• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

November 28, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දුම් පානය නමැති අරුම පුදුම ක්‍රියාව ගැන සැබැවින්ම ඉතිහාසයක් ලියැවෙන්නේ 09 වැනි ශතවර්ෂයේ සිටය. එයට පෙර කාලවකවානුවල සිටම මෙම ක්‍රියාව ගැන මතිමතාන්තර කතා වුවත් සැබෑ ලෙසම සාධක සහිත ඉතිහාසයක් ගොනුකෙරෙන්නේ 09 වැනි ශතවර්ෂයේ සිට බව පෙනී යයි. එනම් එම සමයේ විසූ අතීත මායාවරුන් විසින් දුම් පානය සිදුකළ බව ඔවුන්ගේ ඉපැරැණි විහාරස්ථානවල ඇති කැටයම් සහ බිතුසිතුවම් මගින් පෙන්නුම් කරයි. මෙක්සිකෝවේ ඇති ඉපැරැණි මායාවරුන්ගේ විහාරස්ථානයක මෙම දසුන් දැනටත් දක්නට හැකිය. පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සංරක්ෂණය කර ඇති එහි කැටයම් කිහිපයකින් පෙන්වා ඇත්තේ මායාවරුන් දුම් දමන බටයක් මගින් දුම තම මුඛය හරහා පානය කරන ආකාරයය. එය සිගරැට්ටුවක ඇති ස්වරූපයක් නොව යම් ආකාරයේ උපකරණයකට සවිකළ විශාල බටයක් බව පෙනීයයි. මෙය විටෙක අදටත් ජන සමාජයේ ඇති දුම් පානය කරන සම්ප්‍රදායික උපකරණයක් වන ‘ගඩුගුඩාව’ හා සමාන එකක් යැයි සිතිය හැකිය. මෙම ගඩුගුඩා උපකරණ ඉතා බහුලව මැදපෙරදිග රටවලදී භාවිත වන අතර වත්මන් ශ්‍රී ලංකාවේද මෙම උපකරණ ඉඳහිට දැකිය හැකිය. කෙසේ හෝ මධ්‍යම ඇමෙරිකාවට අයත් රටක් වන මෙක්සිකෝවේදී එළිපෙහෙළි වුණු මෙම ඉපැරැණි ඉතිහාසයට දැන් වසර දහසක්ද ඉක්මවා ඇත. එහිදී තවදුරටත් පැහැදිලි කර ඇත්තේ අතීත මායාවරුන් බොහෝ විට තමන්ගේ වෙහෙර විහාරස්ථානවලදී ආගමික චාරිත්‍රයක් ලෙසද දුම්කොළ සහ වෙනත් මනෝ ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය සහිත දුම් පානය සිදුකළ බවය.

කෙසේ හෝ එම ඉපැරැණි ඉතිහාසයට පසුව විවිධ දවටනවල ඔතන ලද දුම්කොළ සහිත සිගරැට්ටු හඳුන්වා දී ඇත්තේ 17 වැනි සියවසේදීය. එනම් 1830 වන විටදී සිගරැට්ටුව ප්‍රංශයෙන් බිහිවී ඇති අතර සිගරැට්ටුව යන නාමය පටබැඳී ඇත්තේ ප්‍රංශය තුළදීය. එම කාලයට පෙර සිගරැට් නොතිබුණද සමාජය තුළ සුරුට්ටු සහ පයිප්ප භාවිතය සිදුකර ඇත. කෙසේ හෝ මේ ආකාරයට සිගරැට්ටුව ලොවට බිහිවී දැනට වසර 200කට ආසන්නය. අද ලෝකයේ සෑම රටකම පාහේ සිගරැට් බීමේ චාරිත්‍රය මුල් බැසගෙන ඇති අතර ශ්‍රී ලංකාවද ඉන් එක් රටකි. මේ ආකාරයට අද ලෝකය තුළ පිරිමින් මෙන්ම ගැහැනුන්ද මෙම දුම්පානය සිදුකරයි. කෙසේ හෝ අද මෙම සිගරැට්ටුව විවිධ පරිණාමයන්ට ලක්ව ඉලෙක්ට්‍රොනික සිගරැට් වර්ගද දක්නට හැකිය. එනම් එය බැටරි බලයෙන් ක්‍රියා කරන වාෂ්පකාරකයක් ලෙස හැඳන්විය හැකිය. මෙය ඊ-සිගරැට් ලෙසින්ද නූතන නාමයකින් හඳුන්වනු ලබයි. මෙම ඉලෙක්ට්‍රොනික සිගරැට් සඳහා යම් ද්‍රාවණයක් අන්තර්ගත කරන අතර එය දහනය වීම හරහා වාෂ්පය ආග්‍රහණය කරයි. එහිදී නිකොටින්, ග්ලයිකෝල්, ග්ලිසරින් සහ විවිධ රසකාරකද ඊ-සිගරැට්ටුවට අන්තර්ගත කරනු ලබයි.

මෙවැනි අපූරු ඉතිහාසයක් ඇති දුම්පානය යනු ශරීරයට අතිශය අහිතකර එනම් පෙණහලු පිළිකාවලට මාර්ගය පාදන ප්‍රධානතම විනාශකාරී ක්‍රමවේදයක් ලෙස පසුකාලයේදී වෛද්‍ය විද්‍යාව විසින් තහවුරු කරගන්නා ලදී. ඒ නිසාම ලෝකය තුළ නොයෙකුත් ආකාරයේ දුම්පාන විරෝධී ව්‍යාපාරයන්ද ප්‍රබලව බිහිවන්නට ගත්තේය. මෙහිදී ප්‍රධාන වශයෙන් දුම්කොළවල ඇති නිකොටින් නිසා එම සෞඛ්‍ය තර්ජනය ඇතිවෙයි. වෛද්‍ය විද්‍යාවේ වර්තමාන පර්යේෂණ සාධකවලට අනුව එක් දුම්වැටියක් පානය කිරීම මගින් මිනිසකුගේ ආයුෂ විනාඩි 11කින් අවම කරවන බව ප්‍රකාශ වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව සෑම වසරකදීම ලෝකයේ දුම්පානය කරන මිනිසුන් මිලියන 9-10 අතර ප්‍රමාණයක් මියයති. සිගරැට්ටුවේ අන්තර්ගත ද්‍රව්‍යවලින් 70%ක්ම පිළිකාකාරක ලෙසද හඳුනාගෙන ඇත. කෙසේ හෝ දුම්කොළ ව්‍යාපාරය යනු අද ලෝකයේ තිබෙන සුවිශාල ධනස්කන්ධයක් උපයාගන්නා වෙළෙඳ ව්‍යාපාරයකි. එහි වත්කම් අසීමිතය. එසේම දුම්කොළ ව්‍යාපාරයේ නියුතු සමාගම් යනු ඩොලර් බිලියන ගණනින් ලාභ ලබන ආයතනද වෙයි.

අද ඔබට මෙම අපූරු ඉතිහාසය ගැන යම් තොරතුරු බිඳක් මුලින් ලියා තැබුවේ මෙයට දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකාව තුළින්ද මෙම සිගරැට්ටුවෙ වගතුගක් නැවතත් අසන්නට වූ හෙයිනි. එය සැබැවින්ම පසුගියදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර ඒ මගින් මූලිකව කියැවුණේ ශ්‍රී ලංකාව තුළ සිගරැට් ව්‍යාපාරය වෙනුවෙන් නිසි සාධාරණ බදු ක්‍රමයක් නැති බවය. එනම් වෙනත් වෙළෙඳ නිෂ්පාදනවලට අදාළව සිගරැට්ටුව උදෙසා රජය ඉතා අවම බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවය. තවත් ආකාරයකින් එය අර්ථකථනය වූයේ දුම්කොළ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුකෙරෙන අවම බදු ක්‍රමය ගැනය. මේ නිසා වර්තමානයේදී රජයට සුවිශේෂ ලෙස මූල්‍යමය පාඩු විඳින්නට සිදුවී අති බව මේ වන විට විවිධ පාර්ශ්ව චෝදනා කර සිටිති. පසුගිය කාලයක් පුරාම අනෙකුත් සියලු වෙළෙඳ භාණ්ඩයන්ගේ මිල ගණන් 300%කින් පමණ ඉහළ දැමුණත් සිගරැට්ටුවේ මිල ඉහළ ගොස් ඇත්තේ අවම ප්‍රතිශතයකින් යැයිද චෝදනා නගයි. එනම් එම ප්‍රතිශතය 8%ක පමණ අවම එකකි.

සැබෑ ලෙසම මෙම අර්බුදය අප සිතනවාට වඩා ඉතා ප්‍රබල එකක් බව පෙනීයයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතිශය දරුණු ලෙස කඩාවැටී ඇති මොහොතක මෙම අර්බුදය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවන බවද පෙනීයයි. ඒහෙයින් ඒ ගැන මේ වන විට පාර්ශ්ව ගණනාවක්ම තමන්ගේ මතිමතාන්තර බොහෝ උච්ච ලෙස ඉදිරිපත් කර සිටියි. මෙම වටපිටාවේදී මෙම අර්බුදය ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා ප්‍රබල ප්‍රකාශයක් සිදුකර සිටියේය. බොහෝ තර්කානුකූල සාධක සහිතව සිදුකළ එම ප්‍රකාශය කුමක්දැයි සොයා බලමු. සජිත් ප්‍රේමදාස මහතාගේ වදනින්ම එය මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

‘දුම්වැටි හා මද්‍යසාර බදුකරණය තුළින් රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සෑම රජයකටම අරමුණක් වුවද මෙරට දුම්වැටි සහ මද්‍යසාර බදුකරණය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම, බදු ගණනය කිරීම්වලදී පෙනීගොස් තිබෙනවා. එසේම බදු ගණනය කිරීම්වලදී සිදුවී තිබෙන දූෂණ මෙන්ම දුම්වැටි හා මද්‍යසාර සමාගම් විසින් සිදුකරනු ලබන විවිධ අක්‍රමිකතා හේතුවෙන්ද මේ වන විට රජයට විශාල බදු ආදායමක් අහිමිවී යන බව පැහැදිලිවම පෙනී යනවා. මේ නිසා මේ ප්‍රශ්නය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වෙනවා. එහිදී ජනතාව විසින් භාවිත කරනු ලබන දුම්වැටි සහ මද්‍යසාර සඳහා නිසි ප්‍රමිතියක් සකස් කළ යුතු අතර මේවා භාවිත කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද අවධානය යොමු කරමින් යම් නියාමනයක් සිදුකළ යුතුයි. එනම් ප්‍රතිපත්ති සකස් කිරීමේදී දුම්වැටි සහ මද්‍යසාරවල සියලු බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදුකළ යුතු වෙනවා. දුම්වැටි සහ මද්‍යසාරවල බදු ගණනය කිරීම්වලදී විධිමත් යාන්ත්‍රණයකට නතුකළ යුතු වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් වන ගැටලුවක් ලෙස සැලකිය යුතුයි. එසේම මේ අර්බුදය පිළිබඳ මම මෙම ප්‍රශ්න කිහිපය ඉදිරිපත් කර සිටිනවා…’ යැයි පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පහත පැනයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිර සිටියේය.

‘දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද?’

පසුගිය වසරේ දුම්වැටි සහ මද්‍යසාර මගින් ලැබුණු බදු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද? ුඑය සමස්ත රාජ්‍ය ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද?’

‘දුම්වැටි සහ මද්‍යසාර මගින් ප්‍රමාණවත් බදු මුදලක් අයවන්නේ යැයි රජය සිතන්නේද? නොඑසේ නම් ඉදිරියේදී මේ මගින් අයකෙරෙන බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේද?’

‘දුම්වැටි සහ මද්‍යසාරය සඳහා බදු අයකෙරෙනු ලබන ක්‍රමවේදය කුමක්ද? ගෙවිය යුතු බදු නිශ්චය කිරීමේදී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ප්‍රමාණයන් ගණනය කරනු ලබන යාන්ත්‍රණය කුමක්ද? එහි පාරදෘශ්‍යතාව ගැන විශ්වාසයක් තැබිය හැකිද?’

‘දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් දුම්වැටි සහ මද්‍යසාර බදු ක්‍රමය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කළ බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා රජය විසින් මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද?’

‘පසුගිය වසරේදී දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් සෞඛ්‍ය අංශය සඳහා රජයට දැරීමට සිදුවී ඇති වියදම කොපමණද? එය පෙර වසර හා සැසඳීමේදී වැඩිවීමක්ද? එසේත් නැතිනම් අඩුවීමක්ද?’

මෙම ප්‍රශ්න මාලාව ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා තවදුරටත් මෙම අර්බුදය ගැන තම අදහස් බොහෝ උද්වේගකරව පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශ කර සිටියේය.

‘අද රටේ උද්ධමන වේගය 93.07%ක් වෙලා තිබෙනවා. එහෙත් දුම්වැටි හා මද්‍යසාරයෙහි උද්ධමන වේගය 36%යි. මේක හරිම පුදුම කාරණාවක්. අත්‍යාවශ්‍ය ආහාරපානවල මිල වැඩියි. දුම්වැටි සහ මද්‍යසාරයට වඩා. ඒක එහෙම වෙන්න බැහැ. ඒ නිසා මම අහන්න කැමැතියි දුම්වැටි සහ මද්‍යසාරයට තිබෙන බද්ද ඉහළ දැමීමට රජය කටයුතු නොකරන්නේ ඇයි කියලා. ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කියනවා එදා මංගල සමරවීර ඇමැතිවරයා ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ මත්පැන් සහ දුම්වැටි බදු සූත්‍රය ක්‍රියාත්මක කළා නම් රජයට මෙයට වඩා රුපියල් බිලියන 45ක අමතර ආදායමක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ හරියටම සමෘද්ධියට වැයවන මුදල. මෙවැන්නක් සිදුකළා නම් අපට පුළුවන් රට බංකොලොත් වී ඇති මොහොතක දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහන ලබාදීමට. මෙවැනි තත්ත්වයක් යටතේ සැඟවුණු දෙයක් යටින් තිබෙනවා. එනම් දේශපාලනඥයන් සහ දුම්වැටි හා මද්‍යසාර සමාගම් අයිතිකරුවන් අතරේත් වෙනම සම්බන්ධතාවක් තිබෙනවා. එසේම මහාභාණ්ඩාගාරයේ සමහර උසස් නිලධාරීන් පවා මෙම තත්ත්වයට සම්බන්ධයි. මේ අය අතරේ නිල නොවන එකඟතාවක් තිබෙනවා. මෙය පසුගිය බොහෝ රජයන් තුළ සිදුවුණු බරපතළ අක්‍රමිකතාවක්. ඒ නිසා මම තදබල ලෙස කියා සිටිනවා අඩු ගානේ මේ රජයෙන්වත් මෙම බදු ක්‍රමය වෙනස් කරලා වැඩි රාජ්‍ය ආදායමක් ලබාගන්නට කියලා. කරූණාකරලා අපට පැහැදිලි උත්තරයක් දෙන්න මේ බදු වැඩිකිරීමට පක්ෂපාතීද කියලා. එසේත් නැතිනම් මා අර ඉහත කියූ පිරිස් ඉදිරියටත් එකට එකතු වෙලා මෙම බදු උප්පරවැට්ටිය තවදුරටත් ක්‍රියාත්මක කරනවා කියන එකද ප්‍රකාශ වන්නේ. මම ඉල්ලීමක් කරන්නේ මෙම දුම්කොළ සමාගම්වල වරදාන වරප්‍රසාදවලට යටත් වන්නට එපා කියලා. මේ රට නිවැරැදි මාර්ගයට ගෙන යෑම සඳහා මෙවැනි කටයුතු හැකි වහාම සිදුකළ යුතුයි. කරුණාකරලා අපට ඍජු උත්තරයක් දෙන්න මෙම දුම්වැටි සහ මද්‍යසාර බදු සූත්‍රය වැඩිකරනවාද නැද්ද කියලා’ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ අනුව පෙනී යන්නේ මෙම තත්ත්වය අතිශය බරපතළ වූ ප්‍රශ්නයක් බවයි. මෙහිදී සැබැවින්ම ප්‍රධාන වශයෙන් කතාබහට සහ ආන්දෝලනයට ලක්වී ඇති ප්‍රශ්නයක් නම් සිගරැට්වලට අනුගතවී අති බදු ක්‍රමයයි. එනම් මත්පැන්වලට වඩා සිගරැට් සඳහා අයකෙරෙන බදු ක්‍රමය ඉතා අවම මට්ටමක එකක් යැයි ප්‍රකාශ වෙයි. එසේම සියරැට් මිල ඉහළ දැමීමේදී එය ඉතා අවම මට්ටමකින් සිදුවන ක්‍රියාවලියක් ලෙසට චෝදනා නැගෙයි. මේ හෙයින් රජයට හිමිවිය යුතු සුවිශාල බදු ආදායමක් වාර්ෂිකව නොලැබී යන බව පැවසෙයි. එම සුවිශාල ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 45ක පමණ මහා ධනස්කන්ධයක් යැයි නිල දත්ත පෙන්වා දෙයි. මෙම දැඩි අර්බුදකාරී තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර පර්යේෂණ ආයතනයක් වන ‘ඇඩික්’ සංවිධානය (ADIC – Alcohol and Drug Information Center) පසුගියදා විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ මෙසේ සිගරැට් බදු වැඩි නොකිරීම හේතුවෙන් 2020 සහ 2021 යන වසරවලදී රජයට රුපියල් බිලියන 100ක පමණ බදු ආදායමක් අහිමි වී ගොස් ඇති බවය. ඔවුන් තමන්ගේ ප්‍රකාශනය හරහා මෙසේ අවධාරණය කර සිටියි.

රට තුළ පවතින වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රටේ බහුතර ජනතාවට අඩුම බලපෑමක් වන පරිදි සිදුකළ හැකි සිගරැට් බදු වැඩිකිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාශය මගින් 2019 වසරෙන් පසු කිසිදු අවස්ථාවක යෝජනා කිරීමක් හෝ අවධානය යොමු කිරීමක් හෝ සිදුකර නොමැති බව ‘ඇඩික්’ ආයතනය පෙන්වා දෙයි. ඒ හරහා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න බදු ආදායම ලංකා දුම්කොළ සමාගම (CTC) නමින් පෙනී සිටින කොටස් අයිතියෙන් 84%ක් සහිත බි්‍රතාන්‍ය – ඇමෙරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගම හරහා රජයට අයවිය යුතුව තිබුණු බැව් ‘ඇඩික්’ සංවිධානය අවධාරණය කරයි. පසුගිය වසර 02 තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු දිගින් දිගටම ඉහළ යද්දී අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරැට් බදු කිසි ලෙසකින් හෝ වැඩි නොකර පවත්වාගැනීමට ලංකා දුම්කොළ සමාගම මුදල් අමාත්‍යාංශය හරහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට ඇඩික් ආයතනය නිවේදනය කර සිටියි. රජය විසින් මෙලෙස අහිමි කරගත් බදු මුදලේ වටිනාකම පැහැදිලි උදාහරණ සහිතව එම ආයතනය මගින් පෙන්වා දෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වැයවූ මුදල රුපියල් බිලියන 100කි.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වැයවූ මුදල රුපියල් බිලියන 91කි.
ගුවන් තොටුපළ පිවිසුම් අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වැයවූ මුදල රුපියල් බිලියන 39කි
මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම් සඳහා වැයවූ මුදල රුපියල් බිලියන 21කි.

මුදල් අමාත්‍යාංශයේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටට අහිමිවූ සිගරැට් බදු මුදල් ප්‍රමාණය නිවැරැදිව අයකරගනු ලැබුවේ නම් අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු මෙතරම් වැඩි නොකිරීමට රජයට හැකියාව තිබුණු බවත් එම ආයතනය තම සමීක්ෂණ වාර්තාව හරහා පෙන්වා දෙයි. අවසන් වරට 2019 වර්ෂයේ සිදුකළ සිගරැට් බදු වැඩිකිරීමෙන් පසුව රජයේ බදු ආදායම ඉහළ යෑම බිලියන 94.3ක් බව 2020 මහබැංකු වාර්තාව පෙන්වා දෙයි. අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු දිනෙන් දිනම ඉහළ දමනු ලබන කාලවකවානුවක වසර 2ක් පුරා මුදල් අමාත්‍යාංශයට මෙම බදු වැඩිකිරීම සම්පූර්ණයෙන්ම අමතක වීම විමතියට කරුණක් යැයිද එම වාර්තාව කියා සිටියි.

අද වන විට මේ රට තුළ සහල් මිල 110%කින් පමණ වැඩිවී ඇති අතර පරිප්පු මිල 205%කින් වැඩිවී තිබේ. එසේම ඉන්ධන මිල 250%කින් සහ ගෑස් මිල 275%කින්ද වැඩිවී තිබේ. එසේම අනෙක් ශෝචනීය පුවත් නම් පාසල් දරුවන්ගේ පොත්පත් සහ අනෙකුත් උපකරණ ද්‍රව්‍ය 300%ක විශාල මිලකින් වැඩිවී තිබීමය. එසේම ජනතාවගේ අනෙක් අත්‍යාවශ්‍ය සේවාවන් වන විදුලි බිලය 250%කින්ද, ජල සැපයුම් සේවා 200%ක පමණ ප්‍රමාණයකින්ද රජය විසින් ඉහළ දමා ඇති ආකාරය දත්ත මගින් පෙන්වා දෙයි. මෙවැනි වටපිටාවකදී සිගරැට් මිල ඉහළ දමා තිබෙන්නේ කිනම් ප්‍රතිශතයකින්ද? එය සැබැවින්ම අදහාගත නොහැකි ඉතා සුළු ප්‍රතිශතයක් වන 8%ක ප්‍රමාණයක් පමණි. අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලෙහිම මිල අතිශය දරුණු ලෙස ඉහළ යන විටදී මේ ආකාරයෙන් සිගරැට් මිල ඉහළ නොයෑම මගින් පෙනෙන්නේ එම ක්‍රියාවලිය තුළ ඉතාමත්ම ප්‍රබල කුමන්ත්‍රණයක් තිබීම යැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති. එනම් මේ වන විට සිගරැට්ටුවක මිල වැඩිවීම සිදුවන්නේ ඉතාම අවම මිලක් වන රුපියල් 05ක ප්‍රමාණයකින් බවත්, නිසි ලෙස නම් එම වැඩිවීම සිගරැට්ටුවකට රුපියල් 20ක් වත් විය යුතු බවත් පෙන්වා දෙයි. මසාර සමාගම් කිහිපයක් රට තුළ තිබුණත් දුම්කොළ සමාගම් තිබෙන්නේ එකක් පමණි. ඒ හෙයින් ඔවුන් දැඩි ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමද සිදුවෙයි. මෙම සමාගම් මෙම මොහොතේදී ලබන ශුද්ධ ලාභය 125%ක පමණ ප්‍රමාණයක් යැයිද නිල දත්ත පෙන්වා දෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ මෙම කර්මාන්තය තුළ පැහැදිලිවම දරුණු විකෘතියක් තිබෙන බව පෙනෙයි. එසේම කිසිදු විනිවිදභාවයක් නැති බවද පෙනී යයි. මෙහිදී හෙළිවන තවත් සුවිශේෂ පුවතක් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ සිගරැට්ටුවක වෙළෙඳපළ මිලෙන් 75%ක ප්‍රමාණයක් බදු වශයෙන් අය කළ යුතු බවය. එහෙත් ශ්‍රී ලංකාවේදී එය සිදුවන්නේ නැත. කෙසේ හෝ මෙම තත්ත්වය මේ වන විට බියකරු ඛේදවාචකයක් වී හමාරය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සීනි බදු වංචාවෙන් බිලියන 48ක් රටට අහිමි වුණා! අපේ රජයක් යටතේ මේ වැරැද්ද නිවැරදි කරනවා! රටට අහිමි කළ මුදල පියව ගන්නවා! (VIDEO)

Next Post

දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර ලැබෙන්නේ නෑ! දුප්පතුන්ට සහන දෙන්න සජිත්ගෙන් අලුත් ක්‍රමයක්! මහාචාර්යවරියකගේ වාර්තාවක් සජිත් ‌පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.