• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුනකරි වැවෙන් මතුවන සෝලා ව්‍යාපෘතියේ රහස් ගොන්නක් එළියට I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක රටට හෙළිකළේ කට කහනවටද?

යුනයිටඩ් සෝලා එනර්ජි ආයතනය උපයෝගී කරගෙන පුනකරි වැවේ මතුපිට මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් බවත්, එම ව්‍යාපෘතිය පිටුපස සැඟවුණු තොරතුරු රැසක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.(Sri Lanka Latest News)

මෙම ව්‍යාපෘතිය යටතේ පුනකරි වැවේ සිට නව කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ 100%ක බැටරි බලශක්ති ගබඩා ශක්තියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සංකල්පයක් ලෙස සුබවාදී වුවත්, එය විනිවිදභාවයෙන් යුක්ත ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වන, පුනර්ජනනීය බලශක්තියේ නාමයෙන් නිර්මාණය වූ තවත් විදුලිබල ක්ෂේත්‍රයේ ඉහළම මගඩියක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පසුගිය 13 වැනිදා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රේමදාස මහතා මේ කරුණු අනාවරණ කළේය.

මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයත් 100%ක බැටරි ගබඩා ශක්තියක් සහිත සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරිමේ වගකීමත් භාරදී ඇත්තේ යුනයිටඩ් සෝලා එනර්ජි ආයතනයට කැබිනට් අනුමැතියකින් බවත්, මෙම ආයතනය සෝලා පැනල් බෙදාහැරීම සහ එහි නියෝජිත ක්‍රියාකාරකම් පමණක් සිදුකරන බවත්, එම ආයතනයට ගොඩබිමේ හෝ පාවෙන සූර්ය බලශක්ති බලාගාර නිර්මාණය කිරීමේ කිසිදු පළපුරුද්දක් ලොව කිසිම රටක නොමැති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවැසීය.

අත්දැකීමක් පළපුරුද්දක් නැති සමාගමක් මේක

ඔස්ටේ්‍රලියාවේ ඇති මෙම ආයතනය කිසිදු ආකාරයට බැටරි ගබඩා කිරීමේ ව්‍යාපෘතියක් සිදුකර නොමැති බවත්, එරට ක්වීන්ස්ලන්ඩ්හි මෙගාවොට් 400ක විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ඇති නමුත් එය ප්‍රංශ ආයතනයක් ඇ. ඩොලර් මිලියන 414ක් ආයෝජනය කර සම්පූර්ණ කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු පළපුරුද්දක් නොමැති යුනයිටඩ් සෝලා ආයතනයට මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බවය.

එසේම ඔස්ටේ්‍රලියාවේ ඇති බැටරි ගබඩා පහසුකම වන්නේ ගිගාවොට් පැය 1ක් වුවත් යුනයිටඩ් සෝලා එනර්ජි ආයතනය ලංකාවේ ගිගාවොට් 1.5ක බැටරි ගබඩා පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත්, වොට් 700 පැනල් දසලක්ෂයක් උපයෝගී කරගතහොත් මෙගාවොට් 700ක් උත්පාදනය කළ හැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් අක්කර 782ක් අවශ්‍ය බවට ගණනය කර ඇති බවත්, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන ඇති අදාළ ආයතනයට මහාපරිමාණ ව්‍යාපෘතියක් කිරීමේ කිසිදු අත්දැකීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ලංකාවේ ඉඩම් පැහැරගැනීමේ සැලසුමක්දැයි සැකයක්

සූර්ය පැනලයක ආයු කාලය වසර 25ක් වුවත් ව්‍යාපෘතියේ ආයු කාලය ලෙස තක්සේරු කර ඇත්තේ වසර 35ක් බවත්, එසේ වැඩිපුර වසර 10ක් ඉල්ලා ඇත්තේ ව්‍යාපෘතියෙන් පසු තවත් වසර 10ක් අප රටේ ඉඩම් අක්කර 782ක් භුක්ති විඳීමටද යන්න පිළිබඳ සැක මතුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සුදුසුකම් නැති අධ්‍යක්ෂ මණ්ඩලයක් සහිත ආයතනයක්

තවද මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස රිචර්ඩ් වාගාස් නම් පුද්ගලයා පෙනීසිටින අතර ඔහු සූර්ය පැනල බෙදාහරින්නෙක් බවත්, ගණකාධිකාරවරයා ලෙස තංගල්ලේ සුජීව නිශාන්ත සහ කෙරෝ තිලකරත්න යන අය මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියත් එම පුද්ගලයා ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියාහි දේපළ වෙළෙඳාම්කරුවකු බවත් ඇලෙක්ස් චන්ද්‍රසිරි නමැති සෙසු අධ්‍යක්ෂවරයා වික්ටෝරියාවල හෝටලයක ආහාර සම්බන්ධ කළමනාකාරවරයකු බවත්, ශාන් බාලසූරිය නමැත්තා වික්ටෝරියාහි සිටින වෙබ් නිර්මාණශිල්පියකු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තරගකාරී ක්‍රමවේදය තුළ මෙය සිදුවිය යුතු වුවත් නම්කළ සමාගමකට මෙවැනි මහාපරිමාණ ව්‍යාපෘතියක් සිදුකළ නොහැකි බවත්, ජනාධිපතිවරයාත් විෂය භාර අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතාකළ බවත්, මෙවැනි අත්දැකීමක් නොමැති ආයතනයකට එය ලබාදීම තුළ එම අවසර පත්‍රය වෙනත් සමාගමකට විකිණීමේ තත්ත්වයක් නිර්මාණය වේද යන්න පිළිබඳ සැකයක් මතුවන බවත්, මෙවැනි අන්ත දූෂිත ගිවිසුම්වලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේක තනිකරම දූෂිත ගනුදෙනුවක්

2022 අංක 16 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත ගෙන ආ අවස්ථාවේ මෙගාවොට් 10න් ඔබ්බට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අනිවාර්යයෙන් ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු බවට විපක්ෂය යෝජනා කළත්, රජය එය ප්‍රතික්ෂේප කරන බවත්, මේ ගනුදෙනුව තුළ එසේ ප්‍රතික්ෂේප කළේ ඇයිද කියා ඔප්පු වී ඇති බවත්, රජයේ මෙවැනි දූෂිත ක්‍රියාදාමයන්ට අප්‍රසාදය පළකරන බවත්, මේ සඳහා ගතයුතු සියලු පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.

බංකොලොත් රටේ දූෂණය වංචාව හොරකම පරාජය කිරීම සමගි ජන බලවේගයේ අභිප්‍රාය නිසා මෙම හෙළිදරව්ව විශේෂයෙන්ම සිදුකරන බව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත නිකුත් කළ එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර, විපක්ෂ නායකවරයා දෙසැම්බර් 15 වැනිදාද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තවත් ප්‍රකාශයක් නිකුත් කළේය. එහිදී හෙතෙම සඳහන් කළේ 2022 ජුනි 09 වැනිදා ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේ විපක්ෂය විසින් මෙගාවොට් 10ට වැඩි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කළත් එම යෝජනාවට මුල් අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා කැමැති වී පසුව විරුද්ධ වූ බවයි.

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ රටට සම්පතක් නමුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේද තරගකාරීත්වය ඉවත් කිරීම නිසා මේ වන විට මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, තමන්ට හිතවත් පුද්ගලයන්ට සහ සුදුසුකම් නොමැති ආයතනවලට මෙම අවසර බලපත්‍ර ලබාදී එම බලපත්‍ර නැවත විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

පුනකරි වැව ආශ්‍රිතව සිදුවන මෙම ව්‍යාපෘතිය අන්ත දූෂිත බවත්, මෙය තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව තමන්ට හිතවත් පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන බැවින් එය රටට හානියක් බවත්, ඒ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා ප්‍රමුඛ මෙයට සම්බන්ධ සියලු නිලධාරීන් රටට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

ආණ්ඩුව තෝරාගත් මෙම ආයතනයට මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට හැකියාවක් ඇද්ද කියා කිසිදු අධ්‍යයනයක් හෝ පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් යුනයිටඩ් සෝලා එනර්ජි ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නම් මෙම ආයතනයේ වෙබ් අඩවියෙහි ඔවුන් සිදුකළ කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ තොරතුරු සඳහන්ව නොමැති බවත්, ඔවුන් රටවල් 20ක මහද්වීප 6ක ව්‍යාපෘති 37ක් සිදුකර ඇති බවට සඳහන් නමුත් ඒවා සනාථ කළ හැකි කිසිදු භෞතික සාක්ෂියක් සොයාගත නොහැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණ කළේය.

මෙය ජාතික දේපළ මංකොල්ලයක් බව පැවැසූ ප්‍රේමදාස මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව තරගකාරී ක්‍රමවේදය වෙනස් කර මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ 2024 මැතිවරණයෙන් ලබන අන්ත පරාජය නිසා මෙවැනි අනීතික ගනුදෙනු හරහා මුදල් උපයා ගැනීමේ අරමුණින් දැයි සැක මතුවන බවයි.

එසේම යුනයිටඩ් සෝලා නම් ආයතනය ඔස්ටේ්‍රලියානු රජය වංචාකාරි ආයතනයක් ලෙස 2023 මාර්තු 15 වැනිදා නම්කර ඇති බවත්, එම ආයතනය සමග ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බැවින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කොට රටට සත්‍යය හෙළිකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

SendShareShare
Previous Post

වේදිකාවෙන් මහ පොළොවට පරාක්‍රම නිරිඇල්ලයන්ගේ රංගනයෙන් හැඩ වූ වේදිකාව I Sri Lanka Latest News

Next Post

දෙන්නම් බැටේ! අර්ජුන තවත් බෝම්බයක් පත්තු කරන්න ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.