• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදන්න හිතුවේ වැව් දිය උකුලේ උණුහුම මදිදෝ මාපිය තුරුලේ…

November 20, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
නිදන්න හිතුවේ වැව් දිය උකුලේ උණුහුම මදිදෝ මාපිය තුරුලේ…
Share on WhatsAppShare on Facebook

දවසක් කන්ද මුදුනක ඉපදිච්ච පුංචි සුරවමියක් හෙමින්සැරේ පුංචි කකුල් ඉස්සරහට තියලා මල්පෙති තිල්ලේ ළා තණනිල්ලේ හෙමින් හෙමින් ඉස්සරහට ගියා. එහෙම යනකොට ඈට අතරමඟ සමහර තැන්වල කුරුලු කිරිලියන්ගේ සින්දු ඇහුණා. ඈ ටිකෙන් ටික ඉස්සරහට ගියා. ඈට හුළඟ කියන කවි අහගෙන හුළඟෙ එන මල්පෙති එකතු කරගෙන තව ටිකක් ඉස්සරහට යන්න හිතුණා. ඈ ටිකෙන් ටික ලොකුමහත් වුණා. අහස ගොරවලා මහ වැහි වැටෙනකොට ඈ ආදරෙන් ඒ වැස්සට තුරුළු වුණා. ඒ වැස්ස ඈව ආදරෙන් බදාගත්තා. ඈ නොනැවතී ඉස්සරහට ගියා. කඳු මුදුන්වලින් හෙමින්සැරේ කකුල් තියලා පල්ලෙහාට බැස්සා. එහෙම යද්දී ඈ තවත් ලස්සන වෙන්න පටන් අරගත්තා. සෑහෙන දුරක් ගියා. සෑහෙන කාලෙකුත් ගතවෙලා ගියා. ඈ දැන් ලස්සන සුරංගනාවියක් වගේ සුන්දර යුවතියක්. ඈව බලන්න දස දහස් ගණන් මිනිස්සු එනවා. ඈ කඳු මුදුනකින් පහළට බහින හැටි ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. ඉන් පස්සේ ඈ ගැන කවි ලිව්වා, කතන්දර කිව්වා. ඈ ඇගේ ගමන නොනැවතීම ගියා. කඳු හෙල් බාධකවලට උඩින් පැන්නා. සමහර තැන්වල පෙණ කිණිති මල්වලින් ඈ හිනාවුණා. ඈ වටේ තියෙන මල් එකින් එක නෙළාගෙන සමහර තැන්වලදී මනමාලියෙක් වගේ ඒ මල් අතේ තියාගෙන ගියා. සමහර තැන්වලදී ඈ චණ්ඩ වුණා. රළු වුණා. ඈ වේගෙන් ගියා. ඇගේ ගමන සමහර තැනකදී ළැසි ගමනක් වුණා. ඈ මහ පොළොව පෝෂණය කරමින්, ගස් කොළ වැල් මල්වලට ජීවය දෙමින් කෙත් බිම් සරු කරමින් හෙමින් හෙමින් ඇගේ ගමන ගියා. ඉතින් මුලින්ම ලියලා ඉන්නවා ඈ වැරැදි නෑ. ඈට චෝදනා කරන්න එපා.

මේ මහ පොළොව සරු කරන්නේ ගංගා ඇළ දොළ. සමහර තැන්වල වැව් බැන්දේ අපේ මුතුන්මිත්තෝ අපට බත් දෙන්න. අපට ජීවිතේ දෙන්න. එහෙම බත් දෙන්න බැඳපු වැව්වලට මිනිස්සු අනවශ්‍ය විදියට ගිහිල්ලා අනවශ්‍ය දේවල් කරලා, අනවශ්‍ය විදියට ජීවිත නැති කරගන්නවා. අප මේ වැවටයි වතුරයි ඇළටයි දොළටයි ගඟටයි බැණලා වැඩක් නෑ. ඒ කතන්දරේ ලියන්න කලින්ම මම මේ කතාව ලියලා හිටියේ ඒකයි. ඒත් අද වෙනකොට ඔබට දැනගන්න පුළුවන් නම් කීදෙනෙක් මියගිහිල්ලාද ගංගාවල, ඇළදොළවල අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලා.

මේ ලියන්න යන්නේ දියේ ගිලිලා මියගිය සීයාගේ තුන් මාසේ දානෙට ගිහිල්ලා දියේ ගිලී මියගිය මිණිබිරියන් තිදෙනාගේ කතාව. කතාව අයිති සූරියවැවට. සූරියවැව මහවැලිකඩ ආර වැවට. මේ සීයා දියේ ගිලී මියගිහිල්ලා මාස තුනකට පස්සෙ සීයාගේ තුන් මාසේ දානෙට කුරුණෑගල ඉඳලා නෑදෑයෝ පිරිසක් එනවා. මාලබේ කොලනියේ පිහිඹුව කුරුණෑගල කියන ලිපිනයේ තමයි මේගොල්ලෝ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. පුංචි කෙල්ලෝ සාමාන්‍යයෙන් දඟයි. ඒක එහෙම තමයි. වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා දඟ පොඩි එවුන්ට පාඩම් කියලා දෙන්න. නොදන්න දේවල් තේරුම් කරලා දෙන්න. ඒත් වරද කාගෙද, වැරැදුණේ කොතැනද කියලා අපි නොදන්නවා වුණාට කතන්දරේ අවසන් වුණේ කොහොමද කියලා දැන් ඔබ දන්නවා.

මේ දැරියෝ තුන්දෙනා කුරුණෑගල ඉඳන් ගිහිල්ලා මහවැලිකඩ ආර වැවේ ඔරු පදින්න ගිහිල්ලා. සෙල්ලමක් නෙවෙයි මාස අටක කුඩා දරුවකුත් අරගෙනයි මේ අය වැවේ ඔරු පදින්න ගිහින් තියෙන්නේ. වැවේ ඔරු පදින අතරතුරේ සෙල්ෆි ගහනවා. ඒත් එක්කම වැව නිහඬව නිසංසලව හිටියට මිනිස්සු නිහඬව නිසංසලව ඉන්නේ නෑ. වැවටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. වැවටත් ඉවසගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒත් වැව පුළුවන් තරමට මේ ඔරුව පෙරළෙන්න නොදී තියාගෙන ඉඳලා ඉඳලා අන්තිමටම ඔරුව පෙරළෙනවා. වැවට දරාගන්න පුළුවන් සීමාව ඉක්මවා යනවා. නොහිතපු වෙලාවක ඔරුව පෙරළුණාට පස්සේ ඔරුව පදිමින් සිටි තරුණයා තමන්ගේ නංගි සහ මාස අටක පුංචි සිඟිත්තාව බේරාගන්නවා ඔහුට පුළුවන් හැටියට. ඒත් කතාව ඉවර වෙන්නේ තිදෙනෙක් යළි නොඑන අතරතුරේ.

වෑ දිය නිසංසලේ තියෙද්දී වැව් පිටියේ නෑදෑයෝ මර ළතෝනි දෙනවා. අහස පොළොව නූහුලන කම්පාකරවන හැඬුම් හඬද්දී වෑ දිය නිල්ල පිහගෙන එන හුළඟ ඈත ගම්මානවලට දුවගෙන යනවා මිනිස්සුන්ට පණිවුඩය කියන්න. පොලීසියෙන් එනවා, නාවික හමුදාවෙන් එනවා. ඒත් කරන්න දෙයක් නෑ. හොයාගන්න පුළුවන් වෙන්නේ දවසකුත් ගතවුණාට පස්සේ. දවසක් දෙකක් ගතවෙන තුරු මේ වැවත් එක්ක ඔට්ටු වෙන පොලීසියට නාවික හමුදාවට එක දවසක හැන්දෑවක එක සිඟිත්තියක් මුණගැහෙනවා. ඈව අරගෙන එද්දී ඇගේ අම්මා ඈව බදාගෙන අඬනවා ‘මගෙ පුතේ ඔයා කොහෙද ගියේ…’ කියලා. ඒත් ඈ උත්තර දෙන්නේ නෑ. ඈ මියගිහිල්ලා. තව දවසක් ගතවෙනවා. පුංචි කෙල්ලො දෙන්නෙක්ගේ කතාව ඇත්තටම මොකක්ද වුණේ කියලා හොයාගන්න. ඒත් ඒ කතාව තවමත් නොවිසඳුණු කතාවක් විදියට ඉතිරි වෙලා තියෙද්දී 13 වැනිදා උදේ වරුවේ අලුත් ඉරක් පායනකොට වැව් පිටියේ හැඬුම් හඬ ඒ විදියටම ඉතිරි වෙලා තියෙනවා. 13 වැනිදා උදේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ට, ගමේ අයට, පොලීසියට තවත් කෙල්ලො දෙන්නෙක්ව හම්බවෙනවා. ඒ දෙන්නත් වචනයක්වත් කතා නොකර වැව් පිටියට ආවා මිසක් වෙච්ච දෙයක් ගැන කාටවත්ම නොකියා ඒ අය නිහඬව නිසසලව නිදා ඉන්නවා. කතාව එතැනින් ඉවර වෙන්නේ තවත් මරණ තුනක කතාව ඉතුරු කරමින්. තුන් දෙනෙක් මැරුණට පස්සේ මිනිස්සුන්ට පාඩමක් ඉගෙනගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක බොරු. මීට කලින් ඔබට මතක ඇති වෛiවරයෙක් මියගියා. ඔබට මතක ඇති මීට දවස් දෙක තුනකට කලින් දරුවො දෙන්නෙක් ගල් වළක ඔරු පදින්න ගිහින් මියගියා. ඔබට මතක ඇති මීට මාසෙකට විතර කලින් තරුණයො හතරදෙනෙක් මියගියා. ඒ තරුණයන්ගෙන් එක් අයකුගෙ පෙම්වතිය ඒ ගඟටම පැනලා දිවි නැතිකරගත්තා. මේ විදියට මියයන ප්‍රමාණය කීයක්ද කියලා ගණන් හදාගන්න බෑ. මේ තරම් මිනිස්සු මැරෙද්දිත් කවුරුවත් පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ. කිසිවක් කතා නොකරන ගඟට ඇළට දොළට වැවට බැහැලා තමන්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන මිනිස්සුන්ට ඇත්තටම මෝඩ මිනිස්සු කියලා කියන එක තමයි හොඳම දේ. ඒ නිසා කරුණාකරලා නොදන්නා වෑ දියේ සෙල්ලම් කරන්න යන්න එපා. නොදන්නා ගං දියේ සෙල්ලම් කරන්න යන්න එපා. වැවට ගඟට ඇළට දොළට ඔබේ කතාව තේරෙන්නේ නෑ. වැවක් ගඟක් ඇළක් දොළක් දරාගන්න පුළුවන් ප්‍රමාණයට ඔබව දරාගෙන ඉඳලා ඉන් පස්සේ ඔබව බිලිගත්තට පස්සේ වැවට ඇළට දොළට ගඟට බැණලා වැඩක් නෑ. ජීවිතේ කියලා කියන්නේ ඔබ පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්. ජීවිතේ අයිති ඔබට. ඔබ අයිති රටට. රටට ඔබ වටිනවා. මේ දරුවො තුන්දෙනා ජීවත් වෙලා හිටියා නම් මේ මහපොළොව කොච්චර පෝෂණය කරයිද? මේ රටට දැයට වැඩක් ඇති ලෝකෙට වැඩක් ඇති කෙල්ලො තුන්දෙනෙක් අද ජීවතුන් අතර නෑ. එදා ඔරුව පැදලා ඔවුන්ට ලැබෙන්න තිබුණු සතුට කොච්චරද? පුළුවන් නම් ඒක ගණන් හදලා පෙන්නන්න. ඒ සතුටෙ වටිනාකම කොච්චරද? ඒත් ජීවිතවල බරයි, ඒ සතුටෙ බරයි තරාදියකට දාලා බැලුවොත් ඒ දෙක සමපාත වෙන්න සතුට කොච්චර බර වෙන්න ඕනෙද? මේ ජීවිතවල වටිනාකම රුපියල්වලින් මිල කරන්න පුළුවන් නම් කීයක් විතර වෙයිද? දාහක්, දෙදාහක්, ලක්ෂයක්, කෝටියක්, කෝටි දහයක්, බිලියනයක්, බිලියන දහයක්? මං හිතන්නේ නෑ ඒක ඔබට ගණන් හදාගන්න පුළුවන් වේවි කියලා.

එදා ඔරුව පැදලා ඔබට ගන්න තිබුණේ සතුටේ වටිනාකම කොච්චරද? රුපියල් පන්සීයක්, දාහක්? සමහර විට ඊටත් වඩා අඩුවෙන්නත් පුළුවන්. ලෝකෙ ගොඩක් රටවල මිනිස්සු තමන්ගෙ විනෝදාශ්වාදය සඳහා ආරක්ෂිත ක්‍රමවේද නිර්මාණය කරලා තියෙද්දී අපට එහෙම කරගන්න බැරි වෙච්ච එක ගැන අපට එක පාරක් දෙපාරක් හිතන්න වෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. කොහොම නමුත් ආදරණීය දුවණියනි, ඔබට නිවන් සුව. ආයෙ කවදාවත් මෙහෙම ලිපියක් ලියන්න නොවේවා කියලා මමත්, අපේ පත්තරේ හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. දියේ ගිලී මියගිය ඇය වෙනුවෙන් ලියූ අවසාන ලිපිය මෙය නම් ඒක තමයි අපට මේ ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම සතුට මේ වගේ මාතෘකාවක් සම්බන්ධයෙන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘ඇඹිලිපිටියේ ගිහිල්ලා… බඩු මිටියක් ගෙනැල්ලා.. තාලයකට තියාලා… පොඩි සුරුට්ටුවක් ඔතාලා..!’ ඔන්න ආයෙත් ඇඹිලිපිටියේ අක්කර 10000ක ගංජා වවන්නයි හදන්නේ! ඕමල්ලේ හිමියෝ ආණ්ඩුවට එදා තිබ්බ ගංජා ගීතය මතක් කරයි!

Next Post

හැමතැනම හොරු බෝ වෙද්දී බිම වැටුණු චේන් එක අහුලලා දුන් P&S එකේ වැඩ කරන පුංචි හසිඳු මල්ලි…

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.