• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හත්තික්කේ ඉරිසියාවක් කරපු හදියක්…රජිව් ඔබට සතුටුයිද දැන්…

May 16, 2023
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
හත්තික්කේ ඉරිසියාවක් කරපු හදියක්…රජිව් ඔබට සතුටුයිද දැන්…
Share on WhatsAppShare on Facebook

යූටියුබ් යනු වසංගතයකැයි ඇතැම්හු කියති. තවත් පිරිසක් කියන්නේ යූටියුබ් මාධ්‍යය තම තමන්ගේ ජීවිත දියුණුව සඳහා භාවිතයට ගන්නා අයද බොහොමයක් සිටින බවය. ඒක බොරුවක් නෙමේය. අශේන් සේනාරත්න ‘බික’ ව්‍යාපාරය යූටියුබ් එක හරහා ජනප්‍රියත්වයට පත්කර ගැනීම ඊට හොඳම නිදසුනකි. කවුරු කොයි විදියට මොන මොන කතා ගැළපුවත් යූටියුබ් කියන්නේ මොකක් හෝ සංගදියක් හරහා කලින් කලට හෝ දවසින් දවසට මිනිස්සුන්ගේ ඕපාදූප පවස නිවාදමන අමුතුම තාලේ මාධ්‍යයක් බවද නොකියාම බැරිය.

මිනිස් සිත්වල අවධානය සොරාගන්නා ඒ ඒපාදූප රසයද විවිධාකාරය. ගැටුම්, මතභේද, අපරාධ, උපහාස සහ අපහාසයන්ගෙන්ද සපිරි කතා මෙන්ම සිදුවීම්ද ඒ අතර වේ.

පසුගිය දවසක යූටියුබ් හරහා සැරට පත්තු වී ගිය අලුත්ම ගොසිප් එකට මුල් වී තිබුණේ ‘රුසියාවටත් වඩා ලොකු ඉරිසායාවක්’ කරපින්නා ගත් ජනප්‍රිය ගායකයකුගේ කතාවකි. මේ වන විට ඒ ගැන නොදන්නා කෙනකුත් නැති තරම්ය. ඒ හින්දාම අපි ආරුළු බූරුළු නැතිව කෙළින්ම කතාවට බහිමු. මේ කියන ගායකයාගේ නම රජිව් සෙබස්තියන්ය(rajiv sebastian). ‘ජනප්‍රිය ගායකයකු’ කියා ඉහතක ඔහුව හැඳින්වූවාට ඔහු ජනප්‍රිය වූයේ ප්‍රවීණත්වයට පත් අසීමිත ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිට මියගියද අදටත් නිතරම වාගේ සංගීත ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වන අග්‍රගණ්‍ය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීත ගායනා කරමිනි. තමන්ගේය කියන ගීත අතළොස්සක් ගායනා කර ඇති රජිව් සෙබස්තියන්, යන යන හැම තැනකම පාහේ රියැලිටි ෂෝවලදීද ප්‍රසංග වේදිකාවලදීද නිතර ගායනා කළේ ක්ලැරන්ස් විජේවර්ධනගේම ගීතයන්ය. තමා කළ ස්වනිර්මාණ තිබියදී බොහෝ විට ඔහු යමක් වැඩිපුර හරිහම්බ කරගත්තේද ක්ලැරන්ස්ගේ අතිශය ජනප්‍රිය ගීත භාවිතයට ගනිමින්ය. ‘රජිව් සෙබස්තියන්’ කියන නම ප්‍රසංග වේදිකාවේ යම් ජනප්‍රියත්වයකට බඳුන් වුණාද, ඒ බඳුන් වූයේ ප්‍රවීණ ගායක ක්ලැරන්ස්ගේ නාමයට පින් සිද්ධ වෙන්නටය.

එහි වරදක් තියෙනවද? සින්දු කියන්නට හැකියාවක් උපතින් අරගෙන ආවා නම් රජිව්, ක්ලැරන්ස්ගේ සින්දු කියා ජනප්‍රිය වීම අපරාධයක්ද?

නැහැ. ඒක අපරාධයක් නෙවෙයි. හැබැයි ජනප්‍රිය ගායක නදීර නෝනිස් එයාගේ පුංචි දෝණි එක්ක රජිව් සෙබස්තියන් කලකට ඉහත නෙලූ අධිකාරි එක්ක කියපු යුග ගීයක් අවුරුදු උත්සවයකදී ගායනා කළාය කියලා රජිව් නටන්න ගත්ත නෙයියාඩගම වගේම අල්ලන්න ගත්ත කස්තිරම නම් අපරාධයකට එහා ගිය අන්තිම කැත වැඩකි. ඇස්පනාපිටම මුළු ලෝකයටම පේන්න රජිව් තම ඉරිසියාව මෙන්ම කුහකකමද බැනර් ගහලාම ප්‍රසිද්ධ කළේය.

එහෙමට ජෝගියක් නටන්න තරම් හේතුවක් රජිව්ට එතැන තිබුණාද? කාට කියන්න? තේරුම් ගන්න පහසුම විදියට ගමේ භාෂාවෙන් කියනවා නම් රජිව්ගේ විරුද්ධත්වය කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දුවට සමානයි. කිසිම හරයක් නැහැ. තේරුමක් නැහැ. ඒ වගේම අන්තිම අසාධාරණයි.

ඒ, මොකද කියනවා නම් නදීර නෝනිස් එයාගේ පුංචි දූ එක්ක ඒ සින්දුව කිව්වේ ටීවී ෂෝ එකක ප්‍රදර්ශනය කරපු සිංහල අවුරුදු උත්සවයදී. ඒ උත්සවයට එක්ව සිටියේ කලාකරුවන් සහ ඔවුන්ගේ දූදරුවෝ. ඒ උත්සවයෙහි විශේෂය වී තිබුණේ තාත්තා හෝ අම්මා සමග දුව හෝ පුතා සින්දුවක් කියන අවස්ථා කිහිපයක්. නිදසුනක් විදියට කියනවා නම් ඕෂධී එයාගේ දෝණි එක්ක ‘කියන්න සුළඟේ’ සින්දුව කියනකොට නදීර එයාගේ දුව එක්ක ‘එරබදු මල් පිපිලා’ සින්දුව කිව්වා. ඇත්තටම කියනවා නම් රජිව්ට ලොකු සීන් එකක් දාන්න තරම් දෙයක් එතැන තිබුණේ නැහැ.
එහෙනම් රජිව් එච්චර ලොකු අඩව්වක් අල්ලන්න හේතුව?

හේතුව තමයි කුහකකම. එහෙමත් නැත්නම් වචනෙට කියනවා වගේ රුසියාවටත් වැඩිය ලොකු ඉරිසියාව. නදීරගෙයි මාරියාගෙයි සින්දුවට ලක්ෂ ගණන් වීව්ස් වැටෙනකොට සෝෂල් මීඩියාවල හිතාගන්න බැරි විදියට ඒක වයිරල් වෙනකොට, මුහුණු පොතේ ඒ සින්දුවට සිය ගණන් වර්ණනාත්මක කමෙන්ට්ස් වැටෙනකොට රජිව්ගේ ඉරිසියා නහර නළියන්නට ගත්තා.

නදීරටත් වඩා දූ මාරියාගේ වොයිස් එක හිට් වුණා කියලයි හැම තැනම අහන්න ලැබුණේ. හුඟක් දෙනා තාත්තාට වැඩිය දුවවයි වර්ණනා කරලා තිබුණේ. සින්දුව සෝෂල් මීඩියාවල වැඩිපුර සංසරණය වුණෙත් අවංකවම මාරියා නිසා. ඒ වාගේම සින්දුව ‘යූටියුබ් එකෙන් අයින් කරන්න’ කියලා නදීරට තග දාපු රජිව් ගැන හැමෝටම වාගේ පිළිකුලක් දැනුණෙත් මාරියා නිසයි.

‘තමාගේ දරුවන්ටත් වඩා බාල පුංචි කෙල්ලකටනේ රජිව් සෙබස්තියන් මේ ඉරිසියා කරන්නේ…’ කියන හැඟීම මාරියාගේ ලස්සන කන්කලු වොයිස් එකට ඇලුම් කරපු හැමෝටම හරි තදින් දැනෙන්න ගත්තා. රජිව්, නදීරයි මාරියයි කියාපු ලස්සනම ලස්සන සින්දුව හිතුවට වඩා හිට් වෙච්ච එකට තමන්ගේ කුහකකමට සිය විරුදධත්වය ප්‍රකාශ කරන කොට සින්දුව තව වැඩියෙන් හිට් වුණු බව කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ වාගෙම පදනම් විරහිතව රජිව් දක්වන විරෝධයට විරුද්ධව මුහුණු පොතේ රජිව්ව හෙළාදකින කමෙන්ට්ස් වැටුණෙත් කවුරුත් හිතපු නැති විදියටයි. හැමෝම වාගේ අදහස් දක්වලා තිබුණේ, ‘එරබදු මල් පිපිලා’ මුල් ගීයටත් වැඩිය තාත්තයි දූයි අවුරුදු උත්සවයට ඇවිදින් කියපු සින්දුව වයිරල් වුණාය කියලයි.

මෙහෙම සින්දුවක් තිබුණාය, ඒක කියන්නේ රජිව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරිය, සින්දුවට මෙලඩිය දැම්මේ, ඒක ලිව්වෙත් රජිව්මය කියන එක පවා හුඟක් දෙනා දැනගත්තේ නදීරයි දුවයි ඒක ගායනා කළාට පස්සෙ තමයි. කොහොමත් මාරියා නෝනිස් කියන්නේ සහජයෙන්ම ගෙනාව හැකියාවක් තියෙන දරුවෙක් මිසක තාත්තා සින්දු කියන නිසා සින්දු කියන්න ආව දුවෙක් නෙවෙයි.
එහෙම කියන්නෙ මීට කලිනුත් මාරියා ඔය වාගෙ ඩුවට්ස් එයාගේ තාත්තා එක්ක කිව්වා. සනුක වික්‍රමසිංහගෙ සින්දුවක් එක වතාවක් මාරියා කියාපු වෙලාවේ සනුක ඇගේ හැකියාවටයි, වොයිස් එක ගැනයි ලොකු වර්ණනාවක් කරලා කමෙන්ට් එකක් දාලා තිබුණා. ඒ වගේම ප්‍රවීණ ගායක දෙපළක් වූ රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ සින්දුවක් මීට කලින් අවුරුදු උත්සවයකට මේ තාත්තයි දුවයි කිව්ව වෙලාවෙත් ඒ සින්දුවට මේ විදියෙම ජනප්‍රියත්වයක් ලැබුණත් චන්ද්‍රලේඛාවත්, රූකාන්තවත් ඊට විරුද්ධව කිසිම වචනයක් කියලා තිබුණේ නැහැ.

නව රැල්ලේ ජනප්‍රිය ගායන ශිල්පීන් පවා රජිව් කරන කැත වැඩේට විරුද්ධව කමෙන්ට් කරන තරමට මාරියාගේ වොයිස් එක හරි සුපිරියට කාගෙත් පපුවට වැදිලා තිබුණා. කොහොමත් තමන් මේ වැඩේ නිසා චාටර් වුණා කියලා රජිව්ට දැනෙන කොට හැම දේම පත්තු වෙලා ඉවරයි. අනෙක වැඩිහරියක් දෙනා රජිව්ට ගහලා තිබුණේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු කියලා හරිහම්බ කරගත්ත චෝදනාව හයිලයිට් කරලයි. කොච්චරද කියනවා නම් ඇඳිවතත් නැතිවෙන ගානට. රජිව් අන්තිමේදී නිර්වස්ත්‍ර වුණා.

හොඳයි, අපි මෙහෙමත් හිතමු. නීතිමය වශයෙන් හෝ තම නිර්මාණය ගැන යම් වචනයක් කියන්න මෙතැනදී රජිව්ට කුමන ආකාරයක හෝ අයිතියක් තිබුණාමය කිව්වත්, ඒකට මැදිවිය යුතු කලාවක් සහ විනයක් තියෙනවාය කියන එක ඔහුට අමතක වීම කනගාටුවට කාරණයක්. මේ හැමදේටම මුල කුහකකම සහ ඉරිසියාව. මිනිහෙක් මැරුණාමත් ඔය විෂ සහිත ගති පැවැත්ම ශරීර කූඩුවෙන් අයින් වෙන්නේ පැය ගණනක් ගියාම කියනවනේ. සරලවම කියනවා නම් මෙතැනදී රජිව්ට දරාගන්න බැරිව ගිය කාරණය වුණෙත් තමන් නිර්මාණය කරපු සින්දුව තමන් කිව්වට වඩා වැඩි ප්‍රසිද්ධියකින් මාරියා නෝනිස් තාත්තා එක්ක කියාපු සුන්දර තාලේ මිනිස්සු අතර හිට් වෙච්ච එකයි.

ඉරිසියාව කුහකකම කියන දුර්ගුණය හැම මිනිහෙක් ළඟම ටික ටික හෝ තියෙනවාමය කියමු. ඒක මිනිස් ගතිය. හැබැයි ඕනෑවට වැඩිය ඒ ටික ප්‍රදර්ශනය කරන්න ගියාම සිද්ධ වෙන්නෙ තම තමන්ගේ නම කැතවෙන එකයි. විශේෂයෙන්ම ප්‍රවීණය, ප්‍රසිද්ධය කියන පිරිස ඒ ටික කරන්නම නරකයි.

දැන් ඉතින්වත් රජිව් තමන් අතින් සිද්ධ වෙච්ච දේ ගැන මනස්තාප වෙනවද? මනස්තාපය කොහොම වුණත් රජිව් දැන් ඉන්නේ වලිගෙ පාගගත්ත ගානට. එහෙමත් නැත්නම් ලාවුළු කෑව රිළවා ගානට. අනුන්ගේ සින්දු කියලා ජනප්‍රිය වෙච්ච තමා, තමාගේ සින්දුවක් අවුරුදු උත්සවයක කියපු පුංචි දැරියකට සහ ඇගේ තාත්තා වෙච්ච තවත් ජනප්‍රිය ගායකයකුට තගක් දැම්ම එක මේ හැටි දුරදිග යයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්නෙ නැතිව ඇති. කොහොමත් ටීවී චැනල් එකක තරු හමුවකට හදිසියේම වාගේ සහභාගි වෙච්ච රජිව්, ‘සින්දුව අයින් කරන්න කියලා මම නදීරට කිව්වේ නැහැ. අදාළ ටීවී චැනල් එකටයි මම ඒක කිව්වේ…’

‘කපන්න බැරි අත ඉඹිනා තාලේ’ සිස්ටම් එකක් පාවිච්චියට ගන්න කලාවෙන් තමයි රජිව් එතැන කතාබහේදී මේ සංගදිය ඇදිච්ච වෙලාවෙ කටඋත්තර දිලා තියෙන්නේ. අහවල් ටීවී චැනල් එකේ රජිව්ට සුදු හුණු ගාන තාලයක් තමයි කාටත් එහිදී පෙනෙන්න තිබුණේ. ලහි ලහියේ රජිව් එයට සහභාගි වෙන්න ඇත්තේ තමා විසින්ම ඇදගෙන නාගත්ත කාරණය සමහන් වෙන තාලෙට සුදනා වෙන්න තමයි.

සියල්ල සිදුවී හමාරයි. ගීත කෝකිලාවකට සමාන මියුරු හඬක් හිමි මාරියා නෝනිස් අසීමිතව සෝෂල් මීඩියා අතර ජනප්‍රිය වෙනකොට රජිව් සෙබස්තියන් තම කාඩ් එක කුඩුකර ගත්තා. තව තව යූටියුබර්ස්ලා මේ සංගදිය වවාගෙන කන්න හිතාගෙන රජිව් එක්ක ෆේස් ටු ෆේස් කතාබහකට එන්න කියලා නදීරට ආරාධනා කරනවලු. රජිව් සෙබස්තියන් තමාටයි දුවටයි දැම්ම වාරණය ගැන තමන් මුහුණු පොතට දැම්ම පෝස්ට් එක අයින් කරගන්න කියලත් සමහරු නදීරට කරදර කරනවලු. නදීර ඒ ගැනත් වීඩියෝවක් ඊයේ පෙරේදා රිලීස් කරලා තිබුණා.

‘රජිව් එක්ක මගෙ තරහක් නැහැ. හැබැයි රජිව්ට විරුද්ධව දැම්ම පෝස්ට් එක අයින් කරගන්නේ නැහැ. සින්දුව යූටියුබ් එකෙන් අයින් කරගත්තා. දැන්වත් මටයි මගේ දරුවටයි පාඩුවේ ඉන්න දෙන්න…’

නදීර කියලා තිබුණේ එහෙමය. අපටත් කියන්න තව බොහෝ දේ ඇත. තව දිගට ලියන්න එයට ඉඩ නැති නිසා කෙටියෙන් ඒ ටික මෙහෙම ලියමු.

‘හත්තික්කේ ඉරිසියාවක් කරපු හදියක්….’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කළුතර සිසුවියගේ නඩුවේදී උසාවිය උණුසුම් වෙයි! සිසුවිය විකුණලා තියෙන්නේ 20000කට! 12000ක ඇඩ්වාන්ස් එකක් ගිණුමකට දාලා!

Next Post

විනය පරීක්ෂණ අවසන්! හරීන්-මනූෂ-ඩයනා සජබ මන්ත්‍රීකම්වලින් ඉවත් කරයි! VIDEO

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.