දෙමින් බවය.

ලෝකයේ ඕනෑම රටක මියගිය මිනිසුන් සිහි කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් ඇති බවද සිහිපත් කළ ශිවාජිලිංගම් මහතා මේ වාරණ නියෝග හරහා දෙමළ වැසියන් විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අභියාචනා ඉදිරිපත් කරන අතරවාරයේ දෙමළ වැසියන් සමඟ එක් වී තමන් මහවිරු සැමරුම් සිදු කිරීමටද කටයුතු කරන බවය.

කලක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මියද මේ පිළිබඳව තම අදහස් දක්වා තිබිණි. ඇය සඳහන් කර තිබුණේ දකුණේ ඉල්මහ විරුවන් සැමරීමට ඉඩ ලබා දෙන ආණ්ඩුව උතුරේ දෙමළ මහවිරුවන් සැමරීමට බාධා කිරීම අනුමත කළ නොහැකි බවය.

“ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මියගිය සටන්කාමීන් සමරන්න ඉඩ දෙන රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කර මියගිය අපේ ඥාතීන් සිහිකරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙන්නේ නැත්තේ ඇයි කියා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.”

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ස්කන්ධරාජා සඳහන් කර තිබුණේ එසේය.

ඒ අතර මහවිරු සමරු වළකාලීම සඳහා කලින් ලබා දී තිබූ වාරණ නියෝගය සංශෝධනය කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා කටයුතු කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. එම සංශෝධිත තීන්දුව ලබාදී තිබුණේ මුලතිව් දිස්ත්‍රික්කය තුළ මහවිරු සමරු තහනම් කරමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. පොලිස් ස්ථාන හතකින් ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බලා මුලතිව් දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාධරයින් ඇතුළු 70කට ආසන්න පිරිසක් සඳහා ඒ ආකාරයෙන් තහනම් නියෝග නිකුත් කර තිබූ අතර පසුව සංශෝධනය කර තිබුණේ එම තහනම් නියෝගයන්ය.

තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා සිටි පෙත්සමේ වින්දතයන් වෙනුවෙන් නීතිඥ කේෂවන් සයන්තන්, එස්. සයන්ජන්දන්, වී. එස්. නිතියනන්දරාසා සහ කේ. ගනේෂ්වරන් යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ කේසවන්තන් සයන්තන් මහතා ප්‍රකාශ කළේ විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය එහි මානුෂීය ස්වභාවය සලකා බලමින් විරු සමරුවට එරෙහිව පනවා තිබූ වාරණ නියෝග සංශෝධනය කළ බවය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ කිලිනොච්චි මහාධිකරණයේ මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබුණේ පොදු ස්ථානවල හැර ආගමික් ස්ථානවලදී පහන් දල්වා මියගිය වුන් සිහිකළ හැකි බවය. ආගමික සිද්ධස්ථානවල මහවිරු සතිය සැමරීම වළක්වන ලෙස ඉල්ලා පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීම් නොසලකා හැරීමට මන්නාරම් මහාධිකරණයද කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මහවිරු සතිය සැමරීම වැළැක්වීම සඳහා කුමන ආකාරයේ උත්සායක් ගත්තද, උතුරු නැඟෙනහිර ස්ථාන කිහිපයකම සැමරුම් පවත්වා ඇති බවද මාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඒ අතරින් වැඩිම පිරිසක් සහභාගි වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති මහවිරු සැමරුම සඳහාය. එහිදී මියගිය පුද්ගලයන් වෙනුවෙන් නිහඬතාවයක නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් ඒ අවට විනාඩි 45ක පමණ කාලයක් රැඳී සිටි බවද සඳහන්ය. එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ රහසිගත ස්ථානයකදී වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 67 වැනි උපන්දිනය සමරමින් කේක් කැපීමට යම් පිරිසක් කටයුතු කළ බවද වාර්තා විය. ඒ සම්බන්ධ ඡායාරූප පවා මාධ්‍යයට නිකුත් වී තිබිණි.

නන්දිකඩාල් කලපුවේදී මෙන්ම මුලතිව් අවට හින්දු කෝවිල් කිහිපයකදීම මහවිරු සමරුව පැවැත්වීමට යම් යම් පිරිස් කටයුතු කර ඇත. මුලතිව් වෙරළ ආසන්නයේදී මහවිරු සැමරුමට එක් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී අවට සිටි පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර පසුව පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ පහරදීමක් සම්බන්ධයෙන් වන බවය.

මහවිරු සැමරුම් තහනම් කර තිබියදී යාපනය වේලනෙයි ප්‍රදේශයේ සුසාන භූමියක සැමරුමක් පැවැත්වීමට යාමේදී ඊට එරෙහි වූ පොලිසියට ජනතාවගෙන් විරෝධය එල්ල වී තිබිණි. මෙවැනි පසුබිමක මහවිරු සැමරුම පැවැත්වීම සඳහා උද්‍යානයක් වෙන් කිරීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කිරීමද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සිදුවීමක් විය. ඒ සඳහා පොදු ස්ථානයක් වෙන් කරන ලෙස නගර සභාවෙන් ඉල්ලා තිබුණේද එම්. කේ. සිවාජිලිංගම් මහතාය.

පොලිසිය විරුද්ධ විය හැකි බැවින් පළමුව ඊට විරුද්ධ වූ නගර සභාව පසුව පැවැති නගර සභිකයන්ගේ විශේෂ රැස්වීමකින් අනතුරුව වැල්වැටිතුරේ තීරුවිල් උද්‍යානය ඒ සඳහා වෙන් කිරීමට තීරණය කළේය. කෙසේ නමුත් එම උත්සවය පැවැත්වීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදී තිබුණේ නැත. එහෙත් ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවද සඳහන්ය.

උතුරු පළාතේ ස්ථාන කිහිපයක පැවැත්වීමට සූදානම් වූ මහවිරු සැමරුම් රාශියක් වැළැක්වීමට මේ අතරතුරේදී පොලිසිය සහ ආරක්ෂක හමුදාව පියවර ගෙන තිබිණි. එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ මෘතදේහ තැන්පත් කළ සුසාන භූමි අසලට පසුගිය දින කිහිපය පුරා දැඩි ආරක්ෂාවක් යොදා තිබුණේ මහවිරු සැමරුම් වැළැක්වීම උදෙසාය. යාපනය කෝපායි, වේලනෙයි චාටි මෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදීද මේ ආකාරයෙන් සැමරුම් උත්සව පවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට පාර්ලිමේන්තුවේ සිට සුබ පැතුම් එක් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කටයුතු කිරීම දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් ප්‍රභාකරන්ට සුබ පැතීමට කටයුතු කළේ අයවැය විවාදයට සම්බන්ධ වෙමිනි. මොන ආකාරයේ නීතිමය බාධාවන් පැවතියද උතුරේ බොහෝ දෙනකු තම මියගිය නෑ හිතවතුන් සිහි කිරීමට උත්සාහ දැරූ බව මේ අනුව පැහැදිලිය.

එමෙන්ම ඒ බොහෝ අවස්ථාවල අධිකරණය ලබා දුන් තීන්දුව අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සලකුණු භාවිතා නොකිරීමටද ඔවුන් වගබලා ගෙන තිබිණි. කොයි හැටි වෙතත් මහවිරු සැමරුම් හරහා රටේ සංහිඳියාව පලුදු කර නොගැනීම අප කාගෙත් යුතුකම වන බවද මතකයේ තබා ගත යුතුය.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පොළොව පලාගෙන යන මහා බොරුව! (VIDEO & PHOTOS)

Next Post

අස්ගිරි මහනාහිමියෝ ඉම්රාන් ඛාන්ට ලියුමක් යවයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.