ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය හටගන්නේ මෙයට වසර 20කට පෙර, එනම් 2002 වැනි වසරකදීය. ඉන් පෙර වසරවලදී එරට ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක තිබුණද, පසුකාලීනව ඇතිවූ දේශපාලනික අර්බුද හේතුවෙන් රටේ ක්‍රම රටාව වෙනස් වන්නට විය. එනම් විවිධ දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රවලට අනුව විදෙස් රටවලින් විශාල ප්‍රමාණයේ ණය මුදල් ලබාගැනීම සිදුවන්නට විය. මෙම සමහර රාජ්‍ය පාලකයන් රට වෙනුවෙන් මෙම ණය ආධාර මුදල් භාවිත කරන්නට ගත්තේ, නිසි සැලැස්මක් හෝ නිසි ක්‍රමවේදයක් නැතිවය. ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොවූ ව්‍යාපෘති රැසක් සඳහා එම මුදල් එකල වියදම් කළ බැව් කරුණු ප්‍රකාශ වෙයි. එසේම මෙම දේශපාලන නායකයන් රැසක්ම ඉතාමත්ම දරුණු ලෙස දූෂණ, වංචාවලට නැඹුරු වූ බැව්ද පැවසෙයි. ඒ හෙයින් රට වෙනුවෙන් විදේශ රටවලින් ලබාදුන් ධනය විශාල වශයෙන් මෙම පාලකයන් විසින් සොරකම් කරගෙන ඇත. කෙසේ හෝ එලෙස මුදල් කාබාසිනියා කරන අතරේම තව, තවත් ණය ආධාර ලබා ගැනීමටද ආර්ජන්ටිනාවේ පාලකයන් කටයුතු කර ඇත. මේ හෙයින් ආර්ජන්ටිනාව දිනෙන්, දින ණය බරින් හෙම්බත් වන්නට විය. එම තත්ත්වය තව, තවත් උත්සන්න වූවා මිස එයට කිසිදු විසඳුමක් නොවීය. 2002 වසර සිට වසර දෙක තුනක් යත්ම එරට දේශීය දළ නිෂ්පාදනය 20% ප්‍රමාණයකින් කඩාවැටුණේය. එරට රජය විසින් ලබාගත් ණය මුදල්වල වාරික කිහිපයක් පමණක් මුලින් ගෙවීමට කටයුතු කළද පසුව එම ණය ගෙවීමටද රජය අපොහොසත් විය. මේ තත්ත්වය රටට අතිශය භයානකම අර්බුදයක් මතු කළේය. තවත් වසර 5ක් පමණ ගතවෙත්ම එම රට විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වූයේය. ඔවුන්ගේ විදේශ සංචිත දරුණු ලෙස හීනවී ගියේය. මිනිසුන් දිනෙන්, දින මහා උද්ධමනයකට මුහුණ දුන්නේය. තත්ත්වය තව, තවත් උත්සන්නම විය.
ආර්ජන්ටිනියානු පාලකයන්ට වෙනත් කරකියා ගන්නට දෙයක් නොවීය. ඔවුන්ගේ ‘ආර්ජන්ටිනියා මහ බැංකුව’ මගින් විවිධ විකල්ප ක්‍රියා මාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කළද ඒවා ගඟට කැපූ ඉනි මෙන් විය. එම පාලකයන් අවසානයේදී තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමටය. මෙලෙස යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම යනු ඉතාමත්ම බැරෑරුම් සංකීර්ණ ක්‍රියාවලියකි. එනම් ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන අයුරින්, එම තීරණය මගින් අමාරුවේ වැටුණු රට තව, තවත් අමාරුවේ වැටෙන බැව් කරුණු ප්‍රකාශ වෙයි. යම් රටකට තම විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව තිබෙන විටදී, මෙසේ ප්‍රධාන වශයෙන් ෂඵත් සංවිධානයේ පිහිට පැතීමට සිදුවෙයි. එසේම විදේශ සංචිතයන් සිඳීගොස් ආර්ථික උද්ධමනය ඉහළ යනවිටදී ජනතාව ඉතා දැඩි ආහාර හිඟයකටද මුහුණ දෙති. එම තත්ත්වය ඉතාමත්ම බියකරු එකකි. මේ අනුව සාගතයෙන් වැළකීම සඳහාද රජය වහා විකල්ප ක්‍රියාමාර්ග ගතයුතුය. ඒ හෙයින් එකම විකල්පය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම පමණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු කුමක්ද?

මෙම සංවිධානය මෙයට වසර 75කට පෙර, එනම් 1945 වසරේදී ඇමෙරිකාවේදී ආරම්භ කරන ලද්දකි. ලෝකයේ රටවල් රාශියක් සඳහා මූල්‍යමය පහසුකම් සැලසීම මෙම ආයතනයේ ප්‍රධාන ක්‍රියාවලිය වෙයි. එනම් විවිධ රටවල් ආර්ථික අර්බුදයන්ට මැදිවූ විටදී එම තත්ත්වයන්ට විසඳුම් ලබා දීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් මෙන්ම, අනෙකුත් ක්‍රමවේදයන්ද ඉදිරිපත් කිරීම මෙම ප්‍රකට සංවිධානයේ මූලික කාර්යභාරය වෙයි. IMF සංවිධානයේ ප්‍රධාන මවු සංවිධානය වන්නේ ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය’යි. දැනට මෙම ආයතනය තුළ ලෝකයේ රටවල් 190ක් සාමාජිකත්වය දරන අතර, එම බොහෝ රටවල් තුළ ශාඛා කාර්යාලද පිහිටුවා ඇත. මෙම සංවිධානයෙහි ස්ථිර සේවකයන් 2,400ක් පමණ සේවය කරති. කෙසේ හෝ ආර්ජන්ටිනාව ෂඵත් සාමාජිකත්වය ලබා ගන්නේ 1956 වසරේදීය. ඒ අනුව දැනට වසර 65ක් පැරැණි සාමාජිකත්වයක් හිමිය. මේ නිසා එම රටට IMF සංවිධානය සමග ඇත්තේ ඉතාමත්ම සමීප සබඳතාවකි. ඒ වුවද එම සබඳතාවය අද ඇත්තේ යහපතට හෝ අයහපතටද යන්න ප්‍රශ්නයක් වී ඇත.
මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය ඇරැඹෙන්නේ 2002 වසරේදී සිටය. එතැන් සිට වසර දෙක තුනක් යත්ම, එම රටට විදේශ ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව IMF සංවිධානයේ පිහිට පැතීමට සිදුවෙයි. එසේම එවිට ආර්ජන්ටිනාව ප්‍රථම වතාවට විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි ලැයිස්තුවටද වැටෙන අතර, විදේශ ණය පැහැරහැරීමේ ලැයිස්තුවටද වැටෙයි. මෙම තත්ත්වය රටට මහත් කැළලක් ඇති කරන ලද සිද්ධියක් විය. අවසානයේදී කරන්නට දෙයක් නොමැති විටදී IMF කොන්දේසිවලට යටත්ව රට ගෙනයෑමට පාලකයන්ට සිදුවිය. ඒ අනුව IMF සංවිධානයෙන් මූල්‍යමය ආධාර ලබා ගැනීමට ආර්ජන්ටිනාවට සිදුවිය. එසේම ෂඵත් සංවිධානයෙන් වාර්ෂිකව ‘මූල්‍යමය පංගුවක්’ද (කෝටාවක්) ආර්ජන්ටිනාවට ලබාදෙන ලදී. තවද ඊට අමතරව විවිධ ප්‍රමාණයෙන් ණය මුදල් ආධාරද ලබාදෙන ලදී. වෙනත් රටවලින් ණය ආධාර ලබා ගැනීමේදී බොහෝ විට එම ආධාර ප්‍රබල කොන්දේසිවලට යටත් නොවන අතර, පොලී කොන්දේසිවලට පමණක් යටත් වෙයි. එහෙත් IMF ණය ලබා ගැනීමේදී මෙම කොන්දේසි මාලා දෙකටම යටත් වීමට එම රාජ්‍යයන්ට සිදුවනු ඇතිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙම කුමන ක්‍රමයකට වුවද ණය ලබාගැනීමේදී ඒ ඒ ක්‍රමවේදයන්ට අදාළ වන්නාවූ කොන්දේසි සහ නියමයන්ට එකඟවීමට සාමාජික රටවල්වලට සිදුවේ. ඒ අනුව එකලදී ආර්ජන්ටිනාවටද එම කොන්දේසිවලට යටත් වීමට සිදුවිය. එලෙස එම රටට ඉදිරිපත් කරන ලද ප්‍රධාන කොන්දේසි මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
- අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 0.7% (සියයට හතක) මට්ටමේ පවත්වාගත යුතුය.
- රාජ්‍ය වියදම් කළමනාකරණය කරගත යුතුය. වර්තන වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හැරිය යුතුය.
- රාජ්‍ය සේවය තුළ ඇති තනතුරු යම් අයුරකින් කප්පාදු කර අඩුකර යුතුය. අලුතින් රාජ්‍ය සේවයේ තනතුරු ඇති කිරීම සීමා කළ යුතුය.
- දැනට බදු අය නොකරන සේවා සඳහා බදු අය කිරීම සිදුකළ යුතුය. ජනතාව එම බදු ක්‍රමවේදයට නැඹුරු විය යුතුය. බදු ආදායම ඉහළ දැමිය යුතුය.
- පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම පෞද්ගලීකරණය කළ යුතුය. නොමිලේ ලබාදෙන ජනතා සේවයන් සඳහා මුදල් අයකිරීම සිදුකළ යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ප්‍රධාන කොන්දේසි ඉතාමත්ම දරදඬු ස්වරූපයේ ඒවා බැව් පෙනී යයි. මෙවැනි කොන්දේසි බලපවත්වන්නේ සහ ඉදිරිපත් වන්නේ ආර්ජන්ටිනාවට පමණක් නොවේ. ඒවා පොදුවේ මූල්‍ය ආධාර ලබාගන්නා සෑම සාමාජික රටකටම අදාළ වෙයි. ශ්‍රී ලංකාවට වුවද ඒවා පොදුය. සමහර විට සමහර රටවල් සඳහා මෙහි යම් නීතිමය ස්වරූපය වෙනස් වන්නේ නැත. 2002 වසරේදී ප්‍රථම වතාවට ආර්ජන්ටිනාව ෂඵත් වෙතින් මූල්‍ය ආධාර ලබාගත් පසුව, මේ වන විට වාර 27කදී මූල්‍යමය ආධාර ලබාගෙන ඇත. කෙසේ හෝ මෙම සෑම වාරයකදීම ලබාගත් ණය මුදල් නැවත නිසියාකාරව ආපසු ගෙවීමට ආර්ජන්ටිනියානු රජයට හැකිවී නොමැත. පසුගිය සමයේ ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපති මොරිසියෝ මැක්රී විසින් 2018 වසරේදී, ෂඵත් සංවිධානය සමග ඩොලර් බිලියන 57ක සුවිශාල ණය ආධාර ගිවිසුමකට එළඹෙන ලදී. එසේ සිදු කරන්නට වූයේ එකල ආර්ජන්ටිනාව ඉතාමත්ම දරුණු ලෙස ආර්ථික අර්බුදයකට සහ උද්ධමනයකට පත්ව තිබීම හේතුවෙනි.
කෙසේ හෝ මෙම ණය ආධාර ගිවිසුමත් සමග ආර්ජන්ටිනාව තනිකරම කබලෙන් ළිපට වැටිණි. පෙර වසරවලදී පවා ගෙවා ගන්නට බැරිව තිබුණු ණය මුදල්ද සමග මෙම විශාල ණය මුදල ගෙවා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ මෙම සම්පූර්ණ මුදල 2024 දක්වා වසර 07ක් තුළදී ලැබෙන ණයකි. දැනට මෙම ණය මුදලින් ඩොලර් බිලියන 19ක් පමණ ලැබී ඇති අතර, එයින් මෙම 2022 වාරිකය ලෙස ඩොලර් බිලියන 2.8ක් ගෙවිය යුතුය. එය මෙම මාර්තු මාසයේදී ගෙවීමට නියමිතව ඇතත්, මේ වනවිටත් එම ණය ගෙවීමට කිසිදු වත්කමක් හෝ හැකියාවක් ආර්ජන්ටිනාවට නොමැත. මෙම දැඩි අර්බුදය හමුවේ කිසිවක් කරකියාගත නොහැකිව මොරිසිනෝ මැක්රි ජනාධිපතිවරයා තම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුට එසේ කරන්නට සිදුවූයේ IMF සංවිධානය තව, තවත් ජනතාව තළා පෙළා දමන කොන්දේසි ඉදිරිපත් කළ හෙයිනි. කෙසේ හෝ පසුගිය වසර 20ක පමණ කාලයට ආර්ජන්ටිනාවට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව, ණය පැහැර හැරීමේ ලැයිස්තුවට 07 වතාවක්ම අන්තර්ගත කෙරිණි. දැනට මෙම 2022 වසර වන විටදී ආර්ජන්ටිනාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 210ක් පමණ වෙයි. හෙට අනිද්දා ශ්‍රී ලංකාවද ෂඵත් ගියහොත් වැටෙන්නේද මෙම මහා ගිනිජාලාවටමය.
ප්‍රියන්ත හෙට්ටිගේ










