• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම රටින් යන අතරෙ දේශපාලකයො ඉන්නේ කොහොමද I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලියුම්කරු වුණු මට පහුගිය දවසක දුරකතන ඇමතුමක් එනවා ඉතා හුරුපුරුදු අංකයකින්. ඒ, සිරසෙ කසුන් සමරවීරගෙන්. සිරසෙ කසුන් කිව්වම අපි දන්නවා ඔහු සිරස ‘සටනේ’ විශාල රාජකාරියක් කරන, සිරස වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය, සිරස රාත්‍රි 7 ප්‍රවෘත්ති සඳහා වෙහෙසුණු ඉතා දක්ෂ තරුණයෙක්.(Sri Lanka Latest News)

මේ තරුණයාව මට මුණගැහෙන්නේ යෞවන සම්මාන නිවේදන තරගාවලියේදී. ඒ තරගාවලියට විනිශ්චයකරුවෙක් විදියට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනකොට කසුන් එහි තරගකරුවෙක් විදියට සහභාගි වෙනවා. විනිශ්චය මණ්ඩලයේ හිටපු අනෙක් දෙදෙනාගේම විරෝධතාව තියෙද්දීත් මට අවශ්‍ය වෙනවා කසුන්ව ජයග්‍රාහකයා කරන්න. ඒකට හේතුව මම කසුන්ව කවදාවත්ම ඇහැටවත් දැකලා නොතිබුණු නිසා නෙවෙයි.

කසුන්ගෙන් මට ලැබෙන වරප්‍රසාදයක් හෝ කසුන්ගෙන් මට ලැබේයැයි විශ්වාස කරන වරප්‍රසාදයක් නිසාත් නෙවෙයි. ඔහු දක්ෂයෙක් නිසාත්, ඔහු ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් නිසාත් එදා ඒ තීරණය ගැනීම ගැන නිතරම මම සතුටු වුණා. එහෙම වුණේ කසුන් ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇත්ත වැඩකාරයෙක් වෙච්ච නිසා. ඒත් අවාසනාවකට ඒ දුරකතන ඇමතුම මට ගත්තේ කසුන්.

ඒ ඇමතුමේදී මට නිකමට හිතුණා ඔහු ලංකාව අතහැරලා යන්න යනවාද කියන එක. මම ඔහුගෙන් අහනවා ඇයි ලංකාවෙන් යන්නවත් හිතුවද කියලා. ඔහු දෙන උත්තරේ තමයි, ඔව්, ලංකාවෙන් යනවා කියලා. මේ ලිපිය ලියන මොහොත වෙද්දී කසුන් සමරවීර කියන දක්ෂ මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ නෑ. ඔහු විදෙස්ගත වෙලා අවසන්.

කිසිම දවසක ලංකාව අතහැරලා යන්නේ නැති වෙයි කියලා හිතපු අයත් දැන් ලංකාවෙන් ගිහිල්ලා. කසුන් විතරක් නෙවෙයි මේ විදියේ නම්ගම් කියන්න ගියොත් මහ ගොඩක්. ඇත්තටම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් අපට ආවා. ඒ ගොඩාක් ඇමතුම්වලින් කිව්වේ ලබන අඟහරුවාදට ලංකාවෙන් යනවා, ලබන සෙනසුරාදාට යන්න වෙනවා, හෙට යනවා, අනිද්දට යනවා කියලා. වෛiවරු යනවා, නීතිඥවරු යනවා, ඉන්ජිනේරුවෝ යනවා. සල්ලි තියෙන අය යනවා. සල්ලි නැති අය යනවා. පෝසත් අය යනවා. ඉගෙනගත්ත අය යනවා. ප්‍රශ්න තියෙන අය යනවා. ප්‍රශ්න නැති අය යනවා. හොඳ අය යනවා. නරක අය යනවා.

හැමෝම යනවා. ඇයි මේ යන්නේ? සතුටු වෙන්නවත් ජීවිතේ විඳින්නවත් ආතල් එකක් ගන්නවත් නෙවෙයි. මිනිස්සු යන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න අපට තිබුණු රට අපට නැතිකරපු දේශපාලකයෝ ඒගොල්ලන්ගේ දරුවන්වත් පිටරට යවනවා. ඒ දරුවොත් පිටරටවලට ගිහිල්ලා ජොලියේ ජීවත් වෙනවා. ජීවත් වෙන්න තිබුණු අපේ රට නැතිකරලා අපිවත් විනාශ කරලා, අපේ රටත් විනාශ කරලා, අපිට ලැබෙන්න තිබුණු ටිකත් කොල්ලකාපු තක්කඩි දේශපාලකයෝ විතරක් මේ රටට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ යන්නෙ නෑ. ඇයි මේ යන්නෙ නැත්තේ? අපට හිතාගන්න බැරි ඒකයි.

හැමෝම යනකොට, හැමෝටම මේක එපාවෙනකොට ඇයි මේ දේශපාලකයන්ට මේක එපාවෙන්නෙ නැත්තේ. හැමෝටම මීට වඩා හොඳ රටක් ලෝකෙ කොහෝ හරි ඇති කියලා හිතලා, මීට වඩා පහසුකම් ලෝකෙ වෙනත් රටවල තියෙනවා කියලා හිතලා මිනිස්සු අපේ රට අතහරිනකොට දේශපාලකයෝ නම් අපේ රට අතහැරලා යන්නේ නෑ. දේශපාලකයෝ කොහොම හරි ඉන්නවා. පුළුවන් තරම් ඉන්නවා. ඉවසගෙන ඉන්නවා. දරාගෙන ඉන්නවා. මෙන්න මේක තමයි කතාකරන්න ඕනෙ මාතෘකාව. ඇයි, අපට යන්න පුළුවන් වුණාට දේශපාලකයන්ට යන්න බැරි? ඇයි, අපි යනවා වුණාට දේශපාලකයෝ යන්නෙ නැත්තේ?

ඒක හරි අරුම පුදුම මාතෘකාවක්. මෙච්චර මේ රට අපිට එපාවෙනකොට, මෙච්චර මේ රටේ ප්‍රශ්න අපට දැනෙනකොට දේශපාලකයෝ ඒවා දන්නෙ නැද්ද? දේශපාලකයන්ට ඒවා ආරංචි වෙන්නේ නැද්ද? දේශපාලකයන්ට ඒවා ප්‍රශ්න නෙවෙයිද? නෑ නෑ, දේශපාලකයන්ටත් ඒවා ප්‍රශ්න. හැබැයි දේශපාලකයෝ ඒවා ඉවසන්න පුරුදු වෙලා. රටට තියෙන ආදරේටද? මේ රට රැකගත යුතු නිසාද? අපි හිතන්නේ නෑ.

සාමාන්‍යයෙන් ගම්වල ඕකට කියන්නේ ‘කන්න ඕනෑවට ඉන්නවා’ කියලා. ඒ කියන්නේ කරවිලේ වැඩුණු පණුවට කරවිලේ තිත්ත නෑලුනේ. ඌ ඒකම කාගෙන ඉන්නවා. ලංකාවේ දේශපාලකයෝ වැඩි දෙනෙක් එහෙමයි. ඒගොල්ලන්ට මේක තිත්ත නෑ. රසයි. ඒගොල්ලෝ දන්නවා මේක කන්න ඕනෙ කොහෙන්ද, කොතැනින්ද, කොහොමද කියලා. ඒක නිසා ඒගොල්ලෝ යන්නේ නෑ කවදාවත් මේක අතහැරලා දාලා. ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අපට යන්න වෙන රටක් හදලා, ඒගොල්ලන්ට ඉන්න හිතෙන රටක් ඒගොල්ලෝ හදාගෙන.

අපිට දේශපාලකයෝ එක එක කයිකතන්දර කිව්වා මතකද? ආසියාවේ ආශ්චර්යය කරන්න, ඉන්න හිතෙන රටක් හදන්න, රැවැටුණා ඇති කිව්වනේ. හොඳට තිබුණු රටක් අපි වැටුණු තැනක් කියන එක තමයි මේ රටට වඩාත්ම ගැළපෙන සහ වඩාත් උචිතම ස්ලෝගන් එක. ඒ ස්ලෝගන් එක නම් අමතක වෙන්නෙ නෑ. අපිට හැමදාම ඕක කියන්න පුළුවන්. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් කියලා. ඒක අමතක නොවෙන්න අපිව අප්ඩේට් කරන වැඩේ අපේ දේශපාලකයෝ හොඳට කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ, ඒගොල්ලෝ යන්නෙ නෑ. ඒගොල්ලන්ට පුළුවන්නේ වෙන රටකට යන්න. වෙන රටකට ගිහින් දේශපාලනය කරන්න.

ඔය දේශපාලනයට එන මහත්තුරු හොඳට ඉගෙනගත්ත, දැනුම් තේරුම් තියෙන ඉතා ඉහළ අධ්‍යාපනයක් තියෙන අය විය යුතුයිනේ. රටක් පාලනය කරන්න නිකම්ම නිකම් කබ්බන්ට බෑනේ. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන දැනුම පාවිච්චි කරලා ලෝකෙට ගිහිල්ලා විවිධ වෘත්තීන් තෝරගන්න පුළුවන්නේ නේද? හැබැයි එහෙම යන්නෙ නෑ.

සමහරු ගියේ එලෙව්වට පස්සෙනේ. මොකද සමහරු හිතයි මෙහෙම කියාගෙන යද්දී, ඇයි අනේ අරයා ගියේ, එයා දැන් ඉන්නේ මෙහෙ නෙමේ එහෙනේ. එයා කොච්චර ගුණයහපත්ද බලන්න. අරයා පත්වෙච්ච වෙලාවේ කිව්ව බයිලෙම ආයෙත් කියයි. කොහොමද අපේ සර්. මේ තමයි හරියටම හරියන කෙනා. හොඳටම හොඳ කෙනා. ඒ නිසයි මෙහෙම කියන්නේ. එයා ගියෙත් එළෙව්වට පස්සේ. එයා ගියේ ඉන්න බැරිවෙච්ච හින්දා. නැත්නම් ඒගොල්ලෝ ආවේ ඒගොල්ලන්ගේ පුරවැසිභාවයත් අහෝසි කරගෙන.

සමහර අය ඉන්නවා ඇමෙරිකාවේ පුරවැසිභාවය අහෝසි කරගෙන ලංකාවේ පුරවැසිභාවය ඉල්ලගත්ත කට්ටිය. ඇයි මේ නේද? අපිට තේරෙන්නෙ නෑ ඇයි මේ කියලා. ඒකට උත්තරේ ඔයාලා හොයාගන්න. අපිට හිතෙන දේ අපි කියන්නම්. මොකද මේ රටේ පොදු දේපළ ටික මංකොල්ලකාලා, මේ රටේ තියෙන සම්පත්වලින් තම තමන්ගේ බඩ වැඩි කරගන්න, ගොඩ වැඩිකරගන්න වෙන කොහෙදිවත් බෑ.

ඒ වගේම කොන්ත්‍රාත් එකක් ලැබෙනකොට ඒ කොන්ත්‍රාත් එකෙන් 10%ක්, 15%ක්, 20%ක් නෙවෙයි 80%ක් විතර වංචා කරන්න පුළුවන් රටක් තියෙනවා නම් ඒ තමයි ලංකාව. පාරක් හදන්න පාස්වෙන මුදල ලක්ෂ 200යි නම් පාර හදන්න වියදම් කරන මුදල ලක්ෂ 20යි. ගොඩනැගිල්ලක් හදන්න දාන්න ඕනෙ සිමෙන්ති කොට්ට ගාන 800යි නම් දාන සිමෙන්ති කොට්ට ගාන 80යි. එහෙම තමයි අපේ රටේ දේශපාලකයෝ හම්බ කරගන්නේ.

දේශපාලකයන්ගේ පවුල්වල අම්මගෙ, තාත්තගෙ ඉඳලා, පුතා, දුව, මස්සිනා, බිරිඳගේ තාත්තා, බිරිඳගේ මල්ලි මේ ඔක්කොම ටික ගොඩ. අපි දන්නවනේ අපේ රටේ දේශපාලකයෝ ගැන. දැන් ආයෙත් අපි හදන්නේ ජනාධිපති කෙනෙක් හදන්නනේ. ඒ හදන්නේ තාත්තගේ පුතා හින්දනේ. තාත්තගේ පුතා හින්ද ජනාධිපතිකමක් ඕනෙ නෑ. අපි ජනාධිපතිලා පත්කර ගන්න ඕනේ මේ රටට ගැළපෙනවද නැද්ද කියලා බලලා.

තාත්තගේ පුතා වුණාට හොඳ වෙන්න පුළුවන්. තාත්තලාගේ පුතාලා ඉන්නවා හොඳ මිනිස්සු. තාත්තලා ජීවතුන් අතර නැති නිසා දේශපාලනයට ඇවිල්ලා ඒ තාත්තලගේ යුතුකම් ඉෂ්ට කරන්න හදන මිනිස්සු ලංකාවේ ඉන්නවා. නැත්තේ නෑ. හැබැයි සමහර තැන්වල සමහර ලැයිස්තුවලින් තාත්තා එක පුතා දෙක. තාත්තා එහෙන් ඉල්ලනවා පුතා මෙහෙන් ඉල්ලනවා. බාප්පා, බාප්පගේ පුතා, ලොකු තාත්තා, ලොකු තාත්තගේ පුතා, නැන්දගේ පුතා ඔක්කොම එකට පාර්ලිමේන්තු යනවා. එහෙම තත්ත්වයක් තියාගෙන මොකටද ඒගොල්ලෝ ලංකාව අතහැරලා යන්නේ? ඒගොල්ලන්ට ජීවත් වෙන්න තියෙන හොඳම සම්පත් ටික තියෙන්නේ මෙහෙනේ.

මේක සුරංගනා ලෝකයක් ඒ වගේ කට්ටියට. හැබැයි සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපට නම් මේක අපායක්. ඒ නිසා අපාය යක්කුන්ට දීලා දෙවියෝ මේ රටෙන් පිටවෙනවා. ලියුම්කරු කිසි දවසක මේ රට අතහැරලා යන්න හිතපු කෙනෙක් නෙවෙයි. ලියුම්කරුට කිසි දිනෙක මේ රට අතහැර යෑම අනුමත කරන්න අදහසක්වත් තිබුණේ නෑ. හැබැයි මේ මොහොතේ පත්තරේට ලියන ලිපියක් විදියට නෙවෙයි, හෘදයසාක්ෂියට අනුව ඔබට කියනවා ඔබ යනවා නම් ඔබට යන්න එපා කියන්න තරම් හේතුවක් මට නෑ. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න ලැබෙන නිසා ඔබ යන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ඔබ හිටියොත් ඔබ වෙනුවෙන් මේ රටේ කිසි දෙයක් ලැබෙයි කියලා මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒක නිසා මට බැරි වුණත් ඔබ යන්න කියන එක කියන්න මට හිත හදාගන්න වෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වෙලා? හේතුව දේශගුණික විපර්යාසයක බලපෑමක්ද? I Sri Lanka Latest News

Next Post

මුළු ලංකාවම ගොදුරුවෙන්න යන බිහිසුණු පිළිකාවේ සුලමුල මෙන්න I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.