• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනය වෙනස් වෙයිද? Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සෞඛ්‍යය උපදෙස් මත පාසැල් අරින්න සූදානම්!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ වෙද්දි ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් රටක දේශපාලනය කරනකොට, රටක් කරවනකොට ඒ අය කලින් ආණ්ඩුවලට වඩා අධ්‍යාපනය කියන දේට වටිනාකමක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් සාමාන්‍යයෙන් ඡන්දෙට ආවෙ වෙනදාට වඩා අධ්‍යාපනිකව යම් යම් ඉලක්ක ජයග්‍රහණය කරපු මිනිස්සු. ඒගොල්ලො අධ්‍යාපනයේ වටිනාකම ගැන දැනගෙන හිටියා සහ විවිධ අරගලවලදී ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළා. ඔවුන් සටන් පාඨ කිව්වා. අධ්‍යාපනය තමයි මිනිස්සුන්ගෙ තියෙන වටිනාම අවශ්‍යතාව කියන තැනට ඔවුන් ඇත්තටම ආවා. ඔවුන්ගෙ මතයක් තිබුණා රටක අධ්‍යාපනය නිවැරදි අතට වෙනස් වුණාම තමයි ඒ රට යහ පැවැත්මක් සහිතව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. Sri Lanka Latest News

ඒත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් පත්වෙලා අවසානයි. දැන් ඔවුන්ට බලය තියෙනවා. ඒක නිකම්ම නිකම් සෙල්ලම් බලයක් නෙමෙයි. ඒක තුනෙන් දෙකක බලයක්. තුනෙන් දෙකක බලයක් සහිත වුණාම යම්කිසිවෙක්ට ඒ තුනෙන් දෙකක බලය පාවිච්චි කරලා රටේ ඕනෑම විශිෂ්ට ක්‍රියාවක් කරන්න පුළුවන්. ඕනෙ නම් අශිෂ්ට ක්‍රියා කරන්නත් පුළුවන්. අපිට එහෙම අත්දැකීම් තියෙනවා පහුගිය කාලෙ. ඔවුන් කරන දේ විශිෂ්ටද, අශිෂ්ටද, අඩුම තරමේ ශිෂ්ටද කියන එක තීරණය වෙන්නෙ ඒවායෙ ඉන්න නායකයන්ගෙ, උපනායකයන්ගෙ, විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙ රුචි අරුචිකම් මත. හැබැයි කතාව වෙන්නෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දේශපාලනය ඇතුළෙ විවිධ මට්ටමෙන් මේ කියන කාරණා තුනම සිද්ධ වෙනවා.

දැන් අධ්‍යාපනය වෙනස් කරන්නට තීන්දුවක් අරගෙන තියෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ ගැන පහුගිය කාලෙ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරී මහත්වරු විසින් කරපු පැහැදිලි කිරීම් කීපයක් අපි දැක්කා.

ඉන් එකක් වෙන්නෙ කාලච්ඡේද ප්‍රමාණය අඩු කිරීම. ඒ කියන්නෙ හයේ පන්තියෙ ඉඳලා මේ අලුත් විෂය ඉගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. හයේ පන්තියට තියෙන්නෙ විනාඩි 50 කාලච්ඡේද හතක්.

දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය මෙතෙක් හැදිලා තිබුණේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව. ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා මනුස්සයෙකුට මේ අහගෙන ඉඳලා, ධාරණය කර ගැනීමේ හැකියාව සහ දරාගෙන සිටීමේ හැකියාව තියෙන්නෙ විනාඩි 40ක් කියලා. ඒ නිසා තමයි මේ විනාඩි 40 කාලච්ඡේද හදලා තියෙන්නෙ. හැබැයි 40 දැන් 50 වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නය 40, 50 වීම නිසා ලැබෙන අධ්‍යාපනික වාසිය මොකක්ද කියන එක. හරි, අපි හිතමු එහෙම මොකක් හරි වාසියක් තියෙනවා කියලා අපි නොදන්න. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. පාසලක සාමාන්‍ය පාසල් කාලය කියලා කියන්නෙ විනාඩි 360යි. ඒ කියන්නෙ පැය හයයි. මේ පැය හය ඇතුළෙ පහුගිය කාලෙ 40 ඒවා අටක් ක්‍රියාත්මක වුණා. 40 වරක් අට, ඒ කියන්නෙ 320යි. විනාඩි 40ක් පාසල් කාලච්ඡේදවලින් සාමාන්‍යයෙන් ඉතිරි වෙනවා කාලච්ඡේදවලට යොමු නොවී. ඒ ඉතිරි වෙන විනාඩි 40 හුඟක් පාසල්වල විවේක කාලය විදියට විනාඩි 20කුත්, පාසලේ උදෑසන ආගමික ඇදහීම්වලට අදාළ කටයුතුවලට විනාඩි කීපෙකුත් විදියට වෙන්වුණු බව තමයි සාමාන්‍යයෙන් අපි දන්නෙ.

දැන් මේ වෙලාවෙ විනාඩි 50 ගානෙ හතක් කාලච්ඡේද හැදුණාම කාලච්ඡේද සඳහා ගතවෙන කාලය විනාඩි 350යි. විනාඩි 350ක් ගත වුණාම ඉතිරි වෙන්නෙ විනාඩි 10යි. ඒ කියන්නෙ විවේක කාලයට, උදෑසන රැස්වීමට, ආගම සිහිකිරීමට මේ සියල්ලටම ඉතුරු වෙන්නෙ විනාඩි 10යි. එතකොට මේ විනාඩි 10 ඇතුළෙ මේ සියල්ලම කරන්න පුළුවන්ද? එක්කෝ සිද්ධ වෙනවා පාසලේ විවේක කාලය විනාඩි අටකට විතර අඩු කරලා, ආගම ඇදහීමේ කාලය විනාඩි දෙකකට අඩු කරලා සාමාන්‍ය පරිදි පාසල පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් සිද්ධ වෙනවා පාසල් කාලය තව ටිකක් දීර්ඝ කරන්න. එහෙම දීර්ඝ කළත් ඒක ප්‍රායෝගික වෙන්නෙ නෑ. ඒකට හේතුව දැන් ඔය කියන විදියට අර විනාඩි 40ම ආයෙත් ලැබුණොත් 350, 390ක් බවට පත්වෙනවා. එතකොට පාසල අවසන් කරන්න තව පැය භාගයක් ගන්න පුළුවන්. ඉතින් ඒ පැය භාගය ගැනීමෙන් ලැබෙන වාසියක් තියෙනවාද කියන එක සම්බන්ධව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පැය භාගය යටතෙ තමයි බොහෝ වෙලාවට අද ලංකාවෙ බොහෝ දේවල් සකස් වෙලා තියෙන්නෙ. අඩුම තරමේ පාරෙ ගමන් කරන බස් රථවල කාලසටහන පවා හැදිලා තියෙන්නෙ මේ වෙලාවත් එක්ක.

ඒ වගේම අපි හොඳාකාරවම දන්නවා මේ උපකාරක පන්ති කියන ඒවා ලංකාවෙ පැවැත්වෙනවා. උපකාරක පන්තිවලට මේ කාරණය දෙවිදියකට බලපානවා. එක්කෝ උපකාරක පන්ති කරනවා ගොඩක් වෙලාවට පාසල්වල ඉන්න ගුරුවරු. ඒගොල්ලන්ට මේ උපකාරක පන්ති කරගෙන යන්න බැරිව යනවා. දරුවො ගොඩක් වෙලාවට උපකාරක පන්තිවලට සහභාගි වෙනවා. ඒ අයට සහභාගි වෙන්න බැරි වෙනවා. එතකොට තර්කයක් තියෙනවා පාසල් ගුරුවරු උපකාරක පන්ති කරන්න ඕනෙ නෑ කියලා. හැබැයි පාසල් ගුරුවරු උපකාරක පන්ති කරන්නෙ ආසාවට නෙමෙයි. උපකාරක පන්ති කරන්නෙ පාසල් ගුරුවරු තමන්ගෙ එදිනෙදා ජීවිකාව සරු කරගන්න. සාමාන්‍යයෙන් පාසල් ගුරුවරයෙක්ට කාලා ඇඳලා, වාහනයක ගිහිල්ලා, ටිකක් හෝ හොඳ ජීවිතයක් ගත කරන්න නම් මේ පුද්ගලික පන්තිය කියන වැඩේ තියෙන්නම ඕනෙ. එහෙම නම් සිද්ධ වෙන්නෙ අනුර කුමාර දිසානායක මහත්තයා ඡන්දෙට එන්න කලින් කිව්වා වගේ ඇත්තටම පළමු වැටුප් තල 10න් එකකට මේ ගුරු වැටුප ගන්න එක. ඒක බොරුවට කියලා, වංචා කරලා, අංක ගණිතය සෙල්ලම් දාලා නෙමෙයි. හැබෑවටම වැඩි කරන එක තමයි වෙන්න ඕනෙ. ඇත්තටම ඒක වෙනවා කියන එක නම් හීනයක්. යම් වැඩිවීමක් වුණා තමයි. හැබැයි වැටුප් තල 10 අතරට ආවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.

හරි අපි ඒවා අමතක කරලා දාමුකෝ. දැන් පාසල ඇතුළෙ හයවැනි ශ්‍රේණියට විතරනේ මේ විෂය නිර්දේශිත අලුත් ක්‍රමවේද ටික යන්නෙ. එතකොට කොහොමද මේ බෙල් එක ගහන්නෙ ඉස්කෝලෙ? 350 පහෙන් බෙදලා ගහන බෙල් එක වෙනමත්, 320 අටෙන් බෙදලා ගහන බෙල් එක වෙනමත් වාදනය කරනවාද? එතකොට හයේ පන්තියට උගන්වන ගුරුවරයා හතේ පන්තියටත් උගන්වනවා වෙන්න පුළුවන්, අටේ පන්තියටත් උගන්වනවා වෙන්න පුළුවන්. එතකොට හයේ පන්තියට උගන්වන ගුරුවරයාට පළමු කාලච්ඡේදය 8.50ට ඉවර වෙනවා නම්, අටේ පන්තියෙ දෙවැනි කාලච්ඡේදය පටන් ගන්නෙ 8.40 ඉඳලා. එතකොට 8.50ට ඉවර වෙන කෙනා කොහොමද 8.40 කාලච්ඡේදයට සහභාගි වෙන්නෙ? ඒකට හේතුව 40 චක්‍රයේ තියෙන පන්තිවලට එක විදිහක්, 50 චක්‍රයේ තියෙන පන්තිවලට තව විදිහක්.

ඒ වගේම මේ විෂය නිර්දේශවල වෙනස්කම් කරන්නෙ නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන ඒවා උඩින් ඉලක්කම්වලින් වෙනස් කළා කියලා ඇත්තටම රටකට ප්‍රයෝජනයක් වෙනවද? අපි දැක්කා කියනවා සාමාන්‍ය පෙළ විෂයන් ප්‍රමාණය හතකට අඩු කරනවා කියලා. මේ හතකට අඩු කිරීමෙන් මොකක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවද රටකට? අපිට ඒක තේරෙන්නෙ නෑ. විභාගවල තියෙන බර අඩු කරන බව, විභාග වෙනුවට පන්ති පාදක ඇගයීම් ක්‍රම වගේ දේවල් පාවිච්චි කරනවා කියලා කිව්වා. පන්ති පාදක ඇගයීම් කියන එක හොඳ වැඩක්. හැබැයි ලංකාව වගේ රටක කැමැත්ත මත, හිතවත්කම් මත, යාළු මිත්‍රකම් මත සමහරවිට ලකුණු ලැබෙන්න පුළුවන් එක්කෙනෙකුට දෙන්නෙකුට. ඒවා අපි දන්නෙ නෑ. ඒවා වෙනවා සාමාන්‍යයෙන් ලංකාවෙ. ඉතින් මේවා ගැනත් අපිට මේ විදියට තමයි කියන්න සිද්ධ වෙන්නෙ.

කොහොම වෙතත් විෂය නිර්දේශවලට අනුව තමයි ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදෙන ගුරු අත්පොත සකස් වෙලා තියෙන්නෙ. හැම විෂයක්ම කාලච්ඡේද කීයකට බෙදලා තියෙනවද කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒ කාලච්ඡේදවලට බෙදලා තියෙන්නෙ විනාඩි 40 කාලච්ඡේද. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නම් බොහොම උභතෝකෝටිකයක් වෙයි වගේ ගතියක් අපිට පේනවා. අන්තෝ ජටා බහි ජටා ස්වභාවයක් පේන්න තියෙන්නෙ. කොහොම වෙතත් අපි බලමු මොකක්ද වෙන්නෙ කියලා. මේ ඉලක්කම් සහ මේ සමහර ගණන් හැදීම් අපි විසින් හිතලා කරපු දේවල්. ඒවා වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒවා හරි වුණත්, වැරදි වුණත් අපිට අවශ්‍ය කරලා තියෙන්නෙ පණිවුඩය ඔබට කියන්න. ඒකට හේතුව මේ අධ්‍යාපන ක්‍රමයක් වෙනස් කරනවා කියලා කියන්නෙ කාලච්ඡේද ප්‍රමාණය අඩු කරන එකවත්, පැය ගණන වෙනස් කරන එකවත්, ඉස්කෝලෙ තියෙන වෙලාව වෙනස් කරන එකවත්, විෂය නිර්දේශයට අදාළව කෙරෙන කිසිම දේකට අත නොගහා පාසල තමන්ට අවශ්‍ය ආකාරයෙන් පවත්වගෙන එනවා කියන එක නෙමෙයි. ඒ වගේම විෂයන් ප්‍රමාණය අටේ ඉඳන් හතට හරි, නවයේ ඉඳන් හතට හරි අඩු කළා කියලා රටක අධ්‍යාපන ක්‍රමය නගාසිටුවන්න බැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුවලට වගේ නෙමෙයි අධ්‍යාපනයේ වටිනාකමක්, අධ්‍යාපනය පිළිබඳ ඇල්මක්, බැල්මක් තියෙනවා කියලා. ඒ නිසා අපි බලාගෙන ඉමු මේවා ඇත්ත වෙයිද, බොරු වෙයිද කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත කිව්වා අද ඉඳන් අනුරාධපුර වැව් රක්ෂිතවල ගහපු හෝටල් අයින් කරනවා කියලා! මෙන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති කියනවා අනුරාධපුර වැව් රක්ෂිත 22ක දේශපාලකයන් හෝටල් ගහලා කියලා! දැන් බලමු ඒ 22ම අයින් කරනවද කියලා! Sri Lanka Latest News

Next Post

එකලස් කරපු ලෑන්ඩ් කෲෂර් එකක් පැදලා! සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුතා වලානෙන් අල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.