• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලංකාවේ ඉපදෙයි…

October 12, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලංකාවේ ඉපදෙයි…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ ලංකාවේ සෑම පාසලකම පාහේ ඉගැනුම් කාලය අවසන් වීමෙන් අනතුරුව විසිර යාමට ප්‍රථමයෙන් සජ්ඣායනා කරනු ලබන ‘යො වාදතං පවරෝ’ ගාථාව අසා නොමැති පුද්ගයකු මෙරට නොමැති තරම් වුවත් බොහෝ වි⁣ට සාව්‍ය උච්චාරණ සහිතව අර්ථය නොදැන සජ්ඣායනා කිරීම දක්නට ලැබෙයි.

මෙම ගාථා වනාහි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියේ මහාරථ වග්ගයේ ඡත්ත මානවක විමානයෙහි සඳහන් ගාථාවකි. ඒ පිළිබඳ විස්තර වන පරමත්ථදීපනී නම් විමානවත්ථු අට්ඨ කථාවට අනුව සේතව්‍ය නගරයෙහි තරුණ බමුණකු වූ ඡත්ත උක්කට්ඨ නුවර පොක්ඛරසාතී නම් සිය ගුරුවරයාට ගුරු පඬුරු පිදීමට යන අතරතුර සොරුන්ගේ ග්‍රහණයට හසුව මියයන බව මහාකරුණා සම්මාපත්ති නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ, ඔහු වෙත එළැඹ සරණාගමනයේ හා සීලසමාදානයේ පිළිවෙළ හා ආනිසංස පැහැදිලි කොට ගාථා තුනකින් එම මාර්ගය දෙසූ සේක.

මෙසේ තිසරණයේ හා සීලයේ පිහිටුවූ ඡත්ත මානවකයා අතර මඟදී සොරකු විදින ලද විෂ පෙවූ හීයකින් මරණයට පත්විය. මරණින් මතු ඡත්ත මානවකයා උපන්නේ තව්තිසා භවනෙහි තිස් යොදුන් රන් විමනකය. ඡත්ත දිව්‍ය රාජයා තමා මෙසේ ඉපදීමට කරුණු විමසා බලන කල බුදුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් ඉපිද උන්වහන්සේ බැහැදැකීමට පැමි⁣ණියේය. එහිදී බුදුන් වහන්සේ වදාළ ධර්මය අසා මේ ඡත්ත දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත්විය.

ඉන් වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයේදී නැවතත් මේ ඡත්ත මානවයා පිළිබඳ කතා ප්‍රවෘත්තියක් මතුවන්නේ දඹදිවින් හෝ තව්තිසාවෙන් නොව, ශ්‍රී ලංකාවෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 01 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රමද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර්තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසුවිය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේදී ප්‍රථම ශිෂ්‍යයා ලෙස බඳවාගන්නා ලද්දේ ජිනරාජදාස නම් කුඩා දරුවෙකි.

වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා පානදුරේදී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී. ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමි⁣ණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලී ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳ විමසා බැලීය. එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේදී ඇමෙරිකාවේ උපත ලබා සිටි තමාගේම සහෝදරයා බවද, ඊටත් පෙර ආත්ම භාවයේදී දඹදිව ඡත්ත මානවකයා බවද පෙනී ගියේය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වූයේද අකාලයෙහි මියගිය තමන්ගේ සහෝදරයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුණු නිසා බවද පැවැසේ.

ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කල ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.

ජිනරාජදාස යනු ඡත්ත මානවකයා බව හෙළි කරගත් පසු එය සෙසු අයගේ අවිශ්වාසයට හා පරිභවයට ලක්විය හැකි බැවින් රහසක්ව පැවතුණි. ලේඩ්බීටර්තුමාගේ උපදෙස් අනුව සිය උසස් අධ්‍යාපනය කේම්බි්‍රජ්හි ශාන්ත ජෝන් විදුහලෙන් ලබාගත් ජිනරාජදාස ප්‍රාචීන භාෂා පිළිබඳ උපාධියක් ලබා පසුව සිය රටට පැමිණ කෙටි කාලයක් ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති ලෙස ද සේවය කළේය.

මෙම ඡත්ත මානවක – ජිනරාජ පුනරුත්පත්ති සම්බන්ධය යළිත් මතුව එන්නේ අතිගෞරවාර්හ අභිධජරට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන්ගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. මේ කතා ප්‍රවෘත්තිය අසා තිබූ උන්වහන්සේට මෙහි සත්‍ය අසත්‍යතාව ගවේෂණය කිරීමට සිතුණු අතර ඒ සඳහා නාඩි වාක්‍ය ක්‍රමය තෝරාගත් උන්වහන්සේ එම කටයුත්ත පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත.

‘මේ සමය වන විට මදුරාසියේ අද්යාරයේ තියෝසොපිකල් සංගමයේ කේන්ද්‍රස්ථානය පිහිටුවා එය වේගයෙන් දියුණු වීගෙන ආයේය. එහි පොත් ගුලට විශාල දෙමළ, තෙළිගු ආදී භාෂාවලින් ලියැවුණු දහස් ගණනක් පොත් ලැබිණි. ඒ අතර නාඩි වාක්‍ය පොත් රාශියක් විය. දෙමළ පඬිවරුන් මගින් ඒවායේ ඇතුළත් දෑ පිරික්සැවීමේදී ඕල්කට්තුමා, ජිනරාජදාස මහතා ආදීන්ගේ අතීත ජන්ම ප්‍රවෘත්ති දැගන්නට ලැබිණි. ඒවායේද ජිනරාජදාස මහතා ඡත්තමානවකයාම යැයි සඳහන්ව තුබුණේය. මෙය පරිකල්පිත මති මාත්‍රයෙක් නොවේ. බොහෝ මෑතක නිල්වක්කේ සෝමානන්ද තෙරහුත්, මමත් ගොස් මදුරාසියේ නාඩි වාක්‍ය වාචක දෙමළ මහතා ඉදිරියේ බුදුරදුන් දවස ඡත්ත මානවකයා අද කොහේ ඇද්දැයි සිතා ඒ තෙරුන්ගේ කේන්දරය ඉදිරිපත් කළෙමු. පුස්කොළ පොතක් ගෙනවුත් එහි පිටක් පෙරළා ‘අප සිතුවේ ඡත්ත නම් කෙනකු ගැන යැයිද ඔහු දැන් ජිනරාජදාස නමින් සිටිතැයි’ද හේ කීයේය….’

මෙම නාඩි වාක්‍ය විමසන කාලයේ ජිනරාජදාස මදුරාසියේ අඩ්යාර්හි පරම විඥානාර්ථ මූලස්ථානයේ විසූ බැවින් බළන්ගොඩ නාහිමියන් නිල්වක්කේ නාහිමියන් සමග ගොස් ‘බුදුන් දවස ඡත්ත මානවක ඔබ යැයි කියන කතාව ඇත්තක්දැයි’ විමසූ විට ඔහු මඳක් සිනා සී ‘වෙන්ට පුළුවන්’ කියා හිස සෙලවූ බව ද බළන්ගොඩ නාහිමියෝ පසුව ප්‍රකාශ කළ සේක.

ජිනරාජදාස බළන්ගොඩ නාහිමියන්ගේ හිතවතකු වූ අතර පසු ක⁣ලෙක නාහිමියන් වෙත පැමිණෙන ඔහු ඉංග්‍රීසි පොත් රාශියක් උන්වහන්සේට භාරදී ‘මම තව වැඩි කලක් ජීවත් වන්නේ නෑ. මරණින් පසු බ්‍රසීලයේ උපදිනවා. උපත ලබන ස්ථානය අසල දැනටමත් මා බෝ පැළයක් රෝපණය කර තිබෙනවා. එතැන පරිසරය භාවනානුයෝගී ජීවිතයකට ඉතාම සුදුසු ශාන්ත තැනක්’ යැයි පවසා තිබේ.

1916 දී ජිනරාජදාස ඉංග්‍රීසි ජාතික ඩොරති එම්. ග්‍රැහැම් නම් කාන්තාව සමග විවාහ දිවියට එළැඹිණි. 1921 සිට 1928 දක්වා කාලයේදී පරම විඥානාර්ථ සමාගමේ උපසභාපති වශයෙන් කටයුතු කළ ජිනරාජදාස මහතා පරමවිඥානාර්ථවාද, දේවධර්මය, දර්ශනය, සාහිත්‍යය සහ කලාව පිළිබඳ පොත් 50කට ආසන්න සංඛ්‍යාවක් හා ලිපි 1,600කට ආසන්න සංඛ්‍යාවක් ලිවීමට සමත් විය. 1945 දී පරම විඥානාර්ථ සමාගමේ සභාපති තනතුරට පත් ජිනරාජදාස මැතිතුමා 1953 ජූනි 18 දින එතුමාගේ අභාවය සිදුවන තෙක්ම එම තනතුරෙහි කරයුතු කරන ලදී. භාරතයේ විසූ විශිෂ්ට ගණයේ අධ්‍යාත්මිකවේදියකු වන ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පෞද්ගලික ගුරුවරයා වූ⁣යේද ජිනරාජ බව ඊ.ඩබ්. අදිකාරම් ලියූ ලිපියක සඳහන් වේ.

බම්බලපිටිය වජිරාරාමාධිකාරී හා කොළඹ 07 සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ පියදස්සී නාහිමියන් බ්‍රසීලයේ සංචාරයක යෙදුණු අවස්ථාවේදී ජිනරාජදාසයන් මරණයට පෙර ප්‍රකාශ කරන ලද ස්ථානයට ගොස් ඇති අතර උන්වහන්සේ එම ප්‍රදේශයේ විශාල මන්දිරයක් හිමි එකම එක බෞද්ධ උපාසකයකු එහි භාවනානුයෝගී ජීවිතයක් ගතකරනු දුටු බව පවසා ඇත.

රුවන් වින්ඩ්සර්

ජායාරූප – ගාල්ල මහින්ද විද්‍යාලයට සී. ජිනරාජදාස මහතා සහ එම මහත්මිය පැමිණි අවස්ථාවක ගන්නා ලද මෙම ඡායාරූපය 1919 විද්‍යාලයීය සඟරාවේ ඇතුළත් කොට ඇත.

SendShareShare
Previous Post

ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරු 74කට රනිල් අද එන්න කියයි! 44ක් එන බව තහවුරු කරයි! අන්තිමට ආවේ 34යි!

Next Post

පොහොට්ටුවෙන් මහින්ද-ගෝඨා-බැසිල් හැලෙයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.