• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරෙ යන්නෙ පරිස්සමෙන්… දරුවො හාරසිය එකොළහක් මිය ගිහින්… අවුරුද්දකට මරණ දෙදහසකට වැඩියි… හැටකට වැඩිය ලං.ග.ම. ට බිලි… හයදහසකට වැඩි දෙනෙක්ට බරපතළයි…

March 31, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පාරෙ යන්නෙ පරිස්සමෙන්… දරුවො හාරසිය එකොළහක් මිය ගිහින්… අවුරුද්දකට මරණ දෙදහසකට වැඩියි… හැටකට වැඩිය ලං.ග.ම. ට බිලි… හයදහසකට වැඩි දෙනෙක්ට බරපතළයි…
Share on WhatsAppShare on Facebook

පහුගිය සතියේ ඔබ දැක්කා මම හිතන්නේ වේගෙන් ආපු කෝච්චියක් නැවතුණු කාර් එකක හැප්පෙන වීඩියෝව. ඉන් කිහිප දෙනෙක් මියගියා. කවුද හරි, කවුද වැරැදි කියලා හොයනවා වෙනුවට අපට තවත් මරණ දෙකක කතාව ගැන ලියන්න සිද්ධ වුණා. දැන් අපි හැමදාම මරණ ගැන කතා ලියනවා. මිනිස්සු මියයන එක නවත්ත ගන්න බැරුව මේ විදියට හැමදාම කතා ලිය ලිය ඉන්න එක මාධ්‍යවේදීන් විදියට අපි කරන්නේ සතුටින් නෙවෙයි. මාර්ග ආරක්ෂාව රහිත රටක ජීවත් වීම කියලා කියන්නේ ඉතා භයානක දෙයක්. ඒ වගේම මාර්ග ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවෙන රියැදුරන්, ආරක්ෂිත උපාංග රහිත වාහන, රටේ ටයර් මිල ඉහළ යෑම, අමතර කොටස් මිල ඉහළ යෑම, මේ දේවල් නිසා වායනයකට යෙදිය යුතු අමතර උපාංග නොයොදා සිටීම. විශේෂයෙන්ම බ්‍රේක් පද්ධතියේ උපාංග, ටයර්වල කට්ට ගෙවීම නිසා ඇතිවන ගැටලුවලට පිළියම් නොයෙදීම වගේ ප්‍රශ්න මේ අනතුරුවලට ඍජු සහ වක්‍ර හේතු වෙනවා. හැබැයි සමහර වෙලාවට රියැදුරන්ගේ අපරීක්ෂාව, බීමත්කම වගේ දේවලුත් ඒකට හේතු වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි මේ ලියන්න හදන්නේ ඔබ කිසිසේත්ම අහන්න කැමැති දෙයක් නෙවෙයි. මේක ඔබට නොකිය යුතු සහ අපි නොලිවිය යුතු ඉතා නරක ආරංචි පිළිබඳ කතාවක්.

ලංකාවේ කරන ලද එක්තරා සමීක්ෂණයකින් පස්සේ, ඒ කියන්නේ නිවැරැදි සමීක්ෂණයකින් සහ නිවැරැදි අංකමය ගණනය කිරීමකින් පස්සේ නිකුත් කළ වාර්තා කිහිපයක් අපට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සම්පත් දායකත්වය සහිතව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තමයි මේ වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. මේ කතාව ඔබ නිවැරැදිව කියවා ගත්තොත්, මෙහි තියෙන්නේ ඉතා භයානක තත්ත්වයක්. ලංකාව රිය අනතුරුවලින් පහුගිය වසරේ මියගිය ප්‍රමාණය කොපමණද කියන එක ගැන මෙහි සඳහනක් තියෙනවා. පසුගිය වසර තුළ පමණක් මාර්ග රිය අනතුරුවලින් 2,515 දෙනෙක් මහමඟදී මියගොස් ඇති බව තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. ගිය වසර තුළදී වාර්තා වෙලා තියෙන ප්‍රධාන මාර්ග අනතුරු සංඛ්‍යාව 21,953ක්. ඒ අනුරුවලින් බරපතළ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 6,231ක් විදියට සඳහන් වෙලා තියෙනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 8,209ක්. යුද්ධයක් නැති රටක මිනිස්සු දෙදාහකට වැඩි ප්‍රමාණයක් මහමඟදී මියයෑම කොයි තරම් භයානකද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ.

මේ වාර්තාවේ ඉතාම කනගාටුදායක සහ භයානක තවත් සටහනක් තියෙනවා. පාසල් සිසුන් මේ රිය අනතුරුවලින් මියගොස් ඇති ප්‍රමාණය. ඔවුන් කියන විදියට පාසල් සිසුන් 411 දෙනෙක් මේ අනතුරුවලින් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුව තමයි මේ 411 දෙනෙක් මියගිය බව වාර්තා කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සංඛ්‍යාලේඛන නිවැරැදි බව.

රටේ ප්‍රධානතම ධාවන පද්ධතියට එකතු වෙච්ච රජයේ වාහන ටික තමයි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ. අපි සාමාන්‍යයෙන් කියන්නේ සී.ටී.බී. බස්. සී.ටී.බී. බස් රථවල අනතුරුවලින් පමණක් 69 දෙනෙක් පහුගිය වසර තුළ මියගොස් ඇති බව මේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. ඉතින් මේ විදියට පුද්ගලයන් මියයෑම වළක්වා ගැනීමට මොනවාද සිදුකර තිබෙන්නේ ? මාර්ගය නිවැරැදිව පිළිසකර නොකිරීම, මාර්ග අනතුරු වළක්වාගැනීම සඳහා අවශ්‍ය කරන දැන්වීම් පුවරු මාර්ගවල නිවැරැදිව නොයෙදීම, ඒ වගේම මාර්ග පද්ධතිවල ඇති ගැටලු, ආරක්ෂක වැටවල් නිවැරැදි ලෙස ඉදි නොකිරීම, ඇතැම් වෙලාවට මේ අනතුරු සඳහා බලපානවා. ඒ වගේම වාහන නිවැරැදිව අලුත්වැඩියා නොකිරීම වැනි අපි මුලින් කී කාරණා ටිකත් මේ අනතුරුවලට බලපානවා. ඒ වගේම රියැදුරන්ගේ නොසැලකිල්ල. අපි දකිනවා විශේෂයෙන්ම බස් රථ, ටිපර් රථ වගේ විශාල වාහන කොහොමත් තමන්ගේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන, තමන්ට ඕනෙ විදියට පාරේ ගමන් කරන තැනට පත්වෙලා තියෙනවා. පොඩි වාහනයක් ඉදිරියට එද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ වාහනයේ ඉදිරියටම ධාවනය කරන තැනට මේ රියැදුරන් පත්වෙලා තියෙනවා. මේවාට විරුද්ධව කවුද පියවර ගන්නේ. මේ සංඛ්‍යා ලේඛන එකතු කළාට වැඩක් නෑ. අපි මේ වෙලාවේ ලංකාවේ බලධාරීන්ට මතක් කරන්නවා. හෙට අනතුරක් නොවන තැනට මේ රට පත්කරන්න ඔබ මොනවද කරලා තියෙන්නේ? මේ විදියට ඉලක්කම් කියලා, ගණන් හදලා වැඩක් නෑ. අනතුරු වළක්වාගත යුතුයි. ලබන අවුරුද්දේ මීටත් වඩා ලොකු සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරලා මේ වගේම ලිපියක් ලියන එක නෙවෙයි විය යුත්තේ. අනතුරු සිද්ධ වෙන ආකාරයෙන් මාර්ගයේ ධාවනය කරන රියැදුරන්ව කොයි මොහොතේද හඳුනාගෙන තියෙන්නේ? ඔවුන්ට කොහෙද දඬුවම් කරන්නේ?

අනතුරක් සිදුවුණාට පස්සේ, ඒ රියැදුරාව එල්ලලා මැරුවත් වැඩක් වෙන්නේ නැහැ. අනතුරක් සිදුවෙන්න කලින් ඒක වළක්වාගන්න ඕනෙ. පාරේ බස් රේස් යනවා, පොලිසිය අහක බලාගෙන ඉන්නවා. ඕනෙ තරම් උදාහරණ තියෙනවා. ඔබ ඕනෙ තරම් ඒක දැකලා ඇති. ටිපර්වලට තියෙන්නේ මොන තරම් බලයක්ද කියලා අපි දන්නේ නෑ. ටිපර්කාරයෝ පාරේ යන්නේ පාර එයාලගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා හිතාගෙන. ඒගොල්ලන්ට ඕනෙ විදියට ගිහිල්ලා, ඕනෙ වාහනයක් හප්පලා බේරෙන්න පුළුවන්. මොකද ටිපර් රථයේ රියැදුරා ආරක්ෂිතයි. රියැදුරාගේ බලපත්‍රයත් ආරක්ෂිතයි. ඒකට හේතුව උස වාහනයක, උස තැනක, යකඩවලින් වටවෙච්ච පරිසරයක. ඊටත් වඩා ටිපර් එකේ අයිතිකාරයා, දේශපාලකයෙක්, කසිප්පු මුදලාලි කෙනෙක්, එහෙම නැත්නම් ගමක ඉන්න තක්කඩියෙක්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතිව ටිපර් රථයේ රියැදුරාව බේරාගන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. අපි කියන්නේ 100%ක්ම නෙවෙයි, 98%ක්ම. අපේ ගමේ ඉන්නවා වෙන්න පුළුවන් ඉතා ගුණයහපත් කෙනෙක්. ඔහුටත් ටිපර් එකක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ තමයි අනතුරුවලට ප්‍රධානව වගකියන අය. බීමත්ව රිය පැදවීම වගේ දේවල් අපේ රටේ සිදුවෙනවා. අඳුරන කෙනෙක් අල්ලගෙන, ඒ මනුස්සයට පොඩි ෂොට් එකක් ගහන්න දීලා එහෙන් මෙහෙන් රවට්ටලා පොඩි සෙල්ලමක් දාගත්තම ඕනෙ වැරැද්දක් කරලා පැනලා යන්න පුළුවන් විදියට අපේ රටේ පරිසරය හැදිලා තියෙනවා. හැබැයි අපේ රටේ නීතිය තියෙනවා. නීතිය නමන එකයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. නීතියේ හිල් අස්සෙන් රිංගලා යන එකයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. ඒක නිසා තව දුරටත් දරුවෝ මහමඟ මිය නොයන එකයි සිදුවෙන්න ඕනේ. ගෙදරින් උදේ පිටත්වෙලා අම්මට තාත්තට වැඳලා පාරට ආපු කොල්ලෝ කෙල්ලෝ, වැඩිහිටියෝ, දරුවන්ගේ තාත්තලා ආයෙ කවදාවත් ගෙදර නොඑන තැනට පත්වෙනවා නම්, අපි මීට වඩා දහ දොළොස් වතාවක් හිතන්න ඕනෙ. අපි තිස්තුන් අවුරුද්දක යුද්ධයක් අමාරුවෙන් නිමා කරගත්තු මිනිස්සු. එහෙම කරලා මිනිස්සු මැරෙන එක නවත්තගත්තු අපට දැන් බෝම්බ නැති රටක මේ විදියට අවුරුද්දකට දෙදාහකට වැඩි පිරිසක් මිය යනවා නම් කාටද, කොතැනද වැරැදිලා තියෙන්නේ කියලා වෙනම ඉඳගෙන කල්පනා කරන්න අවශ්‍යයි. මොකද මේ මියයන්නේ ඔබේත් මගේ අපි හැමෝගෙම රටේ මිනිස්සු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලිසිය නිකුත් කළ සාරාගේ DNA වාර්තාව කතෝලික පල්ලිය ‌ ප්‍රතික්ෂේප කරයි! දෙපාරක් නෑ කිව්වා! දැන් තියෙනවලු! මොකද්ද පිළිගන්නේ? ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ රස පරීක්ෂණයක් ඕනෑ! VIDEO

Next Post

නිහඬ විරෝධතාවට මිරිහානට ආපු අය‌ට පොලිසිය එලව එලවා කරපු දේ වීඩියෝවලින් එළියට එයි! VIDEOS

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.