• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිලිපීනයේ ඇකීනෝ – චිලියේ ගේබි්‍රයෙල් ගිය පාරෙම අනුරටත් යන්න වෙයිද? Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ තත්ත්වය ලෝකෙට අරන් යන්න අනුර ලෝක බැංකුවේ සහාය පතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුර කුමාර දිසානායක ජනාධිපති සිය ධුර කාලයෙන් මාස 18ක් ගතකර අවසානය. ඔහුට තව මාස 42ක් තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කේන්ද්‍රයද සංකේතයද වන්නේ ඔහුය.
ඔහු යාපනයට ගිය විට වඩා ප්‍රචාරය වන්නේ කොට කලිසමක් හැඳ උදෑසන හිස් පාරක ව්‍යයාම පිණිස ඇවිදීමත් ඒ අතර අවට නිවැසියන් සමග කතාබහ කරන්නට නතර වන හැටිය. තවත් දවසක සාමාන්‍ය ඇඳුමකින් සැරසී කොහේ හෝ යන අතර වාරයෙහි අලුත්ම චීත්ත සහ හැට්ටවලින් සැරසුණු කඳුරට තේ දලු නෙළන්නියන් සමග සුහද කතාබහක යෙදී සිටින සිනා මුසු මුහුණුය.
පසුගිය 14 වැනිදා අප දුටුවේ දිට්වා සුළි කුණාටුවෙන් පිඩා විඳි ගැමි පවුලක් සමග ජනාධිපතිවරයා අලුත් අවුරුද්ද සමරන හැටිය. ඔහු එම පවුලේ දියණියගේ අතින් අල්ලාගෙන සුහද කතාබහක යෙදෙන සැටිය.Sri Lanka Latest News

දේශපාලන සංකේතමය භාෂාව : අලුත් බෝතලයක පරණ වයින්
මේ වර්ගයේ දේශපාලන සංකේතමය භාෂාව අප රටට අලුත් දෙයක් නොවේ. මෛත්‍රීපාල තාප්ප මත වාඩිවී අහස දෙස බලාගෙන සිටියේය. වරක් සාමාන්‍ය තේ කඩයක තේ බොමින් සිටියේය. යාපනයේ දෙමළ වැසි නිවසක අල්ලාප සල්ලාපයේ යෙදුණේය. රනිල් ගැටවර ගැටවරියන් සමග දේශපාලන කතාබහක යෙදුණි. එකම වර්ගයේ කලිසම් කමිස හැඳ සිය ගජයා සමග ඇවිද යන පින්තූර මාධ්‍යයට නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළේදී මහපොළොව සිපගත්තේය. ප්‍රසිද්ධ රැස්වීම් අතරතුර සූදානම් කළ බිලින්දන් වඩා ගත්තේය.
මේ සිවුදෙනා අතර ඇති පොදු සාධකය නම් බෞද්ධ භික්ෂුන් කෙරෙහි ඇති සිය ව්‍යාජ ගරුත්වය ඇත්තක් ලෙස ඡායාරූපයට නැගීමේ කලාවයි. එනමුත් ඇත්ත දේශපාලනය ඊට එහා යන දෙයකි. අනුර කුමාරට ජනයා සිය කැමැත්ත ප්‍රකාශ කළේ ඔහු භික්ෂුන් ඉදිරියෙහි වැඳවැටෙන නිසා හෝ ඩබල් පොකට් කමිස අඳින නිසා හෝ නොවේ.
2022 මෙරට ඇතිවූ ජන අරගලයේ අපේක්ෂාවන්හි සංකේතය ලෙස මතුවීමට ඔහු සහ ජාතික ජන බලවේගය සමත් වූ නිසාය. ජාතික ජන බලවේගය බලයට පත්වූයේ 2022 අරගලය විසින් මුදාහරින ලද නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයේ කුණාටුවට සිය රුවල සවිකර ගැනීමට එයට හැකි වූ නිසාය.

පිලිපීනයේ ජන අරගලය මතකද?
අද වයස්ගත අප පරම්පරාව කැලඹූ එවැනි අරගලයක් 1986දී සිදුවිය. ඒ, පිලිපීනයේ මාර්කොස් ඒකාධිපතිත්වයට එරෙහි නැඟුණු මහා ජන අරගලයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොරසොන් ඇකීනෝ ජනාධිපතිවරිය ලෙස පත්වූවාය. මෙරට රූපවාහිනී තිර මත එම ජනතා නැගිටීම ප්‍රදර්ශනය වූයේ 2022 අරගලය තරම්ම සජීවී ලෙසය. ඇයගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය කරා යම් දුරකට පිලිපීනය ගෙනයාමට සමත් විය. ඇයගේ පාලනය යහපත් විය. මහජනයා නිදහස භුක්ති විඳීමට පටන් ගත්හ. එසේ වුවද සිය වසරකට පසු ඇයට ධුරය අතහැර යාමට සිදුවිය.
ඇයගේ පාලන කාලය තුළ හමුදා පිරිස් විසින් රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ උත්සාහයන් 7ක් පමණ සිදුකරන ලදී. මෙයින් 1987 සහ 1989 වසරවල සිදුවූ උත්සාහයන් අතිශය දරුණු වූ අතර, එමගින් රජයේ ස්ථාවරභාවය දැඩි ලෙස සෙලවුණි.

1991දී පිනාටුබෝ ගිනි කන්ද පුපුරා යාම සහ විශාල භූමිකම්පා හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය. මෙය සහන සේවා සැපයීමේදී රජය අපහසුතාවට පත්කළේය. ඇයට බොහෝ විවේචන එල්ල විය.

1990 දශකයේ මුල් භාගයේදී පිලිපීනය දැඩි විදුලි කප්පාදුවකට මුහුණ දුන්නේය. දිනකට පැය 8-12 දක්වා විදුලිය විසන්ධි වීම නිසා කර්මාන්ත කඩා වැටුණු අතර ජනතාව රජය කෙරෙහි කලකිරුණි. ඇයගේ පවුලට අයත් ‘හසෙන්ඩා ලුයිසිටා’ වතුයාය සම්බන්ධයෙන් වූ ඉඩම් ආරවුල් සහ ගොවීන්ට ඉඩම් ලබාදීමේ පොරොන්දුව නිසි ලෙස ඉටුනොවීම නිසා ඇයගේ ‘ජනතා බලයේ’ ප්‍රතිරූපයට හානි සිදුවිය. මාකෝස් පාලනයට වඩා වෙනස් වනු ඇතැයි අපේක්ෂා කළද, ඇයගේ පරිපාලනයේ සමහර නිලධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම ජනතාවගේ විශ්වාසය බිඳවැටීමට හේතු විය.
දැන් අපට ඇකීනෝ වෙනුවට අනුර කුමාර ආදේශ කර යුද හමුදා කුමන්ත්‍රණ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය, වෛද්‍ය සංගමය, විදුලි ඉංජිනේරු සමිති යනාදිය ආදේශ කළ හැකිය. පිනාටුබෝ ගිනි කන්ද වෙනුවට දිට්වා සුළි කුණාටුව ආදේශ කළ හැකිය. මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඇතිව තිබෙන ඉන්ධන සහ ගෑස් අර්බුදය, එරට ඇතිවූ විදුලි අර්බුදය වෙනුවට ආදේශ කළ හැකිය.
ජාතික ජන බලවේග ආණ්ඩුවට එල්ල වන දූෂණ චෝදනා රාජපක්ෂ සමයට ළඟා නොවන නමුත් දැනටමත් මහජන අප්‍රසාදය ඉහළ යන බලපෑමක් බවට පත්ව තිබේ.

එක දිගට අනාගැනීම්
ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනාගත්තේය. ව්‍යාජ අධ්‍යපාන සහතික ඉදිරිපත් කළ හිටපු කතානායකවරයාට විරුද්ධව විනය පියවර ගත්තේ නැත. ජවිපෙ නායකයකු වන කෝටි 27ක පුද්ගලික ධනයක් ඇති ජවිපෙ නායකයකු, ඇමැතිවරයකු ලෙස කටයුතු කරයි. ඔහු සතුව ධම්මික පෙරේරාගේ සමාගම්හි කොටස්ද මෙරට නීත්‍යානුකූල නොවන ක්‍රිප්ටෝ මුදල්ද තිබේ. රාජ්‍ය සේවකයන්ට මාක්ස්වාදය උගන්වන සහ ලෙනින් කියවීමේ ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන අමාත්‍ය ලාල්කාන්ත පටලැවුණු නිවාස ප්‍රශ්නය තවත් අපවාදයකි. ඇමැති කුමාර ජයකොඩි අධිකරණය හමුවෙහි දූෂණ චෝදනා ලබා සිටී. අලුත්ම එක ඔස්ටේ්‍රලියාවට යැයි සිතා ඩොලර් මිලියන 2.5ක් හැකරුන්ට ජූජා කිරීමය. රටකින් රටකට මුදල් සම්ප්‍රේෂණය කිරීමේ ආරක්ෂක පියවර එහිදී ගෙන නැත. අඩුම වශයෙන් මුදල් ලේකම්වරයා මෙම වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතුය. මෙරට අන්තර්ජාල හැකරුන්ගේ තිප්පොළක් වී තිබෙන්නේ ද ඩිජිටල් සුරක්ෂිතතා දුර්වල නිසාය.
ජනාධිපති අනුර කුමාරගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කරගත් සූරියබණ්ඩාර ‘සිරස’ වෙනුවෙන් කඩේ යමින් ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදී තිබේ. දීපචෙල්වන්ගේ පොත් තහනමට වඩා අජූත වී ඇත්තේ ජාජබවාදී කලාකරුවන්ගේ සේදීමය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ ආණ්ඩුවේ වාර්තාව ඉතා දුර්වලය. එය රාජ්‍ය මාධ්‍ය සිය දේශපාලන මෙවලමක් ලෙස දිගටම පාවිච්චි කරයි. එය විසින්ම හෙළාදුටු සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත ඉවත් කිරීමට පියවර ගෙන නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ආ කෙටුම්පත දෙස් විදෙස්හි දැඩි විවේචනයට ලක්විය. එය විසින් පොරොන්දු වූ ස්වාධීන අභියෝජක කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ දින කාලවකවානු නියමයක් නැත. දස වසරක කාලයක් පවත්වා නැති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියමයක් නැත. වාහන අංකවල පළාත දැක්වෙන අකුරු ඉවත් කර ඇත්තේ බලය බෙදීමට විරුද්ධ ගොන් පාට් නිසාය.

මේ අඩුපාඩු සහ දුර්වලතා ලෙහෙසියෙන් ජයගත හැකිව තිබූ ඒවාය. එම අවකාශය අවසන් නැත. ආණ්ඩුවට තවත් වසර තුනහමාරක් තිබේ. එසේ වුවත් මෙම දුබලතා ජයගැනීමට අවශ්‍ය හානි අවම කරගැනීමේ සහ පාලනය කර ගැනීමේ යාන්ත්‍රණයක් සහ දේශපාලන අධිෂ්ඨානයක් ජාතික ජන බලවේගයට ඇති බවක් පෙනෙන්නට නැත.
ජවිපෙ ආරම්භයේ සිටම සෑම මටට්මකම කරගෙන ආ විවේචන, ස්වයං විවේචන සම්ප්‍රදාය තවමත් එහි දේශපාලන මණ්ඩලයෙහි සිදුවන්නේ නම් එහි කොතරම් චණ්ඩ මාරුත හටගනු ඇත්ද?
ගල් අඟුරු වංචාව පිළිබඳ අනුර කුමාර ආණ්ඩුව දක්වන අනිසි සහ පාරදෘශ්‍ය නොවන ආකල්පය එක්තරා අන්දමක තීරණාත්මක හැරීමක් පෙන්නුම් කරයි. එනම් නව දේශපාලන සංස්කෘතියක් සඳහා ජාතික ජන බලවේගයේ ඇති දේශපාලන කැමැත්ත දියවී යමින් ඇති බවය.

බස් නැවතුම්පොළවල් සහ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම හෝ අධිවේගී මාර්ග ගොඩ නැගීම මගින් දේශපාලන වෙනසක් ඇති වන්නේ නැත. මෙරට මහා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම රාජපක්ෂ සමයෙහි තරම් සිදුවූ කාලයක් නැත. නමුත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි වූයේ දේශපාලන වෙනසක් ඇති කිරීමට රාජපක්ෂවරුන්ට නොහැකි වූ නිසාය. දූෂණය රාජපක්ෂ සමයේ ලාංඡනය වූ නිසාය. රාජපක්ෂ දේශපාලනඥයන්ගේ ඔළුව ඉදිමුණු නිසාය.

පිලිපීනයේ මාර්කොස් විරෝධී ජන නැගිටීම තරමටම නැතත් 2022 වර්ෂයේහිදී ලතින් ඇමෙරිකාවේ චිලී රටෙහි ඇතිවූ දේශපාලන වෙනසක්ද අප රටෙහි කතාබහට ලක්විය. එනම් 2022 මාර්තු 21 වැනිදා එරට ජනාධිපතිවරණයෙන් වාම අපේක්ෂකයා වූ 35 හැවිරිදි ගේබි්‍රයල් බොරිච් බලයට පත්වීමයි. එය ලතින් ඇමෙරිකානු වාමාංශය උද්දාමයට පත්කළේය.
ගේබි්‍රයල් බොරිච් චිලී රාජ්‍යයෙහි ඉතා වැදගත් ජන හිතකාමී ප්‍රතිසංස්කරණ ඇති කළේය. එනමුත් ඔහුට අත්‍යාවශ්‍ය ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණය කරගැනීමට නොහැකි විය. අපරාධ ඉහළ ගියේය. අන්‍ය ජාතිකයන්ට එරෙහි වර්ගවාදය ඉහළ නැගුණි. ඔහුගේ ධුර කාලය 2026 මාර්තුවේදී අවසන් විය.

2026 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා වූ ට්‍රම්ප්වාදී හොසේ ඇන්ටෝනියෝ කාස්ට්ය. ගෙබි්‍රයල් බොරිච්ගේ ජයග්‍රහණය එක්තරා දුරකට අනුර කුමාරගේ ජයග්‍රහණයට සමාන විය. ඔහු බලයට පැමිණියේ ශිෂ්‍ය – තරුණ ව්‍යාපාරයෙන් සහ නාගරික ප්‍රගතිශීලී මධ්‍යම පන්තියෙන් ලැබුණු සහාය මතය. එවැනි සමාජ තීරු ඉක්මනින් වෙනස් වෙයි.
රාජපක්ෂවරුන් රඳා පැවැතියේ සිංහල බෞද්ධ ආන්තවාදී මතවාදය මතය. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ විසින් එය කාබාසීනියා කරන තුරුම නාගරික මධ්‍යම පන්තියේ සහ ගොවි ජන පදනමක් තිබිණි. ශ්‍රීලනිපය එහි සාර්ථකත්වය ලබාගත්තේ වාම – මධ්‍යස්ථ සිංහල පංච මහා බලවේග මගිනි.

ජාතික ජන බලවේගය යනු ජවිපෙ සඳහා හුදු කඩතුරාවක් බව අපි දනිමු. එසේ නම් ‘ජනතා විමුක්ති පෙරමුණෙහි ජන පදනම සියයට තුන නොවේ නම් කුමක්ද?’ යන ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරක් සොයාගත යුතුය. ජාතික ජන බලවේගයෙහි දේශපාලන පැවැත්ම තීරණය වන්නේ එහි සාර්ථකත්වයට වඩා අඳබාල සහ දැක්මක් නැති විපක්ෂය නිසාය. එනමුත් හංගේරියාවෙහි අයෝමය බලවතා ලෙස සැලකුණු ඔර්බාන්ට විරුද්ධ අභියෝගයක් පැනනැගී ඔහු පෙරළා දැමුණේ දෙවසරකට පෙර ආරම්භ වූ දේශපාලන ව්‍යාපාරයකිනි.
‘සුන්බුන් විපක්ෂය’ යැයි බාල් නටාවුන් ගැනීම ප්‍රඥාගෝචර නොවන්නේ, රතු සහෝදරවරුනි එනිසාය.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

අනුර වතුකරයේ මැයි රැලියට එක්වෙයි! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ මැයි රැලියට ඔන්න මෙන්න කියා තිබියදී එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් සජබෙට විශේෂ පණිවුඩයක්! මෙන්න පණිවුඩය! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.