• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිසුනි දන්සැලක් දෙනවානම් මෙහෙම දෙමු I Sri Lanka Latest News

December 16, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිත උණුවුණු අනුරාධපුරයේ තාත්තා කෙනෙක් දරු පරපුරක් වෙනුවෙන් දෙන දානමය පින්කම…

ලංකාවේ දන්සල් කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අපි ඕනෙ තරම් දන්සල් වැඳලා තියෙනවා. ඕනෙ තරම් දන්සල් දැකලත් තියෙනවා. ඒත් මේ දන්සල අපේ හදවත සසල කරන්නට සමත්වුණා කිව්වොත් නිවැරැදියි.(Sri Lanka Latest News) තමන්ට තියෙන්නේ එක පාදයක් වුණත් පාද දෙකම හොඳින් තියෙන පාසල් දරුවන්ට නොමිලේ පාවහන් අලුත්වැඩියා කර දෙන දන්සලක් දෙන්න තරම් හිත උණු වුණු තාත්තා කෙනකුගේ කතාවක් අපට පසුගිය දවසක අසන්න ලැබුණේ අනුරාධපුර යාය 4 පාසලෙන්. මේ සපත්තු මහන දන්සල පැවැත්වුණේ පසුගිය 11 සහ 12 දෙදින තුළයි. ඒ දවස් දෙකේම මේ තාත්තාගේ දෑත්වල සවියෙන් අහිංසක දරුවන්ගේ පාසල් පාවහන් හැඩවුණා.

මේ අපූරු අදහස ක්‍රියාත්වට නංවපු ඔහු නමින් නිශාන්ත පුෂ්පකුමාරයි. දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වූ නිශාන්ත මීට අවුරුදු කිහිපයකට කලින් රැකියාව ලෙස කළේ පොල් කඩන එකයි. නමුත් හදිසි අනතුරක් සිදුවෙලා ඔහුගේ ජීවිතේ කිහිලි කරුවකට සිමාවුණා. ඔහුට ජීවිතයේ කරකියාගන්න දෙයක් නැතුව ගියා. ඒ අවාසනාවන්ත සිදුවීම් පෙළ ඔහු කියා සිටියේ මේ විදියටයි.

‘මීට අවුරුදු හතර පහකට කලින් මගේ කකුල අහිමි වුණා අනතුරක් සිදුවෙලා. මම හොඳට ඉන්නකොට වෘත්තියක් විදියට කළේ පොල් කඩන එක. ඉතින් කකුල අහිමි වුණාට පස්සේ මට ජීවිතයේ කරකියාගන්න දෙයක් නැති වුණා. දරුවෝ දෙන්නයි මමයි නෝනයි තමයි ගෙදර ඉන්නේ. මට වෘත්තියක් නැති හින්දා මම මේ සපත්තු මහන එක රැකියාව විදියට තෝරගත්තා. මම සපත්තු මහනවා, හැඳි හදනවා. මගේ අත්දෙක කැපිලා තියෙන්නේ.’

‘දවසක් යාය 4 ඉස්කෝලේ සමරනායක මහත්තයා ඇවිත් මගෙන් ඇහුවා ඉස්කෝලේ ගොඩක් ළමයින්ගේ සපත්තු ඉරිලා කැඩිලා තියෙනවා මහලා දෙන්න පුළුවන්ද කියලා. මමත් මේ ඉස්කෝලේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්න හින්දා, මම එක පයින්ම කිව්වා හා කියලා. ඊට පස්සේ මහත්තයා දිනයක් දාගෙන ඇවිත් සඳුදා ඒ වැඩමුළුව තියලා දරුවන්ගේ සපත්තු හැදුවා. මම හිතුවේ නැහැ මේ තරම් සපත්තු හොඩක් තියෙයි කියලා. සපත්තු ගොඩක් ඉරිලා කට ඇරිලා හැම තැනම ඉරිලා තිබ්බා. ගමේ මිනිස්සුන්ට සපත්තු ගන්නවත් වත්කමක් නැහැ කියන එක මට එදා හිතුණා. සමරනායක මහත්තයාගේ උදව් කිරීමේ චේතනාවෙන් තවත් දවසක් දාගත්තා.

මේ පාසලේ දරුපැටව් වැල නොකැඩී ආවේ සපත්තු මහගන්නයි. මොකද ඒ තරමට සපත්තු තිබ්බා මහන්න. අපි මේ දේ කරන්නේ රට වෙනුවෙන් දරුවන් වෙනුවෙන්. මගේ කකුල අයින් කරලා තියෙන්නේ දණිස්සට උඩින්. මම පවුල ජීවත් කරවන්නේ සපත්තු කුඩ මහලා. මම මේ දේ කරන්නේ අපේ ගමේ ඉස්කෝලේ අපේ ගමේ දරුවෝ වෙනුවෙන්. මේ පාසල මගේ ඉස්කෝලෙ නිසා රුපියලක්වත් ගන්නේ නැතුව මම මේ දේ කරන්නේ. මේ රටේ ඕනෙ තරම් දානපතියෝ ඉන්නවා. ඒත් ඔවුන් අපේ ගම බලන්න එන්නේ නැත්තේ දුෂ්කර නිසා වෙන්න ඇති. නොදියුණු ගමක් මේක. අපි ඒ හැමෝගෙන්ම ඉල්ලන්නේ ඉස්කෝලේට දරුවන්ට මොනවා හරි කරලා දෙන්න කියලා…’

ඔහු එසේ පැවසුවත් ඔහුද එදා වේල පිරිමසා ගන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. අපිද හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යාය 4 පාසලේ අහිංසක දිළිඳු දරුවන් වෙනුවෙන්, මේ පවුල වෙනුවෙන් යමක් කරන ලෙසයි.

නිශාන්ත කිසිදු මුදලක් අය නොකරම ඒ කර්තව්‍යයට උරදුන්නා. ඒ, ඔවුන්ගේ පුංචි ඇස්වලට හිනාවක් ගේන්න, හෙට රටේ අනාගතය බාරගන්න ඉන්න අහිංසක දරුවන්ව සතුටු කරන්නයි. කොළඹ සුපිරි පාසල්වල දරුවන් මාසයකට එක සපත්තු කුට්ටමක් මිලට ගන්නකොට මේ දුෂ්කර ගම්වල අහිංසක දරුවන් සපත්තු ජෝඩුවක් ගන්නේ අවුරුද්දකටත් වඩා පාවිච්චි කරන්නයි. අවුරුද්දක් පාවිච්චි කරලා පුළුවන් නම් මහලා ඊළඟ අවුරුද්දෙත් ඒ සපත්තු කුට්ටමම දානවා. මේ ගම්වල ජීවත් වන්නේ ගොවිතැන් කරලා එදාවේල පිරිමහගන්න මිනිස්සු. ලැබෙන සොච්චම් මුදලින් ජීවත්වෙනවා හැරෙන්න වෙනත් දෙයක් කරන්න ඔවුන්ට මුදල් ඉතිරි වෙන්නේ නැහැ.

ඉරුණු සපත්තු පැලඳගෙන පාසල් එන මේ දරුවන්ගේ මේ දුක මුලින්ම දකින්න ලැබුණේ පී.ඩී.කේ. සමරනායක ගුරු මහතාටයි. ඔහු විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කැලණි සරසවිය ආදි විද්‍යාර්ථයන්ගේ සංගමයේ සභාපති ධුරය දරනවා. ඒ වගේම ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ධුරයක්ද දරනවා. කාලයක් පුරාම සමරනායක ගුරු මහතා මේ දරුවන්ට සපත්තු අරන් දෙන්න සම්පත් දායකයන් හෙව්වා. ඒත් සොයාගන්නට බැරිව ගියා. ඉරුණු සපත්තු දාගෙන දරුවන් පාසල් එනවා බලන් ඉන්න බැරිම තැන තමයි ඔහු පාසලේ ආදි ශිෂ්‍යයෙක් වූ සපත්තු මහන නිශාන්ත මහත්මාට යෝජනාවක් ගේනාවේ මේ පුංචි අහිංසක දරුවන්ට ශක්තියක් වෙන්න කියලා. ඒ අනුව තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ.

දරුවන්ගේ සපත්තු අලුත්වැඩියා කර දෙන අපූරු දන්සල ගැන යෝජනාව ගෙන ආ සමරනායක මහතා ඒ ගැන පැවැසුවේ මෙවැන්නකි.

‘නිශාන්ත සහෝදරයා ආබාධිත තත්ත්වයෙන් පසුවුණත් ඔහු මිනිස්සුන්ට උදව් කරන උතුම් මනුෂ්‍යයෙක්. නිහතමානී මනුස්සයෙක්. පාසලේ තුනෙන් දෙකක් දරුවන්ගේ සපත්තු කැඩිලා තිබ්බා. මට හිතෙනවා කවුරුවත් දෙනවා බලන් ඉන්නේ නැතුව අපිට පුළුවන් විදියට උදව් කරනවා මේ දරුවන් වෙනුවෙන්. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ තමන්ට පුළුවන් විදියට මෙවැනි දරුවන්ට උදව් කරන්න කියලා. ඔවුන් තමයි හෙට රට භාරගන්න ඉන්න අහිංසක දරුවන්. අපේ එකම බලාපොරොත්තුව වෙන්නේ සාර්ථක දක්ෂ දරුවෙක් රටට බිහිවෙනවා දැකීමයි.

සපත්තු මැසීමේ රැකියාවෙන් නිශාන්තට ලැබෙන්නේ සුළු මුදලක්. ඒ මුදල ඔහුගේ දරුවන් දෙන්නාට සපත්තු අරන් දෙන්න තරම්වත් ප්‍රමාණවත් නැහැ. එහෙම වුණත් ඔහු අනිත් දරුවන් ගැන හිතලා ඔවුන්ගේ පාවහන් නොමිලේ අලුත්වැඩියා කර දෙන්න ඉදිරිපත් වුණු එක කොයි තරම් උතුම් කටයුත්තක්ද? ඒ විදියට තමන්ගේ කැඩුණු සපත්තු කුට්ටම මසාගන්න අහිංසක දරු පැටව් ආවේ වැල නොකැඩී. සපත්තු ගලවපුවාම දකින්න ලැබුණේ තැන් තැන්වලින් ඉරීගිය මේස්. මේ වගේ දේවල් දකිද්දී අපේ හදවතට දැනෙන දුක වචනයෙන් කියන්න බැරි තරම්. මේ හැම දේකින්ම පේන්නේ පීඩිත පන්තියේ දුක් වේදනාවන්ම තමයි.

කාටවත් බරක් වෙන්නේ නැතුව පුළුවන් විදියට තමන්ගේ රැකියාව හරියාකාරව කරලා නිශාන්ත මහතා තමන්ගේ දරු පවුල ජීවත් කරවනවා. ඔහු ඒ අතින් බොහෝ දෙනකුට ආදර්ශයක් දෙනවා. හේතුව, මෙවැනි ආබාධයන්ට ලක්වූ අය, රැකියා විරහිත අය අද මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා. තමන්ගේ ජීවිතයත්, පවුලේ අයවත් ඔවුන් පීඩාවට පත්කරනවා දැකගන්න ලැබෙනවා. තවත් පිරිසක් මිනිස්සුන්ට අතපාලා මංකොල්ල කාලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. අද සමාජයේ නිශාන්තලා වගේ අය අඩුයි. මහපාරේ කුසට අහරක් නැතිව ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා. ඔවුන්ට එක කෑම වේලක් හරි දීලා අපි ජීවත්වෙන සුළු කාලේ සැනසෙන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අනුරාධපුර යාය 4 ඉස්කෝලේ දරුවන්ට පුළුවන් විදියට හෙට දවස දකින්න උදව් කරලා ශක්තියක් වෙන්න කියලත් අපි අවසාන වශයෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වැඩබලන පොලිස්පති මහජන දිනය අරඹයි! බස් එකක වෙච්ච සැකසහිත මරණයක් ගැන විමර්ශන පටන් ගනී! පොලිසියටත් චෝදනාවක්! ඒ මොහොතේම වරකාපොළ OICට කෝල් එකක් අරන් සිද්ධිය විමසයි! කරන්න ඕන දේවල් ටිකත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැලිගමදීත් වෙඩි තියලා! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.