• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාවුරු රාජ්‍යයේ අභියාචනාධිකරණයේ මුල් පුටුවට විනිසුරු රංගජීව විමලසේන I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේත් උසස් තනතුරක් හිමි වෙයි…

‘නාවුරු රාජ්‍යයේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ අමරණීය සංධිස්ථානයකට අද අප පැමිණ තිබෙනවා. නාවුරු අභියාචනාධිකරණයේ වත්මන් වැඩබලන සභාපතිවරයා ලෙසට මට අද මෙම උත්සවය මෙහෙයවීමට ලැබීම විශාල ගරුත්වයක් ලෙස මම සලකනවා. මෙම රාජ්‍යයේ අධිකරණ ක්‍රමවේදය තුළ අභියාචනාධිකරණය ආරම්භ කරනු ලැබුවේ 2018 වසරේදීයි.(Sri Lanka Latest News)

එහෙත් එම කාලයෙන් පසුව ආරම්භ වුණු කොවිඩ් වසංගත සමය නිසා අධිකරණ කටයුතු බොහෝ අඩාළ වුණා. ඒ නිසා පසුගිය 2022 වසර තෙක්ම විභාග කිරීමට නියමිතව තිබුණු නඩු ගණනාවක් සඳහාම විනිශ්චයන් ලබාදීමට නොහැකි වුණා. එහෙත් පසුගිය 2022 වසරේදී අපගේ අභියාචනාධිකරණයේ හිටපු වැඩබලන සභාපති, ගරු විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු රාශියක් ඉතා සාර්ථකව සිදුකරනු ලැබුවා. ඒ අනුව පසුගිය වසරක් තුළදී අභියාචනාධිකරණ නඩු 34ක් සඳහා විනිශ්චයන් ලබාදුන්නා. එසේම තවත් නඩු 08ක් සඳහා විනිශ්චයන් ලබාදීමට නියමිතයි. මේ අනුව 2022 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා සරණාගතයන්, සිවිල් සහ අපරාධ නඩු සඳහා තීන්දු 25ක් ලබාදී තිබෙනවා…’

ලොවක යම් රටක අධිකරණ ක්‍රියාවලියක් ආශ්‍රිතව මෙලෙස ඇසෙන සුවිශේෂ කතාන්දරය කුමක්ද? අපගේ ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරින් ඇති දේශයක් හරහා මෙම වගතුග ඇසෙයි. මේ දේශය නම් නාවුරු රාජ්‍යයයි. මෙය නිල වශයෙන් සඳහන් වන්නේ නාවුරු ජනරජය (Republic of Nauru) ලෙසිනි. අපගේ රටේ බොහෝ පිරිසක් මෙම රාජ්‍යය ගැන අසා තිබෙන්න ඇත.

ඔස්ටේ්‍රලියාවට නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණය වන්නට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු වෙනත් රටවල පිරිස් නීතියේ රැහැනට හසුවූ විට මුලින්ම රඳවා තබන්නේ මෙම රාජ්‍යය තුළ ඇති බන්ධනාගාර කඳවුරුවලය. ඉන් පසුව එම පිරිස්වලට අදාළව නඩුහබ සහ වෙනත් නීතිමය පියවර සිදුකරනු ලබන්නේද මෙම රට තුළදීය. මෙම රාජ්‍යය ඉතා දිගු කාලයක්ම ඔස්ටේ්‍රලියාවේ පාලනය යටතේ පැවැත පසුව නිදහස ලබා දැන් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කටයුතු කරයි. මෙම රාජ්‍යයට අදාළව තවත් තොරතුරු ඔබට පසුව ලියා තබන්නෙමි. දැන් එසේනම් අප මෙම ලිපියේ මුලින්ම ලියා තැබූ යම් විශේෂිත පුද්ගලයකුගේ වදන් ප්‍රකාශය කුමක්දැයි සොයා බලමු. ඔහු කවරෙක්ද?

මෙම ප්‍රකාශය සිදුකරන්නේ නාවුරු රාජ්‍යයේ ස්ථාපිත අභියාචනාධිකරණයේ වත්මන් වැඩබලන සභාපති ධුරය දරන විනිසුරු රංගජීව විමලසේන මහතාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවයද උසුලයි. මෙම සුවිශේෂ තනතුර දරන විද්වත් ශ්‍රී ලාංකිකයා කවරෙක් දැයි සොයා බලමු. විනිසුරු රංගජීව විමලසේන මහතා ආසියා පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය අධිකරණ බලප්‍රදේශ තුනක පසුගිය වසර 20ක පමණ දිගු කාලයක් පුරා කටයුතු කළ උසස් අධිකරණ නිලධාරියකු වෙයි.

1999 වසරේදී ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ අභිචෝදකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, පසුව 2003 වසරේදී මහෙස්ත්‍රාත්වරයකු ලෙස විනිසුරු මඬුල්ලට එක්විය. ශ්‍රී ලංකාවේ මහෙස්ත්‍රාත්වරයකු මෙන්ම දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයකු ලෙසද සේවය කර ඇති ඔහු 2009 වසරේදී ෆීජි රාජ්‍යයේ අධිකරණයට එක්විය. එහිදී ඔහු එම රාජ්‍යයේ මහාධිකරණයේ දූෂණ මර්දන දෙපාර්තමේන්තුවේ පළමුවැනි විනිසුරුවරයා ලෙසට පත්විය. පසුව රංගජීව විමලසේන මහතා 2022 වසරේදී නාවුරු රාජ්‍යයේ අභියාචනාධිකරණයේ අභියාචනා විනිසුරුවරයෙක් වශයෙන් තනතුරක් ලැබීය.

විනිසුරු රංගජීව විමලසේන මහතා එම තනතුරට අමතරව මේ වන විට නාවුරු අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මේ අධිකරණ යාන්ත්‍රණයට දැනට සභාපතිවරයකු පත්කර නොමැති හෙයින් මෙම වැඩබලන සභාපති ධුරය යනු දැනට එම නීති යාන්ත්‍රණය තුළ ඇති ඉහළම තනතුර වෙයි. මේ අතර මේ වන විට විනිසුරු රංගජීව විමලසේන මහතා සිංගප්පූරුවේ සහ ෆීජි රාජ්‍යයේ සමථ මධ්‍යස්ථාන මගින් පිළිගත් මැදිහත්කරුවෙකි. ඔහුගේ අධ්‍යාපන පසුබිමට ජාත්‍යන්තර මානව හිමිකම්, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ උපාධි සුදුසුකම් අයත් වෙයි. ශ්‍රී ලංකාවේ සහ ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාල මගින් ඔහුට එම සුදුසුකම් හිමිව ඇත.

මෙම සියලු තනතුරු තානාන්තරවලට අමතරව ශ්‍රී ලාංකික විනිසුරු රංගජීව විමලසේන මහතාට තවත් සුවිශේෂ තනතුරක්ද පසුගියදා හිමිවූයේය. එය නම් නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අනුබද්ධිතව ක්‍රියා කරන ජාත්‍යන්තර අපරාධ අධිකරණ නීතිඥ සංගමයේ (International Criminal Court Bar Association) පූර්ණ සාමාජිකත්වය හිමිවීමය. මෙය මැතිවරණයක් හරහා ජයග්‍රහණය කිරීමෙන් හිමිවන සුවිශේෂ තනතුරකි. නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) ලොව නීති යාන්ත්‍රණයේ ඇති උසස්තම පිළිගත් මහාධිකරණයයි. එය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත.

මෙවැනි වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රවීණ නීති විද්වතකුට නාවුරු රාජ්‍යයේ අභියාචනාධිකරණයේ විනිසුරු ධුරයක් හිමිව ඇත. ඔහු ශ්‍රී ලංකාවේ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ විනිසුරු මහනිල් ප්‍රශාන්ත ද සිල්වා මහතාය. අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු රංගජීව විමලසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් සහ ආරාධනාවක් මත විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා එම අධිකරණ මණ්ඩලයට සම්බන්ධ වී ඇත. ඔහු වසර 28ක් පුරා ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ නීතිවේදියෙකි.

ඔහු දැනට 63 වැනි වියෙහි පසුවෙයි. විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා ශ්‍රී ලංකාවේ නීති වෘත්තියට සම්බන්ධ වී ඇත්තේ 1989 වසරේදීය. මේ ආකාරයට විදෙස් රාජ්‍යයක ඉහළම නීති යාන්ත්‍රණයක ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගෞරවනීය විනිසුරු තනතුරු දැරීම වාර්තාගත සිදුවීමක් වී තිබේ. තවද මෙම තනතුරු සඳහා පත්වීම ලබා දෙන්නේ නාවුරු ජනරජයේ ප්‍රධාන පාලකයා වන ජනාධිපතිවරයා විසිනි.

මේ අනුව පසුගියදා සිදුකෙරුණේ නාවුරු ජනරජයේ අභියාචනාධිකරණයේ 2023 සඳහා වන එහි ප්‍රධාන සහ අවසාන සැසිවාරයේ විවෘත කිරීමයි. මේ අනුව මෙම ගෞරවනීය අභියාචනාධිකරණයට අපගේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළුවී තිබීම ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දීමකි. මෙම විනිසුරුවරුන් දෙදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික සහ ආසියාතික නීති නිලධාරීන් කිහිප දෙනකුම නාවුරු නීති ක්ෂේත්‍රයේ කටයුතු කරති.

නාවුරු ජනරජය යනු ලෝකයේ තිබෙන 3 වැනි කුඩාම රාජ්‍යය වන අතර, විශාලත්වයෙන් ලෝකයේ රටවල් අතරින් 193 වැනි ස්ථානය ගනියි. මෙය දූපතක් වන අතර, එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 21කි. මෙහි ජනගහනය 10,834කි. ඒකපුද්ගල ආදායම ඩොලර් 10,000ක් පමණ ඉතා ඉහළ අගයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ප්‍රකාශ කිරීම වැළක්වුවා! කතානායකතුමා අපේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කළා! අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා! කතානායකට එරෙහිව විපක්ෂනායකගෙන් ප්‍රබල ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් හදන්න ආණ්ඩුව ‌ගෙනා ‘චිත්‍රසිරි’ කමිටු වාර්තාවත් ක්‍රියාත්මක කරන්න බෑ! අධිකරණ නියෝග 3ක් තියෙනවා! ආණ්ඩුවේ අධිකරණ ඇමැතිගෙන්ම ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.