දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් දෙකක් පමණක් බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති බඩු භාණ්ඩ එහි ප්‍රධානීන්ගේ උපදෙස් මත සේවකයන් විසින් ඉහළ මාලයට රැගෙන යනු ලැබීය.
ජල ගැල්මක් ඇති වුවහොත් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂයෙන්ම පහළම පිහිටි කමිටු කාමර ප්‍රථමයෙන්ම ජලයෙන් යට වීමට වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඒවායේ පොත්පත් ගෘහ උපකරණ ඇතුළු බඩු භාණ්ඩ මෙසේ ඉවත් කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ.










