විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට කළ ප්‍රකාශයට එරෙහිව දකුණේ දේශපාලඥයන් කිහිප දෙනකු විසින් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මේ සදහා උතුරේ ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනකු සම්බන්ධ කරගැනීමටත්, ඊට අවශ්‍ය මුදල් සැපයීමටත් මෙහිදී සැලසුම් කොට ඇති බවක් දැකගන්නට පුලුවන.
ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ වට්ස්අප් පණිවුඩ කිහිපයක් විපක්ෂනායක කාර්යාලයටද ලැබී තිබේ.
පහත පළවන්නේ එවැනි පණිවුඩ කිහිපයකි.
හුවමාරු වූ වට්ස්අප් පණිවුඩ!
‘අද සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාට ස්තුතියි,ජූනි 13 උදේ 10 ට ලිපියක් භාරදීම සහ උද්ඝෝෂණයක් ව්පක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට තීරණය විය , අපගේ මෙහි සිටින සියලු සිංහල සංවිධාන නියෝජනය කරමින් මේ සඳහා තම සාමාජිකයින් සම්බන්ධ කරවීමට එකඟ වූ අතර, ———– ——– මහතාගේ උතුරේ ජනතාව නියෝජනය කරමින් 100ක පමණ සාමාජික පිරිසක්ද 13 විරෝධය සඳහා සහභාගී කරවීමට එකඟ විය, Jaffna Discourse සාකච්ඡාවට ඉතිරි කළ රු.33,470/- ක මුදල මේ වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂා කරන අතර , හැකි අය මේ සඳහා තව මූල්‍යමය දායකත්වයක් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමගේ අදහස් හා යෝජනා අගය කරමු. 🙏’
——————————-
’13 දින උද්ඝෝෂණය සඳහා උතුරෙන් එන බස් රථ සඳහා මූල්‍යමය දායකත්වයක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය හැකි ඉක්මණින් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි🙏’
——————————–
සජිත්ගේ 13 ප්‍රකාශයට එරෙහි, සියලුම සංවිධාන වලට 13 දා එනවිට පෝස්ටර් සඳහා අවම වචන 3ක් හෝ 4කින් යුතු වැකි ලොකුවට කාඩ්බෝඩ් වල ඇඳ , ඊට යටින් තම සංවිධානයේ නම කුඩාවට සඳහන් කර රැගෙන ආ හැකිය 👍 (වැකි සාදා මේ සමූහයට එවන්නම්)









