නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥායින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර පාර වසා දැමීමට තීරණය කර තිබේ.
එම මාර්ගය භාවිත කරන පුද්ගලයන් සහ වාහන විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවන අතර නායයෑමේ අවදානමට පිළිබඳව ඒ සම්බන්ධ ආයතනවලින් සහ විශේෂඥායින්ගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.