• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිට්ලර් ගැන මේ දේවල් ඔබ දන්නවාද I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකෙ හිටපු දරුණු පාලකයන් ගැන කතාකරද්දී අමතක කරන්න බැරිම චරිතයක් තමයි හිට්ලර් කියලා කියන්නේ. කෲර ඒකාධිපති පාලකයෙක් ලෙස කටයුතු කරපු ඇඩොල්ෆ්ට් හිට්ලර් ඔහුගේ පාලන කාලය තුළ සූක්ෂ්මව සිදුකරගෙන ගිය අතිශය රහසිගත යුද අත්හදා බැලීම් රැසක් තිබුණා. ලොව බොහෝ දෙනා අද වනතුරු ඔහුගේ යුද තාක්ෂණය නොදන්න පැතිකඩ බොහොමයි. ඒ නිසාම තමයි හිට්ලර් එදා ලෝකයෙන්ම හංගපු ඒ රහස් පිළිබඳ ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙන්නේ.(Sri Lanka Latest News)

ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් හිට්ලර් සතුව තිබුණේ අද්විතීය දැනුමක්. ඒ දැනුම නිසාම සුවිශේෂ මිසයිල ඒ වගේම ජෙට් යානා භාවිත කරලා සතුරන් විනාශ කරන්න ඔහුට හැකියාව ලැබුණා. හිට්ලර් ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කිරීම සඳහා තමන් ඉගෙන ගත්ත දැනුම කාත් එක්කවත් බෙදාගත්තේ නෑ. අඩුම තරමේ ඒ දේවල් ඉගෙන ගත්තේ කොහොමද කියලවත් ඔහු සඳහන් කළේ නෑ. පසුකාලයක හිට්ලර් තම ජීවිත කතාව සම්බන්ධයෙන් Mein Kampf නම් කෘතියක් රචනා කළා.

මේ කෘතියේ කවුරුත් නොදත් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ඇතුළත් වුණා. තොරතුරුවලට අනුව හිට්ලර් ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කර යැවීමට ඉගෙන ගෙන ඇත්තේ ටිබෙට් ලාමා ආරාමවලින් බව සඳහන් වෙනවා. ලාමා ආරාම කියලා කියන්නේ ටිබෙට් බුදුදහමත් සමග සම්බන්ධ වුණු සුවිශේෂ ආගමික ස්ථානයක්. එවක අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැලඳ ගැනීමත් සමග මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් රැසක් තමන්ගේ රාජධානියෙන් ඉවත් කරලා ටිබෙටයේ මේ ලාමා ආරාමවල තැන්පත් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ ආකාරයෙන් තැන්පත් කළ පොත්වල යුද ගුවන් යානා, මිසයිල, ගිනි මල් විහිදුවන ඊතල සහ විනාශකාරී බෝම්බ දැමීම ආදී බොහෝ දේවල් ගැන සඳහන් වෙලා තිබුණා. හැබැයි ඒ දේවල් රචනා කරලා තිබුණේ ඉතා දියුණු ලේඛන භාෂාවකින්. ඒ නිසාම බොහෝ දෙනෙක්ට මේ දේවල් පරිවර්තනය කරන්නවත්, කියවලා තේරුම් ගන්නවත් හැකියාව තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ ටිබෙටයේ මේ ලාමා ආරාම ආශ්‍රිතව ජීවත් වුණා ඉතා උසස් මනසකින් යුක්ත ආධ්‍යාත්මික තත්ත්වයෙන් ඉහළටම පැමිණි ලාමා හිමිවරුන්. ඔවුන් සතු දැනුම අසමසමයි.

ඒ නිසාම ලෝකය ගැන බොහෝ දේවල් ඔවුන්ගේ දැනුම පරිදි විවිධ ග්‍රන්ථවල රචනා කළා. ඒ අතරතුර බොහෝ දෙනෙක්ට පරිවර්තනය කරගන්න අපහසු මිසයිල සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථ සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීමට මේ හිමිවරු කටයුතු කළා. ඒ ආකාරයෙන් බෞද්ධ පොත්පත්වල ලියැවුණු ඒ අපූරු තාක්ෂණය ටිටෙබටයේ ලාමා ආරාමවලින් ලබාගැනීම සඳහා හිට්ලර් කටයුතු කළා. අන්න ඒ විදියට තමයි හිට්ලර් සද්ද නැතුව ඉඳගෙන මුළු ලෝකයම යටත් කරගන්න පුළුවන් ලස්සන ගේම් එකක් පටන් ගත්තේ.

බුදු දහමේ සඳහන් වෙනවා ‘මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා’ කියලා. මේ කියන විදියට අපේ සිතුවිල්ල ඉතා ප්‍රබලයි. මේ වන විට එක්සත් ජනපදය විසින් Mercury Vortex තාක්ෂණය යොදාගෙන සිතුවිල්ලේ බලයෙන් ක්‍රියාත්මක වන TR – 3B නම් යානයක් නිපදවා තියෙනවා. මෙම යානාවට මූලික කරගෙන තියෙන්නේ රාවණා රජුගේ රසදිය මූලධර්මය කියලයි සඳහන් වෙන්නේ. එක්සත් ජනපදය විසින් මේ තාක්ෂණය ගැන සොයාගෙන තියෙන්නේ හිට්ලර් සතුව තිබූ පැරැණි පොතකින් කියලයි රහස් තොරතුරුවලින් හෙළිවෙන්නේ.

අපි ඒ කතා කළේ හිට්ලර්ගේ යුද තාක්ෂණය ගැන. හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ හිට්ලර් ගැන ඔබ මීට පෙර අසා නැති අමුතු කතා ටිකක් ගැන. හිට්ලර් කියන්නේ කාන්තා ඇසුරට බොහෝ සේ ලොල් වුණු පාලකයෙක්. එක් අවස්ථාවකදී ඔහුගේ නෑකමකින් තමන්ට දියණියක් වන අවුරුදු 21ක වයස තරුණියක් විවාහ කරගන්නවා. ඇය බොහෝ කාලයක් හිට්ලර්ගේ විකෘති කාමාශාවන් නිසා පීඩාවට පත්වුණා.

මේ හේතු කාරණා නිසාම අවසානයේදී ඇය හිට්ලර්ගේම ගිනි අවියක් භාවිත කරලා සිය දිවි හානි කරගන්නවා. මේ, එක සිදුවීමක් විතරයි. තවත් අවස්ථාවකදී හිට්ලර් විවාහ කරගත් බොහෝ කාන්තාවන්ගේ ශරීරයේ අඟලක් නෑර ඔහු විසින් ඡායාරූපගත කොට ඔහුගේ අසභ්‍ය ඡායාරූප ගොන්නට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවකදී තමන්ගේ භාර්යාවගේ යෝනි ප්‍රදේශය කුඩා යැයි පවසමින් ඔහු ඇයව ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට පවා ලක්කරනවා. මේ ආකාරයට උමතු වූ ආශාවලින් යුක්ත හිට්ලර්ගේ සියලු පෙම්වතියන් අකාලයේ සියදිවි නසාගත් බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

හිට්ලර් කුඩා කාලයේ පටන්ම චිත්‍ර කලාවට ආශා කරපු චරිතයක්. ඔහු තමන්ගේ ආදරණීය මව මියගිය පසු වසර 05ක පමණ කාලයක් තමන්ගේ ජීවිතය රැකගත්තේ චිත්‍ර ඇඳීමෙන් උපයාගත් පුංචි මුදලකින්. ඒ වගේම හිට්ලර් සමාජ සේවකයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ලෙස හිට්ලර් ඉතිහාසගත වුණත් ඔහුගේ පාලන කාලය තුළ ඔහු සිදුකළ සමාජ සේවාවන් ප්‍රමාණයත් ඉතා ඉහළයි.

1923දී ඔහු සිරගතව සිටි කාලයේදී ‘මගේ අරගලය’ නමින් කෘතියක් රචනා කොට ඒ කෘතියේ අලෙවි ආදායම පින් තකා ප්‍රදානය කිරීමට ඔහු තීරණය කරනවා. ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ සමාජ සේවා කටයුතු රැසකම නිරත වෙච්ච දරුණු පාලකයෙක් විදියට හිට්ලර් හඳුන්වන්න පුළුවන්. ඕනෑම ප්‍රසිද්ධ චරිතයක් වුණත් විවිධාකාරයේ සිතුවිලින් මානසිකව පීඩා විඳිනවා. හිට්ලර් කියන්නේ තමන්ගේ ලේ පිරිසිදුයි කියලා හිතාගෙන මානසිකව පීඩා විඳපු චරිතයක්. මෙහෙම කියන්න හේතු කිහිපයක්ම තියෙනවා.

හිට්ලර්ගේ මව සහ පියා ඉතා ළඟ ඥාතීත්වයක් සහිතව විවාහ වුණු දෙපළක්. ඒ නිසාම ඔවුන්ට ලැබුණු දරුවන් හත්දෙනාගෙන් හතර දෙනෙක්ම අඩු වයසින් මියයනවා. ඉතිරි දරුවන් දෙදෙනා මන්ද බුද්ධික දරුවන් වුණු අතර, සාමාන්‍ය ළමයෙකු ලෙස ලොවට බිහිවුණේ හිට්ලර් පමණයි. ඒ නිසාම හැම වෙලේම ඔහු සිතුව තමන්ගේ ලේ අපිරිසිදුයි කියලා. ඒ නිසාම ඔහු ලේ පිරිසිදු කරගැනීමේ චේතනාවෙන් නිතරම වෙද කූඩැල්ලන් භාවිත කරමින් විවිධ ආයුර්වේද ක්‍රම අත්හදා බැලූ බවත්, නිරන්තරයෙන්ම රුධිරය පරීක්ෂා කළ බවත් සඳහන් වෙනවා.

ලෝකයේ කෲරතම පාලකයා බවට පත්වූ හිට්ලර් බුදු දහම ආශ්‍රයෙන් රචනා වුණු බෞද්ධ පොතපත උපයෝගී කරගෙන මිසයිල හැදුවා කියන කතාව බොහෝ දෙනෙක් විශ්වාස කරන එකක් නෑ. නමුත් ඒ කතාව සඳහන් කරලා තියෙන්නේ හිට්ලර් විසින්ම රචනා කළ ඔහුගේම කෘතියකයි. ඒ නිසා මේ කතාව නිකන්ම බැහැර කරන්න බැහැ.

Amuthu යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

Next Post

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි! අවසන් කටයුතු හෙට දඩැල්ලේදී! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.