• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උමාරාගේ දරු දුක වේදිකාවේදී හඬා වැටෙයි! කවුරුත් නොදන්න #NOගුටි එළියට එයි!

March 2, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
උමාරාගේ දරු දුක වේදිකාවේදී හඬා වැටෙයි! කවුරුත් නොදන්න #NOගුටි එළියට එයි!
Share on WhatsAppShare on Facebook

‘එදා මගේ අම්මා සහ තාත්තා මගේ ළඟ හිටියේ නැත්නම් අද මම මානසික ලෙඩෙක් වෙලා. ඒහෙම වුණානම් අද නරක ජීවිතයක් හරි ජරා ජීවිතයක් හරි ගතකරන්නට තිබුණා. මේ වේවැල කියන එක මම තරයේ හෙළාදකිනවා. ඒක මට හරිම සංවේදී මාතෘකාවක්… කියමින් ඇය කඳුළු සලන්නට වුණා.

‘ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් මට ඉන්නේ. පාරේ යනකොට මගේ දරුවාගේ මූණට කෙළ ගහලා තියෙනවා. බබා කෑගහන හින්දා මොන්ගල් ළමයෙක්, අසනීප ළමයෙක් කියලා කියල තියෙනවා, කුණුහරුපෙන් බැනලා තියෙනවා. සුපර් මාර්කට් එකේදි මැට්ටෙක් මන්දබුද්ධික ළමයෙක් කියලා තියෙනවා. මම මේ දරුවන්ගේ කිසි වෙනසක් දකින්නේ නැහැ. ඒ ළමයිනුත් සාමාන්‍ය අය’ අපි මේක නවත්වන්න ඕනේ. මම සාමාන්‍යයෙන් කතාකරන්න කැමති නැහැ. මම ගායනය පැත්තෙන් තමයි පෙනී සිටින්නේ. නමුත් මම ඉතා කෙටියෙන් කියන්නම්.

කුඩා කාලයේදි මම මගේ පෞද්ගලික අත්දැකීමක් ගැන කතාකරන්නම්. මම දෙක වසරේ ඉන්නකොට මගේ ගුරුවරයා තවත් ළමයෙක් කරපු වරදකට මමත් එතැන හිටපු හින්දා වේවැලෙන් දවසක් ගැහුවා. මට එදා ගොඩාක් දුක හිතුණා… හිත රිදුණා. මොකද අපි ගුරුවරයාට ගුරුවරයෙක් කියලා අපිට ගෙදරින් කියලා දීලා තියෙන්නේ ගරුබුහුමන් කළ යුතු පුද්ගලයන් කියලා. ඇය ගුරුවරියක්. ඔබ ඇයට ගරු කළ යුතුයි. එයාලා කරන හැමදෙයක්ම හරි. ඔයාලා එයාලාව අනුගමනය කළ යුතුයි. ඒක තමයි පළවෙනි අඩිය… මම ගෙදර ගියාම මගේ සුදු ගවුමේ අතගාව කිහිල්ල යට රතුපාට පැල්ලමක් තිබුණා. අත ඇතුළේ ඉදිමිලා තිබුණා. ඒක දැකලා මගේ අම්මා ඇහුවා මොකද වුණේ කියලා. ඒතකොට මම අම්මාටයි තාත්තාටයි කිව්වා මට මෙහෙම ටීචර් ගැහුවා කියලා. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. මම එවෙලේ හිතුවා ඒක සාමාන්‍ය දෙයක් කියලා. නමුත් අපේ හිත ඇතුළ ඇත්තටම රිදිලා.

ඊළඟ දවසේ මගේ අම්මා පාසලට ආවා. ගුරුවරියට කතා කළා. ඒ කරන්න තියෙන හොඳම දේ හරියට කළා. නමුත් මම මෙතැනදි කියන්න හදන්නේ එදා මගේ අම්මා සහ තාත්තා මා සමඟ හිටියේ නැත්නම් අද මම මානසික ලෙඩෙක් වෙලා. මම එහෙනම් අද හිරගෙදර හරි නරක ජීවිතයක් උරුම වෙලා. නමුත් මගේ මවුපියෝ එදා දුන්න සහයෝගය නිසා අද මම මෙතැන ඉන්නේ. මේ වේවැල ළමයින්ට ගහන එක තරයේ හෙළා දකිනවා සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට සමාවෙන්න මම මෙහෙම සංවේදී වෙලා කතාකරන එක ගැන. මේ කතාව මට හරිම සංවේදීයි. මට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් සිටිනවා. මගේ දරුවාට කෙළගහලා තියෙනවා. දරුවාට ගහලා තියෙනවා. මේක අපි නවත්වන්න ඕනේ. විශේෂයෙන් අපි දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. අපි ඉදිරියට ගිහිල්ලා දරුවන් වෙනුවෙන් කතා කරන්න ඕනේ. අපි මවුපියෝ වශයෙන් අපිට කතාකරන්න බැරිනම් වැඩක් නැහැ. අපිට අනාගතයක් නැහැ. අපේ දරුවන්ට හොඳ අනාගතයක් නැහැ. අපි හොඳ ලංකාවක් ගැන කතාකරාට අපේ මිනිස්සු දරුවන්ට කැත විදියට සලකනවානම් ඔවුන්ට ආදරය, සෙනෙහස, කරුණාව, සංවේදී බව නැත්නම් අපේ දරුවන් අපිට ආරක්ෂා කරන්නට බැහැ. මේ නිසා අපේ රට සෞභාග්‍යමත් රටක් වෙනවා. අපි අදින් පටන්ගන්න ඕනේ. අද සිට මේක අනිවාර්යයෙන් නවත්වන්න ඕනේ. එක්කෙනෙක්ට මේක ගැන කතාකරලා ඉදිරියට යන්න පුළුවන්නම් අපිට ටිකෙන් ටික මේ දේවල් රැස්කරන්නට පුළු‍වන්… සුබ දවසක්…

දරුවන්ට වන හිංසනයට විරුද්ධව උමාරා කතාකරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසකගේ කතාබහට ලක්වුණා. මේ කතාබහ පිළිබඳව කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක පළවී තිබුණේ නැහැ. නමුත් උමාරාගේ හැඟුම්බර කතාව පමණක් කැපී පෙනෙන ලෙස බොහෝ සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව තිබුණා. එයින් අපට පෙනී යන්නේ මේ කතාබහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට වුවමනාවක්, අවශ්‍යතාවක් නොමැති බවයි. අප ‘මව්රට’ පුවත්පත මේ පිළිබඳව සොයා බලන්නට වුණා.

එසේ සොයා යන විට අපට දැනගන්නට ලැබුණේ දරුවන්ට වන හිංසනයට විරුද්ධව සමාජ මාධ්‍ය නාලිකාවක්ද දියත් කර ඇති බවයි. ඒ NO .=á leïfmaka Stop Child Cruelty යනුවෙන් දරුවන්ට වන හිංසාවන්ට තිත තබන්නට ගොඩනැඟූ සංවිධානයේ සමාරම්භක උත්සව අවස්ථාවේ උමාරා සිංහවංශ රටට කියූ හැඟුම්බර කතාව බවයි. මේ සඳහා කලාකරුවන් කිහිපදෙනෙකු සහභාගිවූ නමුත් උමාරා සිංහවංශ මහත්මිය උත්සවය අමතන කතාබහක් සමාජ මාධ්‍යයට එක්කරමින් බොහෝ ‘යු-ටියුබ්’ අඩවි දක්වා සිටියේ ඇගේ හැඟුම්බර වීමයි. අනෙකුත් කලාකරුවන් පිළිබඳව කිසිදු සටහනක් වේදිකාවේ ඇමතීමක් අපට දැකගන්නට ලැබුණේ නැහැ. මෙයින් පෙනෙන්නේ අපේ රටේ මාධ්‍ය කොතැනද තියෙන්නේ කියලා අපට හිතාගන්න බැහැ. ඇත්තෙන්ම අපේ රටේ දරුවන්ගේ හිංසනයට විරුද්ධව නැඟී සිටීමේ කටයුත්තට මුලසුන ගෙන ක්‍රියාකිරීම පිළිබඳව කලාකරුවන්ට ස්තුතිවන්ත විය යුතුයි. උමාරා ධෛර්යවන්ත කාන්තාවක් කියා අපට කියන්නට පුළු‍වන්. ඇගේ දරුවා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙද්දි සත්‍යයට මුහුණදී මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ශක්තිමත්ව මුහුණදීම ගැන ඇය සමාජයට ප්‍රකාශ කර සිටියේ මෙවැනි දරුවන් වෙනුවෙන් ලබාදිය යුතු ආදරය, කරුණාව කොතරම්ද යන්නයි.

මේ සඳහා මුලසුන ගෙන ක්‍රියා කළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වශයෙන් පෙනී සිටින වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියයි. ඇය එදච ජයසකා ජරමැකඑහ සංවිධානයේ නිර්මාතෘවරිය වගේම දිවංගත අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණියයි. ඇය සමග කලාකරුවන් වන සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, නිරංජනි ඔටාරා ගුණවර්ධන, විසකේෂ් චන්ද්‍රසේකර, හරිත් විජේරත්න, ආදිත්‍ය වැලිවත්ත, අභිෂේකා ප්‍රනාන්දු, කෞෂාල් රණසිංහ යන කලාකරුවන් නායකත්වය ගෙන කටයුතු කරයි. භධ ගුටි කැම්පේන් අහිංසක දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගොඩැනැඟූවක් වේ. මේ සංවිධානය පිහිටා තිබෙන්නේ නො. 115, කින්සි පාර, බොරැල්ල යන ලිපිනයේ. පසුගිය පෙබරවාරි 21වනදා තමයි මෙය ආරම්භ කෙරුණේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර නව උදාවක් 2022 යනුවෙන් නම් කර තිබුණා. මේ උත්සව අවස්ථාවේ දිස්වූ ප්‍රචාරක තේමා පාඨ කිහිපයක්

‘දඬුවමෙන් තොර අධ්‍යාපනයක් සුරකිමු’
‘නිදහස් අධ්‍යාපනය දඬුවමෙන්ද නිදහස් විය යුතුයි.’

තුෂ් වික්‍රමනායක මහත්මිය මේ Stop Child Cruelty සංවිධානය ආරම්භ කළේ ඇගේ දියණිය ලංකාවේ ජාත්‍යන්තර පාසලකදී මුහුණ දුන් ශාරීරික දඬුවමකට එරෙහිව සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන්. ඇය අප රට නියෝජනය කරමින් යුනිෂෙප් ළමා යොවුන් ගෝලීය සම්මේලනයේදි කියා සිටියේ සමාජය දරුවන්ට සලකන ආකාරය පිළිබඳව. අවුරුදු 30ක් තිස්සේ කුරිරු යුද සමය තුළ ප්‍රචණ්ඩත්වය අත්විඳිමින් හැදී වැඩුණේ. අවුරුද්දක් ඇතුළත ලිංගිකව අපයෝජනය ළමා ආරක්ෂාව අර්බුදයක් වෙලා. මමත් මේ කාර්ය වෙනුවෙන් ඇගේ අවුරුදු 11ක දියණිය ශාරීරිකවත්, ලිංගිකවත් අපයෝජනය වීම හේතුවෙන්.

ඇත්තෙන්ම ආබාධිත දරුවන්ට ආදරය, කරුණාව ලබාදිය යුතුයි. ආබාධිත දරුවන් කොන්කරන විට දරුවන් දිහා සමාජය අමුතු විදියට බලනකොට මවුපියන්ට දැනෙන වේදනාව දන්නේ එවැනි දරුවන් ඉන්න මවුපියන්ට විතරයි කියලයි මට නම් හැඟෙන්නේ. ගුරුවරු දරුවන්ව මානසිකව වට්ටන අවස්ථාද නැතුවා නොවේ “ලියාගන්න බැහැ” කියවාගන්න බැහැ” පාසල් වැඩ දුර්වලයි “මේ ආදී වශයෙන් කියලා මානසිකව හිංසා කර තම දරුවාට මුළු පාසලම අප්‍රසන්න තැනක් බවට පත්කරන ගුරුවරු මේ සමාජයේ ඉන්නවා සමහර අවස්ථාවලදි මවුපියන් ගුරුවරුන්ගේ පැත්ත අරන් දරුවන්ට බනිනකොට දරුවන් හරිම අසරණ තත්ත්වයට පත්වෙන අවස්ථාද තිබෙන බව අපට දැකගන්නට ලැබෙනවා. ගුරුවරයාගේ පරම වගකීම වන්නේ අකුරු ඉගැන්වීමේදී දක්ෂ-අදක්ෂ, දුප්පත්-පොහොසත් භේදයක් නැතිව සෑම දරුවෙක්ටම සමානාත්මතාවයෙන් කටයුතු කර යහපත් පුරවැසියන් රටට දායාද කිරීම නොවේද? මේ බව ගුරුවරු යළි යළිත් සිතා බැලිය යුතුයි. ඇත්තටම අද සමාජයේ කුඩා දරුවනට වන හිංසනය ගැන කතාකරන විට පසුගිය මාස 16 ඇතුළත අපේ රටේ දරුවෝ දහදෙනෙක් ශාරීරිකව වගේම ලිංගිකවත් අපයෝජනය කරලා මරා දමා ඇතිබවටයි සංඛ්‍යාලේඛන වාර්තා කර සිටින්නේ. ඇයි මෙහෙම දරුවන්ට හිංසා වෙනකන් අපේ රටේ මිනිස්සු බලන් ඉන්නේ? වැඩිහිටියන් නොදැනුවත්වම දරුවන්ව ගෙදරදි අපයෝජනය කරනවා.

දරුවන් කියන්නේ මල් වගේ. අප ඔවුන්ව හදා වඩා ගැනීම පමණක් සෑහෙන්නේ නැහැ. රැකබලාගෙන සමාජයට උරුම කිරීම සෑම මවුපියෙකුගේම වගකීමක්. දිනෙන් දිනම ළමා අපයෝජන, මිනීමැරුම් ගැන විද්‍යුත් මුද්‍රිත වගේම සමාජ මාධ්‍යයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් මෙවැනි සිදුවීම් අඩුවීමක් දක්නට ලැබීම වෙනුවට අපට දවසින් දවස දක්නට ලැබෙන්නේ මෙවැනි අපචාරවල වැඩිවීමකි. මේ බව දිනපතා ප්‍රවෘත්ති පුවත්පත් මගින් බොහෝ සිදුවීම්වල වාර්තාවීම් සාක්ෂි දරනවා.

මේ අතර දරුවන්ට පහරදීම්, වධහිංසා පැමිණවීම, ලිංගික අපයෝජනය සිදු කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම, දරුවන් නොසලකා හැරීම, සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම්, ගණිකා වෘත්තියේ යෙදවීම හා දරුවන්ට පෝෂණය, ආරක්ෂාව නොදීමෙන් දරුවන්ගේ අනාගත අඳුරුවන අවස්ථා බොහෝයි.

සමහර මවුපියන් දරුවන්ට අසභ්‍ය වචනයෙන් බනිනවා ගහනවා. නමුත් මේ දරුවන් මවුපියන්ට, සමාජයට වෛර කරනවා. ඒ මවුපියන් කවදාවත් හිතන්නේ නැහැ අපි මේ ප්‍රචණ්ඩකාරී දරුවන් අනාගතයට දායාද කරන්නේ කියලා. දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් හොඳ නරක කියා දිය යුතුයි. එතකොට තමයි මවුපියන්ට, සමාජයට ගරුකරන පුද්ගලයින් වගේම නිරෝගිමත් දරුවන් අනාගතයට දායාද වන්නේ. ළමා පරපුර ආරක්ෂා කළොත් තමයි රටට යහපත් දරු පරපුරක් බිහිවන්නේ. රජයක් විදියට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපරිම සුරක්ෂිතතාවයක් ඇතිකළ යුතුයි. මේ දරුවන් රටක අනාගතය වගේම අපේම දරුවන් ඔවුන්. වෙනුවෙන් නැඟී සිටිය යුතුයි. පාසල්වල ගුරුවරු දරුවන්ට අධ්‍යාපනය වගේම ජීවිතයත් එපාකරවන අවස්ථා අනන්තයි. රජයක් විදියට ගුරුවරුන්ට දරුවන්ගේ මනසේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පුහුණු පාඨමාලා දියත්කළ යුතුයි. එහෙම වුණොත් තමයි දරුවන් ආශාවෙන් අධ්‍යාපනයට යොමුවන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ක්‍රම 4ක් යටතේ දරුවන් අපයෝජනය වන බවයි. ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය, ලිංගික අපයෝජනය, නොසලකා හැරීම මේ පීඩනයන් තම පවුල තුළින්ම සිදුවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මවුපියන් නොදැනුවත්වම.

‘ඔයා කරපු දඟවැඩ ඔක්කොම මම තාත්තා ආවාම කියන්නම්, තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි’ කියලා අපි කුඩා කාලේ දරුවන්ව බයකරනවා.
නමුත් අම්මලා කවදාවත් හිතන්නේ නැහැ මේ තමන් කරන්නේ වරදක් බව. ඒ සරල වචනයෙන් දරුවන් අපයෝජනයකට ලක්වන්නේ තමන්ගේ තාත්තා එනකන්. දරුවා පසුවන්නේ තම අම්මා කියූ තර්ජනාත්මක වැකිය ගැන සිතමින්. ඒ නිසා දැඩි මානසික පීඩනයක් සිත තුළ සිරකරගෙන දවස ගෙවන බවයි. මනෝ වෛද්‍යවරුන් පවසන්නේ ඒ තමන්ගේ තාත්තා ඇවිත් මොන දඬුවමක් තමන්ට දෙයිදැයි පැය ගණනාවක් සිතේ කැකෑරෙන මානසික පීඩනයෙන් සිටින බවයි. වෛද්‍ය එන්. කුමානායක මහතා පවසා සිටින්නේ මෙවැනි දඬුවම් දරුවන්ගේ අනාගතයේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපාන බවයි. අපේ රටේ බොහෝ දෙනෙකුගේ මුල්බැසගත් මතයක් වන්නේ ‘ගහලා හැදුවේ නැත්නම් අපිට ළමයින්ව හදන්න වෙන්නේ නැහැ’.

‘හැඳි ගාලා හදන හොද්දයි හැඳි නොගා හදන හොද්දයි වැඩක් නැහැ’ කිව්වේ ඉස්සර. අපි මෙයට තිත තබමු.

අපි දරුවන්ට දෙන්න ඕනේ ආදරය. 21 වෙනි ශතවර්ෂයට ප්‍රචණ්ඩත්වයෙන් තොර නව උදාවක් දායාද කරමු.

නිලන්ති රේණූකා

SendShareShare
Previous Post

පෙට්‍රල් ෂෙඩ්වල කලබල ඇතිවෙන්න පුලුවන්! හැම ෂෙඩ් එකකටම පොලිසියෙන් දාන්න! පොලිස්පති කාර්යාලයෙන් නියෝගයක්!

Next Post

යුක්රේනයෙන් ලංකාවට සුද්දෝ ගෙන්නපු රාජපක්ෂගේ මස්සිනා යුද්ධයත් එක්ක එළියට එයි! මාර කතා ටිකක් කියයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.