• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඬුවම් මුදලාලිගේ සිට මර්කන්ටයිල්-ගෝල්ඩන් කී-E.A.P. සක්විති හරහා ප්‍රියමාලි දක්වා…

November 28, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
දඬුවම් මුදලාලිගේ සිට මර්කන්ටයිල්-ගෝල්ඩන් කී-E.A.P. සක්විති හරහා ප්‍රියමාලි දක්වා…
Share on WhatsAppShare on Facebook

සල්ලි හම්බකිරීම මෙන්ම ඒවා ඉතුරු කරගන්නා එක අමාරුය. අතේ මිටේ තිබ්බොත් ඕනෑ දේටත් එපා දේටත් වියදම් වීම වැළැක්විය නොහැක. එබැවින්දෝ අතීතයේ සල්ලි ඉතිරි කරන්නට ඒවා නිතර නොපෙනෙන තැනක තැන්පත් කරන්නට පැරන්නෝ පුරුදුව සිටිහ. පැදුරු ආනේ මෙන්ම පෙට්ටගම් පතුලේද දිගුකාලයක් සැඟව ඉන්නට පැරණි නෝට්ටු සහ කාසිවලට සිදුවූයේ එබැවිනි. එහෙත් කාලය වෙනස් වෙන්නේ බොහෝ වේගයෙනි. ඉතිරි කරන මුදලට තව කීයක් හෝ එකතු කර අපේ අතට දෙන්නට සමත් බැංකු ක්‍රමය අපේ රටට පැමිණීමත් සමග අතේ ඇති කීය හෝ බැංකුවකට දමා පසුව පොලියක් සමග ලබාගැනීමට අපේ ඇත්තන්ද පුරුදු වන්නට විය.

මූල්‍ය ආයතන නැතිනම් මුදල් තැන්පත් කර ගන්නා බැංකු සහ ඊට සමාන ආයතන සංඛ්‍යාවෙන් වැඩි වීමත් සමගම ගනුදෙනුකරුවන් දිනාගනු පිණිස එම ආයතන අතරද තරගයක් ඇති වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ තැන්පත් සඳහා ගෙවන පොලිය කැපීපෙනෙන ලෙස ඉහළ යාමය. වැඩි පොලියට වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ඇදෙන බව දුටුවද පිළිගත් බැංකුකරුවෝ පොලී අනුපාතය ඉහළ දැම්මේ විද්‍යාත්මක සීමාවන්ට යටත්වය. එහෙත් අනුන්ගේ මුදලින් තම මඩිය තරකරගනු රිසින් ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන හැසිරුණේ ඊට ඉඳුරාම වෙනස් ආකාරයෙනි.

ඉතුරුම් තැන්පත් සඳහා ලෝකයේ කිසිම බැංකුවක් නොගෙවන 30% – 35%ක් තරම් ඉහළ පොලී ගෙවමින්ද, ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාග ලබාදෙමින්ද ගනුදෙනුකරුවන් තමන් වෙත කැඳවාගන්නට මෙම මූල්‍ය සමාගම් ගන්නා උත්සාහය හමුවේ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන නියාමනයට වගකිව යුතු ආයතන අනුගමනය කළේ නිහඬ ස්ථාවරයකි. අවම වශයෙන් මෙතරම් ඉහළ පොලී ගෙවීම සඳහා තැන්පත්කරුවන්ගේ මුදල් ආයෝජනය කරනුයේ කුමන ක්ෂේත්‍රයන්හි දැයි විමසීමටවත් කිසිදු වගකිවයුතු ආයතනයක් ඉදිරිපත් නොවීම නිසා මූල්‍ය සමාගම් සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යන ලදී. ඇලඩින්ගේ පුදුම පහන ලද ප‍රිද්දෙන් කටයුතු කළ බොහෝ මූල්‍ය සමාගම්වල ආයුෂ ඉතා කෙටි විය. ඇතැම් පුද්ගලයන් අඩු පොලියට ගත් බැංකු ණය මෙවැනි සමාගම් වල ආයෝජනය කර අමාරුවේ වැටිණි. තවත් අය විශ්‍රාමික ජීවිතය ගෙවා දමන්නට ඉතිරිව තිබූ සොච්චම් අර්ථසාධකය මෙම ආයතනවල තැන්පත් කර අදටත් හූල්ල හුල්ලා සිටිති.

මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ස්තේම්බු ඇසෝසියේට්’ ආයතනය ගනුදෙනුකරුවන් මහමඟට දමා වැසීගිය මුල්ම මූල්‍ය සමාගම්වලින් එකකි. මේ ලියුම්කරුගේ පියා ඇතුළු බොහෝ දෙනෙක් එහි මුදල් ආයෝජනය කර තිබූ අතර තැන්පත් කරන ලද මුදලින් ඉතා සුළු ප්‍රමාණයක් ඇතමෙකුට හිමිවූ අතර තව විශාල පිරිසකට කිසිත් හිමිවූයේ නැත. ඒ අවස්ථාවේ හෝ මූල්‍ය සමාගම් නිසි නියාමනයකට ලක් කරමින් නීතිරීති ගෙන ආවේ නම් දඬුවම් මුදලාලිලා සහ තිළිණි ප්‍රියමාලිලා බිහි නොවන්නට ඉඩ තිබිණි. 1980 දශකයේ මුල් භාගයේ සිදුවූ ස්තේම්බු ඇසෝසියේට් ආයතනය බිඳවැටීමෙන් පාඩමක් ඉගෙන නොගත් ජනතාව දශක හතරකට පසුව අදත් එක වැලට වංචනිකයන්ට හසුවෙමින් සිටිති.

මෑත භාගයේ වාර්තාවූ මුල්ම මහා පරිමාණ වංචාව ලෙස සක්විති රණසිංහ විසින් පවත්වාගෙන ගිය ‘හොර බැංකුව’ දැක්විය හැකිය. ටියුෂන් ගුරුවරයෙක් ලෙස රටේ ප්‍රචලිතව සිටි සක්විති රණසිංහ සිය ව්‍යාපාරික ආයතනය නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලදී. ඉතා අධික පොලියක් ගෙවන බව පවසමින් මුදල් තැන්පත් භාරගත් එම ආයතනය පැවසූවේ එම මුදල් නිවාස සහ දේපළ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන බවයි. පොලී අනුපාතයට සහ සක්විති රණසිංහ ගුරුවරයෙක් ලෙස ගොඩනගා ගනිමින් සිටි ප්‍රතිරූපය හමුවේ වසඟ වූ ගනුදෙනුකරුවෝ නිර්ලෝභීව තමන් සන්තක අන්තිම රුපියල පවා සක්විතිගේ ‘බංකුවේ’ තැන්පත් කළේ ආකර්ෂණීය පොලියෙන් කරන වැඩ පිළිබඳ සිහින දකිමිනි. එහෙත් සැබැවින්ම සක්විති රණසිංහ කළේ එක ගනුදෙනුකරුවකුගේ මුදලින් තව ගනුදෙනුකරුවකුගේ පොලිය ගෙවීමය. ඒ හැර වෙනත් ආයෝජනයක් ඔහු කළේ නැත. තැන්පත්කරුවන්ගේ මුදලින් කැසිනෝ ක්‍රීඩා කරමින් ලක්ෂය රුපියලට වියදම කළ සක්විති රණසිංහගේ මූල්‍ය වංචාව රුපියල් බිලියන 1.5කට වැඩි බව පසුව කළ පරීක්ෂණවලදී හෙළිවිය. තමා කරන ලද මූල්‍ය වංචාවන්ට බන්ධනාගාරගතව සිටි සක්විති රණසිංහ යළිත් උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස ජීවිතය අරඹා සිටියත් ඔහුගේ ගනුදෙනුකරුවන් බහුතරයකට තවමත් තම ජීවිත තිබූ තැනට ගැනීමට නොහැකි වී ඇත.

සක්විති රණසිංහගේ සිදුවීමට ලද පුළුල් මාධ්‍ය ප්‍රචාරණය නිසා පෞද්ගලික සමාගම්වල මුදල් තැන්පත් කළ විශාල පිරිසක් තැති ගත්හ. ඇතැමුන් වහා ගොස් තම මුදල් ආපසු ඉල්ලා සිටින්නට විය. මෙම තත්ත්වය නිසා දකුණු පළාතේ මුදල් තැන්පත් භාරගන්නා ආයතනයක් පවත්වාගෙන ගිය හුංගම ගුරුපොකුණේ පියදාස රත්නායක නොහොත් දඬුවම් මුදලාලිගේ ‘ගොඩ ෆිනෑන්ස්’ ආයතනයද අර්බුදයට ලක්වන්නට විය. දඬුවම් මුදලාලි යනු මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ව්‍යාපාරිකයකු නොවූ අතර ඔහුට දඬුවම් නාමය පටබැඳී අත්තේද හරි අපූරු ආකාරයටය. දූ කෙළියේ රුසියෙක් වූ පියදාස රත්නායක හැමදාමත් සූදු පිටිය සුද්ද කරගෙන ගෙදර ආවේය. එහෙයින් ඔහු සමග සූදු කෙළීම සෙසු අයට දඬුවමක්ම විය. පියදාස රත්නායක දඬුවම් මුදලාලි ලෙස නම් පටබැදෙන්නේ ඒකය.

දඬුවම් මුදලාලි සතිපතා පොලී ගෙවූ අතර එම මුදල් ලබාගෙන ඇතැමුන් සතියේ පොළට යාමට පවා පුරුදුව සිටි බව කියැවේ. එහෙත් සක්විතිගේ සිදුවීම සහ ඊට පෙර සහ පසු සමාජයේ ඇතිවූ කැලඹීම නිසා ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් සිය තැන්පත් ඉවත් කරගැනීම නිසා දඬුවම් මුදලාලිට සිදුවූයේ හුංගම අතහැර පලායාමටය. ගනුදෙනුකරුවෝ මුදලාලිගේ ගෙමිදුලේ නතරවන්නට වූහ. ඇතැම්හු පොලිස් පොතේ තම දුක් ගැනවිල්ල ලියූහ. එහෙත් ඉන් පලක් වූයේ නැත. මූල්‍ය ක්ෂේත්‍රයේ කිසිම අවබෝධයක් නොවූ දඬුවම් මුදලාලි මුලින්ම කර ඇත්තේ පොලියට මුදල් ලබා දීමය. එහෙත් ඔහු සක්විතිට වඩා කාලයක් සිය ව්‍යාපාරය කරගෙන ගියේය. අවසානයේ ගනුදෙනුකරුවන්ට හමුවූයේ දඬුවම් මුදලාලි නොව ඔහුගේ මළසිරුරය. දඬුවම් මුදලාලිද කැසිනෝ ගැසීමට පුරුදුව සිටි බවත්, එය ඔහුට හුරු කළේ පළාතේ දේශපාලන ප්‍රබලයාගේ පුත්‍රයා බවත් කියවේ.

සක්විති සහ දඬුවම් මුදලාලි යන දෙදෙනාගේ මූල්‍ය ආයතන කඩාවැටීමත් සමග පෞද්ගලික බැංකුවල පවා ස්ථාවරභාවයට හානි පැමිණෙන්නට විය. මිනිසුන් බැංකුවල තිබූ මුදල් යළිත් අල්මාරි අස්සේ හංගන තැනට කරුණු සිදුවන්නට විය. ඒ අනුව ඊළඟට අර්බුදයට ලක්වූයේ ගෝල්ඩන් කී ආයතනයයි.

සෙලින්කෝ සමූහය සතුව තිබූ ණයවර කාර්ඩ්පත් නිකුත් කරන සමාගමක් වූ ගෝල්ඩන් කී ආයතයනය ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවලගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. ගනුදෙනුකරුවන් සිය තැන්පත් ඉල්ලා සිටීම නිසා ආයතනය පවත්වාගෙන යාමට නොහැකි විය. එහෙත් තත්ත්වය ගෝල්ඩන් කී ආයතනයෙන් නතරවූයේ නැත. සෙලින්කෝ ව්‍යාපාරය සතු ‘ද ෆිනෑන්ස්’ සමාගම ඊළඟට බිඳවැටුණු සමාගම විය. ශ්‍රී ලංකාවෙ පැරණිතම මූල්‍ය ආයතනය වූ ‘ද ෆිනෑන්ස්’ ආයතනය වැසී යාමත් සමගම එහි ගනුදෙනු වෙනත් සමාගමකට පැවරීමට කටයුතු කෙරිණි. අවසානයේ දේශමාන්‍ය ලලිත් කොතලාවලට සහ ඔහුගේ බිරිඳ සිසිලියා කොතලාවලට බන්ධනාගාරගත වන්නට සිදුවිය.

ගෝල්ඩන් කී සමාගමට අදාළ නඩුව 2009 නොවැ. 06 හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී සමාගමේ බොහෝ අක්‍රමිකතා අනාවරණ විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න පවසා සිටියේ ගෝල්ඩන් කී සමාගමේ සමස්ත වංචාව බිලියන 15ත් 20ත් අතර වන බවත්, එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම පවා ඉක්මවන බවයි.

එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය රැවටීම සඳහා සමාගමේ මූල්‍ය ප්‍රකාශය සහ විගණන වාර්තාව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනුදැනුම මත වෙනස් කර සකස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණ විය. පසුගිය වසර හතර තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා නොතිබුණු බවද එහිදී තහවුරුව ඇත.

ආයතනයේ මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තා සකස් කර ඇත්තේ ලාභ පෙන්වීමට බවත් විගණකාධිපතිවරයාගේ අස්සනද ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් විමර්ශනයන්හිදී තහවුරු විය.

කෙසේ වෙතත් ගෝල්ඩන් කී සහ ද ෆිනෑන්ස් ආයතනවල බිඳවැටීම පිටුපස දේශපාලන කරුණක් තිබෙන බව ඇතැම් පාර්ශ්ව පවසති. බිඳවැටුණු තම ආයතන පිළිබඳ පසු කාලයට යූ ටියුබ් වීඩියෝවකට කරුණු දැක්වූ ලලිත් කොතලාවල පැවසූවේ ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත්කරුවන්ට සියලු මුදල් ගෙවා නිමකරන්නට කටයුතු සැලසුම් කර තිබියදී ආණ්ඩුව තමා සිතාමතා බන්ධනාගාරගත කළ බවයි. එබැවින් එම කටයුතු සියල්ල අඩාළව ගිය බව ඔහු අවධාරණය කර සිටියේය. ද ෆිනෑන්ස් සහ ගෝල්ඩන් කී ආයතනයේ මවු සමාගම වූ සෙලින්කෝ සමාගම සතු සෙසු ව්‍යාපාරවලටද මෙම අර්බුදය බලපාන ලදී. සෙලාන් බැංකුවේ පැවැත්ම ගැන පවා සැක මතුවූ අතර අවසානයේ පූර්ණ කළමනාකරණ වෙනසක් සමග එය පවත්වාගෙන යාමට හැකි විය.

ශ්‍රී ලංකාවේ බිඳවැටුණු මූල්‍ය සමාගම් නාමාවලියේ ඊළගට හමුවනුයේ ඊ.ටී.අයි. ආයතයයි. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් නමින් පවත්වාගෙන ගිය මෙම ආයතනය මෙරට කීර්තිමත් ව්‍යාපාරික පවුලක්වූ එදිරිසිංහ පවුල සතු ව්‍යාපාරයක් විය.

ඉතා ඉහළ පොලියක් ගෙවමින් පවත්වාගෙන ආ මෙම ආයතනය සහ ඊට අනුබද්ධ ස්වර්ණමහල් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනය මූල්‍ය අර්බුදයකට මුහුණ දීඇති බව වාර්තා වීමත් සමග එහි ගනුදෙනුකරුවෝ කලබල වූහ. කෙසේ වෙතත් මෙම ආයතන ද්විත්වයේ අර්බුදය දිනෙන් දින වර්ධනය වන්නට වීමත් සමග 2018 ජනවාරි 02 වන දින මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් එම ආයතනයන්හි ව්‍යාපාරික කටයුතු සීමාකිරීමට සහ කළමනාකරණය අධීක්ෂණයට කමිටුවක් පිහිටුවීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව සමාගම් දෙක තම තැන්පත්කරුවන්ගෙන් 30%ක් පමණ ආපසු ගෙවූවද ඉදිරියට පවත්වාගෙන යාම අසීරු විය. ඒ අනුව 2020 ජූලි 10 හෝ ඊට ආසන්න දිනයක ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ෆිනෑන්ස් ආයතවල ව්‍යාපාරික කටයුතු මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවන ලදී.

මේ ආකාරයෙන් බලන කල මුදල් ඉතිරි කිරීම වූකලී ආවාට ගියාට කළ හැක්කක් නොවන බව පැහැදිලි වෙයි. මේ බිඳවැටුණු මූල්‍ය සමාගම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් නොවේදැයි බොහෝ පාර්ශ්ව විමසයි. එහෙත් අපේ සල්ලි තැන්පත් විලස භාරගන්නා ආයතන සියල්ල බැංකු යැයි අප සිතුවද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් වෙයි. කුලී සින්නක්කර ක්‍රමයට නැතහොත් ‘හයර් පර්චස්’ නමින් ණය හෝ භාණ්ඩ ලබාදෙන ආයතන මහ බැංකුවට අයත් නැත.

ඒවා අධීක්ෂණය වන්නේ පාරිභෝගික පනතට අනුවය. පාරිභෝගික ආරක්ෂණ අධිකාරියටය. එබැවින් පවතින නීතිරීති අනුව මෙවැනි ආයතන කරන වංචාවන් ගැන මහ බැංකුවට වගකීමක් නැත. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දහ දොළොස් දාහක් තිබෙන රටේ මහ බැංකුවේ ලියාපදිංචිව ඇත්තේ හතරක් පමණක් බව සලකා බලන විට තත්ත්වය මොන තරම් නරකදැයි වටහා ගැනීම අසීරු නැත. එහෙත් තැන තැන ඇති සමාගම්වල මුදල් තැන්පත් කිරීම පිළිබඳ විටෙන් විට ශ්‍රී ලංකා මහ බැංකුව ජනතා අවධානයට ලක් කළද ජනතාව ඊට කන් දුන්නෙ නැත. ඊට හොඳම උදාහරණය ලෙස ගෝල්ඩන් කී සමාගම සම්බන්ධ පහත සිදුවීම දැක්විය හැක.

2003 වසරේ ජූලි 23 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් බැංකු පනත සහ මුදල් සමාගම් පනත යටතේ මහ බැංකුවේ ලියා පදිංචිවී නැති සමාගම් 31ක නම් ප්‍රසිද්ධ කරන ලදී. එහි ගෝල්ඩන් කී ආයතනයේ නමද විය.

එම පුවත්පත් දැන්වීම පිළිබඳ සමාගම් කිහිපයක් අධිකරණයට කරුණු දැක්වීම නිසා මහ බැංකුව එතැන් සිට තමන් සමග ලියාපදිංචි ආයතනවල නාම ලේඛනය පමණක් ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව 2003 ජූලි සිට 2008 දෙසැම්බර් දක්වා කාලය තුළ පුළුල් පුවත්පත් පිටු 210ක දැන්වීම් පළකළ අතර ඒ කිසිම එකක ගෝල්ඩන් කී ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් ලෙස සඳහන් වූයේ නැත. එමගින් මහ බැංකුව පවතින නෛතික රාමුව යටතේ ගෝල්ඩන් කී සමාගමේ ආයෝජනය අවදානම් බව මෙරට ජනතාවට අනියමින් අනතුරු අඟවා තිබිණි. ඒ අනුව මහ බැංකුව සිය වගකීම ඉටු නොකළේ යැයි පැවැසීම සාධාරණ නොවේ. එහෙත් මෙරට වැසියෝ උක්ත සමාගමේ පොලී සහ වෙනත් වාසි නිසා එහි අඛණ්ඩව ආයෝජනය කළහ. ඔවුන් මහ බැංකුව දෙසට හැරෙනුයේ අවසානයටය. එවිට අශ්වයා පැනගොස් හමාරය.

මේ ආකාරයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළේ මූල්‍ය සමාගම් පමණක් නොවේ. ජනතාව අතරින් බිහිව සමුපකාර පනත යටතේ ලියාපදිංචිය ලබා ඇති සණස වැනි ආයතනයේද මේ ආකාරයේ වංචාවන් සිදුවිය. 2017 වසරේදී වත්තේගෙදර සණස ආයතනයේ සාමාජිකයන් 2,146 දෙනකුගේ රුපියල් ලක්ෂ 9,100 (රුපියල් කෝටි 91ක) වංචා කිරීම ඊට එක නිදසුනකි. මීට සම්බන්ධ එක් පුද්ගලයෙක් පසුව අත්අඩංගුවට පත්වූ නමුත් මෙවැනි වංචාවක් එක අයකුට කළ නොහැක. සමුපකාර පනත ප්‍රකාර මාසිකව විගණනය කළ යුතු මුත් වත්තේගෙදර සණස සමිතිය වසර 9කින් විගණනය සිදුකිරීම පැහැර හැර ඇති බව විමර්ශනයේදී හෙළිවිය. එහෙයින් සාමාජික මුදල් සහ සමිති දේපළ, අයථා අන්දමින් සමිති සභාපති, ලේකම් ඇතුළු කාරකසභිකයන්ට රිසි සේ භුක්ති විඳින්නට බස්‌නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ඇතුළු විගණන නිලධාරීන් ඉඩහැර තිබූ අයුරු මේ සම්බන්ධව කළ විමර්ශනයේදී හෙළි විය.

ඒ බව දැනගත් පසුව මුදල් වංචාවට හසුවූ වත්තේගෙදර සණස සමුපකාර සමිතියේ තැන්පත්කරුවෝ අටසීයක පමණ පිරිසක් බස්නාහිර පළාත් සභා කාර්යාලය වටලා සිය විරෝධතාවය දැක්වූහ. තවත් සණස ආයතන කිහිපයක මෙවැනි වංචා සිදුවූ බව එකල මාධ්‍ය වාර්තා කරන ලදී.

තිළිණි ප්‍රියමාලි මේ කොල්ලකාර ජාවාරමේ අලුත්ම කතානායිකාවය. එහෙත් ඇය වෙත මුදල් ආයෝජනය කර ඇති ලයිස්තුව සහ ඇය සිදුකළ වංචාවේ තරම බලන කල ගෝල්ඩන් කී නම් මොනවාදැයි ඔබට හිතෙන්නට පුළුවන. ඇතැම් අය ඇයට ලබාදී ඇති මුදල රුපියල් කෝටි 700ක් තරම් ඉහළ බව අනාවරණ වී ඇත. තිළිණිගේ පෙට්ටගමේ සඟවන්නට ගොස් අමාරුවේ වැටී ඇත්තේ වෛද්‍යවරු, ව්‍යාපාරිකයන්, භික්ෂුන් වහන්සේ, නළු නිළියන් ඇතුළු සමාජ පිළිගැනීමක් තිබුණු උදවියය. ඒ අයට තිළිණි ප්‍රියමාලි පොලියට අමතරව තවත් බොහෝ දේ ගෙවා ඇති බව දැන් දැන් හෙළිවෙමින් පවතී. ධනවත් තැන්පත්කරුවන්ගේ මනදොළ සපුරනු ‍රිසින් ඇය බොහෝ දේ කර ඇති බවත් ඇගේ සංචිතයේ සිටි සුරූපිනියන්ගේ කන්‍යාභාවය අලුත්වැඩියා කරන්නට වෛද්‍යවරයකුගේද සහාය ලබාදී ඇති බවත් මෙරට වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

අයථා අන්දමින් ඉපැයූ කළු සල්ලි තිළිණිගේ සමාගමේ ආයෝජනය කර ඇතැමුන් අදටත් පොලිසියක් පැත්ත පළාතේ ගොස් නැත. ඊට හේතුව ඒවා ඉපැයූ ආකාරය හෙළි කිරීමට ඇති නොහැකියාවය. ඒ අනුව බලන කල සක්විති, ගෝල්ඩන් කී ආයතවල වංචාව යම් තරමකට ප්‍රකාශයට පත් වුවද තිළිණි ප්‍රියමාලි සිදුකළ වංචාව කොතෙක්දැයි කවමදාවත් අණාවරණ නොවීමට ඉඩ තිබේ.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

චීනයේ අර්බූදයෙන් ඉල්ලුම අඩුවෙයි! ලෝක තෙල් මිල පහළටම බහී! ගිය දෙසැම්බරයෙන් පසු අඩුම මිල වාර්තා කරයි!

Next Post

අනිත් එවුන්ට බණ කිය කිය වයසට ගියාම ගෙදර යන්නෙ නැති ලංකාවෙ සීයලට-ආච්චිලට මැලේසියාවේ මිනිස්සු උගන්නපු දේශපාලන පාඩමක්… කියවලා බලලා ගෙදර පලයල්ලා…

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.