• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිහිගෙය අතහැර ගිය මවක් දුවෙක් සැමියෙක්… රාහුල කුමරු මෙන් සත්‍ය සොයායන්න සැරසෙන අපේ කාලයේ දරුවෙක්… ඇත්ත නොදැන විකල් වී හැසිරෙන සමාජයක් I Sri Lanka Latest News

September 2, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි ගෙවන මේ ජීවිතයේ දුක සතුට කියන දෙකම වරින් වර අපට අත්දකින්න ලැබෙනවා. ලස්සනට පිපෙන මල් දවසක පරවෙලා යනවා. අපේ ජීවිතත් හරියට ඒ මල් වගෙයි. කොයි වෙලාවේ පරවෙලා යාවිද කියන්න බෑ. සමාජයේ විවිධ ස්ථරවල මිනිසුන් සිටිනවා. විවිධ රටවල ජීවත් වෙන, කෝටි ගණන් වත්කම් තියෙන අය.(Sri Lanka Latest News)

අපි හිතන්නේ හරිම ආඩම්බරයි ගාම්භීරයි පිළිගැනීම ඉහළයි කියලා. අපිට ඕනෙ තරම් දේපළ තියෙනවා අපේ නෑදෑයෝ ඇමෙරිකාවේ එංගලන්තයේ ජීවත් වෙන්නේ කියලා ඇතැමුන් උජාරුවට පවසනවා. මේ සියල්ල තුළම ඇත්තේ තණ්හාවෙන් පිරුණු මමත්වයක් බව මිනිස්සුන්ට තේරුම්ගන්න හැකියාවක් නැහැ. ඔවුන් පුහු මාන්නයෙන් ඔද්දල් වෙලා සිහින ලෝකවල ජීවත් වෙන්නේ.

පසුගිය නිකිණි පොහොය දිනයේ (30) අපට අසන්නට ලැබුණේ තමන් සතුව පැවැති ඉඩකඩම් දේපළ ඇතුළු සියලු සම්පත් මෙහෙණි ආරාමයට පූජා කොට මව, දියණිය, බෑණා ඇතුළු දහතුන් දෙනෙක් අනුරාධපුර කැබිතිගොල්ලෑව ගෝසිංග වන අරණේදී පැවිදි දිවියට ඇතුළත් වූ පුවතක්. කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑව ප්‍රදේශයේ උපාධිධාරී ගුරුවරියක් වූ ධනවතී හේරත් මහත්මිය ගෝසිංග වනයේ ප්‍රජාපතී නමින්ද, ඇගේ දියණිය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනියක් වන වවුනියාව මාමඩුව අග්‍රබෝධි මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ වත්සලා දුෂ්මන්ති ගෝසිංග වනයේ යශෝධරා නමින් ද එලෙස පැවිදි දිවියට එළැඹ තිබුණා. එසේම ඇගේ ස්වාමිපුරුෂයා වූ කාර්මික ශිල්පියකු ලෙස රැකියාව කළ රුවන් මධුශංකද ගෝසිංග වනයේ කස්සප තිස්ස යන නමින් එදිනම පැවිදි දිවියට පත්වුණා.

මෙලෙස පැවිදි වූ එකම පවුලේ තිදෙනා වුණේ ඇටඹගස්කඩ ගෝසිංග අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස ස්වාමින් වහන්සේගේ මව, නැගණිය සහ මස්සිනා වීම විශේෂත්වයකි. මොවුන් ගිහි කල ජීවත්වූ කැබිතිගොල්ලෑවේ පහළ උස්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස, ඉඩකඩම්, යාන වාහන, ව්‍යාපාරික ස්ථාන සහ කුඹුරු ආදිය සඟසතු කොට පූජා කිරීමද තවත් විශේෂත්වයකි. එසේම එම නිවෙස මෙහෙණි ආරාමයක් බවට පරිවර්තනය කර ගෝසිංග වනයේ ‘යශෝධරා මෙහෙණි අරණ’ නමින් පසුගියදා නම් කිරීමටද එම පින්වතුන් කටයුතු කර තිබුණා.

එසේම ගෝසිංග වන අරණේ වැඩසිටින ස්වාමින්වහන්සේලා දෙනමකගේ මෑණිවරුන් දෙපළක්ද නිකිණි පොහෝදා පැවිදි දිවියට එළැඹුණු පිරිස අතර වනවා. එදින පැවිදි දිවියට එළැඹුණු අනෙකුත් අටදෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29, 27, 23 යන වයස්වල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොනරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ සහ ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මෙම සියලු දෙනාම සසුන්ගත වීමට මඟ පෙන්වීම සිදුකළේ මැදවච්චිය ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය අමරතිස්ස හිමියන් විසිනුයි. මෑත කාලයේ මෙවැනි පිරිසක් එකවර පැවිදි දිවියට පත්වීම විශේෂ සිදුවීමක් වන අතර, ඒ පිළිබඳ පූජ්‍ය අමරතිස්ස හිමියන් පළ කළේ මෙවන් අදහසකි.

‘ධර්මය ලබාගන්න අතරතුර මගේ පවුලේ අයටත් මම ධර්මය ලබාදුන්නා. මේ ගෝසිංග වන අරණේ ඉඳලා කිලෝ මීටර 25ක් විතර දුරින් ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. ඒ අපේ මහගෙදර. අපි සිටිය නිවෙස. ඒ සියලු ඉඩකඩම් බුදු සසුන වෙනුවෙන් පුජා කරලා, ඒ ආරණ්‍ය සේනාසනය ගොඩනැගුවා…’

මෙලෙස පැවිදිභාවයට පත්වූ තරුණ යුවලට සිවු හැවිරිදි දරුවකු සිටින අතර, ඔහුගේ මවුපියන් පැවිදි දිවියට පත්වීම පදනම් කරගෙන සමාජ මාධ්‍ය ජාලවල බොහෝ පිරිස් ඔවුන්ව දැඩි දෝෂදර්ශනයට ලක් කරන ආකාරයද දැකගන්නට ලැබුණා. පැවිදි වූ මවුපිය දෙදෙනා සමග කුඩා දරුවා සිටින ඡායාරූපයක් පළකරමින් එම සිදුවීම සමාජ මාධ්‍ය ජාලවල පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර, ඇතැමුන් දැඩි සැරපරුෂ වචන භාවිත කරමින්ද ඔවුන්ට දොස් නගා තිබූ අයුරු දැකගත හැකි වුණා.

කෙසේ වුවද එසේ බොහෝ දෙනා ඔවුන්ට චෝදනා කර තිබුණේ එම සිදුවීමේ සත්‍ය තත්ත්වය නොදැන වීම කනගාටුවට කරුණකි. ගිහි ජීවිතයට වඩා පැවිද්ද තුළ ඇති නිදහස සහ එහි ඇති ගෞරවනීය බව පිළිබඳ බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති කරුණු කොයි තරම් ගාම්භීරද යන්න ඔවුන් කිසිවකු නොදන්නවා ඇත. මෙවැනි සිදුවීම් වන්නේ සසර හුරුව නිසා බවයි ධර්මයේ සඳහන් වන්නේ. සිවු හැවිරිදි ඒ දරුවා සසරේ කළ යම් පිනක් නිසා වෙන්නට ඇති ඔහුට මෙවැනි උතුම් මවුපිය යුවලකගේ රැකවරණය ලැබුණේ.

එසේම පංච කාම සම්පත් රිසි සේ විඳින පවුලක ඔහු උත්පත්තිය නොලබා, මෙවැනි උතුම් මවුපිය යුවලකට දාව ඔහු ඉපදීමද ඉතා භාග්‍යවන්ත සිදුවීමක් බව සඳහන් කළ යුතුයි. බොහෝ පිරිස් චෝදනා කර තිබුණේ මවුපිය දෙදෙනාම පැවිදි වූ පසු මේ දරුවාගේ අනාගතය අඳුරු වනු ඇති බවටයි. එහෙත් එම පවුලේ ඥාතීන් විසින් දරුවා හදාවඩා ගන්නා බවද, ඔහුට අවශ්‍ය රැකවරණය ලබාදෙන බවද පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.

මේ අතර, මෙම සිදුවීමෙන් පසු තම නැගණියගේ දරුවා පිළිබඳ සමාජ මාධ්‍යවල බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබීම සම්බන්ධයෙන්ද ගෝසිංග වන අරණේ සේනාසනාධිපති ස්වාමින්වහන්සේ අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘නැගණියගේ පුංචි දරුවාට වයස අවුරුදු 4යි. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදියට, සිල් රැකගන්න, විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදියට හුරුකිරීම් කරනවා. ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න…’

මෙම මවුපිය යුවළ දරුවා අතහැර දමා පැවිදි වීම පිළිබඳ සමාජ මාධ්‍යවල පළව තිබූ අදහස් දැක්වීම් ඔබත් දකින්නට ඇති. ඒ අතරින් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් පහත පළවේ.

අයෝධ්‍යා ‘අත්හැරීම හොඳයි. ඒත් තමන්ගේ ලේවලින් උපන් කිසිදෙයක් නොදන්න මවුපියන්ගේ උණුසුම රැකවරණය උවමනා කාලෙක දරුවන්ගේ සිත් පාරන එක එතරම් හොඳ නැහැ…’

ප්‍රියංගනි ‘මහ මඟ ළමයි කොච්චර ඉන්නවාද? කෝ, ඒ ළමයි ගැන අහන්න බලන්න කවුරුත් නැහැ…’

දුෂාන් චන්ද්‍රසේකර ‘ගොඩක් අය කියනවා සිද්ධාර්ථ කුමාරයාත් ඔහොමලු. එයාලට මතක නැහැ රාහුල කුමාරයා පැවිදි වෙලා, ඊට පස්සෙයි යශෝධරා පැවිදි වුණේ කියලා…’

සමීර ලක්මාල් ‘ඒ පවුලේ අයට නැති අමුතු රුදාවක් සමාජේ උන්ට තියෙන්නේ . මහ මඟ දරුවෝ දාලා යනවා. ළමා නිවාසවල දරුවෝ අනාථ වෙනවා. ඒවා ගැන හොයන්න කවුරුත් නැහැ. පිංකම් දකිද්දී පවුකාරයන්ට කොහොමත් ඉවසන් ඉන්න බැහැ….’

පියුමි සෙව්වන්දි ‘ඔය කොච්චර බණ කිව්වාත් ඒ දරුවාගේ ළමා කාලය එයාට ඕනෙ විදියට මවුපියෝ එක්ක ගතකරන්න ඒ දරුවාත් ආසාවෙන් ඉන්න ඇති. බැඳීම් අත්හරින එක නම් හොඳයි. ඒත් නකුල මාතා නකුල පිතා වගේ දරුවා තේරෙන වයසට එනකල් ඉන්න තිබුණේ. එක්කෙනෙක්වත් රැල්ලට යන්න නම් එපා. චූටි දරුවන්ට එයාලගේ සුන්දර ළමා කාලය නැතිකරන්න එපා…’

ඒ අදහස් එසේ වෙද්දී සසර ගමන කෙටිකර ගැනීමට වෙර දරන මේ දෙපළ වෙනුවෙන් ආශීර්වාද කළ බොහෝ පිරිසක්ද සිටියා. සමාජයේ බොහෝ දරුවන් අනාථ නිවාසවල අම්මා සහ තාත්තාගේ රැකවරණය අහිමිව අසරණව දුක්විඳිනවා. නමුත් මේ දරුවාට එහෙම දෙයක් වුණේ නැහැ. ඔහුව රැකබලා ගන්න, සලකන්න ඔහුගේ ඥාතීන් සිටිනවා.

ඇතැමුන් පැවැසුවේ සිදුහත් කුමරු, රාහුල කුමාරයාට තේරුම් ගන්න පුළුවන් වෙනතුරු යශෝධරා දේවිය ළඟ තනිකර ගිය බවයි. අනතුරුව සත්‍යාවබෝධය ලැබූ බුදුරජාණන්වහන්සේ රාහුල කුමරු දායාද ඉල්ලූ විට ඔහුට ලබාදුන්නේ වෙන කිසිවක් නොවෙයි, සසර දුකෙන් අත්මිදෙන මාර්ගය වන උතුම් ධර්මයයි.

බුදුමග වඩින ඔබ දෙස අප බලන තුටින්
දෙනෙතට කඳුළු ආවා ඔබ දෙස බලමින්
පිසදා කඳුළු ඔබ වඩිනා මඟ සිතමින්
සතුටින් ඉපිළුණා මසිතම ඔබ දැකුමෙන්

බුදු හිමි අබියසින් රාහුල වඩිනා ලෙසිනේ
පිය අත දැවටෙමින් උරුමය ඉල්ලන්නේ
යශෝධරාවක් ලෙස ඇය දැඩි සිතකින්නේ
දරු සෙනෙහසක් උහුලන ඇය පුදුමයිනේ

අකුසල් පිරුණු මේ ලෝකෙන් එතෙරෙට යන්න
මව්පිය විලස දහමෙහි ඔබ හැසිරෙන්න
බණිනා ලෝකයට ඔබ හෙට පිළිතුරු දෙන්න
හික්මෙනු පුතේ කිරිමව් ළඟ මෙහි එන්න

(සුපුන් අල්ගේවත්ත)

බොහෝ දෙනකු පැවිදි දිවියට පිවිසිලා බලාපොරොත්තු වෙන්නේ දුක හටගන්නා දෙයින් ඈත්වීමයි. බැඳීම්වලින් තොර වූ විට කෙනකුට ඕනම දෙයක් අතහැරීමේ හැකියාවක් ලැබෙනවා. තෘෂ්ණාව ක්ෂය වූ තැන දුකක් නෑ කියන්නේ ඒ නිසයි. ඒ නිසාම තමයි බොහෝ දෙනකු ශාසනයට ඇතුළත් වන්නේ. කෙනකුට ජීවිතයේ නිසරු බව අවබෝධ වන්නේ සිත්වල ආශාවන් අඩුවූ විටයි.

සසර පුරුදු කරගෙන ආ ගුණධර්ම නිසයි ධර්මය සොයා යන්නට සිත් දෙන්නේ. මේ පින්වත් ස්වාමින්වහන්සේලාටද, පින්වත් මෙහෙණින් වහන්සේලාටද මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලැබීම අවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ‘මව්රට’ අපිත් මෙත් සිතින් ආශීර්වාද කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

තෙල් වැඩි කළාට පස්සෙ මිනිස්සු සුද්ද සිංහලෙන් ප්‍රතිචාර දක්වපු හැටි! බලන්නකෝ වැඩේ! ඔක්කොම බලන් ඉන්නේ ඡන්දයක් එනකන්! VIDEO I Sri Lanka Latest News

Next Post

නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමන් මධ්‍යම ආණ්ඩුවේ බලයටත් උඩින් ගිහින්! භූවිද්‍යා හා පතල් කාර්යාංශයටත් ඉහළින් ගිහින් කැණීම් නවත්වන්න ලියුමක් ගහලා! අන්තිමේදී උසාවියත් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.