ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ අදහසක් ආණ්ඩුවට සම්බන්ධ සුළුපක්ෂවලට තිබේනම්, ඕනෑම අවස්ථාවක එම පක්ෂවලට එය තීරණය කළ හැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ අද දිවයින පුවත්පත සමගය.
කවුරු ඉවත්ව ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවද අග‍්‍රාමාත්‍යවරයා දිවයින පුවත්පත සමග පවසා තිබේ.
කෙසේ වෙතත්, සුළු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව යාවි යැයි සිහින දකින්නේ විපක්ෂය බවද අග‍්‍රාමාත්‍යවරයා පවසයි.
පසුගිය සති කිහිපය පුරාම යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් දැඩි විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.










