• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ෂණිකව මැරෙනවද? දුක් විඳලා මැරෙනවද? ගෙදර ඉඳන්ම අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න! Sri Lanka Latest News

April 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්ෂණිකව මැරෙනවද? දුක් විඳලා මැරෙනවද? ගෙදර ඉඳන්ම අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂවේදය තුළ සැඟවුණු සුවිශේෂ රහස් කිහිපයක් ගැන දැනගන්න මේ කතාබහ අපි සිදුකරන්නේ නීතිඥ චතුර උමගිලිය මහත්මා සමග. ජ්‍යොතිෂය සහ අංක විද්‍යාව ගැන පුළුල් හැදෑරීමක් සහිත ඒ මහතා ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ ජන්ම පත්‍රයක ඇති 8 වැනි භාවය පිළිබඳවයි. Sri Lanka Latest News

චතුර මහත්මයා, අපිට කියන්න මේ 8 වැනි භාවය ජ්‍යොතිෂයේදී මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා?

මගේ ප්‍රධාන විෂය වෙන්නේ අංක විද්‍යාව. පැහැදිලිවම ඒකේ ප්‍රායෝගික බව වැඩියි. ඒකේ තර්ක කර කර බලන්න පුළුවන්. ජ්‍යොතිෂයේදී ඒක ටිකක් අපහසුයි. කුජ මහ දශාව අවුරුදු 7යි කියලා ශනි මහ දශාව අවුරුදු 19යි කිව්වොත් සිකුරුට අවුරුදු 20යි කියලා රවිට 6යි, සඳුට 10යි කිව්වොත් මේක මොන තර්කය මතද එහෙම වුණේ කියලා හිතාගන්න අමාරුයි. නමුත් පුරාණ ඍෂිවරු මේක දැකපු නිසාම, ඔවුන්ගේ ස්වයංභූ ඥානයෙන් කියපු නිසාම පිළිගන්න සිදුවෙන කොටසක් තියෙනවා. ඒ තුළ මම කියන්නේ ඒක බැහැර කරන්නත් එපා, ඕනෑවට වඩා එහෙමමයි කියන්නත් එපා. මේක ගවේෂණය කරගෙන යන්න උත්සාහ කරන්න. එතකොට තමයි 75%ක් 80%ක් සත්‍යය අනාවරණය වෙන්නේ.

අපි 8 වැනි භාගය ගැන කතාකරමු. ජන්ම පත්‍රයකට සුබ ස්ථාන සහ අසුබ ස්ථාන තියෙනවා. ප්‍රධානම කේන්ද්‍රස්ථාන හතරක් තියෙනවා. ඒ තමයි 1, 4, 7, 10 කියන කොටු හතර. 1න් කියන්නේ ඔහු ගැන. 4න් කියන්නේ මව ගැන. 7න් කියන්නේ කාලත්‍රයා ගැන. 10න් කියන්නේ පියා ගැන. ඒ තමයි ප්‍රධාන ස්ථාන හතර. ත්‍රිකෝණ ස්ථාන තුනක් තියෙනවා. ඒ තමයි 1, 5, 9. ඒවත් සුබ ස්ථාන. එහෙම ගත්තම ඔබට පේනවා 1,5,9 ත්‍රිකෝණ ස්ථාන නිසා සුබයි. 1, 4, 7, 10 කේන්ද්‍රස්ථාන නිසා සුබයි. මේ අතරින් 1 දෙපාරක් කියැවෙනවා. ඒ වගේ අසුබ ස්ථාන ගැනත් කියනවා. 6, 8, 12 අසුබ භාවයන් කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒකෙනුත් 8 වැනි භාවය තමයි ඉතාම අසුබම ස්ථානය කියලා සලකන්නේ ජන්ම පත්‍රයක. පුද්ගලයෙක්ගේ මරණය ගැන, ආයුෂය ගැන කියන්නේ 8 වැනි භාවයෙන්. 6න් රෝගාබාධ ගැන කතාකරනවා. 12 කියන්නේ වැය ස්ථානය. මේ අතරින් 8 වැන්න තමයි ගොඩක් දෙනෙක්ව බියට පත්කරන භාවය වෙන්නේ. නමුත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අද අපි කතාකරන්නේ 8 වැනි භාවයේ හුදෙකලා තනි ග්‍රහයෙක් ඉන්නකොට තියෙන තත්ත්වය විතරයි. හැබැයි මේකේ ග්‍රහ සංයෝග අනුව සහ 8 වැනි භාවයෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටිය අනුව සිදුවෙන වෙනස්කම් තියෙන නිසා මේක එහෙම පිටින්ම භාරගන්නේ නැතුව, මධ්‍යස්ථ සිතකින් තේරුම් ගැනීම වැදගත්.

8 වැනි භාවයේ තනි ග්‍රහයෙක් විදියට රවි හිටියොත් ඔහුට ඔහුගේ ජීවිතය පරිස්සම් කරගන්න ඕනේ දේවල් ටික මම කියන්නම්. රවි 8 වැනි භාවයේ ඉන්නවා කියන්නේ සංග්‍රාම භූමියකදී මරණයක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් කියලා කියනවා. ඒ සටන් භූමිය කොතැන වෙන්න පුළුවන්ද? යුද භූමියක් වෙන්න පුළුවන්. ජීවිත සටන් භූමිය වෙන්න පුළුවන්. සටන් භූමිය එක එක්කෙනාට සාපේක්ෂයිනේ. එතකොට ඒකේ තේරුම ආයුෂ අඩුයි කියන එක නෙවෙයි. රවි විතරක් නෙවෙයි වෙන ඕනෑම ග්‍රහයෙක් 8 වැන්නේ හිටියා කියන එක ආයුෂ අඩුවීමට හෝ වැඩිවීමට බලපෑමක් වෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ මරණය සහ ජීවිතයේ අවසානය වෙන්නේ කොහොමද කියන එකයි මේකෙන් කියන්නේ. එහෙනම් රවි 8 ඉන්න අය කරන සටනක් පරිස්සමෙන් හරි මූලධර්ම ඔස්සේ කිරීම තමයි හොඳ.

සාමාන්‍යයෙන් විශ්වාස කරනවා 8 වැනි භාවයේ ග්‍රහයෙක් නැත්නම් හොඳයි කියලා. එහෙම වෙන්න පුළුවන්. මොකද ග්‍රහයෝ ඉන්නේ 9යි. භාව 12ක් තියෙනවා. ඕනෑම කෙනෙක්ගේ ජන්ම පත්‍රයකට කොටු තුන හතරක් හරි තියෙන්නේ හිස්ව. ග්‍රහයෝ 9 දෙනාම කොටු 9කට විසිරිලා ගියත් ඒත් කොටු 3ක් හිස්නේ. ගොඩක් අයගේ ග්‍රහයෝ ද්විත්ව ග්‍රහයෝ ත්‍රිත්ව ග්‍රහයෝ ඉන්න හින්දා කොටු 5ක් 6ක් හිස්. ඒ නිසා 8 වැනි භාවයේ ග්‍රහයෙක් නැති තරමට හොඳයි කියන එක තමයි ජ්‍යොතිෂයේ පිළිගැනීම සහ අපේ තියෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් දේ.

8 වැනි භාවය හිස්ව තියෙන ජන්ම පත්‍රය ඔබට ලැබිලා තියෙනවද?
ඔව්. ඕනේ තරම් තියෙනවා. 8 වැනි භාවය හිස් කියන්නේ 8 වැන්නේ ප්‍රශ්නයක් නෑ කියන එක. ඒක හොඳයි. නමුත් 8 වැනි භාවයේ ඉන්නවා නම්, ඉන්න හොඳ ග්‍රහයන් කියලා සලකන්නේ සඳු, සිකුරු ග්‍රහයන්. සඳු හෝ සිකුරු 8 වැන්නේ හිටියොත් ඒ ජන්මියාගේ මරණය එයාටවත් හිතාගන්න බැරි, වේදනාවක් නැති මරණයක් කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. අපි මේ කතාකරන්නේ තනි සඳු හෝ සිකුරු. 8 වැනි භාවයේ සඳු හෝ සිකුරු සිටීම. එහෙම ඉන්න ජන්මියාගේ මරණය ඔහුට කොහොමවත්ම වේදනාකාරී නොවන මරණයක් බවයි කියැවෙන්නේ.

මේකෙන් කියැවෙන්නේ ඔහු උපරිම ආයුෂ භුක්ති විඳිනවා කියන එකද?
එහෙම කියන්න බෑ. අල්පායුෂ මධ්‍යායුෂ දීර්ඝායුෂ ගැන මේකෙන් කියැවෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. කෙනෙක් ඉන්නවා අවුරුදු 40ක් වයස. ඔහු නින්දෙන්ම මැරිලා. එයා දන්නෙත් නෑ මැරිලා කියලා. ඒකට කියනවා සෞම්‍ය මරණයක් කියලා. දකින අය අනේ අපොයි කියන්න පුළුවන්. තව කොච්චර කල් ඉන්න තිබුණු කෙනෙක්ද, තවම අවුරුදු 40යි නේ කියලා. නමුත් ඒ කෙනාවත් දන්නේ නැතුව ක්ෂණිකව මැරිලා. සෞම්‍ය මරණයක්.

ගුරු හෝ බුධ 8 වැනි භාවයේ සිටියොත් කියනවා වේදනාවක් නැති මරණයක් හිමිවෙනවා කියලා. ඒකට මම උදාහරණයක් කියන්නම්. අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් තමයි රණසිංහ ප්‍රේමදාස මහත්මයා. එතුමාගේ ලග්නය මේෂ. ඔහුගේ 8 වැනි භාවයේ හිටියේ ගුරු. ඔහු මියගියේ 1993 මැයි 01 වැනිදා ආමර් වීදියේ පිපිරුණු බෝම්බයකින්. ඉතින් ඒ මරණය අයිති වෙන්නේ මෙන්න මේ කියන වේදනාවක් නැති මරණයක් කියන කොටසට. හැබැයි සෞම්‍ය මරණය කියන එකට නෙවෙයි. මේ දෙකේ වෙනස තේරුම් ගන්නයි මේ උදාහරණය මම කිව්වේ. සඳු සහ සිකුරු 8 හිටියොත් සිදුවෙන්නේ සෞම්‍ය මරණයක්.
බෝම්බයකින් ක්ෂණිකව මැරෙන අවස්ථාවක් ගැනයි මම කිව්වේ. හිතාගන්න බැරි නිමේෂයක සිදුවන මරණයක්. එදා ඒ මොහොතේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලේන්සුව අතට අරගෙන්නවත් එක්කම බෝම්බය පුපුරනවා. එතුමාගේ චුති චිත්තයට අනුව ප්‍රතිසන්ධි චිත්තය සකස් වෙන්න ඇති. එතකොට ඒ නිමේශය තුළ ඔහුට වේදනාවක් දැනුණද නැද්ද කියන එක අපට කියන්න බෑ. මොකද එහෙම අත්දැකීමක් නැති නිසා. නමුත් ඉතා පැහැදිලියි ලෙඩ වෙලා, දුක් විඳින මිනිස්සුන්ට සාපේක්ෂව ඔහු විඳපු දුකක් නැහැ. එක නිමේශයකට ඒක සීමා වෙනවා. ඒකයි ඒකට වේදනාවක් නැති මරණයක් කියලා කියන්නේ. නමුත් ඒ සිද්ධිය දකින කෙනාට පේන්නේ ඒක මහා භයානක මරණයක් විදියට. ඒත් ඒක අත්විඳපු එක්කෙනාට මම හිතන්නේ නෑ ඒක භයානක මොහොතක් කියලා.
කුජ හෝ රාහු 8 වැන්නේ හිටියොත් හදිසි අනතුරුවලට ලක්වීම, නොහිතන ක්ෂණික, වේගවත් අනතුරුවල වින්දිතයන් බවට පත්වීම කියන එක ජීවිතයේ කොයි අවස්ථාවක හෝ සිද්ධ වීමේ ඉඩක් තියෙන බව කියැවෙනවා. ඒ නිසා, කුජ හෝ රාහු 8 වැන්නේ ඉන්න කවුරු හරි ඉන්නවා නම්, ඔවුන් කලහාකාරී තැන්වලට යෑමෙන් වළකින්න ඕනේ. වාහන පදවනකොට පරිස්සම් වෙන්න ඕනේ. හදිසි රිය අනතුරක් වෙලා ක්ෂණිකව මැරෙන එකෙයි, අතක් පයක් කැඩිලා අවුරුදු ගානක් ඇඳේ දුක් විඳින එකෙයි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි කුජ සහ රාහු නිර්මාණය කරන්නේ. බුධ සහ ගුරු නිර්මාණය කරන්නේ. එතකොට කුජ රාහු ඉන්න අය මොකක්ද කරන්න ඕනේ? ඔවුන්ට ඔවුන්ගේ ඉරණම වෙනස් කරන්න පුළුවන්. කුජ හෝ රාහු 8 වැන්නේ ඉන්න අය කිසිම ගැටුමක් තියෙන තැනකට මැදිහත් වෙන්න එපා. රණ්ඩුවක් වෙනවා දැක්කොත් ඒ අවස්ථාව මඟහරින්න. නැත්නම් අහක යන පොලු පාරක් හරි තමන්ට වදින්න ඉඩ තියෙනවා. වාහනයක් පදවනවා නම් මෙවැනි අය විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම අවදානම්සහගත රැකියාවක් නම් කරන්නේ, ඒක වඩාත් පරිස්සමෙන් කරන්න.

ඊළඟට ශනි හෝ කේතු 8 වැන්නේ ඉන්නවා නම් සමහරු බයවෙනවා. බයවෙන්න දෙයක් නෑ. ජීවිතයේ ඔරොත්තු දෙනවා. දීර්ඝායුෂ ලැබෙනවා. හැබැයි කල් ඇදෙන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන්න පුළුවන්, ඒ නිසා එවැනි රෝග තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ. ඒකේ තේරුම තමයි ශනි හෝ කේතු 8 වැන්නේ ඉන්නවා කියන්නේ එයාට හොඳ ඔරොත්තු දීමේ ශක්තියක් තියෙනවා. ශනි හඳුන්වන්නේ ග්‍රහ ලොව මහල්ලා කියලා. ඔතෑනි, කම්මැළි, කුසීත, ඈලිමෑලි ග්‍රහයෙක්. කේතුත් එහෙමයි. හකුළුවා තබන කෙනෙක්. එතකොට රාහු 8 ඉන්නකොට වේගවත් බව නිසා අනතුරු ඇතිකරන එකයි, කේතු 8 ඉන්නකොට ඔත්පළ කරන එකයි ගැන අපිට තර්කානුකූලව හිතාගන්න පුළුවන්නේ. එහෙම නම් ශනි හෝ කේතු 8 වැන්නේ ඉඳීම එක්පැත්තකින් දීර්ඝායුෂ තියෙන බව ඉඟියක්. අනිත් පැත්තෙන් දීර්ඝකාලීන රෝගාබාධ තියෙනවා කියන එක ගැන කරන අනතුරු ඇඟවීමක්. ඒ නිසා දීර්ඝකාලීනව පවතින රෝගාබාධ ඇති නොවන ආකාරයට ප්‍රවේශම් වීම තමයි ඒ ජන්මියාගේ වගකීම වෙන්නේ.

Hela Rahas යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පාප් වහන්සේට විපක්ෂනායක සජිත් ශෝකය පළකරයි! I Sri Lanka Latest News

Next Post

මාස 6ට ආණ්ඩුව කරපු හොඳ දේවල් රනිල් කියයි! දළදා මාලිගාවට 1989දි බෝම්බ ගහලා දැන් දළදා ප්‍රදර්ශනය කරනවා! ඒක හොඳයි! දැන් ජවිපෙ මන්ත්‍රීවරු පන්සිල් ගන්නවා! ඒක හොඳයි! ජයමංගල ගාථා කියන්න මන්ත්‍රීවරුන්ට උගන්වනවා! ඒක හොඳයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.