විපක්ෂයේ සිටියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග රහසිගත ගනුදෙනු කරමින් රජයේ විමධ්‍යගත අරමුදලින් කෝටි ගණන් මුදල් ලබා ගත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවද රටට හෙළිදරව් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.Sri Lanka Latest News
මෙම විමධ්‍යගත අරමුදල් සියලු මන්ත්‍රීවරුන්ට හිමිවිය යුතු වුවත් හිටපු ජනාධිපතිවරයා විසින් එවකදී එය ලබා දී තිබුණේ තමන්ට හිතවත් විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණි.
ඒ සියලු දෙනා විපක්ෂයේ සිටිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලන වශයෙන් ගනුදෙනු සිදු කළ අයය.
ඒ අනුව එම හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවද ඉදිරි දින කිහිපය ඇතුළත රටට අනාවරණය කරන ලෙස එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙති.
කෙසේවෙතත් අද දිනයේදී ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කිරීමට නියමිතය.










