විදුලි මිල අවස්ථා දෙකකදී ඉහළ නැංවුවද තවමත් විදුලි බල මණ්ඩලය බිලියන 30ක පාඩුවක් ලැබීම හේතුවෙන් නැවත වතාවක් විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුව ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
විදුලි බල මණ්ඩල නිලධාරීන් ආණ්ඩුවට පෙන්වා දී ඇත්තේ පවතින නියං තත්ත්වය හේතුවෙන් සහ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීමට සිදුවීම හේතුවෙන් සැලසුම් කර තිබූ පරිදි ජල විදුලි උත්පාදනය සිදු කිරීමට නොහැකි වූ බවත්, ඒ හේතුවෙන් මණ්ඩලයට රුපියල් බිලියන 30 පමණ පාඩුවක් සිදුව ඇති බවත්ය.
එම පාඩුව පියවා ගැනීම සදහා නැවත වතාවක් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවට ඔවුන් යෝජනා කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම දැනුම් දීමට අනුව ඉදිරියේදී මෙම තත්ත්වය අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් විදුලි බිල යළි ඉහළ දමන්නේ නම් එය මහජන උපයෝගිතා කොමිසම මගින් අනුමත කළ යුතුව තිබේ.










