• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන මිසයිලයකින් ලංකාවටත් කෙළවෙයිද? Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉරාන මිසයිලයකින් ලංකාවටත් කෙළවෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපය ඇතුළත ලෝකයේම අවධානය එක්වරම ඉන්දියන් සාගරයේ පිහිටි පුංචි දූපතක් දෙසට යොමුවුණා. ඒ වෙන කිසිවක් නිසා නොව, ඉරානය එල්ල කළ ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් ලෝක බලවතුන්ගේ යුද සැලසුම් උඩුයටිකුරු කරමින් ‘දියාගෝ ගාර්සියා’ දූපත ඉලක්ක කරගැනීම නිසයි. Sri Lanka Latest News

දන්නවද මේ දියාගෝ ගාර්සියා තියෙන්නේ කොහේද කියලා? අපේ රටේ දකුණු වෙරළේ ඉඳලා බැලුවොත්, කිලෝමීටර් 1,000කටත් වඩා අඩු දුරකින් පිහිටි මේ දැවැන්ත ඇමෙරිකානු හමුදා කඳවුර දැන් ඉරාන මිසයිලවල ඍජු ඉලක්කයක් බවට පත්වෙලා. මේ සිදුවීම පිටුපස තියෙන සැබෑ කතාව සහ එය ලංකාවට බලපාන්නේ කොහොමද කියන එක ගැන අපි ගැඹුරින් කතා කරමු.

කිලෝමීටර් 4,100ක පිම්මක්?
වෝල් සටී්‍රට් ජර්නල් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන විදියට, ඉරානය විසින් දියාගෝ ගාර්සියා කඳවුර ඉලක්ක කරගෙන බැලැස්ටික් මිසයිල දෙකක් දියත් කරලා තියෙනවා. මෙහි ඇති වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ දුරයි. ඉරානයේ ඉඳලා දියාගෝ ගාර්සියාවට තියෙන දුර කිලෝමීටර් 4,100ක් විතර වෙනවා.
මීට කලින් ලෝක ආරක්ෂක අංශ දැනගෙන හිටියේ ඉරානය සතුව තියෙන්නේ කිලෝමීටර් 2,000ක වගේ පරාසයක මිසයිල විතරයි කියලා. ඒ කියන්නේ ඔවුන්ට පහර දිය හැක්කේ මැදපෙරදිග කලාපයට පමණක් බවයි බොහෝ දෙනා උපකල්පනය කළේ. නමුත් මේ ප්‍රහාරයත් එක්ක ඉරානය තමන්ගේ සැඟවුණු ශක්තිය ලෝකයටම ප්‍රදර්ශනය කර තිබෙනවා. වාර්තා වන අන්දමට මේ මිසයිල දෙකෙන් එකක්, තාක්ෂණික දෝෂයක් නිසා ගුවනේදීම අක්‍රිය වී තිබෙනවා.

අනෙක ඇමෙරිකානු නාවික හමුදාව සතු SM-3 වර්ගයේ මිසයිල නාශක පද්ධතියකින් විනාශ කරන්න උත්සාහ කරලා තියෙනවා. එය සාර්ථක වුණාද නැද්ද කියන එක ගැන තවමත් නිල තහවුරු කිරීමක් නැතත්, එක දෙයක් ඉතාමත් පැහැදිලියි, ඉරානය දැන් ඉන්දියන් සාගරය තමන්ගේ යුද පිටියක් කරගෙන හමාරයි.
බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ‘ඉරානයට මෙච්චර දුර යන්න පුළුවන් තාක්ෂණයක් ලැබුණේ කොහොමද?’ කියන එක. ආරක්ෂක විශ්ලේෂකයන් සැක කරන්නේ මේ සඳහා ඉරානය ඔවුන්ගේ Ghaem-100 වැනි චන්ද්‍රිකා දියත් කිරීමේ රොකට් තාක්ෂණය භාවිත කරන්න ඇති බව.

සරලව කිව්වොත් චන්ද්‍රිකාවක් උඩුගුවනට යවන්න පුළුවන් රොකට් එකකට, ඒ චන්ද්‍රිකාව වෙනුවට බෝම්බයක් හෙවත් Warhead එකක් සවි කළොත් එය ඉතා දිගු දුරක් යන භයානක මිසයිලයක් බවට පත් කරන්න පුළුවන්. ඉරානය මේ කරලා තියෙන්නේ අන්න ඒ වගේ උපක්‍රමශීලී වැඩක්. මෙය හුදෙක් තාක්ෂණික කාරණයක් විතරක් නෙවෙයි, ඇමෙරිකාවට සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන්ට ලබාදුන්න ප්‍රබල පණිවුඩයක්.

ඇමෙරිකාව මෙතෙක් කල් සිතා සිටියේ ඉරානය යනු මැදපෙරදිගට පමණක් සීමාවුණු තර්ජනයක් ලෙස වුවත්, දැන් ඉරානය පෙන්වා දී තිබෙනවා තමන්ට ඕනෑම වෙලාවක ඉන්දු-පැසිෆික් කලාපයේ ඕනෑම ඉලක්කයකට පහරදිය හැකි බව. හැබැයි ඉරානය අද මේ ඉන්න තත්ත්වයට ආවේ එක රැයකින් එහෙම නෙවෙයි. ඔවුන්ගේ මිසයිල ගමන ආරම්භ වෙන්නේ 1980 දශකයේ පැවති ඉරාන-ඉරාක යුද්ධයත් සමගයි.

එදා ඉරාකයේ මිසයිල ප්‍රහාර හමුවේ අසරණ වූ ඉරානයට මුලින්ම උදව් කළේ උතුරු කොරියාව සහ ලිබියාව. ඔවුන් මුලින්ම භාවිත කළේ Scud-B වර්ගයේ සරල මිසයිල. නමුත් ජාත්‍යන්තර සම්බාධක මැද වුවත් ඉරානය තේරුම් ගත්තා තමන්ටම කියා ස්වාධීන මිසයිල තාක්ෂණයක් අවශ්‍ය බව. ඔවුන් Shahab හෙවත් ගිනි බෝල මාලාව යටතේ කිලෝමීටර් 300 සිට 2,000 දක්වා විහිදෙන මිසයිල නිපදවූවා.

2010 වසරෙන් පස්සේ ඉරානය අවධානය යොමුකළේ දුරට වඩා මිසයිලය පතිත වන ස්ථානයේ නිරවද්‍යතාව වැඩිකිරීමට, Fateh සහ Zolfaghar වැනි මිසයිල ඒ සඳහා හොඳම උදාහරණ.

මේ අතර ඉන්දියාවේ පිහිටා ඇති ඊශ්‍රායල් අවි කම්හල් ඉලක්ක වීමේ හැකියාව පිළිබඳ මේ වනවිට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන් අතර දැඩි කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉන්දියාව කියන්නේ ඊශ්‍රායලයේ විශාලතම අවි ආයුධ පාරිභෝගිකයායි.

මීට අමතරව, Make in India ව්‍යාපෘතිය යටතේ ඊශ්‍රායලයේ ප්‍රධාන අවි නිෂ්පාදන සමාගම් ඉන්දියානු සමාගම් සමග එක්ව ඉන්දියාව තුළම අවි නිෂ්පාදනය කරනවා. උදාහරණයක් ලෙස, Adani Defence සහ Kalyani Group වැනි සමාගම් ඊශ්‍රායල තාක්ෂණයෙන් ඩ්‍රෝන සහ මිසයිල නිපදවනවා. ගුවනට විදින MRSAM මිසයිල සහ ස්නයිපර් තුවක්කු මේ ඒකාබද්ධ ව්‍යාපෘති හරහා ඉන්දියාවේ බිහිවෙනවා.

ඉරානය විසින් කිලෝමීටර් 4,000ක් දුරට පහරදිය හැකි බව ඔප්පු කිරීමත් සමග, මුම්බායි හෝ ගුජරාටය වැනි ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ ඇති මෙවැනි යුදමය ඉලක්ක වෙත ඉරාන මිසයිල ළඟාවීමේ අවදානමක් පවතිනවා. ඉන්දියාව මේ වනවිටත් තමන්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති (S400 වැනි) බටහිර වෙරළ තීරයේ ශක්තිමත් කරමින් සිටින්නේ මේ නිසයි.
අපේ රටේ බොහෝ දෙනෙක් සිතන්න පුළුවන් අනේ මේක වෙන රටවල් අතර තියෙන ප්‍රශ්නයක් කියලා. නමුත් සැබෑව එය නෙවෙයි. ඉරාන මිසයිල අපේ ගොඩබිම හරහා ගමන් නොකළත්, ඒවායේ ගමන් මාර්ගය වැටී ඇත්තේ අපේ රටට ඉතා සමීපයෙනුයි.

සරලවම කිවහොත්, කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් තුන් හතර ගුණයක දුරකින් මුහුද දෙසින් මේ මාරාන්තික අවි පියාසර කරනවා. මීට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට බොහොම ආසන්නයේදී, IRIS Dena නම් ඉරාන යුද නෞකාව ඇමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වුණා.

මේ සිදුවීම් මාලාව දෙස විමසුම් ඇසින් බැලීමේදී පෙනී යන්නේ ඉන්දියන් සාගරය දැන් ‘නිසල සයුරක්’ නොව ලෝක බලවතුන්ගේ යුද පිටියක් වෙමින් පවතින බව.
ඇමෙරිකානු නෞකා මගින් මේ මිසයිල විනාශ කර දැමීමට උත්සාහ කරන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේදීයි. එහිදී සිදුවන පිපිරීම් සහ සුන්බුන් විසිරීම අපේ මුහුදු කලාපයට බලපෑම් කළ හැකියි. ඒ වගේම ලංකාව හරහා වැටී ඇති ජාත්‍යන්තර නාවික සහ ගුවන් ගමන් මාර්ග රැසක් මේ මිසයිල ගමන් මාර්ගය සමග ඡේදනය වෙනවා. මෙය ගුවන් යානාවලට විශාල අවදානමක්.

මෙවැනි මිසයිල දියත් කිරීමකදී නිකුත් වන ප්‍රබල සංඥා අපේ සන්නිවේදන පද්ධතිවලට පවා බලපෑම් කළ හැකියි. මිසයිල කොටස් මුහුදට වැටීමෙන් අප අවට සාගර පද්ධතියට සහ මත්ස්‍ය සම්පතට හානි සිදුවිය හැකියි.

ඉරාන මිසයිල ව්‍යර්ථ කිරීමට ඇමෙරිකාව භාවිත කරන SM-3 පද්ධතිය ගැනත් යමක් කිව යුතුයි. මෙය සාමාන්‍ය මිසයිලයක් වගේ නෙවෙයි. එය සතුරු මිසයිලයට පහර දෙන්නේ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන නෙවෙයි. එය ඉතා අධික වේගයෙන් ගොස් සතුරු මිසයිලයේ වැදීමෙන් එය විනාශ කර දමනවා. මෙය හරියට පියාසර කරන වෙඩි උණ්ඩයකට තවත් වෙඩි උණ්ඩයකින් පහරදී එය කුඩුකර දැමීම වැනි ඉතා සංකීර්ණ තාක්ෂණයක්.

කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ දියාගෝ ගාර්සියා කියන පුංචි දූපත ඇමෙරිකාවට මෙච්චර වැදගත් වෙන්නේ කියලා? ඇමෙරිකාව මෙය හඳුන්වන්නේ කවදාවත් ගිල්විය නොහැකි ගුවන්යානා වාහක නෞකාව ලෙස. මෙහි සිට ඇමෙරිකානු B-52 සහ B-2 Spirit වැනි දැවැන්ත බෝම්බ හෙලන යානා මුළු ආසියාවටම යැවිය හැකියි.
නමුත් මේ දූපතේ ඉතිහාසය ඉතාමත් සංවේදී එකක්. 1960 දශකයේදී මේ දූපතේ ස්වදේශීය ජනතාවක් ජීවත් වුණා. ඔවුන් පොල් වගාවෙන් සහ මසුන් ඇල්ලීමෙන් ජීවත් වූ ඉතා සාමකාමී පිරිසක්. නමුත් ඇමෙරිකාවට යුද කඳවුරක් තැනීමට අවශ්‍ය වූ නිසා බි්‍රතාන්‍ය රජය විසින් එහි සිටි 2,000කට අධික එම ජනතාව බලහත්කාරයෙන් පිටමං කළා.
ජනතාව බියගැන්වීම සඳහා ඔවුන් ඇති කළ සුරතල් බල්ලන් දහස් ගණනක් ගෑස් කාමරවල දමා මරාදැමූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අවසානයේ ඔවුන්ව බලහත්කාරයෙන් නැව්වල පටවා මොරිෂස් සහ සීෂෙල්ස් දූපත් වෙත පිටමං කළා. අද වනවිට මේ අහිංසක මිනිසුන් අන්‍ය රටවල විසිරී ජීවත් වෙනවා. දශක පහකට වඩා වැඩි කාලයක් ඔවුන් තමන්ගේ රටට යාමේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා.

අද ඔවුන් තමන්ගේ ආදරණීය මවුබිම දකින්නේ ගූගල් සිතියම් හරහා පමණයි. චාගෝස් දූපත්වාසීන්ගේ කතාව අපට කියන්නේ, ‘අනේ අපි යුද්ධයට නැහැ’ කිව්වට තේරුමක් නැහැ. බලවතුන්ගේ වාසියට තමයි හැම දේම තීරණය වෙන්නේ කියන කටුක යථාර්ථය නේද?

සාගර දියගම

SendShareShare
Previous Post

අමෙරිකාවේ ට්‍රම්ප් විරෝධතා දරුණු අතට! ෆෙඩරල් නිලධාරීන්ටත් ගහන සයිස් එකටම බරපතළ වෙයි!VIDEO I Sri Lanka Latest News

Next Post

පන්නිපිටියේ කුඩු අල්ලපුවාම වටගලට කේන්ති ගියේ ඇයි? අල්ලපු කුඩු වටගලගේ හිතවතෙක්ගේද? පක්ෂේ හිතවතෙක්ගේද? මාර ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.