අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (3) නියම කළේය.Sri Lanka Latest News
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම සැකකරුවන් ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.










