• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් අරන් ඇවිත්! මේක කුමන්ත්‍රණයක්! විපක්ෂයට අටවපු උගුලක්! මේ හදන්නේ පුංචි ඡන්දයට පළාත් සභා ඡන්දයට කරපු දේම ජනාධිපතිවරණයටත් කරන්නයි! ගම්මන්පිලත් කල්තියාම අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

February 13, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිවත් විශ්වාසබංගයක් එනවා! ගම්මන්පිල දින වකවානුත් කියයි! (Video)
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. Sri Lanka Latest News

අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

එහිදී ඔහු තවදුරටත් පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවය.

එහිදී ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උගුලක් බවත් එය ජන්ද අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා.  මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ සැනෙන් පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා නම් මේ යෝජනාවට සහය දෙන්න සූදානම් කියලා.  ඒ නිසා මෙවර යෝජනාවේ අන්තර්කාලින විධිවිධානයක් ලෙස යෝජනාව අනුමත වුණු සැනෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධිවිධානයක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ සමහර පක්ෂ දැනටමත් මේ යෝජනාවට සහයෝගය පළ කර තිබෙනවා.  සජබ, ජවිපෙ සහ දෙමළ සන්ධානය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගෙන සිටින නිසා මේ සියලුම පක්ෂ මීට සහයෝගය ලබා දේවි කියා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා”.

“ඇත්තෙන්ම මේක සීනි තැවරූ විෂ ගුලියක්. ආණ්ඩුව හදන්නේ විපක්ෂය ආකර්ෂණය වන යෝජනාවක් වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ගෙනැවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා මැතිවරණයට කරපු දේ ජනපතිවරණයටත් කරන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් අනුමත කිරීමට අමතරව ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එහෙම නම් මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත වූ බවට කථානායක විසින් ජනාධිපතිට දැනුම් දුන්නාම ජනාධිපති ජනමතවිචාරණයකදී ජනතාවගේ අනුමැතියට යොමු කරන්න ඕනෙ. ජනතාව ඒක අනුමත කළාට පස්සේ කරන්න ඕනි දේ සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන වගන්තියේ. ජනමතවිචාරණයේ දී ජනතාව විසින් යථා පරිදි අනුමත කළ බවට ජනාධිපතිගේ අත්සනින් සහතිකයක් නිකුත් කළාම තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වෙන්නේ. නමුත් ජනමතවිචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරලා අධිකරණයේ පෙත්සම් ගොනු කරලා නම් තීන්දුව ලබාදෙන තුරුම ජනාධිපතිට අත්සන් කරන්න බෑ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා”.

“ඒ කියන්නේ ජනමතවිචාරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරලා කවුරු හරි පෙත්සමක් ඉදිරිපත් කළොත් අවුරුදු කීයකින් හරි ඒකේ තීන්දුව දෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ නෑ. එතකොට 2025 අගෝස්තු පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මේ ජනපීඩක ආණ්ඩුව තවදුරටත් පවතිනවා. ජනමතවිචාරණ පනතේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණොත්  මාස හයක් තුළ නඩු අහලා ඉවර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හැකි උපරිමයෙන් උත්සාහ කළ යුතුයි කියලා තිබෙනවා. උත්සාහ කළ යුතු නමුත් අනිවාර්යෙන් මාස හයකින් අවසන් කළ යුතුයි කියලා නෑ”. 

“ජනපති ව්‍යවස්ථා සංශෝධනයට අත්සන තබන තුරු පවතින ව්‍යවස්ථාව වලංගුයි. විධායක ජනාධිපති ධුරය තිබෙනවානෙ.  ඒ නිසා ජනාධිපතිවරණය පවත්වන්න බාධාවක් නෑනෙ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. තාක්ෂණිකව ඒක ඇත්තක් නමුත් ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. ඕනෑම මොහොතක අවලංගු වෙන්න පුළුවන් විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් ඡන්දයක් පවත්වන්න ආණ්ඩුව මුදල් ලබාදෙන්නේ නෑ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන්නේ පැහැදිලිවම විපක්ෂයට අටවපු උගුලක්. ඒකට හසු වෙන්න එපා කියලා අපි විපක්ෂයේ සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා”.

SendShareShare
Previous Post

ලංකාවේ සමාගම් 260ක අයිතිකාර කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊළඟ ජනාධිපතිවරණය ගැන සමීක්ෂණයක් කරලා! ඡන්ද බෙදෙන්නේ ‌මෙහෙමයි! ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169යි! මේකෙන් ඡන්දෙ දාන්නේ ලක්ෂ 142යි! ලක්ෂ 71ක් පක්ෂ තුනකට බෙදිලා යනවා! ඉතිරි ලක්ෂ 71 තවම තීන්දුවක් අරන් නෑ! I Sri Lanka Latest News

Next Post

ඩයනාගේ මන්ත්‍රී ධූරයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන්! ඒත් තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දමයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.