• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇනුර ඇයි විගණකාධිපති පත්නොකරන්නේ? මාලිමාවත් ෆේල්! Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙක් නැහැ. මාස හතක් තිස්සේ විගණකාධිපති තනතුර හිස්. මාස හතක් තිස්සේ රටේ ඉන්නේ වැඩබලන විගණකාධිපතිවරයෙක්. ජී.එච්.ඩී ධර්මපාල. ඔහු වසර තිහක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන, නියෝජ්‍ය විගණකාධිපතිවරයා. තනතුරට සුදුසුම පුද්ගලයා ඔහු. ඔහු තමයි විගණකාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා. නමුත් ජනාධිපතිවරයා විසින් තවමත් වැඩබලන විගණකාධිපතිවරයාව සිය තනතුරේ ස්ථිර කර නැහැ.Sri Lanka Latest News

විගණකාධිපති තනතුර ස්ථිර කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒ සඳහා නමක් යෝජනා කර එවිය යුත්තේ ජනාධිපතිවරයා. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ, ජනාධිපතිවරයා එම තනතුරට එස්.ජී.බී චන්දන යෝජනා කළා. ඔහු එක දවසක්වත් රාජ්‍ය සේවයේ වැඩ කරපු පුද්ගලයෙක් නෙවෙයි. ඔහුට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කිසිදු අත්දැකීමක් නැහැ. මේ රටේ වැදගත්ම තනතුරක්. අත්දැකීම් නැති මිනිහෙකුට කරන්න පුළුවන් තනතුරක් නෙවෙයි. ඇයි එහෙනම් අනුරට, චන්දනටම විගණකාධිපති ධුරය ලබාදීමට අවශ්‍ය වුණේ?

චන්දන ජනාධිපතිවරයාගේ කැලණි කල්ලියේ පුද්ගලික මිතුරෙක්. ඔහුට ශ්‍රී ලංකාවේ වැදගත්ම තනතුරකට පත්වීමට තිබුණු ප්‍රධාන සුදුසුකම ඒ මිත්‍රත්වය. රටේ විගණකාධිපති ධුරය කියන්නේ ස්වාධීන වියයුතු තනතුරක්. මහජන මුදල් අවභාවිතයන්, වංචා, දූෂණ මේ සියල්ලටම නඩු පැවරීමේදී විගණකාධිපති වාර්තා අත්‍යාවශ්‍යයි.

මෙච්චර කාලයක් රට පාලනය කරපු කිසිම ආණ්ඩුවක් විගණකාධිපති තනතුරට අත තිබ්බේ නැහැ. විගණකාධිපති ධුරය දේශපාලනික වුණේ නැහැ. ඒ ඒ රජයන් විසින් සිදුකළ අවභාවිතයන් ගැන නිර්භීත විගණන වාර්තා පවතින්නේ ඒකයි. හැබැයි විගණකාධිපති ආණ්ඩුවේ ඉත්තෙක් වුණාම, විගණකාධිපති දෙපාර්තමේන්තුවට වෙන්නෙත් අල්ලස් කොමිසමට වෙච්ච දේමයි. ‘පිරිසිදු’ය කියන මාලිමා ආණ්ඩුවට විගණකාධිපති තනතුර පවා තමන්ගේ ගෝලයකුට දෙන්න වුවමනා වුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. නියෝජ්‍ය විගණකාධිපතිවරයා, වැඩබලන විගණකාධිපති තනතුරට පත්වෙන්නේ ඊට පස්සේ.

හැබැයි එතැනින් පස්සේ ජනාධිපති අනුර ඔහුගේ තනතුර ස්ථිර කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට වැඩබලන තනතුරට මාස තුනෙන් තුනට කොන්ත්‍රාත්තු ලබාදෙනවා. මෙවර ව්‍යවස්ථාදායක සභාවෙන් ඔහුගේ වැඩබලන පත්වීම ස්ථිර කිරීම ප්‍රතික්ෂේප කළා. ව්‍යවස්ථාදායක සභාවෙන් වැඩබලන විගණකාධිපතිවරයාගේ ස්ථිර කිරීම ඉල්ලා සිටිනවා. නමුත් අනුරට වුවමනා ඔහු වැඩබලන තනතුරේ තබාගැනීමට පමණයි. වෙලාව ආපු ගමන් තමන්ගේ මිත්‍රයාට ලබාදීම වෙනුවෙන් ඔහු තනතුර ආරක්ෂා කරමින් සිටිනවා.
දැන් ශ්‍රී ලංකාව විගණකාධිපතිවරයකු නොමැති රටක්. ඒක තනිකරම සිදුවුණේ ජනපති අනුරගේ, රටේ හැම තනතුරක්ම පැලවත්තට ලබාදීමේ වුවමනාව නිසා. ලංකාව වගේ රටකට විගණකාධිපතිවරයෙක් නැතිවීම පාඩුවක්. හැබැයි මේ වගේ ආපදා වෙලාවක රටකට විගණකාධිපතිවරයෙක් නැතිවීම ඊට එහා ගිය මහා ජාතික අපරාධයක් ?
ඒ ඇයි ? මේ ශ්‍රී ලංකාව ආපදාවකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. රටේ යටිතල පහසුකම්, රටේ ජන ජීවිතය, රටේ ආර්ථිකය හැකි ඉක්මනින් යථාතත්ත්වයට පත්කරන්න වුවමනායි. ඒකට ශ්‍රී ලංකාවට විදෙස් ආධාර ඕනෙ.

බොහෝ විදෙස් රටවල්, විදෙස් සංවිධාන රටකට ආධාර ලබාදෙද්දී ඒ රටේ සිස්ටම් එක බලනවා. තමන් ලබාදෙන ආධාර කොතරම් දුරට අරමුණු වෙනුවෙන් වැයවෙනවද කියලා දැනගන්න සිස්ටම් එකක් ඔවුන්ට වුවමනායි. අපි හොරකම් නොකරන, පිරිසිදු ආණ්ඩුවක්ය කියලා වැඩක් නැහැ. හොරු හිටියේ කලින්ය කියලා තේරුමක් නැහැ. ලංකාවේ ඩෝබීන් වගේ විදෙස් රටවල්, ජාත්‍යන්තර සංවිධාන දේශපාලන සටන් පාඨ අමුවෙන් ගිලින්නේ නැහැ. ඔවුන්‍ට අවශ්‍ය සිස්ටම්ස්. ඒ රටවල්, තානාපති කාර්යාල, සංවිධාන, පරීක්ෂා කරද්දි රටේ ස්ථිර විගණකාධිපතිවරයෙක් නැතිවීම රටට ලොකු පාඩුවක්.

අවම වශයෙන් ව්‍යවසනයට පස්සෙවත් ආණ්ඩුවට විගණකාධිපතිවරයෙක් පත්කිරීමට තිබුණා. නමුත් දේශපාලනික අවශ්‍යතා නිසා ඒ පත්කිරීම සිදුවුණේ නැහැ. මාලිමා ආණ්ඩුව ෆේල් කියලා කියන්නේ, ඔවුන්ගේ අසමත්කම, දැක්මක් නොමැතිකම නිසාම නෙවෙයි. ඔවුන්ගේ දේශපාලනික තීරණ නිසා, රාජ්‍ය සේවය සහ ස්වාධීන ආයතන පවා පැලවත්ත යටතට ගැනීමේ උණ නිසා සිදුවන වක්‍රව සහ අනියමින් රටට සිදුවන විනාශයන්ද ඊට හේතුවක්.

ඉතින් මේවා ලියන අපි ඉලක්ක කර මුදල් ගෙවා මඩ කැම්පේන් කළාට තේරුමක් නැහැ. අපිට මඩ ගහන්න බජට් අනුමත කරන වේගයෙන්ම සුළි කුණාටුවට සූදානම් වුණා නම් අද රටට මේ තරම් අපරාධයක් නොවෙන්න තිබුණා.

මංජුල රාජපක්ෂ

SendShareShare
Previous Post

ආණ්ඩුවත් හෙල්ලිලා යන්න සජබය කොළඹ නගර සභාවේ ගහපු ගේමේ මුල-මැද-අග මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂලගෙ මස්සිනා අනුර ගොඩදාන්න බැහැලම වැඩ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.