• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කන්න නෑ! බොන්න නෑ! කරන්ට් නෑ! වතුර නෑ! යන්න එන්න විදිහක් නෑ! තෙල් නැතිවුණොත් ලංකාවට දුවන්න වෙන හැටි මෙන්න!

February 2, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
වියදම් සීමා කරන්න තෙල්වලට සලාක ක්‍රමයක්! කෑමවලට කූපන්!
Share on WhatsAppShare on Facebook

‘තල්මසුන් නැති වුණොත් මොකද වෙන්නෙ?’ මෙවැනි ප්‍රශ්නයක් ඔබට නම් කිසිමදාක ඇති නොවුණ බව සහතිකය. ඔබට පමණක් නොව මේ ලෝකේ ජීවත් වන මිලියන 7000ක් පමණ වන ජනතාවගෙන් කිසිවෙකුට මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවූ බව පැහැදිලිය. ඒත් මීට සියවස් දෙකකට පමණ පෙර, එනම් ගල්අඟුරු සොයාගැනීමට පෙර යුරෝපයේ මිනිසුන්ට තදින්ම බලපෑ ප්‍රශ්නයක් වූයේ, නිතර නිතර කල්පනා කළ ප්‍රශ්නයක් වූයේ ඉහත සඳහන් කළ තල්මසුන් නැති වුණොත් මොකද වෙන්නේ? යන්නය.
මේක නම් පුදුම ප්‍රශ්නයක් යැයි ඔබට සිතෙන්න පුළුවන් නොව සිතනවා සිකුරුය. ඒත් ඒ ඔබ ඉතිහාසය ගැන නොදන්නා නිසාය. මේ කියන 18 වැන සියවසේ මුල් භාගයේ යුරෝපයේ මිනිසුන් ඉට්පන්දම් නිපදවා ගත්තේ තල්මස් තෙල් භාවිතයෙනි. ඉටිපන්දම් සඳහා තිබුණ අසීමිත ඉල්ලුම සපුරාගනු පිණිස තල්මසුන් දඩයම ජයටම සිදුවුණු අතර ඒ නිසා නුදුරේදීම තල්මසුන් වඳවී යනු ඇතැයි බියක් පළ විය.

තල්මසුන් නැති වුණොත් ඉටිපන්දම් නැති වෙනවා. ඉටි පන්දම් නැති වුණොත් අපිට අඳුරේ සිටීමට සිදු වෙනවා.ඒ කියන්නේ මුළු යුරෝපයම අඳුරේ
මේ කතාව ඔබ ඇතැම් විට විශ්වාස නොකළ හැකිය. එහෙත් යුරෝපා ඉතිහාසය සහ එහි මිථ්‍යා භීතීන් ගැන සොයා බලන කෙනෙකුට මෙවැනි කතා සිය ගණනක් වුව සොයා ගත හැකිය.

මේ තල්මස් කතාව මගේ සිහියට ආවේ ඉන්ධන නැති වුණොත් කුමක් වෙයිද කියන ප්‍රශ්නය දැන් අපි හැමෝටම තිබෙන නිසාය. ඒ නිසා දැන් ලංවිම සභාපතිවරයාට, විදුලිබල ඇමැතිවරයාට වඩා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශ ප්‍රධාන පුවත් බවට පත්වන අතර ඔහුගේ ප්‍රකාශය දෙස බලා සුසුම් හෙළීමට හෝ හිත හදා ගැනීමට දැන් අපට සිදුව ඇත්තේය. ඒ විදුලිය කප්පාදු කරන ලෙස අවසර ඉල්ලමින් විදුලිබල මණ්ඩලය විසින් දෛනිකව සිදුකරන ඉල්ලීම සම්බන්ධයෙන් දැන් අවසන් තීන්දුව දෙන්නේ මහජන උපයෝගී කොමිසම නිසාය.

ඒ කියන්නේ දැන් රටේ ආර්ථික හා සමාජයීය ආදී සමස්ත ක්‍රියාවලියේ සුක්කානම ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා අතේය. ඔබ මේ ගැන මොහොතක් හෝ කල්පනා කළේ නැති නම් විදුලිය හා බද්ධ වී ඇති ඔබේ සකලවිධ ක්‍රියාකාරීත්වය ගැන සරල විමසුමක් කර විදුලිය නැති වුණොත් ඔබට අත්විය හැකි ඉරණම ගැන මොහොතක් කල්පනා කර බලන්න.

දැන් පපුව සීතල වී පිස්සු වැටෙනවා නේද?

19 වැනි සිවයසේ මුල් භාගයේ යුරෝපයේ ජීවත් වූ මිනිසුන් තල්මසුන් ගැන පෙළුණු භීතියට වඩා සිය දහස් ගණනක් බිහිසුණු භීතියකින් දැන් අපි වෙළී සිටින බව දැන් ඔබට වැටහී යනවාට සැකයක් නැත. ඒ ඉන්ධන සමග අපගේ සමස්ත ජීවිතය විශ්වාස කළ නොහැකි තරම් අතිසංකීර්ණ ලෙස බැඳී පවතින නිසාය. කොටින්ම ඔබට හුස්ම නොගෙන, වතුර නොබී, කුසට ආහාරයක් නොගෙන සිටීමට හිත හදා ගැනීමට පුළුවන් විය හැකිය. එහෙත් ජංගම දුරකතන බැටරිය බැස ගියොත්!

ජනතාවගේ ගැළවුම්කාරයා කවුද?

දැන් විදුලි බලය නැති වෙන්නේ ඇයි ද කියා ඔබට අලුතින් කියා දිය යුතු නැත. ඒ විදුලිබලය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම දැන් මාස කිහිපයක සිට ලංවිමට උභතෝකෝටිකයක් වී ඇති නිසාය. මේ නිසා අද ලංවිම පත්ව ඇත්තේ ගෙදර ගියොත් අඹු නසී – මග හිටියොත් තෝ නසී පන්නයේ තත්ත්වයකටය.
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන දුන්නොත් විදුලිය දෙන්නම් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ කියන විට ‘ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම්’ ගම්මන්පිල කියන්නේ මේ උභතෝකෝටිකය නිසාය.

ගම්මන්පිල – ලොකුගේ මේ කඹ ඇදිල්ල නිසා දැන් මහජනතාවට ඇති එකම සරණ කොහෙවත් සිට මහජන උපයෝගීතා කොමිසමය. අද ජනතාවගේ එකම ගැළවුම්කාරයා එහි සභාපති ජානක රත්නායකය!

ඉන්ධන නැති ලෝකයක්!

‘තව අවුරුදු කිහිපයකින් ගල් අඟුරු අවසන් වෙනවා’

‘තෙල් සම්පත තියෙන්නේ තව දශක කිහිපයක් දක්වා පමණයි’

මේ අපි 80 – 90 දශකයේ පසල් ගිය යුගයේ ඇසූ සුපුරුදු කතාය. එහෙත් එදා අපි ඒවා ගැන කිසිම තැකීමක් කළේ නැත. එහෙත් දැන් කොළඹ වරායට එන තෙල් නැව් ගැන, ඒවා එන දින ගැන, ගෙන එන ප්‍රමාණය ගැන අපි දිනපතා විමසිලිමත් වන අතර සමස්ත දෛනික කටයුතු මේ පුවත්මත සැලසුම් කර ගැනීමට සිදුවේ.

නැවත අවධාරණය කරමි. ඒ අපේ සමස්ත ජීවිතයම ඉන්ධන මත සම්පූර්ණයෙන් රැඳී පවතින නිසාය. එය ඔබ ගන්නා හුස්මට, ගන්නා බත් කටට වඩා තීරණාත්මක නිසාය. පුදුමයි නේද?

ඉන්ධන සහ විදුලි බලය

ඩොලර් හිඟය නිසා ඉන්ධන නැති වුණොත් හෝ සැපයුම සීමා කළහොත් ඔබට මුහුණ දීමට සිදුවන අලකලංචිය ගැන සරල අවබෝධයක් ලබාදීමට ඉන්ධන සහ විදුලිබලය අතර ඇති සංකීර්ණ සම්බන්ධතාව ගැන දළ අවබෝධයක් ඔබ ලබාගත යුතුය.

තාප විදුලි බලාගාර සඳහා දෛනිකව අවශ්‍යව ඉන්ධන ධාරිතාව (මෙටි්‍රක් ටොන් )
■ සපුගස්කන්ද බලාගාරය සඳහා දෛනිකව දැවිතෙල් මෙටි්‍රක් ටොන් 600 (සපුගස්කන්ද ් දැවි තෙල් – 320 හා සපුගස්කන්ද ඊ දැවි තෙල් – 330)
■ කැලණිතිස්ස ඩීසල් මෙටි්‍රක් ටොන් 900
■ කැලණිතිස්ස චක්‍රීය තාප බලාගාරය ඩීසල් මෙටි්‍රක් ටොන් 820
■ උතුරු ජනනී – දැවිතෙල් මෙටි්‍රක් ටොන් 130
■ කොළොන්නාව – මෙටි්‍රක් ටොන් 105
■ මතුගම බලාගාරය සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 65

ඉන්ධන නොමැතිව අක්‍රීය වූ බලාගාර

සපුගස්කන්ද සහ කොළඹ වරාය ආශ්‍රිත පාවෙන බලාගාරය ඉන්ධන නොමැතිකමින් මේ වන විට නතර වී තිබේ. මෙම බලාගාර දෙක අක්‍රියවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 108ක් සහ පාවෙන බලාගාරයෙන් මෙගාවොට් 60ක ධාරිතාවක් වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇත.

ඒ අනුව මේ වන විට සපුගස්කන්ද බලාගාරයට සහ පාවෙන බලාගාරයට (බත්තල) ඉන්ධන කඩිනමින් සැපයීමට අවශ්‍යව තිබේ. ඉන්ධන සැපයා ගැනීමේ දුෂ්කරතා හමුවේ ලංවිම පත්ව ඇති තත්ත්වය ගැන විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පසුගියදා මෙසේ කීවේය. ‘මෙටි්‍රක් ටොන් සීය සීය දීලා හරියන් නැහැ. වැඩිපුර තෙල් අවශ්‍යයි. බත්තලට දවසකට මෙටි්‍රක් ටොන් 350ක් අවශ්‍යයි. සපුගස්කන්දට දවසට මෙටි්‍රක් ටොන් 600ක් අවශ්‍යයි. දවස් පහක් කියන්නේ ටොන් 3000ක්. ඩීසලුත් මේ මාසෙ ගෙවාගන්න තව මෙටි්‍රක් ටොන් 10,000ක් ඕනේ,’

මේ අතර ජනවාරි 25දා පැවැති මාධ්‍ය හමුවකට එක් වූ 43 සේනාංක ඉංජිනේරු සංසදයේ කැඳවුම්කරු ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පාලකයන් මේ වන විට එක් අර්බුදයක් වසාගැනීම සඳහා තවත් අර්බුදයක් ගොඩ ගසන මට්ටමට පැමිණ ඇති බවය.

‘දැන් තෙල් නැහැ අපිට. ඒක නිසා තෙල්වලින් දුවන බලාගාර නවත්තන්නට සිද්ධවෙලා තියෙනවා. ජල විදුලි බලය නිෂ්පාදනය 40%කට යන්න බැහැ මේ වසරේ. ඒ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නැහැ. ඒ නිසා සිද්ධ වෙන්නේ විදුලි කප්පාදුවකට අපි යා යුතුයි. දැන් ඒක තමයි මේ සිද්ධවෙමින් තිබෙන්නේ. ඇමැතිවරයා කියනවා හවසට විදුලි කප්පාදුවක් නැහැ කියලා. හැබැයි විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. එක් එක් ප්‍රදේශවල පැය 2, 1, 1/2, 2 ආදී වශයෙන් විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. මේ විදුලි කප්පාදුව පෙබරවාරි මාසේ මුල් සතිය පමණ වන විට පැය 4ක් දක්වා යෑමට නියමිතයි. මාර්තු විතර වෙනකොට මේ විදිහටම ගියොත් පැය 8ක විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. මොකක්ද රටට සිද්ධ වෙන්නේ? රටේ කර්මාන්ත සියල්ල බිඳ වැටෙනවා. දැන් අපිට තෙල් අර්බුදයකුත් තියෙනවා. විදුලි කප්පාදුවකුත් එනවා. අපිට කොයි වෙලාවකවත් හැකිවෙන්නේ නැහැ කර්මාන්තශාලා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න. මේ ඉන්ධන සැපයුම බිඳවැටුණු විට බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන සැබෑ තත්ත්වයයි.

ඉන්ධන අර්බුදයේ නිම්වළළු පුළුල් වීම

එහෙත් මේ අර්බුදය, නැතිනම් අවුල මෙතැනින් ද නවතින්නේ නැත. ඉන්ධන අර්බුදය සමග අත්වැල් බැදගෙන තවත් නිමක් නැති ගැටලු එකින් එක උද්ගත වන අතර ඒවා මගින් තවත් ගැටලු සහ අර්බුද නිර්මාණය කරන්නේය. උදාහරණයක් ලෙස අධ්‍යාපනය සම්බන්ධ අර්බුදය ගත හැකිය.

කොවිඩ් අර්බුදය නිසා මාස ගණනක් ප්‍රමාද වූ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දින කිහිපයකි. මේ ලක්ෂ තුනකට ආසන්න උසස් පෙළ සිසුන් තම දෛවය ලියා ගන්නා තීරණාත්මක හෝරාවයි. මේ අවස්ථාවේ විදුලිබල කප්පාදුවක් සිදු වුහොත් මේ සිසුන් මුහුණ දෙන තත්ත්වය කුමක් විය හැකිදැයි අමුතු වෙන් ඔබට කියාදීමට අවශ්‍ය නැත.

‘අනේ අපොයි’ ඔබ කියනු ඇති බව නිසැකය.

මේ අවදානම, අනතුර කල්තියා දුටු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා රජයට ආයාචනා කරමින් කියා සිටියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරියේ දී පැවැත්වෙන බැවින්, එම කාලය තුළ දී විදුලි කප්පාදු කිරීම් සිදුකිරීමෙන් විභාගයට සූදානම් වන දරුවන්ට බලපෑමක් වනු ඇති බවයි. එනිසා ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසය.

ඉන්ධන අර්බුදය නිසා සිදුවිය හැකි විදුලිබල කප්පාදුව උසස් පෙළ විභාගයට සූදානම් වන සිසුන්ට පමණක් නොව පොදුවේ සමස්ත සිසු පරපුරටම අගතියක්ම කරන්නේය.

ඇති නැති පරතරය අනුව ඇතිවන අවුල

ඉන්ධන නැත්තටම නැති වීම හෝ සලාක ක්‍රමයක් බවට පත් කිරීම සමග වඩාත්ම පීඩාවට සහ විනාශයට පත්වනු ඇත්තේ සාමාන්‍ය ජනතාව බව අමුතුවෙන් කිව යුතු නැත්තේ වත්මන් ගෑස්, කිරිපිටි, සිමෙන්ති හිඟයෙන්ද බැට කමින් සිටිනේනේ පොදු ජනතාව බව ඇස්පනාපිට දැකගත හැකි නිසාය. මා එසේ කියන්නේ මේ කියන කිසිම පෝලිමක ධනපතියෙක්, දේශපාලනඥයෙක් හෝ ඉහළ තලයේ වැටුප් ලබන වෘත්තිකයකු හෝ ව්‍යපාරිකයෙක් දැකගත නොහැකි නිසාය.

ගෑස් හිඟයෙන් දැඩිව බැටකෑවේ නාගරික සහ අර්ධ නාගරික පහළ පන්තියේ මිනිසුන් සහ ඔවුන්ට සේවා සපයන කොත්තු රොටි හදන, ආප්ප පුච්චන සාමාන්‍ය ව්‍යාපාරිකයන්ය.

කිරිපිටි හිඟයද ඊට නොදෙවෙනිය. එය පැහැදිලිමව සාමාන්‍ය ජනතාවට දුන් දඬුවමක් හා සමාන විය. සිමෙන්ති හිඟයෙන් බැට කමින් සිටින්නේ මේසන් බාස්ගේ සිය අත්උදව්කාරයා සිට දෛනික වැටුප් ලබන කම්කරුවන්ය. සුළු ව්‍යාපාරිකයන්ය.

ඔබට නැවත අවධාරණය කරන්නේ මේ කියන පෝලිමක මධ්‍යම පාන්තිකයෙක්, ඉහළ වැටුප් ලබන වෘත්තිකයෙක්, දේශපාලනඥයෙක් සිටියේම නැත.

එසේ නම් ඉන්ධන හිඟයක් හෝ සලාක කිරීමක් සිදු වුහොත් කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් බැට කමින් කබලේ බැදෙමින් සිටින මේ රටේ සාමාන්‍ය ජනතාව ළිපටම වැටෙනු ඇති බව නිසැකය.

‘ඉතාම පැහැදිලියි ඉන්ධන හිඟයක් හෝ සලාක කිරීමක් මගින් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව සහ සුළු ව්‍යාපාරිකයන්. මොකද වෘත්තීමය බලය, ධන බලය සහ සිවිල් බලය මගින් බලවත් හා ධනවත් සමාජ ස්ථරය අන්තිම තෙල් බින්දුව පවා අත්පත්කර ගන්නා බවට සැකයක් නැහැ. මොකද තීන්දු – තීරණ ගන්නේ ඔවුන් විසිනුයි. ඔවුන්ගේ ක්‍රය ශක්තිය අනුව රුපියල් 500කට වුවත් ඩීසල් ලීටරයක් මිලදී ගැනීම අසීරු නැහැ. ඒත් මේ වන විටත් අධික උද්ධමනයෙන් සහ ආර්ථික අර්බුදයෙන් බැටකමින් සිටින ජනතාවට මේ හිඟය හෝ සලාක කිරීම නිසා නිර්මාණය වන කළුකඩය තුළ තරග කළ නොහැකියි. ඒ නිසා ඔහුට තමන්ගේ යතුරුපැදිය, බෝට්ටුව, කුඩා මෝටර් රථය, ලොරි රථය වගේම ට්‍රැක්ටරය අත්හැර දැමීමට සිදුවෙනවා. ඒ වගේම තමන්ගේම කියා ජෙනරේටර් නැති නිසා ඔවුන් තවත් වටයකින් අර්බුදයකට යනවා. උදාහරණයක් විදිහට ජෙනරේටර් එක තියෙන සුපර් මාර්කට් එක බිස්නස් කරද්දී එළවළු බක්කිය වසාදමන්න සිදුවෙනවා. ජෙනරේටර් එකක් තියෙන රෙස්ට්ටෝරන්ට් එක බිස්නස් කරද්දී පෙට්ටි කඩේ වසා දමන්න සිද්ධ වෙනවා. මේක මේ ආකාරයෙන් තවත් ගමන් කරන කොට කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්, කර්මාන්තරුවන්, නිෂ්පාදකයන් සියලු දෙනාම විනාශ මුඛයට ඇද වැටෙනවා. ඔවුන්ට යළි ඔළුව උස්සන්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.’

සමාජ – ආර්ථික විශ්ලේෂකයකු සහ ජනමාධ්‍ය පර්යේෂකයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා ඉන්ධන අර්බුදයේ නිම්වළළු පුළුල් වෙමින් සමස්ත සමාජය හා අර්ථික ව්‍යුහය අර්බුදයට ගමන් කළ හැකි ආකාරය ගැන පුළුල් විශ්ලේෂණයක් කරමින් පැවසුවේය.

සමස්ත සමාජයම පුපුරා යයි

සමාජ – ආර්ථික හා දේශපාලන බල කුලුනු පුපුරවා හැරීමට ඉන්ධනවලට ඇති හැකියාව ගැන අප අටුවාටීකා ලිවිය යුතු නැත්තේ ඔබ ඒ ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දන්නා නිසාය. එහෙත් ඔබ අසා ඇති බොහෝ රටවල් මෙවැනි අවස්ථාවක මුහුණ දුන් අර්බුදයට වඩා අතිශය සංකීර්ණ හා බිහිසුණු අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය හරහා නිර්මාණය විය හැකි බව ආචාර්ය ඉන්ද්‍රජිත් පෙන්වා දුන්නේ මේ ‘එය ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා’ට නොදෙවැනි තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවට සහතිකයක් ද ලබා දෙමිනි.

‘කාබනික කෘෂිකර්මාන්තය නිසා සමස්ත කෘෂිකර්මාන්තය මුහුණදී සිටින අර්බුදය වගේම සංචාරක ව්‍යාපාරය ආදී ප්‍රමුඛ සේවා අංශ අඩපමණ වීම නිසා දෛනික ආදායම් උපයන්නන් මුහුණදී සිටින අර්බුදය නම් සමාජ – ආර්ථික ගිනන්ට ඉන්ධන හිඟයෙන් පෙට්‍රල් වක්කිරීමක් සිදුවිය හැකියි. මොකද අද මධ්‍යම පාන්තිකයා ද ඇතුළත් සමස්ත පහළ පන්තිය දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටිනවා. පසුගිය වසර දෙකක කාලය තුළ තව තවත් ධනවත් වුණේ ධනපති පන්තිය, ඉහළ වැටුප් ලබන සුපිරි වෘත්තිකයින් පමණයි. ඔවුන්ට පෞද්ගිලික මට්ටමින් විදුලි ජනක නඩත්තු කළ හැකියි, ඕනෑම මිලක් ගෙවා ඉන්ධන ලබාගත හැකියි. ඒත් සාමාන්‍ය මිනිසාට ඒ ශක්තිය නැහැ. ගොවියට තමාගේ කුඹුර හාන, අස්වැන්න මඩින යන්ත්‍රවලට වැඩි මිලක් ගෙවන්න සිදුවෙයි. තණකොළ කපන මිනිහට තමන්ගේ තණකොළ කපන මැෂිම ගෙදර තියලා යන්න සිද්ධ වෙයි. පුංචි පෙට්ටි කඩයක් කරන, පාර අයිනේ එළවළු ටිකක් අලෙවිකරන ලොරි රථ රියැදුරාට, ත්‍රිරෝද රථ රියැදුරාට තමන්ගේ වාහනය නිවෙසේ තියලා යන්න වෙයි. මේක තමා ඇත්ත තත්ත්වය වෙන්නේ. අද සමාජය කෝපයට සහ අපේක්ෂාභංගත්වයට පත්වෙලා තිබෙන ආකාරය අනුව ඉන්ධන හිඟය නිසා කැරලිකාරීත්වයක් පවා නිර්මාණය විය හැකියි. මෙය කිසිසේත් ලඝු කොට නොසැලකිය යුතු තත්ත්වයක්. මොකද වත්මන් සමාජයේ අළුයට ගිනි පත්තු වෙමින් තිබෙනවා. එය මහා ගින්නක් බවට පත්වීමට අවශ්‍ය එක ගිනි පුපුරක් පමණයි. එය බොහෝ විට ඉන්ධන බවට පත්වීමට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම පමණක් නොවෙයි එදිනෙදා සාමාන්‍ය සමාජ ආර්ථික පැවැත්ම තීරණය කරන්නේ ඉන්ධන අර්බුදයේ දිසානතිය මගිනුයි. ඒත් පාලකයන් මේ ගැන තවම අබමල් රේණුවක අවධානයක් යොමුකරලා නෑ’ ආචාර්ය ඉන්ද්‍රජිත් පැවසුවේය.

හමාර කිරීම

‘ගහ දන්නා මිනිසාට කොළ කඩා පාන්න එපා කීවා සේ’ ඉන්ධන අර්බුදයක් හමුවේ සමාජයට, ආර්ථිකයට සහ දේශපාලන ක්‍රියාකාරීත්වයට අත්විය හැකි බිහිසුණු ඉරණම ගැන කිසිවකුට නිසි තක්සේරුවක් හෝ අවබෝධයක් ඇති බවක් දැකගත නොහැකිය. ‘ඉන්දීය සහානාධාර’ හමුවේ හෝ ආණ්ඩුව කොහෙන් හෝ සොයා ගන්නා ඩොලර් මල්ලක් සමග මේ අර්බුදය සමහන් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා විය හැකිය. එහෙත් එය ‘ටක්කෙටම නිවැරදි විශ්වාසයක්’ නොවන බව පමණක් අවසාන වශයෙන් ලියා තැබිය යුතුය. මන්ද මේ යන ගමනේ අවසානය කොතැනටද බව පෙන්වා දීමට මහ ලොකු මහාචාර්ය දැනුමක් අවශ්‍ය නොවන නිසාය.

චින්තක බණ්ඩාර කරල්ලියද්ද

SendShareShare
Previous Post

9 වැනිදා මහ සෙනගක් එක්ක පොහොට්ටුව අනුරාධපුරයට එයි!

Next Post

මෛත්‍රීයි-චම්පිකයි හදිසියේම නුවරදී හමුවුණේ ඇයි?

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.