• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි සබ්‍රිගේ ඇඩ්වයිසර් කේස් එක I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නරක වෙලාවට මෝල්ගහත් පත්තුවෙනවා යැයි කියමනක් තිබේ. ඒ අනුව බලන කල වත්මන් විදේශ අමාත්‍ය අලි සබ්‍රිට උදාවී අත්තේ නරකම කාලයක් යැයි කිව හැකිය. මේ දිනවල විදේශ ඇමැතිතුමා පුවක් ගසකට නැග්ගත් ඒකේත් දෙබලකි. ඒ තරමට ඔහුගේ තත්ත්වය නරකය.(Sri Lanka Latest News)

කැනේඩියානු පුරවැසියෙක් වන හර්දීප් සිං නාඳුනන තුවාක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව මියයන්නේ පසුගිය ජූලි මාසයේදීය. සික්වරුන් සඳහා ඉන්දියාවෙන් වෙන්වූ ඛාලිස්තාන් නම් වෙනමම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින හර්දීප් සිං, බ්‍රිටිෂ් කොලොම්බියාහිදී වෙඩිතබා මරාදැමීම ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් යැයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පැවැසීම නිසා ඉන්දු – කැනේඩියානු සකච්ඡා බරපතළ ලෙස බිඳවැටෙන්නට පටන්ගෙන තිබිණි. මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ වාර්ගික සංහාරයක් වූ බවට පවා කැනඩා අගමැතිවරයා චෝදනා කළේය. ඒ සෑම අවස්ථාවකදීම පවා කට වසාගෙන සිටි ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති අලි සබ්‍රි ඉන්දු – කැනඩා ආරවුල මැදට පැන කැනඩාව ත්‍රස්තවාදයට අතහිත දෙන බවට කළ ප්‍රකාශයට මේ වන විට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේය.

බලහත්කාරයෙන් රිංගන්නට එන චීන නැව නිසා උරණව සිටින ඉන්දියාව ‘ෂේප්’ කරගන්නට අලි සබ්‍රි මේ ආකාරයේ කතාවක් කීවා විය හැක. එහෙත් යන එනමං නැතිව බංකොලොත් වී සිටින රටක වැසියන් ලෙස අපට සිංහ නාද කිරීමේ සීමාවක් පවතින බව අප වටහාගත යුත්තේය. කැනඩාව සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය ඉන්දියාවේ සතුටට මෙන්ම සමස්ත බටහිර ජාතීන්ගේම අප්‍රසාදයටද හේතු වී ඇත. කැනඩාවට රිදෙන්නට දෙකක් කීමෙන් ජාත්‍යන්තරයේ හදාගත් කැලඹීම සමහන් වන්නට මත්තෙන් අලි සබ්‍රි ලංකාව තුළද තවත් වියවුලක් සාදාගත්තේය. ඒ, ඇමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික මහා සභාවට සිය පුත්‍රයා කැඳවාගෙන යාමෙනි.

විදේශ සංචාරයන්හි යෙදෙන දේශපාලනඥයන් සිය ඥාති මිත්‍රාදීන් තම දූත පිරිසේ සාමාජිකයන් සේ රැගෙන ගිය මුල්ම අවස්ථාව මෙය නොවේ. එහෙත් අලි සබ්‍රි ඇමැතිවරයා සිය පුතා කැටුව ගොස් ඇත්තේ සාමාන්‍ය විදෙස් සංචාරයකට නොව අතිශය තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකටය. ශ්‍රී ලංකාව පසුකරමින් සිටින මේ සංක්‍රාන්ති කාලසීමාවේ විදෙස් සංචාර මතු නොව සෑම රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක්ම එක හා සමානව වැදගත් වෙයි. ජනාධිපතිවරයා සහ තවත් නියෝජිතයන් රැසක් සහභාගි වූ මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ හමුවට අමතරව තවත් කාර්යයන් රැසක් යෙදී තිබුණු බව රහසක් නොවේ. ඒ අවස්ථා බොහෝමයකට අමාත්‍ය අලි සබ්‍රිගේ පුත්‍රයාද සහභාගි වී තිබූ ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූප මගින් තහවුරු විය.

සිය පුත්‍රයා මේ වන විට ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන බව අමාත්‍ය අලි සබ්‍රි පවසා තිබිණි. එහෙයින් ඔහු එහිදී පියා හමුවීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් ඔහු ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකයකු ලෙස එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඇතුළු වැදගත් ස්ථාන වෙත රැගෙන යාම ඊට ඉඳුරාම වෙනස් කටයුත්තකි. එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීව පැවැති බොහෝ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට මෙම තරුණයා සහභාගි වී ඇත. එවැනි කටයුත්තකට දායක වීමට නම් ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකයෙක් බව සඳහන් හැඳුනුම්පතක් ලබාගැනීම අත්‍යාවශ්‍යය. එවැන්නක් අමාත්‍යවරයාගේ පුත්‍රයාට ලබාදුන්නේ නම් එහි බරපතළ අක්‍රමිකතාවක් සිදුව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඇමෙරිකාවේදී කණ්ඩායමට එකතු වූ එරට ඉගෙනුම ලබන සිසුවකුට අමාත්‍යවරයාගේ ඥාතීත්වය පමණක් සලකා ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෙක් බව හැඟවෙන හැඳුනුම්පතක් ලබාදීම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකි. එය එම ජාත්‍යන්තර සමුළුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව රටක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකභාවයද බරපතළ අර්බුදයකට ලක්කරන්නකි. එපමණක්ද නොව කීර්තිමත් නීති වෘත්තිකයෙක් ලෙස විදේශ අමාත්‍ය අලි සබ්‍රි ගොඩනගාගෙන සිටින කීර්තියටද හානියකි. අනෙක් කාරණාව වැදගත් රාජ්‍යතාන්ත්‍රික කරයුත්තකදී තබාගත යුතු සටහන් ආදිය ගැන මෙන්ම අමාත්‍යවරයාට දැක්විය යුතු සහාය පිළිබඳ නිපුණතාවක් මේ ළාබාල තරුණයාට තිබුණේද යන්නයි. අමාත්‍යවරයාට සහායක නිලධාරියකුගේ සේවය අනවශ්‍ය යැයි අප නොකියන්නෙමු. එවන් සහායක් සඳහා විදේශ සේවයේ අත්දැකීම් බහුල නිලධාරියෙක් රැගෙන ගියේ නම් එහි ගැටලුවක් නැත. එවැන්නෙක් සඳහා වියදම් දැරීම, රාජකාරි හැඳුනුම්පතක් නිකුත් කිරීමද ගැටලුවක් නොවේ.

එහෙත් තවමත් අධ්‍යාපනය ලබන බාල වයස්කාර දරුවෙක් මෙතරම් තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක යෙදවීම සාධාරණ දැයි අප බොහෝ දුරට සිතාබැලිය යුතුය. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධව අමාත්‍ය අලි සබ්‍රි මේ වන විට කරුණු පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත්කර ඇත. එමගින් ඔහු පවසනුයේ විදේශ අමාත්‍යවරයා ලෙස ස්වකීය වගකීම්වලට අමතරව ජනාධිපතිවරයා සමග ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික හමුවලට සම්බන්ධ වීමට තමාට සිදුවූ බවය. මෙම ගමනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිදුකරන හමුවීම් දහයක් සහ දේශන පැවැත්වීම, ප්‍රසිද්ධ හමු තුනක් සඳහා එක්වීමත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගි වීමත් ඇතුළත් බව ඇමැතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විස්තීර්ණ වැඩ කටයුතු සඳහා ගැඹුරු පර්යේෂණ, ලිවීම සහ සූක්ෂ්ම සූදානමක් අවශ්‍ය වූ බවය.

එමෙන්ම මෙවන් අවස්ථාවලදී අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට සහාය වීම සඳහා වැටුප් ගෙවන සහ ස්වේච්ඡා සම්පත් දායකයන්ගෙන් සමන්විත අමාත්‍ය කාර්යාංශයක් පවත්වාගත හැකි බව ඇමැතිවරයා සිය නිවේදනයේ පෙන්වා දෙයි. එවන් කාර්යයකදී තම පුත්‍රයාගේ දායකත්වය පිළිබඳ අමාත්‍ය අලි සබ්‍රි මෙසේ පවසයි.

‘ඔහු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාර සහ කෙටුම්පත් ලේඛකයකු ලෙස මට සහාය වී තිබෙනවා. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන බැවින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මන්ත්‍රණය පවත්වාගෙන යන සමයේ දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබාදීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. මෙම තීරණාත්මක කටයුතු සඳහා මාව සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටුයි. වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි….’

අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැඩි දුර ප්‍රශ්න කිරීමෙන් තොරව අප පිළිගත්තා යැයි සිතමු. ඒ අනුව රාජ්‍ය මුදල් සිය පවුලේ ඥාතියෙක් වෙනුවෙන් වැය කිරීමේ චෝදනාවෙන් ඔහු මුදාලිය හැකිය. අවශ්‍යතාවක් වෙතොත් ඒ බව ලේඛන මගින්ද තහවුරු කිරීමට අමාත්‍යවරයාට හැකිවනු ඇත. එහෙත් නිසි වයසවත් සපුරා නැති අයෙක් ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී මේ ආකාරයෙන් යොදාගැනීම නිවැරදි යැයි පිළිගැනීමට කිසිවකුටත් නොහැකිය. දේශපාලනයේ නියුතු වූවන් රාජ්‍ය සම්පත් අවභාවිත කරන බව ජනතාව නිතර නගන චෝදනාවකි. අමාත්‍ය අලි සබ්‍රි වැනි පරිණත පුද්ගලයෙක් සිදුකළ මේ නොකළ යුතු ක්‍රියාව නැවත වරක් එකී ජනතා චෝදනා ඉහළ නංවන්නට සමත්වන බව සඳහන් කළ යුතුය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල් ජර්මනියේ ගිහිල්ලා සාකච්ඡාවක් දීලා කලබලයක් කරගත්ත DW නාළිකාව මොකද්ද? හැසිරිච්ච විදිහ නිසා ලංකාවට වුණු හානිය මොකද්ද? මෙන්න මරික්කාර්ගේ පාර්ලිමේන්තුව හොල්ලපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිගාව වැඳලා ඉවර වෙලා ෆාහිමාගෙ සොහොනටත් මලක් ඉතිරි කරගන්න! දරුවෙක් වෙනුවෙන් ජීවිතය දුන් අපේ දොස්තර අම්මා I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.